ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම ලාමාක්ගේ වාදය සත්‍ය වී පුරැෂ ලිංගයේ පෙරසම මිනිසාට අහිමිවී ගියේ නම් ඉස්ලාම් සැමකලටම අවධාරනය කරන එම නියෝගය ක්‍රියාවට නැංවීමට නොහැකිව ඉස්ලාම් පවසන එම නියෝගය පිලිබදව ගැටළුන් ඇතිවිය හැක. එනම් ඉස්ලාම් සෑම කලටම අනකරන නියෝගයක් ක්‍රියාවට නැංවීමට නොහැකිවීම. මේ තුල එම දහම පවා ප්‍රශ්නාර්ථයක් වන්නට පුළුවන. නමුත් ඉස්ලාම් දහම චර්මෙඡ්ද්‍ය සැම කලටම අනකිරීම තුලින් ලාමාක්ගේ වාදය ඉස්ලාම් දහමද ප‍්‍රතික්‍ෂේප කරන බව තහවුරු වේ. දැන් මේ ලිපිය කියවන ඔබට ඇති වන ගැටළුව එසේ නම් මෙම ජිවින් බිහිවුයේ කෙසේද? පරිණාමවාදය ලාමාක් පැවසු ආකාරයට නොවේනම් එහි ස්වරුපය කුමක්ද? මේ පිලිබදව ඉස්ලාම් දහම කුමක් පවසනවාද? යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.

“අල්ලාහ් නිර්මාණයන් කෙසේ ප‍රථමත්පාදනය කෙලේද? පසුව වෙනත් උත්පාදනයන් කරන්නේදැයි භූමියෙහි සැරිසැර බලව. ඇත්තෙන්ම අල්ලාහ් සිල්ල කෙරෙහි බලසම්පන්නය.”

ශූද්ධ වු කුර්ආනය සුරා අනකබුත් 29-20

ඉහතින් මතුකල සියළු ප්‍රශ්න සදහා මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය පිලිතුරු ලබාදෙයි. ඒ පිලිබද දැන් එකින් එක අවදානය යොමු කරමු. ආරම්භයේ ජීවියකු උත්පාදනය කල දෙවියන් ඒ තුලින් වෙනත් ජීවින් මැවීම් සිදුකරන බව ඉහත වාක්‍ය පවසයි. එසේ පැවසීමෙන් නතර නොවන අල්ලාහ් (දෙවි) එම බිහිකිරීමේ ක‍්‍රියාවලිය අධ්‍යනය කරන ලෙසද ආරාධනා කරයි. මෙසේ අන කිරීමෙන් පෙනීයන්නේ ආරම්භ බිහිකිරීමේ ක‍්‍රියාවලියට වෙනස් ආකාරයේ ක‍්‍රියාවලියක් ඔස්සේ පසුමැවීම සිදුකරන බව නොවේද?. එනම් “විවිධ මැවුම් ක‍්‍රියාවලියෙන් විවිධ ජීවින් බිහිවනවා” යන්න පැවසීම නොවේද පරිණාම වාදය?. මෙහි දී විවිධ ආකාරයේ වූ මුල් ජීවියාගෙන් පසු ජීවින් බිහිකල බව ඉහත වාක්‍ය පවසයි. එකම අදියරකින් සියල්ල මවන්නේ නැතිව පෙර මැවීම හා පසු මැවීම යන වාක්‍යයෙන්ම පරිණාමය සිදුවීම සත්‍ය බව තහවුරු කරයි.

