Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
Line 34: Line 34:
<categorytree namespaces="Category:ඉස්ලාම්">Manual</categorytree>
<categorytree namespaces="Category:ඉස්ලාම්">Manual</categorytree>
<categorytree>Category:ඉස්ලාම්</categorytree>
<categorytree>Category:ඉස්ලාම්</categorytree>
<noinclude>{{Documentation}}</noinclude>


{| class="wikitable"
{| class="wikitable"

Revision as of 06:10, 23 January 2023


Site Name - Yahamaga

Start of Site - 2009/12/07

Author - Abu Arshed

Parallel Site - Yahamaga

Thanks - 2009 වර්ෂයේ දී 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරදැරිව ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම අරමුණු කොට ආරම්භ කල යහමග Yahamaga.LK අඩවිය තම මෙහෙවර දිනෙන් දින පුළුල් කරමින් සාර්ථකව දිරියට ගමන් කරමින් ඇත. මෙහි සාර්ථකත්වයට පලමුවෙන් අල්ලාහ් (දෙවි) ස්තූතිවන්ත වන අතර දෙවනුව මෙහි සාර්ථකත්වයට උරදෙන ඔබ සියළුදෙනාට මාගේ ස්තූතිය පුද කරමි,

මීට දශකයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධියෙන් විමසුම පිණිසයි!' යන තේමාව පෙරදැරිව ආරම්භ කල යහමග අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් ඇත.
ආරම්භයේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම මූලික අරමුණ කොට ආරම්භ කල මෙම වෙබ් අඩවිය අද එහි විෂය පථය පුළුල් කරමින් ඉදිරියට ගමන් කරමින් ඇත.

Category Manual not found
Category Manual not found
Category Manual not found
Category Category:ඉස්ලාම් not found

ඉස්ලාම් යනු කුමක්ද?

'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්,

අවනත වීම
සාමය

සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

අප ජීවත් වන මෙම විශ්වය ගැන මදක් විමසා බලමු. විශ්වයේ ඇති සියළු දෑ නිසි පිළිවලකට අනුව ක‍්‍රියාත්මක වීම දැකිය හැකිය. ඉර සඳ ඇතුළු ග‍්‍රහවස්තු සියල්ල යම් කිසි දිව්‍යම න්‍යායකට අනුව ක‍්‍රියාත්මක වේ. මේවා සියල්ල නොවෙනස් කළ හැකි න්‍යාය ධර්මයකට අනුව ක‍්‍රියාත්මක වේ. ඉස්ලාමීය පරිභාෂිතයෙන් කියනවා නම් ඒවා සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ අණ අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර සහමුලින්ම උන් වහන්සේට අවනත වී ක‍්‍රියාත්මක වෙයි.


මේ ආකාරයටම විශ්වයේ ඇති කුඩාම වස්තුව වන පරමාණුවක් ගැන සලකා බලන කළ එහි නෂ්ටිය වටා කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. මේ කරුණු අධ්‍යනය කිරීමේදී අපට වටහාගත හැකි කරුණ නම් විශ්වයේ විශාලම අංශය වන ග‍්‍රහ වස්තුන්ගේ සිට කුඩාම අංශුව වන පරමාණුවෙනුත් කොටසක් වූ ඉලෙක්ට්‍රොනය දක්වාම ඒවායේ මැවුම් කරුවානන් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් ඒවාට ලැබී ඇති අණට කීකරු වී ඒවා අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර ක‍්‍රියාත්මක වන බවයි.

මේ මිහිතලය මත ඇති ගස් කොලන් සත්වයින් පක්‍ෂීන් ඇතුළු ජීවී හා අජීවී සියල්ල මේ ආකාරයටම ස්වභාව ධර්මය නම් දිව්‍යම න්‍යායට (ඉස්ලාමයට) අනුව, නියතියනකට අනුව ජීවත් වේ. එනම් මේවා සියල්ල ඒවායේ මැවුම්කරුවානන් මෙන්ම පාලකයානන් ද වන සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වී ජීවත් වෙති.

මනුෂ්‍යයාගේ ජෛව විද්‍යාත්මක පැත්ත ගැන සලකා බලන විටත් අපට වටහගත හැක්කේ කුඩා ‍සෛලයේ සිට හෘද වස්තුව මොලය ඇතුළු සියලූ කායික ඉන්ද්‍රීයයන් ද දෙවියන් වහන්සේගේ නියමයට යටත් වී අවනත වී ක‍්‍රියාත්මක වන අතර සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියමය අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකරන බවයි.

