අබූ අර්ශද්
From Yahamaga.LK
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හෙළ බසින් ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීම මූලික අරමුණ කොටගෙන 2009/12/07 දින මෙම යහමග අඩවිය අන්තර්ජාලයට එක් කරන ලදී. මෙම අඩවිය ආරම්භ කල මුල් කාලයේ මා මුහුණදුන් අභියෝග සුළුපටු නොවේ.
එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,
- මීට වසර 13 කට පෙර මෙම අඩවිය ආරම්භ කලේ HTML වෙබ් අඩවියක් ලෙසයි. (HTML වෙබ් අඩවියක් යාවත්කාලීන කිරීම ඉතා දුෂ්කර එසේම වැඩි කාලයක් ගතවන වෙහෙසකාරී ක්‍රියාවක් බව HTML භාෂාව පිලිබදව යම් දැනුමක් ඇති පිරිස දනී.)
- එදා මෙම අඩවිය සම්පූර්ණයෙන් නිර්මාණය කලේ මා විසින්ම වූ අතර ඒ වනවිට එම HTML භාෂාව පිලිබදව කිසිවක් මා හදාරා නොතිබුණි.
- HTML භාෂාව වෙබ් අඩවි නිර්මාණය සදහා අනාරක්ෂීත භාෂාවක් වූ නිසා එදා නිතර නිතර විවිධ දෝෂයන්ට යහමග අඩවියට මුහුණදීමට සිදුවිය.
- ඊට අමතරව අවස්ථා කිහිපයකදීම යහමග අඩවිය Hack කිරීමන්ට ද ගොදුරු විය.
- මීට අමතරව එදා යහමග අඩවිය ආරම්භ කාලයේ Sinhala Unicode ක්‍රමය අන්තර්ජාලය තුල සරලව භාවිතා නොවීම නිසා සාමාන්‍ය Sinhala Font මඟින් යහමග ඉදිරිපත් කිරීමට සිදුවිය. එයද ඉතා දුෂ්කර කටයුත්තක් විය.
- ඊට පසු මිතුරෙකුගේ සහයෝගය ඇතුව යහමග අඩවිය PHP භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හැකි වූවත් එම PHP භාෂාව පිලිබදව නිසි දැනුමක් එදා මාහට නොතිබූ නිසා එයද ආරම්භයේ දුෂ්කර කටයුත්තක් විය.
- එදා මා වෘත්තියෙන් රාජ්‍ය සේවකයෙකු වූ අතර සේවා කාලය තුල මාගේ වෘත්තිය කටයුතුවල නියලී අනතුරුව මෙම අඩවියේ කටයුතුවල නියලීම මානසිකව මෙන්ම කායිකව ද ඉතා දුෂ්කර ක්‍රියාවක් විය.
- මෙම අඩවිය ආරම්භ කරන කාලය වනවිට මා විවාහක එක්දරු පියෙකි. එම නිසා මෙම අඩවිය පවත්වාගෙන යාමේදී ආර්ථික දුෂ්කරතාවයන්ට ද මුහුණපෑමට සිදුවිය.
- යහමග අඩවිය ආරම්භ කරන වකවානුවේ නිසි පරිගණකයක් පවා නොමැතිව කුලී නිවසක හිඳ මෙම මෙහෙවර ආරම්භ කරන ලදී.
- යහමග අඩවිය ආරම්භ කොට වසර 13ක් ඉක්මවා ගොස් තිබුණද මෙම අඩවිය හෝ ආගම පදනම් කරගෙන සතයක් තරම් හෝ මුදල් උපයා හෝ ආධෘර වශයෙන් ලබාගෙන නොමැත.
- ...
* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්
- ඔබේ වැඩිදුර දැනුම සදහා පහත ලිපි වෙත පිවිසෙන්න...
යහමග ආ ඔබට ස්තූති
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ...
මෙහි දැනට පලකොට ඇති ලිපි ගණන 616 කි.
මෙහි දැනට පලකොට ඇති ලිපි ගණන 616 කි.