අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම: Difference between revisions

From Yahamaga
(One intermediate revision by the same user not shown)
Line 744: Line 744:

  සටහන් – '''මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූල් ග්‍රන්ථයේ නැත.'''
  සටහන් – '''මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූල් ග්‍රන්ථයේ නැත.'''

* '''“….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…”''' (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)
* '''“….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…”''' (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)

  සටහන් – '''මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.'''
  සටහන් – '''මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.'''

* '''“…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)
* '''“…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)

  සටහන් – '''මෙහි අල් කුර්ආන් මූල කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.'''
  සටහන් – '''මෙහි අල් කුර්ආන් මූල කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.'''

* '''“මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)
* '''“මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)

  සටහන් – '''මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.'''
  සටහන් – '''මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.'''

* '''“…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…”''' (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)
* '''“…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…”''' (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)

  සටහන් – '''මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.'''
  සටහන් – '''මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.'''

* '''“නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)
* '''“නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)

  සටහන් – '''මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.'''
  සටහන් – '''මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.'''

* '''“ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී‘තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය)

Line 778: Line 772:

අවසාන වශයෙන් මේ පරිවර්ථන මෙහෙවරේ නියලෙන විද්වත් පිරිසට කිවයුතු කාරණයක් ඇත. එනම්, විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අල් කුර්ආන් සිංහල භාෂා පරිවර්තනයක් සමාජයට දායාද කිරීමේ මෙහෙවර කිසිසේත් සුළුකොට තැකිය හැකි මෙහෙවරක් නොවන බව මා දනිමි. එම මෙහෙවර කිසිසේත් මා අවතක්සේරු නොකරමි. එම මෙහෙවරට මෙවැනි ලිපි බාධාවක් නොවේවා! කියා පලමුව ප්‍රාර්ථනා කරමි. ‘යහමග’ මා යෝජනා කරන්නේ '''විවිධ සංවිධාන, කල්ලි, කණ්ඩායම් හා තනිපුද්ගල වශයෙන් අල්කුර්ආන් පරිවර්ථන ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ තරඟය නවතා ‘යහපත් එක් පරිවර්ථනයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කරමු’ යන උතුම් අධිෂ්ඨානයෙන් යුතුව විවෘත විද්වත් සාකච්චා මණ්ඩපයක සාකච්චා කරමින් ශුද්ධ වූ අල්කුර්ආනයට වඩාත් සමීප සාර්ථක එක් පරිවර්ථනයක් ලබාදීමට සියළු පාර්ශව එක්රුස් වියයුතු යන්නයි.''' එතැනින් ද එම මෙහෙවර අවසන් නොකොට එසේ කරනු ලබන පරිවර්ථනයන් කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින්, එය සාර්ථක පරිවර්ථනයක් ලෙස යාවත්කාලීන කරන්න කටයුතු කරන්නේ නම්, අපට අවම වැරදි සහිත සත්‍යයට වඩාත් සමීප පරිවර්ථනයක් සමාජයට දායාද කිරීමට හැකිවනු ඇත’ යන්නයි.