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ මේ මිහිතලය මත ඇති ඉතාම කුඩා අංශුව වන පරමාණුවේ සිට ඈත අහසේ දිළිසෙන මන්දාකිණි ඉර සඳ ග‍්‍රහ වස්තූන් අහස පොළොව ඇතුළු සියළු අභ්‍යවකාශ වස්තුන් සර්වලධාරියා ද සියල්ල දන්නාද වන ඒකක දෙවියන් වහන්සේගේ නියමයට සහමුලින්ම අවනත වී සිටින නිසා ඒවා සියල්ල ඉස්ලාම් වන බවයි. මේ අයුරින්ම මෙලොව ඇති ජලය තාපය කදු ගස් වැල් සිවුපාවුන් අතුළු (මිනිසුන් හැර) ජීවී හා අජීවී සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ නියමයට අල්පමාත‍්‍රයකින් හෝ පිටුපා නොයමින් මුළුමනින්ම අවනත වන නිසා ඒවා සියල්ල ඉස්ලාම් වේ.

මෙසේ මිනිසා හැර මේ පෘතුවිය මත ඇති ජීව අජීව සියල්ල තම බල මහිමයෙන්ම ඉස්ලාම් බවට (දෙවියන් වහන්සේට යටත් වන තත්වයට) පත් කළ සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේ මිනිසාට පමනක් විචාර බුද්ධියත් ඥානයත් දායාද කර, යහමග හෝ අයහමග තොරා ගැනීමේ නිදහසද ලබාදී තම විචාර බුද්ධිය භාවිතා කර අයහමගෙන් ඈත් වී යහමග තොරාගෙන සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වන ඉස්ලාමය නම් යහමගෙහි ජීවත් වන මෙන් අණ කළ සේක.

මො‍ලොව ප්‍රථම මිනිස් යුවල වන “ආදම්” හා “ඒව”ව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේ ලබාදුන් පණිවිඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමනක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමනක් අවනත වන ලෙයසි. මෙම දිව්‍යම නීතිය මිනිසාට දැනුම් දීම සඳහා මිනිසුන් අතරින්ම යහපත් පුද්ගලයින්ව දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘවරුන් (නබිවරුන්) වශයෙන් තොරා පත්කර එතුමන්ලාට දේව පුස්තකය ද පිරිනමන ලදි. මෙම අනාගත වක්තෘවරුන්ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන් වහන්සේට සහමුලින්ම අවනත වී දේව පුස්තකය මගින් අණ කරනු ලබූ දිව්‍යම නීතිය පිළිපදිමින් ජීවත් වීමට “ඉස්ලාම්” යැයි කියනු ලැබේ. මෙසේ ජීවත් වන්නා “මුස්ලිම්” (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) යැයි හඳුන්වනු ලැබේ. මෙසේ දිව්‍යම නීතියට අවනත වීම තුලින් සාමය උදාකර ගැනීම ඉස්ලාම් වේ.

ලොව ඇති අනිකුත් ආගම් හා දර්ශන ගැන මදක් විමසා බැලූ විට අපට වටහාගත හැකි කරණක් නම් ඒවා සියල්ල යම්කිසි පුද්ගලයෙක් හෝ ප‍්‍රදේශයක සමාජයක නාමයෙන් ව්‍යවහාරය වීමයි. නිදසුනක් ලෙස ක්‍රිරස්තියාණි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, බෞද්ධාගම ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන් ද ව්‍යවහාරය වේ. හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයෙන් බිහි වූ නිසා හින්දු යන නමින් ද යුදෙව් ආගම යූදියා නැමැති රටේ යූදා නම් ගෝත‍්‍රයෙන් බිහි වූ නිසා ඒ නමින් ද හඳුන් වනු ලැබේ. නමුත් ඉස්ලාම් දහම කිසිඳු පුද්ගලයෙකුගේ හෝ රටක, සමාජයක නමින් ව්‍යවහාරය නොවේ. දේව නීතියට සහමුලින්ම යටත් වී ජීවත් වන මෙන් අණ කරන මෙම දිව්‍යම දහමට ඉස්ලාම් යන අර්ථවත් නම තබන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ් විසින්ම යි. මේ ගැන අවසාන දේව පුස්තකය ද කිසිඳු විකෘති කිරීම් වලට ලක් නොවූ එකම දේව පුස්තකය ද වන අල්-කුර්ආනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙසේ පවසයි. “අද දින ඔබලා වෙනුවෙන් ඔබලාගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබලා වෙත මාගේ අනුග‍්‍රහයන් ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය ඔබලා සඳහා ආගම වශයෙන් තෝරාගෙන ඇත්තෙමි.” (අල් කුර්ආන්5-3)