මෙසේ මා කරැණු ගෙනහැර දැක්වීමේදී කිසියම් කෙනෙකු හට ශුද්ධ වූ කුර්ආනය (ලාමාක් හා ඩාවින් පවසන ආකාරයේ) පරිණාමවාදය අනුමත කරනාවා යයි සිතෙන්නට පූළුවනි. (එම නිගමනයට ඔබ ඉක්මන් නොවන්න මෙම ලිපිය ඉදිරියට කියවන්න) එයට පැහැදිලි පිලිතුරක් මෙම ලිපිය තුල ඔට ලැබෙනු ඇත. ඉස්ලාම් පවසන පරිණාමය ඊට වෙනස් ආකාරයකි. මෙසේ මා පවසන විට මෙම වාදය කිසියම් කෙනෙකු හට මෙසේ තර්ක කලහැක. “ඇයි මෙය පරිණාමවාදය හා ගලපන්නේ මෙය ජිවියකු ගැබ්ගෙන කලලයේ විකාශනය පවසනවා යයි සිතන්නට බැරි?.” මෙම තර්කය සාධාර්ණ වූ තර්කයක් යයි සැලකුවේ නම් එම වාක්‍යයෙන් පවසන්නේ වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකර වන කුරුලූ පැටියෙක් යන්න අදහස වේ. එසේනම් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම හා පසු මැවීම යනුවෙන් අදියර දෙකක් පැවසීම අවශ්‍ය නොවේ. එසේම වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකරවන කුරුලූ පැටියෙක් සම්බන්ධ අධ්‍යනය කරන ලෙස පැවසීම ප‍්‍රමාණවත්ය. නමුත් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම කෙසේ සිදුවුනේද? යන්නත් පසුමැවීම කෙසේ සිදුවන්නේද? යන්නත් අධ්‍යනය කරන ලෙස අන කරයි. එසේම මෙහි තවත් ඉතා වැදගත් කාරණයක් පවසයි එනම් මෙම මැවීම් අධ්‍යනය කිරීම සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරත වියයුතු බවද අවධාරනය කරයි. ඉහත වාක්‍යයෙන් පවසන්නේ කළලය සම්බන්ධයෙන් නම් මෙසේ පොළොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවීම අවශ්‍ය නොවේ. එසේනම් මෙය කළලය සම්බන්ධයෙන් නොව පරිණාමය සම්බන්ධයෙන් පවසනවා යන්න පැහැදිලිය.

එසේනම් ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව ජීවී පරිණාමය,

  • ගවේෂණය තුලින් අවබෝධ කරගත හැකි බවත්,
  • ඒ සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවීම අවශ්‍ය බවත්,
  • එසේ ගවේෂණ කිරීමේදී දැනට පවතින ජීවීන් අධීක්‍ෂණය කිරීමෙන් නතර නොවී මුල් ජීවියා පිලිබදවද ගවේෂණය සිදුකල යුතුබවත්,

පැහැදිලිව අවබෝධ වේ. මෙසේ ශුද්ධ වූ කුර්ආනය අනකිරීම තුල පැහැදිලිවන තවත් කාරණයක් වන්නේ එසේ පරියේෂණ සිදුකිරීම කිරීම තුලින් සොයාගත හැකි සාක්‍ෂි මෙම පොළොව හි පවතිනවා යන්නයි. අතීතයේ විනාශ වී ගිය එම සතුන්ගේ පොසිලයන් අදටත් පාශාණවල තැන්පත්ව පවතින බව වර්ථමානයේ විද්‍යාඥයින් ඔප්පුකොට පෙන්වා ඇති සත්‍යයකි. නමුත් අවිද්‍යාවේ හා ගිලී සිටී මීට අවුරුදු 1400 කට පෙර පැවති සමාජයේ ශුද්ධ වූ කුර්ආනය මෙය පවසන්නේ නම් එය දිව්‍යමය ආශ්චර්යක් නොවේද?.

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අනකරන ආකාරයට ගවේෂණයේ නිරත වු කිසිදු විද්‍යාඥයෙකු අතීතයේ දක්නට නැත. යම්තාක් දුරට හෝ මෙම කර්තව්‍ය කලේ චාල්ස් ඩාවින් විසින් පමණි. ඔහු “එච්. එම්. එස්. බීගිල් (H M S Beagle)” නැමති නෞකාවක නැග පෘථිවි ජීවි සම්භවය පිලිබදව ගවේෂණයක් සදහා වසර 05ක ගවේෂණ චාරිකාවක නිරත විය. මෙය නූතන විද්‍යාත්මක මෙවලම්වලින් සමන්විත සාර්ථක පරියේෂණ චාරිකාවක් නොවන බව පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. එහිදී ඔහු විසින් යම්තාක් දුරකට පොසිල පිලිබදවද පරීක්‍ෂණ හා නීරීක්‍ෂණ කරන ලදී. මෙම ගවේෂණ චාරිකාව නිම කිරීමෙන් අනතුරුව එහිදී ලබාගත් දත්තයන් පදනම් කරගෙන ඔහු පවසා සිටියේ ලාමාක්ගේ මතය පිලිගත නොහැකි අසත්‍යක් බවයි. එසේ පැවසීමෙන් නතර නොවූ ඔහු තවදුරටත් පවසා සිටියේ “ජීවි පරිණාමයට හේතුව ස්වභාධර්මයේ අවශ්‍යතාවය හා තේරීම (Natural Selection) බවයි.