====<h6 style="background-color:#D4E6F1; min-height: 25px; text-align: left; color:#154360;">'''පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්'''</h6>====
අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක් දක්නට ඇත. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආගම් සම්බන්ධයෙන් අප වර්තමානයේ කොතරම් වාද විවාද තර්ක විතර්ක ගොඩ නැඟුවත් ඒ සියල්ලෙහි වලංගු අවලංගු බව රැදී ඇත්තේ එය අද අපට ළඟා වූ ආකාරයත් එහි ආරක්ෂා වීම සිදු වූ ආකාරයත් මත ය. එනම් එය ආරක්ෂා වූයේ කෙසේ ද?, එය කොතරම් දුරකට ආරක්ෂිත ද? යන කාරණය මතය. ඒ අනුව ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මේ ලිපිය තුලින් ලොව පවතින ආගම් හා එහි පිවිතුරු බව කොතරම් දුරකට ආරක්ෂා වී ඇත්තේ ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කුමක් ද? යන්නත්, එය අනුගමනය කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. නමුත් එම ඉගෙන්වීමන් පිළීබඳව නිසි හා ගැඹුරු අවබෝධයන් නොමැති මුස්ලීම් ප්‍රජාව සමාජයේ අනිකුත් (ඉස්ලාම් නොවන) ආගමික පිරිසගේ සම්ප්‍රදායන් හා එහි බැතිමතුන්ගේ ක්‍රියා කලාපයන් ආදර්ශයට ගනිති. එම වතාවත් හා විශ්වාසයන් ද ඉස්ලාම් දහමට ගළපාගෙන කටයුතු කරති. ඒ සඳහා උනන්දුවක් දක්වති. මෙය කෙතරම් අවාසනාවන්ත ලෙස මුස්ලීම් සමාජයට බලපා ඇත් ද යන්න පවසනවා නම්, මෙලෙස අනිකුත් ආගමික සම්ප්‍රදායන් ඉස්ලාමයට ගළපාගෙන කටයුතු කරන පිරිස ශ්‍රී ලාංකීය ‘සාම්ප්‍රදායක මුස්ලීම්’, ‘ඔවුන් සැබෑ මුස්ලීම්’ යනුවෙන් හදුන්වා දෙන තරමට අද මුස්ලීම් හා මුස්ලීම් නොවන ප්‍රජාව අනවබෝධය තුල අතරමං වී ඇත. නමුත් මේ අවාසනාවන්ත තත්වය ලොව උදා වූ එකම දහම ඉස්ලාම් දහම නොවේ. නමුත් ලොව අනිකුත් දහමන්ට දර්ශනයන්ට මේ තත්වයෙන් මිදීමට නොහැකි වීමට සාධාරණ හේතූන් තිබුණි. එනමුත් ඉස්ලාම් දහමට එවැනි ඉරණමක් උදාවන්න තරම් කිසිදු සාධාරණ හේතුවක්, දුර්වලතාවයක් දහම තුල නොතිබුණි. ශ්‍රී ලාංකීය සමාජය (එනම් එහි පවතින ආගම්) පදනම් කරගෙන මෙය විමසා බැලුවේ නම්,
මෙම අවාසනාවන්ත තත්වය ආගම් තුල නිර්මාණය වීමට මූලික හේතුව එම ආගමික ඉගෙන්වීමන් පිළිබඳව සමාජයට පවතින අවම දැනුම මෙන් ම සැබෑ ඉගෙන්වීම ආරම්භයේ සිට ආරක්ෂා නොවීම යන කාරණය හා ඒ තුල එම දහම් දර්ශනයක් කෙරෙහි එහි අනුගාමිකයන් තුල ඇති වූ අන්ධ භක්තියයි. මේ හේතුව නිසාම ඒ ඒ ආගමික ශාස්තෘවරුන් හා විද්වතුන් පවසන කාරණයත්, එසේ පවසන පිරිසගේ ජනප්‍රියත්වයත්, ඔහුගේ මතවාදයට සමාජය තුල හිමිවන ඉඩ ප්‍රස්ථාවත්… යනාදී හේතු මත ඒ ඒ ආගම, දහම එහි සැබෑ ස්වරූපයෙන් මිදී  වෙනමම දහමක්, දර්ශනයක් ලෙස වෙනත් ආකාරයකට පවසනවා නම් විකෘති වූ දහමක් ලෙස සමාජගත වී හා සමාජගත වෙමින් පවතී. මීට අමතරව වර්තමානයේ ආගම් අතර නිර්මාණය වී තිබෙන තරඟකාරීත්වයත්, මේ සෑම දහමකම පාහේ දක්නට ලැබෙන (අභ්‍යන්තර) මතභේදයත් මෙම අවාසනාවන්ත තත්වය දහම තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතු වී ඇත.
මෙවන් පසුබිමක කවදත් සමභර ලිපි ඉදිරිපත් කරන යහමග අඩවිය, ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මෙම ලිපිය තුලින් එම විෂය සම්බන්ධයෙන් ආගම් තුල පවතින තත්වයන් කුමක් ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
ප්‍රථමයෙන් අප රටේ ප්‍රධාන ආගමක් වන බුදු දහම සම්බන්ධයෙන් විද්වත් කරුණු දැක්වීම් කිහිපයක් වෙත ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම්,
* ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය අටාලේ පියදස්සී හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ‘මිලේනියම් ෆැමිලි එන්සයික්ලෝපීඩියා’ හි බුදු දහම සම්බන්ධයෙන් මෙසේ සදහන් කරයි.
‘බුදු බව පිළිබඳව ඉමහත් බැතියක් වපුරනු රිසි වූ පැරණි බෞද්ධ නායකයෝ පුරාණ ඉන්දියාවේ සම්මතව තිබූ මහා පුරූෂ ලක්‍ෂණ සියල්ල පමණක් නොව සාහිත්‍යයේ එන දෙවි දේවතාවුන්ගේ ලක්‍ෂණවලින් පවා බුදු සිරුර සැරසූහ.’
මෙය වර්තමාන බෞද්ධ විද්වතුන් පවා පිළිගන්නා සත්‍යයකි. මෙහි මාගේ තර්කය එම සංශෝධන කුමක් ද? යන්න නොව බුදු දහමේ නියම ස්වරූපයට ඉන් බලපෑමක් සිදුවෙලා තිබෙනවා ද? නැද්ද? යන්නයි.
* තවත් අවස්ථාවක බුදු දහම සම්බන්ධයෙන් කරුණු දක්වන විද්වතෙකු වන එච්. එල්. ප්‍රේමදාස මහතා වර්තමාන බුදු දහමට අත් වී තිබෙන ඉරණම පිළීබඳව ‘ද අයිලන්ඩ්’ පුවත්පතට (1990.11.27 දින) ලිපියක් ඉදිරිපත් කිරීමේදී එහි ඔහු පවසා සිටින්නේ
‘අද බුදු දහම “කාක්කෙක් වමනේ කළා” යන තැනට පත්ව ඇති බවයි.’
ඒ සදහා ඔහු නිදසුන් සහිතව දීර්ඝ විග්‍රහයක් එහි ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ පාරම්පරිකව හා මුඛ පරම්පරාගත‍ව මෙය සමාජයේ පැවත ආ නිසාත්, එය අසන පුද්ගලයාගේ මානසිකත්වය අනුවත් එය කෙරෙහි ඔහුගේ තිබෙන කැමැත්ත අකැමැත්ත අනුවත්, එයට අලුතින් එක් වීම හා අඩු වීම නිතැතින් සිදු වී විකෘති වූ දහමක් ඉතිරි වූ බවයි.
    මේ පිළිබඳව කරුණු දක්වන ලෝක ප්‍රකට ලේඛකයෙකු මෙන් ම ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් මහතා තම ‘ද හන්ඞ්රට්’ (THE 100) නම් කෘතියෙහි ලෝක ඉතිහාසයේ පෙරලියක් ඇති කළ 100 ක් දෙනා පෙලගැස්වීමේ දී 04 වන ස්ථානය ගෞතම බුදුන් වහන්සේට ලබා දී  එවැනි ස්ථානයක් ලබා දීමට හේතු පැවසීමේදී
“…ඔහු පැවසු දෑ කිසිවකු විසින් ලියා නොතබන ලදී. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ලදී.” යනුවෙන් පවසයි. තවදුරටත් එහිදී පවසන්නේ “බුදුන් අද මෙලොවට නැවත ආවා නම් බුදු දහම තුළ සිදු වන විවිධ ආකාරයේ වත්පිලිවෙත් දැක මවිතයට පත් වෙනවා නියතය”
යනුවෙන් ද පවසයි. තවදුරටත් කරුණු ඉදිරිපත් කරන මොහු ඉන්දියාවේ බෞද්ධයින් නැති වී යාමට හේතුව හින්දු ආගම බෞද්ධ දර්ශනයේ බොහෝ කරුණු තම දහම සදහා යොදා ගැනීම බවත් එහි සදහන් කරයි.
* මීට අමතරව විවිධ ආගම් පිළිබඳව ගවේෂණ සිදු කොට මෘදුකාංගයක් නිර්මාණය කළ ලෝක ප්‍රකට ආගම් පිළිබඳව ගවේෂකයකු වන ආචාර්ය ජෝන් ස්ටෙල්සන් බුදු දහම පිළිබඳව පැවසීමේදී