මෝසෙස් තුමා හෝ ඊශ‍්‍රායීල්වරුන් වෙත පැමිණි කිසිඳු අනාගත වක්තෘවරයෙක් තම වක්තෘ මෙහෙය ඉටුකරන විට යුදෙවි ආගම යන නම භාවිතා කළ බව යුදෙව් ආගමික ග්‍රන්ථයන් වන තෝරා(කිතුනු බයිබල‍ය පැරණි ‍‍‍තෙස්ත‍‍මෙන්තුවයි), ටැල්මුඩ් හෝ මික්නාෂ් වල කොතැනකවත් සඳහන් නොවන අතර යුදෙව් ආගම නැමැති පදය බයිබල් ශබ්ද කෝෂයේද නොමැත. එසේම යේසුස් වහන්සේ ද තම ආගම ක‍්‍රිස්තියාණී කියා හෝ තම අනුගාමිකයින්ව ක‍්‍රිස්තියාණියින් කියා හැඳින් වූ බව ද බයිබලයේ කිසිම තැනක සඳහන් නොවේ. ක‍්‍රිස්තියානීන් යන වචනය ප‍්‍රථමයෙන්ම භාවිතා කළේ අන්තියෝක් නම් ස්ථානයේ බවයි පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ.

“ගෝලයන්ව ක්‍රිස්යානින් ලෙස පළමු වරට හැඳින් වූයේ අන්තියෝකියේදී ය.”

(අළුත් ගිවිසුම – ක‍්‍රියා 11-26)

ඉහත බයිබල් වාක්‍යයට අනුව ක‍්‍රිස්තියාණි නැමති පදය යේසුස් වහන්සේට බොහෝ කලකට පසු ව්‍යවහාරයට ආ වචනයක් බව පැහැදිලිය. මෙම තත්වය කිතුනු දහම පදනම් කරගෙන හුවා දැක්වූවද ඉස්ලාම් හැර අනිකුත් සියලූ දහම්වලට අත් වූ ඉරණම මෙයයි. ඒ අනුව පැහැදිලි වන කරුණ නම් අනාගත වක්තෘවරු දේශනා කර අත්තේ දෙවියන් වහන්සේට අවනත වී උන්වහන්සේට පමණක් නැමදුම් කර උන්වහන්සේගේ අණ පණත් හා නීති නියෝග අනුව ජීවත් වන ලෙයසි. එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙයසි. මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමුකළ යුතුයි.

එනම් මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සත් වන ශත වර්ෂයේ සෞදි අරාබියේ මක්කා නගරයේ ජීවත් වූ මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා වන බවයි. නමුත් සත්‍ය නම් මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයාණන් නොව එම පිවිතුරු දහම ලොවට දේශනා කළ අනාගත වක්තෘ දම්වැලේ අවසන් පුරුකය යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වයේ අධිපති ඒකක දෙවියන් වහන්සේ වන සර්වබලධාරී අල්ලාහ් විසින් ඉස්ලාම් දහම මුලින්ම දෙනු ලැබුවේ මෙලොවේ ප‍්‍රථම මිනිසා ද ප‍්‍රථම අනාගත වක්තෘවරයාද වූ ආදම් (අ‍ලෛ) තුමාට යි. එතුමාගෙන් පටන් ගෙන මෙලොවට ආ නෝවා(නූහ්) එබ‍්‍රහාම් (ඉබ්රාහීම්) දාවිත් (දාවූද්) මෝසෙස් (මූසා) යේසුස් (ඊසා) ඇතුළු සියළු අනාගත වක්තෘවරුන්ගේ ආගම වූයේ ද ඉස්ලාම යයි. මේ ආකාරයට මේ මිහිතලය මත ඉස්ලාම් නැමැති විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේට අවනත වීමේ පිවිතුරු දහම ස්ථාපිත කිරීම සඳහා උන්වහන්සේ විසින් ලක්‍ෂයකටත් අධික අනාගත වක්තෘවරුන්ව තෝරා පත්කර ඔවුන්ට පුස්තකය ද ලබා දෙන ලදී. නමුත් එක් අනාගත වක්තෘවරයෙක් ඉස්ලාමය නිවැරදිව ස්ථාපිත කර පුස්තකය ද ජනතාව අතරට පත් කොට මිය ගිය පසු එම අනාගත වක්තෘවරයාව දෙවියන් වහන්සේගේ තත්වයට සමාන කර එතුමාට වැඳුම් පිඳුම් කිරීමත් එතුමා විසින් දෙවියන් වහන්සේගෙන් ලබාදුන් දේව පුස්තකයට මිනිසාගේ අදහස් ඇතුළු කොට එහි දිව්‍යම භාවය කෙලසීමටත් එම සමාජය ඉදිරිපත් වූහ. ඉන්පසු නැවතත් තවත් අනාගත වක්තෘවරයෙකුගේ අවශ්‍යතාවය පැන නැගුණි. යළිත් තවත් අනාගත වක්තෘවරයෙක් පැමිණ නිවරදි ඉස්ලාමය ස්ථාපිත කළ පසු එතුමාටද කලින් අනාගත වක්තෘවරයාගේ ඉරණම අත් විය. මෙසේ දේව පුස්තකයට මිනිස් අදහස් ඇතුළු කිරීමත් එහි දිව්‍යම භාවය කෙලසීමත් මිනිසා ඉතිහාසය පුරාවටම තම සිරිතක් කර ගත්තේ ය. වර්ථමාන‍යේ ලොව දකින්නට තිබෙන සියළු ආගම් (ඉස්ලාම් හැර) පෙර සමාජවලට සර්වබලධාරී දෙව්යන් වහන්සේ විසින් අනාවර්ණය කරන ලද පුස්තකයන් මිනිසුන් විසින් විකෘති කිරීම්වලට ලක්‍කර මිනිස් අදහස් ඇතුළු කළ පසු ඒවා විවිධ ශාස්තෘවරුන්‍ පදනම් කරගෙන ව්‍යවහාරයට ගැනුණු දර්ශනයන් වේ.