අතීතයේ පටන් ‘දේවවාදය‘ ප්‍රතික්ෂේප කරන්නට විද්‍යාත්ඥයන් හට පිහිට වුයේ මේ “ස්වභාධහමයි” මෙතැනදී ද ඩාවින්ගේ පිහිටට ගන්නේ ඒ “ස්වභාධහමයි”. (එය වෙනම ම කථා කලයුතු මාතෘකාවකි) දැන් නැවත මාතෘකාවට යොමු වෙමු. මෙහි දී ඩාවින් පවසන ස්වභාධර්මය වන්නේ යම් ප‍්‍රදේශයක පවතින උෂ්නත්වය, ජලය, වාතය යන්නෙහි රසායනික ස්වභාවය හා පොලොවෙහි ස්වභාවය යන්න වේ. මේ අනුව යම් ප‍්‍රදේශයකට ගැලපෙන ජීවියා පියවරින් පියවර පරිණාමයට ලක්කරමින් ස්වභාධර්මය තමන්ට අවශ්‍ය ජීවියා තොරාගන්නා බවත්, එසේ ස්වභාධර්මයේ වෙනස් වීමට මුහුණ දිය නොහැකි ජීවින් ස්වභාධර්මය ප‍්‍රතික්ෂේපකරදමන බවත්, ඩාවින් පවසයි. මෙවැනි නිගමනයකට හෝ පැමිණීමට ඩාවින්ට ඉවහල් වුයේ ශුද්ධ වූ කුර්ආනයේ පැවසු පොලොවෙහි සිදුකල ගවේෂණ චාරිකාවයි. මෙම චාරිකාව තුලින් ලබාගත් දත්තයන් අනුව ඩාවින්ගේ නිගමනය වුයේ “ලාමාක් පවසන ආකාරයට ජිරාෆ්ගේ ගෙල දික්වීම එම සත්වයාගේ උත්සාහයෙන් ලබාගත් ලක්‍ෂණයක් යන්න අසත්‍යක් බවත්, එසේ නම් එළුවන්ගේද ගෙල ඒ ආකාරයට දික්ව පැවතිය යුතු බවත්, එම අංග ලක්‍ෂණ එම සතාට ලබාදෙන්නේ ස්වභාධර්ම විසින් බවත්, ජිරාෆ්ට එසේ ගෙල දික්ව පැවතීම ඔරොත්තු දෙන නිසා ස්වභාධර්මය එය ලබාදුන් අතර එළුවන්ට එය නොගැලපෙන නිසා ස්වභාධර්මය එය ප‍්‍රතික්‍ෂේප කරන ලද බවත්, එසේම කකුලක් අහිමිව ජීවත්වු සිව්පාවෙකුට බිහිවන පැටවාට කකුල් 03ක් හිමිනොවුයේ කකුල් 03ට වඩා කකුල් 04 න් ඇවිදීම පහසු බව ස්වභාධර්මය වටහාගත් නිසා බවත්… යනාදී වශයෙන් පරිණාමයේ අදියර ඩාවින් විසින් ‘ස්වභාධර්මය’ පිහිට ගෙන පැහැදිලි කරන ලදී.