“එය ක‍්‍රිස්තු පුර්ව 300 දක්වා ඉන්දියාව තුල සීඝ‍්‍රයෙන් පැතිරි ගියත්, ක‍්‍රිස්තු පුර්ව 300 සිට ක‍්‍රිස්තු වර්ෂ 1500 දක්වා වසර 1800ක් තුල සීඝ‍්‍ර පසු බෑමකට ලක් විය.”
මෙය ආචාර්ය ජෝන් ස්ටෙල්සන් විසින් ප‍්‍රස්තාරයක් මගින් පැහැදිලි කරයි. එම ප‍්‍රස්ථාරයේ තවත් වැදගත් කරුණක් ද ගෙන හැර දක්වයි. එනම් බුදු දහම බුදුන්ගෙන් පසු ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී ගිය බවත්, එය බුදුන් පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසු සිදු වූ බවත් ය.
බුදු දහම - ජෝන් ස්ටෙල්ගේ ප්‍රස්තාරය
[[File:Image002-300x162 yahamaga.jpg|500px|center]]
අප රටේ ප්‍රධාන මෙන්ම ප්‍රබල දහමක් වන බුදු දහමට මෙවන් ඉරණමක් උදා වී ඇති බවට මෙලෙස කරුණු දක්වන අතරතුර ලොව ප්‍රබල දහමක් මෙන් ම ශ්‍රී ලාංකීය සමාජයේ සැලකිය යුතු පිරිසක් අදහන දහමක් වන කිතුණු දහම පිළිබඳව ද මෙහි කතා නොකරම බැරිය. මන්ද මාගේ ගවේෂණයන්ට අනුව මනුෂ්‍යාගේ ප්‍රබල බලපෑමකට නතුව වෙනස් කිරීමන් විශාල සංඛ්‍යාවක් සිදු කළ දිව්‍යමය පුස්තකයකට උරුමකම් කියන එකම දහම මෙය වන නිසා ය. ඒ පිළිබඳව මෙම අඩවිය තුල දීර්ඝ වශයෙන් කරුණු සාකච්චා කොට ඇති නිසා කිතුනු භක්තිකයෙකු මෙන්ම ලෝක ප්‍රකට ලේඛකයෙකු හා ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් තම ‘ද හන්ඞ්රන්ට් (THE 100)’ නම් කෘතියෙහි සදහන් කාරණයට ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරමි.
‘බයිබලයේ සදහන් බොහෝ කරුණු යේසුස් තුමා පැවසූ ඒවාට වඩා පාවුල් තුමාගේ අදහස් වේ’
යනුවෙන් පැවසීමත්
‘යේසුස් වහන්සේගේ දේශනයන් එතුමාගේ කාලයේම ලේඛන ගත නොවුණි. මෙම දේශනයන් ශුද්ධ වු බයිබලය නමින් ලේඛන ගත වුයේ එතුමාගේ අභාවයෙන් ද වසර කිහිපයකට පසුවයි.’
යනුවෙන් පැවසීමත් ඒ සදහා හොදම සාක්ෂි වශයෙන් මෙහි ගෙන හැර දැක්විය හැක. එම කාරණය ඔබේ විමසුමට තබමින් මේ ලිපියෙහි තවත් ප්‍රධාන කොටසට යොමු වන්නේ නම්,
ශ්‍රී ලාංකීය ප්‍රජාව අතුරින් බහුතරය නියෝජනය වන බුදු දහම හා කිතුණු දහම පදනම් කරගෙන ඉහත කරුණු ඉදිරිපත් කළද ලොව සෑම ආගමක්ම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවා යන්න මා ඉහතින් ද සදහන් කළ යථාර්තයයි. ආරම්භයේ සිට ලිඛිතව ආරක්ෂා නොවූ ඉගෙන්වීමන් පවතින දහමන් හා දර්ශනයන් මෙවන් අවාසනාවන්ත ඉරණමයන්ට ගොදුරු වීම නොවැළැක්විය හැකි කාරණයකි. නමුත් සියලු ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා වී තිබෙන ලොව එකම දහම වන ඉස්ලාමයත් මෙම අවාසනාවන්ත ඉරණමට හසු වී තිබීම අවාසනාවන්ත තත්වයකි. ඒ අනුව මෙතැන් සිට ඒ පිළිබඳව මෙහි විමසා බලමු.
ඉස්ලාම් යනු සර්ව ඥාන [[අල්ලාහ් (දෙවි)]] විසින් පහල කළා වූ දිව්‍යමය දහමකි.  නමුත් කාලයත් සමඟ මෙහි ඉගෙන්වීමන් විකෘති විය හැකි බව අවබෝධ කර ගත් ඉස්ලාම් දහම එසේ නොවීම පිණිස ඒ සදහා වූ අවවාද මුස්ලීම් සමාජයට [[අල්ලාහ් (දෙවි)]] විසින් සිදු කරන ලදී. එය සරලව පවසනවා නම්,
ආගමික මූලාශ්‍රයන් (එනම් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය) තුලින් දහම අවබෝධ කර ගත යුතු බවත්, එහි සීමාවන් පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු යන්නත් දැඩිව ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවවාද කරන ලදී.
නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ වර්තමාන මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රය ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්නෙහි විවාදයක් නැත. වාදයක් ලෙස හෝ විශ්වාසයක් ලෙස ඔවුන් එය එලෙස පිළිගත්තද ප්‍රායොගික දිවිය තුල එම කාරණය නිසි ලෙස ක්‍රියාවට නැංවීමක් ඔවුන් තුල දක්නට නැත. තවත් සරලව පවසනවා නම්, සත්‍ය දහම ඔවුන්ගෙන් දුරස් වී ඇත. මෙය ඉහත (අනිකුත් ආගමික) තත්වයන්ට වඩා වෙනස් තත්වයකි. නමුත් මේ සියල්ල තුල අවසාන ප්‍රතිඵලය (විකෘති වූ දහමක් යන්න) එකක් පමණි. ඉස්ලාම් දහමට මෙවැනි ඉරණමක් උදා වීම සදහා පදනම් වී තිබෙන හේතූන් විවිධ ය. මුස්ලීම් සමාජය තුල මෙවැනි තත්වයක් උදාවීමට බලපෑ මූලිකම හේතුව වන්නේ ආගමික මූලාශ්‍රයන් තුලින් උගන්වන කාරණා පිළිබඳව සමාජයට තිබෙන අනවබෝධයයි. ඒ සදහා සරල උදාහරණයන් 02 ක් පවසනවා නම්,
* ඉස්ලාමීය විවාහයක දී මනාලයා විසින් මනාලිය හට (ඇයගේ ඉල්ලීම අනුව) ‘මහර්’ නම් (මිල මුදල්, රන් රිදී, යාන වාහන, ඉඩ කඩම්, ගේ දොර… යනාදී) වස්තූන් ලබදීම අනිවාර්ය වේ. (එසේ නොකරන විවාහය වලංගු නොවේ) නමුත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල මෙය සිදුවන්නේ අනික් අතටය. එනම් ‘මහර්’ තොගය ලෙස රුපියල් 103.00 හෝ 102.00 වැනි මුදලක් මනාලියට ලබා දී දෑවැදි ලෙස ලක්ෂ ගණන් වටිනා වස්තූන් මනමාලයා විසින් මනාලියගෙන් ලබා ගැනීමයි. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ මේ සියල්ල ආගමික පූජකවරුන් හා විද්වතුන් අභියස ඔවුන්ගේ අශිර්වාදය මත ඉස්ලාම් දහමේ නමින් සිදුවීමයි. මෙහි තවත් අවාසනාවන්තම තත්වයක් වන්නේ මෙම චාරිත්‍ර ඉස්ලාමීය ආදර්ශයන් බවට අන්‍ය (මුස්ලීම් නොවන සහෝදර) සමාජය පමණක් නොව මුස්ලීම් සමාජයේ අති බහුතරයක් පිලි ගැන සිටීමයි.
* ‘මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින සැමරීම සම්බන්ධ මුස්ලීම් සමාජයේ පවතින මතභේදය’ සඳහන් කළ හැක. අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය කිරීම අත්‍යවශ්‍ය බව ඉස්ලාමීය මුස්ලීම් සමාජයට අනිවාර්ය කරයි. නමුත් එය යම් යම් සීමාවන්ට යටත්වය. එතුමාණන් කෙරෙහි පැවති ආදරය හා ගෞරවය වෙනුවෙන් එතුමාණන්ගේ පිළිම ඇඹීමට හෝ පිංතූර නිර්මාණය කිරීමට මුස්ලීම් සමාජය පෙළඹුනේ නැත. (ඒ සදහා ඉස්ලාම් දහම තුල අවසර නැත නිසා) එසේ නොකළා පමණක් නොව එසේ කරන පිරිසට එරෙහිව නැගී සිටීමට මුස්ලීම්වරුන් පසුබට වන්නේත් නැත. ඒ ඉස්ලාම් එවැනි ආදර්ශයක් පෙන්වා නොදෙන නිසා ය. නමුත් එහි සීමාවන් කුමක් ද? යන්න පිළිබඳව නිසි ලෙස සොයා බැලීම අතපසු කළ සමාජයේ සමහරක් අවසානයේ නතර වූයේ මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාමීය ආදර්ශයන්ට පරිබාහිර ආදර්ශයන් මුස්ලීම් සමාජය තුල නිර්මාණය කිරීම තුලිනි.
ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව, කෙනෙකු ලෞකික ජීවිතය තුල තීන්දු තීරණ ගන්නා සේ දහමක් තුල ස්වමතයට අනුව තීන්දු තීරණ ගත නොහැක. ඉස්ලාම් දහම ප්‍රකාශ වී ඇත්තේ සූවිශේෂි ඥානයක්, දිව්‍යමය පණිවුඩයක් පදනම් කරගෙනය. ඒ අනුව එවැනි අවස්ථාවල තීන්දු තීරණ ගත යුත්තේ එහි ඉගෙන්වීමන් අනුව මිස ස්වමතයන් අනුව නොවේ. එසේ නොවන්නේ නම් එහි සිදු වන්නේ “නාන්නට ගොස් මඩ නාගත්තා සේ” තම නැණ පමණින් යහපත් යයි සිතාගෙන තමන්ට තමන් විසින්ම වරදක් සිදුකර ගැනීම පමණි. එම කාරණය හොදින් අවබෝධ කරගෙන පහත කරුණු ද දැන් පියවරින් පියවර විමසා බලමු.
ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුනක් ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,
…[[අල්ලාහ් (දෙවි)]] පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් ‘කාෆිර්’ (ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන ලද තැනැත්තෙකු) බවට පත්වන්නේ ය.
ශුද්ධ වූ කුර්ආනය 5-44
…[[අල්ලාහ් (දෙවි)]] පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් අපරාධකරුවන් බවට පත්වන්නේ ය.
ශුද්ධ වූ කුර්ආනය 5-45
…[[අල්ලාහ් (දෙවි)]] පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් පාපතරයන් බවට පත්වන්නේ ය.
ශුද්ධ වූ කුර්ආනය  5-47
ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් 03 හොදින් අධ්‍යනය කළේ නම් ‘වහී’ හෙවත් දේව පණිවුඩය පදනම් කර නොගෙන ආගමික තීන්දු තීරණ ගැනීම කොතරම් බරපතල වරදක් ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සර්වඥාන දෙවියන් ප්‍රායෝගික එසේම සර්වකාලීන සාර්ථක ජීවන සැලැස්මක්, නීතිමාලාවක් හදුන්වා දී තිබියදී එයට තවත් කරුණු කාරණා එක් කිරීම යනු එක් පසෙකින් දේව සැලැස්ම අභියෝගයට ලක් කිරීමකි. දේව සැලැස්මක් අභියෝගයට ලක් කිරීමට නම්, ඒ සදහා එවැනි ශක්තියක් ඇති ඔහුට සමාන හෝ ඔහුට වඩා ඉහල බුද්ධියක් ඇති කෙනෙකු විය යුතු ය. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දෙවියා ඒකීය වන නිසා ඉහත අවස්ථාවට ඉස්ලාම් දහම තුල ඉඩ නැත. එසේ නම් දේව සැලැස්මට අභියෝග කළ හැකි බුද්ධිමත් ජීවියකු නොමැති බව පැහැදිලිය. එසේ තිබිය දී දේව සැලැස්ම මනුෂ්‍යා අභියෝගයට ලක් කිරීම (සංශෝධනයට එනම් අලුතින් යමක් එක් කිරීම හා තිබෙන යමක් අඩු කිරීමට) ඉස්ලාම් දහමට අනුව ‘ෂිර්ක්’ නම් වූ මහා පාපයකි. ඒ අනුව ‘වහී’ හෙවත් දේව පණිවුඩ මත පදනම් වූ මෙම දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බලය මේ මිහිපිට කිසිවකුටත් දෙවියන් ලබා දී නොමැති බව පැහැදිලිව වටහා ගත යුතු ය. එය අවබෝධ කරගෙන එයට අවනතව ඉස්ලාම් දහම පිලිපැදීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ සැබෑ වගකීම වන්නේත්. මෙම කාරණය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 24-51 වාක්‍යයෙන් මෙසේ පවසයි.
“‘මු:මින්වරුන්’ (ඉස්ලාම් නිසි ලෙස අනුගමනය කළ පිරිස්) හමුවේ (ඔවුන් අතර ඇති වූ මතභේද හා ගැටළු සදහා) විසදුම් ප්‍රකාශ කිරීමට අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත් පැමිණෙන ලෙස කැදවුයේ නම් ඔවුන්ගේ (එකම) පිළිතුර ‘සවන් දුන්නෙමු!, අවනත වූයෙමු!’ යන්න පමණි. මොවුන්මයි ජය ලද්දෝ”
ශුද්ධ වූ කුර්ආනය 24-51
ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් සැබෑ මුස්ලීම්වරයෙකුගේ ගුණාංගය මනාව පැහැදිලි කරයි. මුස්ලීම් සමාජයක හෝ තනි පුද්ගලයෙකු තුල කිසියම් මතභේදාත්මක ගැටළුවක් පැන නැඟුණේ නම් එහි දී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඉහත වාක්‍යය මඟින් පැහැදිලි කරයි. එහි දී  “…අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත්…” යන්නෙන් දෙවියන් අදහස් කරන්නේ ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. ඒ අනුව මුස්ලීම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම එයට අනුකූල විය යුතු යන්න පැහැදිලි ය. මෙම කුර්ආන් වාක්‍ය සමහරක් (විශේෂයෙන් මුස්ලීම් නොවන) පිරිස් වැරදි ආකාරයකට ද අවබෝධ කරගනිති. එනම්, ඉහත වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ “මුස්ලීම්වරුන් අන්ධ භක්තික ලෙස සියල්ල පිලිගත යුතු යන්න මෙහි අවධාරණය කරයි” යනුවෙනි. මෙය ඉහත වාක්‍යයට දෙන වැරදි විග්‍රහයකි. එය තහවුරු කිරීම සදහා පහත 25-73 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සදහන් කළ හැක. එනම්,
තවද ඔවුන් (මුස්ලීම්වරුන් හමුවේ) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).
ශුද්ධ වූ කුර්ආනය 25-73
මේ අනුව අන්ධ භක්තිකව කටයුතු කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවද අවබෝධ කර ගත යුතු වේ. ඒ අනුව කිසියම් කාරණයක් ඉස්ලාම් යයි සමාජය හමුවේ තබන විට “එය ඉස්ලාම් ද?” යන්න තීරණය කිරීමේ අයිතිය මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම ලබා දී ඇත. එහිදී ඉහත 25-73 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීමට වග බලා ගත යුතු ය. එසේම ඉස්ලාම් නමින් අප හමුවේ තිබෙන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එනම් ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට අනුකූල ද යන්න 24-51 වාක්‍යයට අනුව අධ්‍යනය කොට තහවුරු කරගත යුතු ය. මෙයයි ඉස්ලාමීය මඟපෙන්වීම හා ආදර්ශය වන්නේ. එම ආදර්ශයන්ට පරිභාහිරව හිඳ තම ස්වමතය අනුව හා අන්ධ භක්තිකව දහම තුල සීමාවන් නොදැන ක්‍රියා කරන විට එම දහම තුල විවිධාකාරයේ වූ විකෘතිතාවයන් නිර්මාණය වීම සිදුවේ. එම නිසා දිව්‍යමය දහම “වහී” හෙවත් දේව පණිවුඩවලින් බැහැරව මිනිස් චින්තනවලින් කිලිටි වූ වෙනම ම මාර්ගයක් බවට එය පත් වේ. මෙය අද මුස්ලීම් සමාජයේ බහුලව දකින්නට තිබෙන අවාසනාවන්ත ඉරණමකි. මෙම තත්වය මීට සියවස් ගණනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 42-21 වාක්‍යය මඟින් මෙසේ අවවාද කිරීමක් ද දක්නට ලැබේ. එනම්,
[[අල්ලාහ් (දෙවි)]] අනුමත නොකළ (හා පෙන්වා නොදුන්) කාරණයන් නුඹලා හමුවේ (දහමේ) අනුමත කාරණයන් බවට පත්කරවන්නට සමත් (මට) සමාන දෙවිවරැන් (නුඹලාට) සිටින්නේ ද?
ශුද්ධ වූ කුර්ආනය 42-21
ඉහත 42-21 වාක්‍යයෙන් දෙවියන් පවසන කාරණය බුද්ධිමත් ලෙස විමසා බලන්න. වර්තමාන මුස්ලීම් සමාජය තුල මෙවැනි එනම් ඉස්ලාම් පෙන්වා නොදෙන පසුකාලීනව නිර්මාණය වූ ආගමික ක්‍රියා පිලිවෙත් බොහෝමයක් අද දක්නට ලැබේ. මේවා පිලිබදව දෙවියන් විමසා සිටින්නේ,
“…මේවා අනුමත කරන්න මට සමාන තවත් දෙවිවරුන් නුඹලාට සිටිනවා ද?…”
යනුවෙන් නම්, මෙය ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහම තුල බහු දේව සංකල්පයක් හදුන්වා දීම බදු නොවේ ද?. මෙය මා පෙර සදහන් කළා සේ ‘ෂිර්ක්’ නම් මහා පාපයක් බව අවබෝධ කර ගැනීම ඉස්ලාම් දහමේ මූලික දැනුමක් පවා ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවනු ඇත.
මේ අනුව ඉස්ලාම් දහම තුල “වහී” වලින් පරිබාහිරව යමක් නිර්මාණය කිරීම කොතරම් බරපතල වූ කාරණයක්ද යන්න දැන් ඔබට පැහැදිලි විය යුතු ය. ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පදනම් කරගෙන එය අප මෙතෙක් සාකච්චා කළද, එම ශුද්ධ වූ කුර්ආනයනට විග්‍රහයන් ලෙස පවතින හදීසයන් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් තුල  කුමක් සදහන් වෙනවා ද? යන්න දැන් විමසා බලමු.
“[[අල්ලාහ් (දෙවි)]] විසින් මට පෙර එවන ලද නබිවරුන්ට ද පරිවාරකයන් හා සහයකයන් සිට ඇත. ඔවුන් ඒ ඒ නබිවරුන්ගේ ‘සුන්නාවන්’ (ආදර්ශයන් හා මඟපෙන්වීමන්) පිළීගෙන අනුගමනය කර ඇත. නමුත් පසුව (ඔවුනට පසුකාලීනව) පැමිණි සමාජය පෙර සමාජය නොකල දෑ පවා ඔවුන් කළ බවට පවසමින් යම් යම් ක්‍රියාවන්හි නිරත වී ඇත. (පසුකාලීනව) මෙවැනි අවස්ථාවල කිසිවකු තම දෑතින් එය වළක්වන්නේ ද ඔහු ‘මු:මීන්වරයෙක්’ (පරිපූර්ණ මුස්ලීම්වරයෙක්), (එසේ කිරීමට නොහැකි නම්)  තම මුවින් (පැහැදිලි කොට) එය වළක්වන්නේ ද ඔහු මු:මීන්වරයෙක්, (එසේ කිරීමටත් නොහැකි නම්) එම ක්‍රියාව සිතින් පිලිකුල් කොට එම ස්ථානයෙන් ඉවත් වන්නේ ද ඔහුත් මූමීන්වරයෙක්. මේ (කිසිවක් නොකර) බලා සිටින්නෙකු තුල අබ ඇටයක් තරම්වත් ඊමානයක් (ඉස්ලාමීය විශ්වාසයක්) නැත.“
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්
ඉහත හදීසය හොදින් විමසා බලන්න. මේ ලිපිය පුරාවට මා පවසන්නට උත්සාහ කල කාරණය මෙහි ඉතා සරලව අන්තර්ගතව ඇත. මා මාගේ ලිපිය ආරම්භයේ සඳහන් කළා බුදු දහමටත් කිතුණු දහමටත් එහි ශාස්තෘවරුන් මෙලොවින් සමුගැනීමත් සමඟ අත් වූ ඉරණම. එම ඉරණම මයි ආරම්භ කාල ඉස්ලාම් දහමටත් අත් වූයේ. මේ නිසයි ලොව විශාල සංඛ්‍යාවක් වූ වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය ඇති වුයේ. මීට අමතරව මෙවැනි සිදු වීමන් සමාජය තුල ක්‍රියාවට නැංවීමේදී මුස්ලීම්වරයෙකු ක්‍රියා කළ යුතු ආකාරයද මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි ව පෙන්වා දී ඇත.
වචනයන්ගෙන් උතුම් වූ වචනය අල්ලාහ්ගේ වචන (වන ශුද්ධ වූ කුර්ආන)යයි. ආදර්ශයන්ගෙන් විශිෂ්ඨතම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (වන හදීස)යයි. ක්‍රියාවන්ගෙන් නරකම ක්‍රියාව ‘බිද්අත්’ (ඉහත අංග දෙකට පරිභාහිරව අලුතින් ඇති කරන ලද කරුණු)ය. බිද්අත් සියල්ල දුර්මාර්ගයේ ය. දුර්මාර්ගයන් සියල්ල අපායටම (අපව) කැදවාගෙන යන්නේ ය.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, නසායී, මුස්ලීම්
දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බරපතල කම ඉහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. එවැනි ක්‍රියාවන් තුලින් අත්වන අවාසනාවන්ත ඉරණමත් ඉහත හදීසය තුලින් අවබෝධ කර ගත හැක.
“නුඹලා හමුවේ කරුණු දෙකක් (මුහම්මද් (සල්) වන) මම තබා යන්නෙමි. එය අනුගමනය කරන තාක් නුඹලා නොමඟ නොයනු ඇත. එයින් පලමුවැන්න අල්ලාහ්ගේ දහම (වන ශුද්ධ වූ කුර්ආනය)යි. දෙවැන්න මගේ ආදර්ශය (වන හදීසය)යි.”
මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා
ඉහත හදීසය තුලින් ඉස්ලාමීය ආගමික සීමාව මනාව පිළිඹිබු වේ. ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා නබිතුමාණන්ගේ ආදර්ශය වන හදීසයට පරිබාහිර කිසිවක් ඉස්ලාම් නමින් පැවැතිය නොහැකි බවත්, එලෙස පැවතුනත් එවැනි කිසිවක් අනුගමනය කිරීම අවශ්‍ය නොවන බවත් පැහැදිලි වේ.
“කවුරුන් අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන් හි නිරත වන්නේ ද එම ක්‍රියාවන් අල්ලාහ් හමු වේ ප්‍රතික්ෂේප වනු ඇත.”
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්
ඉහත හදීසය හොදින් විමසා බලන්න. එහි සදහන් වන්නේ “…අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන්…” යනුවෙනි. එනම් ඉස්ලාම් “කුසල ක්‍රියාවක්” ලෙස හදුන්වා නොදුන් නමුත් මුස්ලීම් සමාජය “කුසල් ක්‍රියාවක්” යනුවෙන් සලකා ක්‍රියා කරන බොහෝ ක්‍රියාවන් අප අවට අදත් දක්නට ඇත. නමුත් ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මේ සියල්ල ඉස්ලාම් දහම තුල ප්‍රතික්ෂේප වී යන බව ඉහත හදීසයට අනුව පැහැදිලිව වටහා ගත හැක.
සුදෝ සුදු තත්වයක මා නුඹලා තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙන් (පැහැදිලි)ය. එහි විනාශය පතන්නෙකු හැර වෙන කිසිවකු නොමඟ නොයන්නේ ය.
දන්වන්නේ – උමර් (රලි) තුමා
ඉහත හදීසය ද තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතු එකකි. නබිතුමාණන් පවසනන්නේ “මා නුඹලා සුදෝ සුදු තත්වයක” තබා යන බවයි. මෙයින් අදහස් කරන්නේ මෙම දහම ඉතා පැහැදිලි තත්වයක එහි කිසිදු සැකයක් මතභේදයක් ඇති නොවන ආකාරයට පැහැදිලි කොට පැහැදිලි තත්වයක තබා යන බවයි. එවන් වූ දහම තුල අලුතින් යම් යම් දෑ නිර්මාණය කොට ඒ තුලින් කිසිවකු නොමඟ යන්නේ නම් එය ඔහුගේ විනාශය පැතීමක් මිස අන් කිසිවක් නොවන බව ද එහි දැඩිව අවධාරණය කරයි.