අවසාන වශයෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේ සියළු ප‍්‍රදේශවලටත් සියළු සමාජවලටත් පොදු වූ එකම අනාගත වක්තෘවරයා වශයෙන් ද යුගාන්තය දක්වා වූ අවසාන අනාගත වක්තෘ වරයා වශයෙන් ද මුහම්මද් (සල්) තුමාණන්ව තෝරා පත්කර එතුමාණන්ට අල්-කුර්ආනය නැමැති දිව්‍යම පුස්තකයද ලබාදුන්නේ ය. එම දිව්‍යම පුස්තකය අවසානය දක්වා ආරක්‍ෂා කිරීමේ වගකීමද සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ම භාරගත්තේ ය. සර්වබලධාරී අල්ලාහ් පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි,”මෙම පුස්තකය අපිම පහළ කළෙමු. එය අපිම (අවසානය දක්වා ආරක්‍ෂා) කරමු” (ශු අල්කුර්ආනය 15:9) මේ ආකාරයට එහි ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගත් දෙවියන් වහන්සේ සියවස් 15ක් තිස්සේ සියළු ආකාරයේ දුෂණ වලින් එය ආරක්‍ෂා කර තිබීම විවෘත හදවතින් එය පරිශීලනය කිරීමේදී දැනගත හැකිය. එසේම මින් ඉදිරියටත් එහි ආරක්‍ෂාව පිළිබඳූව කිසිඳු සැකයක් නොමැත.

අල්-කුර්ආනය නම් වූ එම දිව්‍යම පුස්තකය මුහම්මද් (සල්) තුමාණන්ට අනාවරණය කරනු ලැබූ මුල් බස වන අරාබි බසින් ඒ ආකාරයෙන්ම අදටත් පැවතීමත්, එම භාෂාවද මළ භාෂාවක් බවට පත් නොවී ලෝකයේ අති බහුතරයකගේ මව් භාෂාව වශයෙන් ව්‍යවහාරයේ පැවතීමත් අල්-කුර්ආනයේ ආරක්‍ෂාව ගැන කථා කරන කළ ඉතා වැදගත් ලක්‍ෂණයන් වේ. මෙම සත්‍ය දේව හෙළිදරව්ව ලොවට දේශනා කළ අනාගත වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන්ව ලගින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සමීපතම සගයින් විසින්ම එය ග‍්‍රන්ථාරූඩ කිරීමත්, එම සගයින් විසින් ග‍්‍රන්ථාරූඩ කරන ලද මුල් පිටපත් අදටත් පැවතීමත් අල්-කුර්ආනයේ නිරුපද්‍රිත භාවයට කදිම සාක්‍ෂි වේ. (මුහම්මද් (සල්) තුමාණන්ගේ බෑන හා එතුමාණන්ගේ සමීපතම අනුගාමිකයෙක් ද වූ ඉස්ලාමීය අධිරාජ්‍ය‍ය තුන්වන කලීෆා තැන්පත් උස්මාන් (රලි) තුමාගේ පාලන කාලයේ එතුමාගේ නායකත්වයෙන් ලියන ලද මුල්පිටපත් දෙකක් අදටත් සෝවියට් දේශයේ තාෂ්කන්ඩ් කෞතුකාගාරයේ හා තුර්කියේ ස්තම්බූර් කෞතුකාගාරයේ දැකිය හැකිය.) අල්-කුර්ආනය එහි මුල් බසින්ම කටපාඩම් කිරීම නබි තුමාගේ සමයේ සිට අද දක්වාම මුස්ලිම් සමාජය කලාවක් හැටියට සැලකීමද, එසේ කටපාඩම් කරන අයට සමාජය තුළ වැදගත් කමක් දීම මගින් ද අල්-කුර්ආනයේ ආරක්‍ෂාව තවත් තහවුරු වේ. මේ ආකාරයට ලොවේ දැනට ඇති මිනිස් අදහස් වලින් දුෂණය නොවූ අඩු වැඩි කිරීම් වලට ලක් නොවූ හා දෙවියන් වහන්සේ විසින් අනාවරණය කළ පසු සංශෝධනයන්ට ලක් නොවූ එකම දිව්‍යම පුස්තකය පාරිශුද්ධ වූ අල්-කුර්ආනය පමණක් බව ස්ථිරවම ප‍්‍රකාශ කළ හැකිය.