ඩාවින්ගේ මෙම විග්‍රහය අනුව මුස්ලීම්වරැන් වන අපට ඔහුගෙන් අසන්නට ඇත්තේ සියල්ල ස්වභාධහමේ තේරීම අනුව නම් සිදුවන්නේ චර්මෙඡ්ද්‍ය සිදුකරන පුරැෂ ලිංගේද්‍රයේ පෙරසම නැති දරුවෙක් ඇයි ස්වභාධර්මය දායාද නොකරන්නේ? මෙම පෙරසම පවතිනවාට වඩා නොපැවතීම මිනිසාට සෞඛ්‍ය අතින් වුවද යහපත් බව අද මුළු ලොවම පිලිගත් සත්‍යයකි. බයිබලය පවා දැඩිව අවධාරනය කරන මෙම යහපත් සෞඛ්‍ය කටයුත්ත ඇමරිකාව වැනි දියුණු රටවල්වල මුස්ලීම් නොවන පිරිස පවා සිදුකරයි. එවන් වූ මිනිස් සෞඛ්‍යයට යහපත් වෙනස් කිරීමක් පවා ස්වභාධහම ඉටුකිරීමට නොපෙලබුණේ මන්ද? එය එසේ සිදුවුවා නම් ඉස්ලාමීය නියෝගයක් අසත්‍යවන්නට තිබුණි. එය එසේ නොවී ආරක්‍ෂාකලේ ස්වභාධර්මයද?. එසේනම් ඩාවින්ගේ ස්වභාධර්ම තේරීමේ ඉස්ලාමයද අන්තර්ගත වුවක්ද?.

මෙහිදී ප‍්‍රථමයෙන් අවබෝධ කර ගතයුත්තක් ඇත. එනම් ලාමාක්ගේ සහා ඩාවින්ගේ වාදයන් උපකල්පනයන් මිස පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ තුලින් ලබාගත් නිගමනයන් නොවේ. මෙම ඩාවින්ගේ උපකල්පනය වු ස්වභාධර්ම වාදය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඉන් ‘දේවවාදය‘ ප‍්‍රතික්‍ෂෙප කල නොහැක. එසේ කරන්නේ නම් එය අන්තවාදී, ආගම් විරෝධියෙකුගේ ක‍්‍රියාවක් මිස බුද්ධිමත් තර්කයක් මත සිදුකරන්නක් නොවේ. මන්ද ස්වභාවික පරිසරයක් සැලකුවිට එයතුල කුමන ආකාරයේ ශරීර අවයවයන් සහිත ජීවින් බිහිකල යුතුද? යන්න කිසිවකු විසින් තෝරා ගැනීමට අවශ්‍යනම් ඔහු එම ස්වභාධර්මයේ හා බිහිකරන ජීවියාගේ සියලූ අංගයන් පිලිබදවත්, එසේම ස්වභාධර්මය හා එම ජීවියා අතර ඇතිවන ගැටුම් පිලිබදවත්, එකකින් අනෙකට ඇතිවන බලපෑම් වැනි සියලූ අංගයන් පිලිබදව පුර්ණ අවබෝධයක් පැවතිය යුතුය. එසේ වුවොත් පමණි එහි ස්වභාධහම සුදුසු ජීවියකු බිහිකල හැකි වන්නේ. එසේනම් මෙම බුද්ධිමත් සැලසුම්කරණ ශක්තිය ස්වභාධහමට පවතිනවාද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි හොදම හා නිවරුදිම පිලිතුර ’’නැත’’ යන්න මිස අන්කවරක් හෝ තිබේද?.

එසේනම් කුමක්ද මේ පරිණාමය එය සිදුවන්නේ කෙසේද?