“කවුරුන් දහම තුල අලුත් දෑ නිර්මාණය කරන්නේ ද එසේත් නැත්නම් එවැනි පිරිසට සහාය දක්වන්නේද ඔවුන් කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ගේ, මලාඉකාවරුන් (දේව දූතයන්)ගේ සහ  මනුෂ්‍යයන්ගේ ශාපය ඇති වන්නේ ය.”
දන්වන්නේ – අලි (රලි) තුමා, ග්‍රන්ථය – අබූදාවූද්, නසායි
ඉහත හදීසයන් තුලින් ඉස්ලාම් දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීම තුලින් ඔහු හෝ ඇයට අත් වන ඉරණම පැහැදිලිව වටහාගත හැක. අද සමාජය ආගම, ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන අවබෝධ කරගන්නවා වෙනුවට කරන්නේ ආගමික පූජකවරුන් එසේත් නැත්නම් ආගමික විද්වතුන් යයි පවසා ගන්නා පිරිස තුලින් දහම අවබෝධ කරගැනීමට යාමයි. මෙය ඉස්ලාම් දහම පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් බව ඉහත කරුණුවලින් ඔබට දැන් හොදින් පැහැදිලි වනු ඇති. නමුත් අනිකුත් සමාජයන් මෙන්ම මුස්ලීම් සමාජයද මෙවැනි ඉගෙන්වීමන් පිළිබදව තිබෙන අනවබෝධය හා අවම දැනුම හේතු කොටගෙන ආගමික මූලාශ්‍රයන් පසෙක තබා ජනප්‍රිය පුද්ගල චරිත පසුපස යාමේ අවාසනාවන්ත තත්වයකට ඔවුන් ද පත්ව ඇත. මෙම සමාජ තත්වය දකින විට ශ්‍රේෂ්ඨ සහාබිවරයෙකු (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු මෙන්ම ආගමික විද්වතෙකු) වන ඉබුනු අබ්බාස් (රලි) තුමාණන් පවසන ලද කාරණයක් සිහියට නැඟේ. එනම්,
“නබිතුමාණන්ගේ අභාවයෙන් පසු (පසුකාලීන) සමාජයට, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හි අල්ලාහ් (දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ) මෙසේ පවසනවා යනුවෙන් හා අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් මෙසේ පවසනවා යනුවෙන් (හදීසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන්) මා ඔබලාට පවසන විට (එම සමාජයේ ජීවත් වන) ඔබලා අබූබක්කර් (රලි) මෙසේ පැවසුවා, උමර් (රලි) මෙසේ පැවසුවා යනුවෙන් පවසන්නේ ය. මේ හේතුව නිසා දෙවියන් විසින් නුඹලා වෙත අහසින් ගල් වරුෂාවක් පහල කරාවිදෝ යයි මා බියවෙමි. යනුවෙන් පවසන ලදී.”
(සටහන – අබූබක්කර් (රලි) තුමා යනු නබිතුමාණන්ගෙන් පසු ඉස්ලාමීය පාලන බලය හිමි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු දේව විශ්වාසයේ ඉනිපෙත්තෙහි සිටී ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් විසින් හදුන්වා දුන්නේ මෙතුමාණන්වය. උමර් (රලි) තුමා යනු ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ තුන්වන ජනාධිපතිවරයා ය. එසේම ආරම්භ කාලයේ ඉස්ලාම් දහමට නව පණක් ලබාදීමට සමත් ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.
ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසන ලද එම කාරණයත් වර්තමාන සමාජයත් මොහොතක් සංසන්දනය කර බලන්න. එදා සමාජය පැවසුවේ අබූබක්කර් (රලි), උමර් (රලි) තුමාණන් පවසනවා යනුවෙනි. මෙතුමාණන්ලා ශ්‍රේෂ්ඨ සහාභාවරුන් යන්නෙහි ලොව කිසිදු මුස්ලීම්වරයෙකුට වාදයක් නැත. එවන් පිරිස නමින් පැවසීම පිළිිබඳව පවා ඉබ්නු අබ්බාස් (රලි) තුමාණන් බිය වූවා නම්, අද අප සමාජයේ සමහරක් පවසමින් සිටින චරිත පිළිබඳව කුමක් පවසන්න ද? මේ තුලින් ද තහවුරු වන්නේ ඉස්ලාම් දහම තුල වැදගත් සාධකය වන්නේ එහි ශාස්තෘවරුන් හෝ විද්වතුන් කුමක් පවසනවා ද යන්න නොව එම ආගමික මූලාශ්‍රවල සඳහන් කාරණයන් කුමක් ද? යන්නත් එය අප ජීවිතයට කොතරම් දුරකට සමීප වී තිබෙනවාද? යන්නත් පමණි.
මෙතෙක් දුරකට මා කරුණු දක්වමින් ඔබට පවසන්නට උත්සාහ කරන්නේ ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමන් මෙන් නොව ආරම්භයේ සිට ආරක්ෂා වූ දේව පුස්තකය හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අප හමුවේ තිබිය දී මේ දහම තුල විවිධ සංශෝධනයන් හා නව එක්කිරීමන් සිදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කොතරම් බරපතල වරදක් ද යන්නත් ය. එය දැන් ඔබට ඉහත කරුණුවලින් පැහැදිලි විය යුතු ය. අනාගතයේ දී මුස්ලීම් සමාජයට අත්වන මෙම අවාසනාවන්ත ඉරණම මීට වසර 1400 කට පෙර දුටු ඉස්ලාම් එයින් ජනතාව වැළකී සිටීම පිණිස කරන ලද විවිධ වූ අවවාද හා අනුශාසනා අප ඉහතින් දුටුවෙමු. මීට අමතරව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 18-103 හා 104 වාක්‍යයන් මඟින් මුස්ලීම් සමාජයට කරන තවත් අවවාදයක් මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් ගෙන එන්න අදහස් කරමි. එනම්,
“තම කාර්යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද? යන්න මා නුඹලා හට දැනුම් දෙන්න ද?” යනුවෙන් (නබිතුමණි!) නුඹ (ඔවුන්ගෙන්) විමසන්න. “කවුරුන්ගේ උත්සාහයන් ලෞකික දිවිය තුලම නිෂ්ළුල වී තිබියදීත් තමා සැබැවින්ම යහපත් ක්‍රියාවන්ම ඉටු කරන බව සිතාගෙන සිටින්නේ ද? ඔවුන්ම ය.”
ශුද්ධ වූ කුර්ආනය 18-103 හා 104
අද ආගමික ඉගෙන්වීමන්ට (ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට) පරිබාහිර බොහෝ කරුණු ඉස්ලාම් නමින් සමාජගත වී තිබෙනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. මුස්ලීම් නොවන ප්‍රජාව මේවා ද ඉස්ලාම් ලෙස අවබෝධ කරගෙන ඉස්ලාම් දහමට චෝදනාත්මකව ඇගිලි දිගු කරනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. වෙනත් ආකාරයකට පවසනවා නම් පිවිතුරු දහම ඔවුන්ගෙන් වසන් වී විකෘති දහමක් ඔවුන් හමුවේ අප නිර්මාණය කර ඇත්තෙමු. මේ පිළිබඳව දැන් හෝ සමාජය තුල සංවාදයන් ගොඩනැගිය යුතුව ඇත. හරි හා වැරදි දෑ සලකුණු කොට පෙන්විය යුතුව ඇත. මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පවසනවා සේ
“මේකත් හොද දෙයක් නේ…”
යන්නට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බව පැහැදිලිවම වටහාගත යුතුව ඇත. දිව්‍ය සැලැස්මකට වඩා සාර්ථක සැලැස්මක් නිර්මාණය කිරීම හෝ දෙවියන් ලබා දුන් සැලැස්මට පරිබාහිරව හොද යැයි යමක් නිර්මාණය කිරීමට හෝ එක් කිරීමට තරම් බුද්ධියක්, ශක්තියක් මනුෂ්‍යා සතු නොවන බවත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එසේ නම් අවශ්‍ය වන්නේ පිළිගෙන සිටින එම විශ්වාසය ප්‍රායෝගිකව දිවිය තුල ක්‍රියාවට නැංවීම පමණි.

Revision as of 10:04, 29 March 2024

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

විෂය හැදින්වීම

* හැදින්වීම - ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් තම දෙවියන් වන අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ දිව්‍ය පුස්තකය ලෙස මෙම පුස්තකය පිලිගනී.
* පහල වූ ස්ථානය සහ කාලය -අරාබි දේශයේ “මක්කාව“ සහ “මදීනාව“ ආශ්‍රිතව ක්‍රී:ව: 610 - 632 දක්වා වූ කාලය තුල පහල විය.
* මුල් භාෂාව - අරාබි.
* පරිච්චේද සහ වාක්‍ය ගණන - පරිච්චේද 114 කින් සහ වාක්‍ය 6500 කටත් අධික ප්‍රමාණයකින් සමන්විතය.
* වැඩිදුර කරුණු කියවන්න - බ්‍රිටනිකා විශ්ව කෝෂය

ලිපිය හැදින්වීම

* මාතෘකාව - අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය
* ලිපිය ආරම්භ දිනය -2009/12/09
* අවසන් යාවත්කාලීනය - 2024/03/29.
* ලිපියෙහි කතෘ - අබූ අර්ශද්

-

වර්ථමාන ලොකය තුල ආගම්, ඇදහිලි කණ්ඩායම් සහ නිකායන් රාශියක් දක්නට ඇත. සමහර විද්වතුන්ගේ ගණනය කිරීම අනුව එහි සංඛ්‍යාව 4,000 ඉක්මවයි. මෙම ආගම් හා ඇදහිලි කණ්ඩායම් අතර ප්‍රධාන කණ්ඩායම් එනම්, අනුගාමිකයින් සංඛ්‍යාව අනුව විශාලතම කණ්ඩායම් පහ වන්නේ ක්‍රිස්තියානි (31.4%), මුස්ලිම් (23.2%), හින්දු (15.0%), බෞද්ධ (7.1%) සහ ජන ආගම් (5.9%) යන්න වේ (1). (මෙම ආගම් පහට අමතරව ලොව අනිකුත් ආගම් හා ඇදහිලි කණ්ඩායම් අනුගාමික ප්‍රතිශතය 1% ටත් වඩා අඩු අනුපාතයන්ගෙන් යුතු බව ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස මෙහි සටහන් කරමි.) මේ එක් එක් ආගම් හා ඇදහිලිවලට ආවේනික ආගමික ග්‍රන්ථයක්ද පවතින අතර ඉස්ලාම් දහමේ ආගමික ග්‍රන්ථය “අල්කුර්ආනය“ නම් වේ.

මේ අනුව ඉස්ලාම් දහමේ, දහම් පුස්තකය වන අල්කුර්ආනය පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් හා කරුණු දැක්වීමක් මෙම අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය යන ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

අල්කුර්ආනය හැදින්වීම

අල්කුර්ආනය (අල් කුර්ආනය) යනු ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන අතර, එය ආසන්න වශයෙන් වසර 23ක කාලයක් පුරා මුහම්මද් (සල්) නබිවරයාණන්ට ජිබ්රීල් (නොහොත් ගේබ්‍රියෙල් (අලෛ)) දේවදූතයාණන් හරහා හෙළිදරව් කරන ලද දෙවියන් වහන්සේගේ වචනය යන්න මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. මෙම දේව හෙළිදරව්ව මිහිමතට පහළ වීම ක්‍රි:ව: 610 දී ආරම්භ වූ බව පැවසේ. එය සම්භාව්‍ය අරාබි භාෂාවෙන් පහල වී ලියා ඇති අතර ඇදහිල්ල, නමස්කාරය සහ දෛනික ජීවිතය සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට මඟ පෙන්වීමේ අවසාන මූලාශ්‍රය ලෙස සැලකේ.

අල් කුර්ආනය පරිච්ඡේද 114 කින් සමන්විත වන අතර ඒවා “සූරා“ ලෙස හැඳින්වේ, එම සූරාවන් හි දිග සහ අන්තර්ගතයෙන් වෙනස් වේ. එය දේවධර්මය, සදාචාරය, නීතිය, පුද්ගලික හැසිරීම් සඳහා මග පෙන්වීම සහ අතීත අනාගතවක්තෘවරුන් සහ ශිෂ්ටාචාරයන් පිළිබඳ කථා ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. අල් කුර්ආනය ආශ්චර්යමත් සහ කාලානුරූපී ග්‍රන්ථයක් ලෙස මුස්ලිම්වරුන් විසින් ගෞරවයට පාත්‍ර වන අතර එය ලොව පුරා මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන් විසින් පාරායනය කර කටපාඩම් ද කර ඇත.

එහි අධ්‍යාත්මික වැදගත්කමට අමතරව, අල් කුර්ආනය ඉස්ලාමීය ශිෂ්ටාචාරය, එහි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍යය සහ නීති සම්ප්‍රදායන් හැඩගැස්වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර ඇත. එය (යුදෙව් දේව ග්‍රන්ථය වන) “ටෝරා“ සහ (ක්‍රිස්තියානි දේව ග්‍රන්ථය වන) “බයිබලය“ වැනි පූර්ව ශුද්ධ ලියවිලිවලට අනුපූරකව දෙවියන්වහන්සේගේ අවසාන සහ සම්පූර්ණ හෙළිදරව්ව ලෙස මෙම අල්කුර්ආනය මුස්ලිම්වරුන් විසින් සලකනු ලැබේ.