මේ ආකාරයට දැනට ලොව ඇති එකම ඉස්ලාම් නම් ස්වභාවික යහමග අල්කුර්ආනයත් එම අල්කුර්ආනයට විවරණය වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන සැලැස්මත් අනුගමනය කිරීම ‍වේ. ‍මේ අනුව අදට මුස්ලිම් යැයි හැදින් විය හැක්‍කේ උප්පැන්න සහතික‍යේ අරාබි නමක් සදහන් වී ජාතිය මුස්ලිම් යැයි සදහන් කර ඇති පුද්ගලයා ‍‍හෝ පාරම්පරිකව මුස්ලිම් යැයි හදුන්වා ගන්නා ‍දෙමාපියන්ට දාවා උපදී යම් සම්ප්‍රදායික චාරික්‍රයන් පිළිපදින පුද්ගලයා ‍හෝ ‍නොව, ‍ ‍‍දේව පණිවිඩ‍‍‍‍‍‍‍යේ පළමු ‍කොටස වන පාරිශුද්ධ කුර්ආනයත් එහි ‍‍දෙවෙන ‍කොට වන එම කුර්ආනයට විග‍්‍රහය වූ මුහම්මද් (සල්) තුමාණන්‍‍ගේ ජීවන සැලැස්මත් ‍‍‍හොදින් වටහා‍නෙ පිළිපදින පුද්ගලයාටය. ‍මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ කුර්ආනයත් ‍‍එම කුර්ආනයට විග්‍රහය වූ දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණ‍‍ගේ ජීවන සැලැස්මත් පමණි ‍. ‍මෙම මූලාශ්‍රයන් ‍‍‍දෙකට අනුව පමණක් සිය ප්‍රතිපත්ති හා ක්‍රියාවන් සකසා ගත් පුද්ගලයා මුස්ලිම් (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) ‍වේ.‍ මෙම මූලාශ්‍රයන් ‍දෙක අවුරුදු 1500කට ‍‍පෙර මුහම්මද් ‍දෙව වක්තෘ තුමාණන් විසින් ‍‍‍‍දේශණා කළ ආකාරයටම අදටත් ජීවමානව පවතී.

ඉස්ලාම් දහ‍‍මේ මූලාශ්‍ර

මේ මිහිතලය මත මිනිසා පා තැබූ දා සිට ඉස්ලාම් දහ‍‍මේ එකම මූලාශ්‍රය වන්‍‍නේ දේව පණිවිඩය බව අප ඉහත සදහන් ක‍‍ළෙමු. ‍මෙම ‍‍දේව පණිවිඩයට අරාබි භාෂා‍නේ කියන්‍නේ වහී කියා ය. ඉස්ලාම් දහමට අනුව මිනිසා තම සියළු ක්‍රිය වහී නම් දේව පණිවිඩයට අනුවම සකසා ගත යුතු බව සදහන් කළෙමු. මෙම දේව පණිවිඩය කොටස් දෙකකි. එනම්