ඉහත කරැණුවලට අනුව මෙම පරිණාමය ස්වභාධහමෙන් බැහැර වු සුපිරි බුද්ධියකින් හා සුවිශේෂ සැලසුම්කරණයකින් යුක්ත වුවකි. එම සුවිශේෂ ශක්තිය හා සැලසුම්කරැ තමා දෙවියන් ලෙස ඉස්ලාම් හදුන්වන්නේ. ඒ අනුව ඩාවින්ගේ වාදය සත්‍ය වුවත් එය දෙවියන් වෙත මගපෙන්වනවා මිස කිසිසේත් ‘අදේවවාදයට‘ මග නොපෙන්වයි. මෙය ඇසු පමණින් ’’ඩාවින් ස්වභාධර්මය පිලිබදව කථාකලා මිස දෙවියන් පිලිබදව කිසිසේත් කථා නොකරයි. ඉතින් කෙසේද? දෙවියන් වෙත මගපෙන්වන බව පවසන්නේ’’ යන ගැටළුව කිසියම් කෙනෙකු හට ඇතිවිය හැක. මෙය බුද්ධිය උකස් තැබුවන්ගේ තර්කයන් පමණි. උදාහර්ණයකට මෙම ලිපිය සැලකුවේ නම් තීන්ත උපයෝගි කරගෙන යත්ත‍්‍රයක් මගින් මුද්‍රනය කරගත්තා යයි සිතන්න. එසේනම් මෙම ලිපිය නිර්මාණය කලේ යන්ත‍්‍රයක් මගින් නිසා මෙහි නිර්මාතෘ යන්ත‍්‍රය බව පවසනවාද? එසේත් නැත්නම් මෙය නිර්මාණය කල නිර්මාණකරුවෙක් සිටීයයි විශ්වාස කරනවාද?. අපගේ බුද්ධිය කුමක් පවසයිද?. මෙම ලිපිය තුල කොතරම් අදහස් ගැබ්ව පවතීද?. ඊටවඩා දහස් ගුණයකින් ජීවින් තුල දත්තයන් ගැබ්ව පවතී. මේ තරම් තොරතුරු සමුහයක් ස්වභාධහම කෙසේද අවබෝධ කරගත්තේ? මේවාට ඔවුන් දෙන එකම පිළිතුර “එය අනපේක්‍ෂිත ආකාරයට සිදුවුවක්” යන්නයි. මේ ආකාරයට පවසන තරම් ඩාවින් හා ඩාවින්වාදීන් චපලයින් බවට පත්වුයේ ඇයි?. බුද්ධියක් ඇති කිසිවකු මෙම වාදය ට දෙන විග්‍රහය පිලිගනීද?. කෙසේ වෙතත් මෙහිදී ඩාවින්ට ස්තුතියක් පලකලයුතුව ඇත. මන්ද සියල්ල අනපේක්‍ෂිත ආකාරයට යයි පැවසීම තුල තමාම තම වාදයේ අපැහැදිලි තත්වයක සිටී බව තහවුරු කිරීම හේතුවෙනි. එසේ නම් ඩාවින්ගේ වාදයේ ඩාවින් අපැහැදිලි තත්වයක සිටිද්දී එම වාදය පෙන්වා දේවවාදය ප‍්‍රතික්‍ෂේප කිරීම සාධාර්ණ වු බුද්ධිමත් ක‍්‍රියාවක්ද?

මෙතෙක් ලිපිය කියවූ ඔබට කරුණු කිහිපයක් තහවුරු වනු ඇත. එනම්,

  • ශුද්ධ වු කුර්ආනයේ 29-20 හි සදහන් ආකාරයට ජිවීන් සම්භවය සත්‍ය බවත්,
  • එය නිවරැදිව වටහාගැනීමට ඒ පිලිබදව වූ ගවේෂණයන් පවා ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ආකාරයට සිදුකල යුතු බවත්,
  • එසේ සිදුකිරීමට ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිසාව පොලඹවන බවත්,
  • එසේ පෙලඹවීම තුල එහි මිනිසාට සොයාගත හැකි දත්ත පවතින බවත්,

තහවුරු කරයි. මේ අනුව මෙම දේව වාක්‍ය සත්‍ය කිරීමෙහි හා ඒ තුලින් ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න තහවුරැ කිරීමෙහි අකමැත්තෙන් වුවද ඩාවින්ද හවුල් වී සිටිති. පොදුවේ පරිණාමය මේ ආකාරයට ශුද්ධ වු කුර්ආනය කථාකලත් මිනිස් පරිණාමය මින් බැහැර වුවකි. ඒ පිලිබදව ද එනම් මිනිස් පරිණාමය පිලිබදව තරමක වෙනස් ආකාරයකට ශුද්ධ වු කුර්ආනය කථා කරයි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

Category Category:බුද්ධියෙන් විමසුමටම not found


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම