ඉස්ලාමීය පාරිභාෂිත වදන් පෙලගැස්ම

From Yahamaga
Revision as of 05:55, 29 January 2023 by Admin (talk | contribs)

මෙම පිටුව තුලින් ඉස්ලාම් දහමට ආවේනික පාරිභාෂිත වදන් සදහා වූ විග්‍රහයන් පෙලගැසීම සිදුකෙරේ. මෙම පිටුව වැඩිදියුණූ කිරීම සදහා ඔබේ සහයෝගය ද අපේක්ෂෘ කර සිටිමි.

අල්ලාහ්

ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය 'ඒකදේව' සංකල්පය වන අතර ඔහු සර්වබලධාරී දෙවි වේ. එම සර්වබලධාරී එකම දෙවියා 'අල්ලාහ්' යනුවෙන් ඉස්ලාම් හදුන්වනයි. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් පිවිස කියවන්න.

අල්ලාහ් (දෙවි)


අදාන්

අල්හදීස්

ඉහ්සාන්

ඉහ්සාන් යනු අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බවට උපකල්පනය කොට ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. ඔහු අපට නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු අපගේ ක්‍රියාවන් සියල්ල නිරීක්ෂණය කරන බව විශ්වාස කිරීම.


ඊමාන්

‘ඊමාන්’ යනු පහතින් සදහන් ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති 06 හදවතින් පිලිගැනීමයි.

  • අල්ලාහ් (දෙවි) ද,
  • ඔහුගේ දේවදූතයන් ද,
  • ඔහු විසින් පහල දහමන්ද,
  • (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද,
  • ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමද,
  • මරණින් මතු යලි නැඟිටීම විශ්වාස කිරීමද,



උපවාසය

මලාඉකාවරු

දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් මැවීමන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයේ මැවීමක් ලෙස දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් හැදින්වේ. මිනිසා පස්වලින් මැවුවා සේම දේවදූතයන් වන මලාඉකාවරුන් ආලෝකයෙන් මැවූ බව ඉස්ලාම් පවසයි. මේ දේවදූතයන් සදහා අල්ලාහ් (දෙවියන්) විසින් පවරන ලද සුවිශේෂි රාජකාරී ඇති බව පවසන ඉස්ලාම් ඒවා අතුරින් බොහෝමයක් පිලිබදව ඉස්ලාම් ආගමික මුලාශ්‍ර හි සදහන්ම වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් කියවන්න.

මලාඉකාවරුන් නොහොත් දේවදූතයන්

සලාතය

සලාතය

(සල්)

සව්මය

සහාභාවරුන්

කලිමාව

කද්ර්

තව්හීද්

‘තව්හීද්’ යන්න ඉස්ලාමීය පාරිභාෂිතයට අනුව ඒකක දෙවි වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් සතු යැයි පිළිගෙන එම ගුණාංග වලින් ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගැනීම හෙවත් තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ. මේ ආකාරයට අල්ලාහ් (දෙවි) පිලිගන්නා අයවලුන් පමණයි මුස්ලීම්වරුන් වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් කියවන්න.

තව්හීද්


නබි

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

(රලි)

වක්තෘවරුන්

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

ජිබ්රීල්

ජහන්නම



ඉදිරිපත්ක කිරීම - අබූ අර්ශද්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

Category Category:පාරිභාෂිත not found