දෙවියන් වහන්සේ ජිබ්රීල් නම් තම සුර දූතයා මාර්ගයෙන් දේව වකෘවරයාට සෘජුවම පාරායනය කර පෙන්වන ලද ශුද්ධ වූ කුර්ආනයයි. මෙම ශුද්ධ වූ කුර්ආනය අවසාන දේව වක්තෘ මුහම්මද් තුමානන්ට අවුරුදු විසිතුනක වක්තෘ මෙහ‍යේ දී ඒකක සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ගෙන් ලැබුනු අවවාද හා අනුශාසනා ඇතුලත් මගයෙන් වීමයි. එතුමාණන්ගේ අභාවයන් පසු සයමසක් ඇතුළත එතුමාව ලගින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සගයින් විසින් ග්‍රන්ථාරූඩ කරල ලදි. මෙම ශුද්ධ වූ කුර්ආනය ගැන ඇතැම් කරුනු ඉහත අප සදහන් කර ඇති අතර මුස්ලිම් අයට මෙන්ම මුස්ලිම් නොවන අයට ද මේ ගැන යම් දැනුමක් ඇත. වහී හි දෙවන කොටස වන්නේ දේව වක්තෘ මුහම්මද් තුමාණන් ගේ මගපෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ ප්‍රායෝගික විග්‍රහයයි. ඉස්ලාමීය ව්‍යවහාරයෙන් මෙය හදීස් කියාද සුන්නා කියාද හදුන්වනු ලැබේ.ශුද්ධ වූ කුර්ආනය මගින් අල්ලාහ් විසින් කරන ලද අණුශාසනා හා අවවාදයන් අල්පමාත්‍රයක් හෝ උල්ලංඝනය නොකර ප්‍රා‍යෝගිකව තම ජීවිතයහි ක්‍රියාත්මක කරමින් සකළ ලෝවැසියාටම පූර්වාදර්ශය සැපයූ ආකාරය මෙම හදීස් මගින් විස්තර කෙරේ. දේව වක්තෘ තුමන්ව ලගින්ම ආශ්‍රය කරමින් එතුමාගේ අනුශාසනාවට අනුව සිය ජීවිත හැඩගස්වා ගත් සහාභාවරු නැමැති එතුමාගේ අනුගාමිකයින් විසින් පසු සියවස් වල් ජීවත් වූ සැදැහැවත් ඥානවන්තයින්ට ප්‍රකාශ කරන විට ඔවුන් විසින් ග්‍රන්ථාරූඩ කර හදීස් ග්‍රන්ථ ලෙස ලොවට ඉදිරිපත් කරන ලදි. එවැනි ග්‍රන්ථ කිහිපයක නම් පහත ඉදිරිපත් කරමු. සහීහුල් බුහාරී සහීහ් මුස්ලිම් සුනන් අබූ දාවූද් සුනන් තිර්මිදී සුනන් නසාඊ සුනන් ඉබ්නු මා‍ජා මුස්නද් අහ්මද් මුඅත්තා දාරමී දෛයිලමී හාකිම් ඉබ්නු හිබ්බාන් ඉබ්නු හුසෛමා බෛහකී තබ්රානී මුස්නද් අල් බස්සාර් මෙවැනි ග්‍රන්ථ වල සැදැහැවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලෙන් ඉදිරිපත් කෙරෙන හදීස් සහීහ් (නිවැරදි) හදීස් (දේව වකෘතුමාගේ වදන්) වේ. ඒවාට අවනත වීම හා පිළිපැදීම මුස්ලිම් වරයෙකුගේ අනිවාර්ය යුතුකමයි. ඔහු ශුද්ධ වූ කුර්ආනය පිළිගන්නාක් මෙන්ම මෙයද දේව වදන් ලෙස පිළිගත යුතුය. කුර්ආනය හා සහීහ් හදීස් කාසියක දෙපැත්තක් මෙනී. මෙයින් එකක් පිළිගෙන එකක් ප්‍රති‍කෂේප කළ නොහැකිය. මේ දෙකම පිළිගෙන ජීවිතයේ සෑම අංශයක්ම මෙම මූලාශ්‍රයන් දෙකට අනුවම පමනක් හැඩගස්වා ගන්නා පුද්ගලයා පරිපූර්ණ මුස්ලිම්වරයෙකි.

ඒකක දේවියන් වහන්සේගේ දේව පණිවිඩය වන මෙම කුර්ආනයත් සහීහ් හදීසයත් මිනිස් ජීවිතයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයයි. උපතේ සිට මරණය දක්වා වූ ලෞකික ජීවිය අධ්‍යාත්මිකව හැඩගස්වාගත යුතු ආකාරය මෙම දේව මූලාශ්‍රයන් දෙක මගින් මනාවටම පැහැදිලි කර ඇත. කෙල ගැසීම වැන සුළු කරණක සිට පාලනය කිරීම වැනි සංකීර්ණ කරුණක් දක්වාම මෙම මූලාශ්‍රයන් දෙ‍කෙන් ඉදිරිපත් ‍කෙරෙන කරුණු දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර එහි සාර්ථකතාවයද ඔප්පු කර ඇති නිසා ලොව දැනට ඇති එකම සහ කදිම යහමග මේ දෙක පමණි.

මෙම කුර්ආනය හා සහීහ් හදීස් යන මූලාශ්‍රයන්ට පරිබාහිරව, මෙ දෙකෙහි කිසිදු සාක්ෂියක් නොමැති යම් දෙයක් ඉස්ලාම් යන නමින් යමෙක් පිළිපැද්දහොත් එය මංමුළාවකි. මෙවැනි මංමුලාවන්ට ඉස්ලාමීය ව්‍යවහාරයෙන් බිද්අත් යැයි කියනු ලැබේ. බිද්අත් යනු නිරයෙන් කෙළවර වන මහා පාපයක් බවට දේව වක්තෘ මුහම්මද් නබි තුමානෝ අවවාද කර ඇත.

මේ අනුව ඉස්ලාම් යනු කුමක්ද? යන්නත්, මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙසේ වියයුතුද? යන්නත් ඔබ‍ට පැහැදිලි වනු ඇත.

File:OOjs UI icon edit-ltr.svg.png- YahamagaWiki Latest Updates
List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

4 May 2024

     10:56  Talk:අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය diffhist +1,589 Admin talk contribs (→‎කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්: new section)
     06:34  ජාතියක් ලෙස අප සිටින තැන diffhist +2,037 Admin talk contribs (→‎රටේ ජනගහනය අඩුවෙලා: new section)
     05:29  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 2 changes history +15,822 [Admin‎ (2×)]
     
05:29 (cur | prev) −1 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතු කරන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     
05:27 (cur | prev) +15,823 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතුවන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     03:21  Talk:පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය diffhist +34 Admin talk contribs (→‎ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා)
     03:19  පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය‎‎ 2 changes history +601 [Admin‎ (2×)]
     
03:19 (cur | prev) +104 Admin talk contribs
     
03:17 (cur | prev) +497 Admin talk contribs
     03:13 Upload log Admin talk contribs uploaded File:Wpf2024.jpg

3 May 2024

File:OOjs UI icon edit-ltr.svg.png-YahamagaWiki Articles
යහමග අඩවිය තුල ඉදිරිපත් කරන ලිපි පෙලගැස්ම වෙත මෙහි පහත Link එක මඟින් පිවිස එම ලිපි කියවන්න.
File:OOjs UI icon edit-ltr.svg.png-YahamagaWiki Forum
කාලීන වශයෙන් වැදගත් මාතෘකා මෙම යහමග සාකච්චා මණ්ඩපය (Forum) තුල සාකච්චා කරන අතර එම සාකච්චා මණ්ඩපය වෙත මෙතැනින් පිවිසිය හැක.
File:OOjs UI icon edit-ltr.svg.png-YahamagaWiki POll
කාලීන වශයෙන් වැදගත් යහමග පාඨක ඔබේ අවදානයට යොමු වියයුතු මත විමසුම් මේ යටතේ පෙලගසන අතර එම Poll වෙත මෙහි පහත link එක මඟින්මා පිවිසෙන්න.
File:OOjs UI icon edit-ltr.svg.png-YahamagaWiki Gallery
කාලීන වශයෙන් වැදගත් යහමග පාඨක ඔබේ අවදානයට යොමු වියයුතු රුපරාමු මේ යටතේ පෙලගසන අතර එම Gallery වෙත මෙහි පහත link එක මඟින්මා පිවිසෙන්න.

පිටුවේ මුලට පිවිසෙන්න

යහමග ගමන් මඟ

මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටී. දෙවන දශකයට පා තබා ඇති මෙම අඩවිය පසුකර ආ දුෂ්කර ගමන් මඟ පිලිබදව තබන සටහනයි.

ඉස්ලාම් දහමේ මූලික විශ්වාස හා ප්‍රතිපත්ති

මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටී. දෙවන දශකයට පා තබා ඇති මෙම අඩවිය පසුකර ආ දුෂ්කර ගමන් මඟ පිලිබදව තබන සටහනයි.

File:OOjs UI icon edit-ltr.svg.png-ඉස්ලාම් යනු කුමක්ද?

File:OOjs UI icon edit-ltr.svg.png-ඉස්ලාම් හි මූලික විශ්වාසයන්

File:OOjs UI icon edit-ltr.svg.png-ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති

List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

4 May 2024

     10:56  Talk:අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය diffhist +1,589 Admin talk contribs (→‎කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්: new section)
     06:34  ජාතියක් ලෙස අප සිටින තැන diffhist +2,037 Admin talk contribs (→‎රටේ ජනගහනය අඩුවෙලා: new section)
     05:29  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 2 changes history +15,822 [Admin‎ (2×)]
     
05:29 (cur | prev) −1 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතු කරන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     
05:27 (cur | prev) +15,823 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතුවන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     03:21  Talk:පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය diffhist +34 Admin talk contribs (→‎ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා)
     03:19  පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය‎‎ 2 changes history +601 [Admin‎ (2×)]
     
03:19 (cur | prev) +104 Admin talk contribs
     
03:17 (cur | prev) +497 Admin talk contribs
     03:13 Upload log Admin talk contribs uploaded File:Wpf2024.jpg

3 May 2024

     09:49  පලස්තීන අර්බුද පුවත් යාවත්කාලීනය diffhist +2,234 Admin talk contribs (→‎ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට: new section)
     05:48  ජාතියම ගිලගන්නා මත් උවදුර diffhist +2,714 Admin talk contribs (→‎අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු: new section)
     05:45  යහමග පුවත් diffhist +1,937 Admin talk contribs (→‎2024/5/3 - මා - පිය වලියට ෆාතිමා දැරිය දිවි පුදයි: new section)
N    05:28  පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය‎‎ 5 changes history +15,181 [Admin‎ (5×)]
     
05:28 (cur | prev) +22 Admin talk contribs
     
05:21 (cur | prev) +130 Admin talk contribs Tag: Visual edit
     
05:13 (cur | prev) +54 Admin talk contribs
     
05:05 (cur | prev) +77 Admin talk contribs
N    
05:01 (cur | prev) +14,898 Admin talk contribs (Created page with "{{#seo:|පක්ෂක්ග්‍රාහී සහ අසමබර වාර්ථාකරණයේ දිනය}} {{#seo:|keywords=පක්ෂක්ග්‍රාහී, සහ, අසමබර, වාර්ථාකරණයේ, දිනය, ජාත්‍යන්තර, විශේෂ, ජඩ, මාධ්‍ය,}} {{#seo:|description=පක්ෂක්ග්‍රාහී සහ අසමබර වාර්ථාකරණයේ දිනය නොහො...")
     05:23  ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම diffhist +134 Admin talk contribs
     05:00 Upload log Admin talk contribs uploaded File:Worldpresday.jpg

2 May 2024

     09:31  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 9 changes history +18,679 [Admin‎ (9×)]
     
09:31 (cur | prev) +3,412 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත ඉදිරිපත් කිරීමේ දී පරිවර්ථන දෝෂයක් සිදු කරයි)
     
04:35 (cur | prev) +12 Admin talk contribs (→‎ඉස්ලාමීය ඉගෙන්වීම තුල මුස්ලීම් සමාජය භේද වී ඇත්තේ ප්‍රධාන වාද දෙකක් ඔස්සේය)
     
04:33 (cur | prev) +6 Admin talk contribs (→‎නව මාසය තීන්දු කිරීමේ දී වර්ථමාන මුස්ලීම් සමාජය අනුගමනය කරන ක්‍රමවේද) Tag: Visual edit
     
04:33 (cur | prev) +19 Admin talk contribs (→‎නව මාසයක උදාව තීන්දු කරන ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සහ මඟපෙන්වීම)
     
04:32 (cur | prev) +5 Admin talk contribs (→‎ජාත්‍යන්තර හා ඉස්ලාමීය දින දර්ශන අතර වෙනස මූලික හැදින්වීම)
     
04:04 (cur | prev) +163 Admin talk contribs (→‎දෙවන වාදය - කුරෙයිබ් (රහ්) තුමා විසින් පැවසූ නව සඳ පුවත නොසලකා හැරීම) Tag: Visual edit
     
03:47 (cur | prev) +15,946 Admin talk contribs (→‎‍දෙවන වාදය - කුරෙයිබ් (රහ්) තුමා විසින් පැවසූ නව සඳ පුවත නොසලකා හැරීම)
     
02:56 (cur | prev) −32 Admin talk contribs (→‎02 - කුරෙයිබ් (රහ්) තුමා විසින් පැවසූ වෙනත් ප්‍රදේශයක නව සඳ දුටූ පුවත නොසලකා හැරීම.)
     
02:54 (cur | prev) +23 Admin talk contribs (→‎01 - අල් කුර්ආනය 2-185 වාක්‍ය පදනම් කරගෙන ඉදිරිපත් කරන වාදය)
     02:52  Talk:කම්කරු අයිතීන් සහ ඉස්ලාම් දහමේ මඟපෙන්වීම්‎‎ 2 changes history +863 [Admin‎ (2×)]
     
02:52 (cur | prev) +17 Admin talk contribs
     
02:51 (cur | prev) +846 Admin talk contribs
     02:50  Template:New&update‎‎ 2 changes history −835 [Admin‎ (2×)]
     
02:50 (cur | prev) −1 Admin talk contribs
     
02:50 (cur | prev) −834 Admin talk contribs

1 May 2024

     09:46  Template:Button2‎‎ 9 changes history −440 [Admin‎ (9×)]
     
09:46 (cur | prev) −372 Admin talk contribs
     
09:43 (cur | prev) −67 Admin talk contribs
     
09:41 (cur | prev) −1 Admin talk contribs
     
09:41 (cur | prev) 0 Admin talk contribs
     
09:40 (cur | prev) 0 Admin talk contribs
     
09:39 (cur | prev) 0 Admin talk contribs
     
09:39 (cur | prev) 0 Admin talk contribs
     
09:38 (cur | prev) 0 Admin talk contribs
     
09:38 (cur | prev) 0 Admin talk contribs

පිටුවේ මුලට පිවිසෙන්න

යහමග පිංතූර එකතුව

මේ යටතේ කාලීන වශයෙන් විශේෂ වූ පිංතූර පහතින් ඉදිරිපත් කෙරේ...


Getting started

පිටුවේ මුලට පිවිසෙන්න