අල්කුර්ආනය පහල වීම

අල් කුර්ආනය දිව්‍ය පුස්තකයක් යන්න ඉස්ලාම් දහමේ ස්ථාවරයයි. එනම්, මෙය අල්ලාහ් (දෙවි)ගේ වදන් පමණක් අන්තර්ගත පුස්තකයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සහ මුස්ලීම් සමාජයේ පිලිගැනීමයි. මෙම පුස්තකය අහසින් (දෙවියන් හමුවේ සිට) පොළොවට එකවර පහල වූ පුස්තකයක් නොවේ. මෙම අල්කුර්ආනය වසර 23ක් පුරා ක්‍රමානුකූලව මුහම්මද් (සල්) තුමාණන් මඟින් පොළොවට ප්‍රකාශ වූ දිව්‍ය වදන් හි එකතුවක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එසේ වූවත් අල්කුර්ආනය 2-185 වාක්‍යය මෙම අල් කුර්ආනය රමසාන් (උපවාස) මාසයේ පහල කල බව පවසයි. ඒ අනුව මෙහි පරස්පරතාවයක් දක්නට ලැබේ. එමනිසා මෙම ලිපියෙහි පලමු පියවර ලෙස ඉහත පරස්පරතාවය විසඳා ගැනීමට අප උත්සාහ කරමු.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හොඳින් අධ්‍යනය කරන්නේ නම්, දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය අදියර තුනකික් පොළොවට පහල වූ බව පෙනී යයි. එම අදියර තුන පියවරින් පියවර විමසා බලන්නේ නම්,

අල් කුර්ආනය ඉදිරිපත් වූ පියවරයන් 03 පහත ආකාරයට වේ...

  1. අල් ලව්හුල් පහ්ෆූල් පලකයේ සටහන් කිරීම,
  2. ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම,
  3. පහල අහසේ සිට පොළොවට පහල කිරීම,
පලමු පියවර - අල් කුර්ආනය ලව්හුල් පහ්ෆූල් හි සටහන් කිරීම

අල්ලාහ් (දෙවි) විසින් මුලින්ම මවන ලද්දේ “පෑන“ නොහොත් ලිවීමට යොදාගන්න උපාංගයයි. ඉන්පසු ලියන පලකය නොහොත් “අල් ලව්හුල් පහ්ෆූල් පලකය“ මවා එහි සියල්ල “ලියන්න“ යැයි “පෑන“ට අණ කල බව පැවසේ. ඒ අනුව මෙලොව සිදුවන සියල්ල එනම්, එය කොතරම්ද යන්න පවසනවා නම්, ගසකින් ගිලිහෙන පත්‍රයක් එය කුමන තත්වයේ ගිලිහෙන්න අවශ්‍යද (එනම් අමුවෙන්ද, ඉඳිලාද, වියලිවද...), එය පොළොවේ කවර තැනක පතිත වන්න අවශ්‍යද, එය කවදා සිදුවිය යුතුද... යනාදී ලෙස සියළු සංසිද්ධීන් එම පලකය මත සවිස්තරව සටහන්ව ඇත. මෙම පලකය පිලිබදව නබිතුමාණන් අපට පැවසූ හදීසයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය, "අල්ලාහ් මැවූ පළමු දෙය පෑනයි. ඔහු ( අල්ලාහ්) එයට “ලියන්න” යැයි කීවේය. ‘අන්තිම හෝරාව පැමිණෙන තුරු සියල්ල ගැන නියම කර ඇති දේ එහි ලියවීය

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - අබූදාවූද්,

මේ අනුව මානව සංහතියටම යහමඟ පෙන්වන “අල් කුර්ආනය“ ද එම “අල් ලව්හුල් පහ්ෆූල් පලකය“ මත එදා සටහන් වූවා යන්න පැහැදිලිව අවබෝධ කරගත යුතු වේ. එම කාරණය තහවුරු කරන අල් කුර්ආන් වාක්‍යයක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

ලව්හුල් මව්ෆූල්හි මෙම උසස් ශුද්ධ වූ කුර්ආනය සටහන් කර ඇත.

අල්කුර්ආනය 85 - 21 සහ 22

මේ අනුව පලමු පියවර ලෙස අල් කුර්ආනය මුලින්ම සටහන් වූයේ “ ලව්හුල් මව්ෆූල්“ හි යන්න පැහැදිලි වේ. මෙතැනදී ඔබගේ වැඩිදුර දැන ගැනීම පිණිස විශේෂ කාරණයක් සටහන් කරන්නේ නම්, මෙම “ලව්හුල් මව්ෆූල්“ පලකය මත සටහන් වී ඇති දත්ත කිසිදු දිනක කිසිදු ආකාරයකින් සංශෝධනය නොවේ යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. (2)

දෙවන පියවර - අල් කුර්ආනය ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම

ඉහතින් විස්තර කල ආකාරයට “ලව්හුල් මව්ෆූල්“ පලකයේ සටහන් වී තිබූ අල් කුර්ආනය දෙවන පියවර ලෙස එම පලකයේ සිට පහල අහසට එකවර පහල වූ බව පැවසේ. මේ පිලිබදව මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන ආගමික විශාරදයෙකු වන ඉබුනු අබ්බාස් (රලි) තුමා ඇතුළු බොහෝ පිරිස් පවසන්නේ,

"අල්ලාහ් විසින් අල්-කුර්ආනය එකවරම (අල්-ලව්හ් අල්-මහ්ෆුල්) සංරක්ෂිත පුවරුවෙන් ස්වර්ගයේ පිහිටි ගෞරවනීය මන්දිරය වන බයිතුල්-ඉස්සා වෙත පහළ කළේය."

මූලාශ්‍ර ග්‍රන්ථය - හාකිම්, නසායි, බයිහකි

මේ ආකාරයට “අල්-ලව්හ් අල්-මහ්ෆුල්“ පලකයේ සිට සමස්ථ අල් කුර්ආනයම එකවර “අල්-බයිත් අල්-ඉස්සා“ (ගෞරවනීය මන්දිරය) වෙත රමසාන් (උපවාස) මාසයක “ලයිලතුල් කද්ර්“ නම් රාත්‍රියක පහල වීම සිදු වූ අතර එම සිදුවීමයි අල් කුර්ආනය පහත ආකාරයට විස්තර කරන්නේ.

රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පහළ කරන ලද මාසය වේ

අල්කුර්ආනය 2-185

මෙය අල් කුර්ආනයේ තවත් තැනක පැවසීමේ දී එක් එක් රාත්‍රියක පහල කල බව මෙසේ පවසයි.

නියත වශයෙන්ම අපි එය (අල් කුර්ආනය) කීර්තිමත් (කද්ර් නම්) රාත්‍රියෙහි පහළ කළෙමු.

අල්කුර්ආනය 97-1

ඉහත ඉගෙන්වීමන් අනුව පැහැදිලි වන්නේ, රමසාන් (උපවාස) මාසයක “ලෙයිලතුල් කද්ර්“ නම් රාත්‍රියක අල් කුර්ආනය දෙවන පියවර ලෙස “අල්-ලව්හ් අල්-මහ්ෆුල්“ නම් පලකයේ සිට පහල අහසේ “බයිතුල් ඉස්සා“ නම් මන්දිරය වෙත පහල වූ බවයි.

තුන්වන පියවර - අල් කුර්ආනය පහල අහසේ සිට පොළොවට පහල කිරීම

අල් කුර්ආනය මිහිතලයට පහල වීම අල් කුර්ආනය තුන්වන පියවර පහල වීම ලෙස හැදින්විය හැක. මෙම පහලවීම පලමු හා දෙවන පියවරේ සිදු වූවාසේ සමස්ථ අල් කුර්ආනයම එකවර පහල වීමක් මෙහි සිදු නොවීය. මෙම තුන්වන පියවර පහලවීම වසර 23 ක කාලයක් පුරාවට අදියරින් අදියර පහල වීම සිදුවිය. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 40 ක්ව පැවතිය දී අල්ලාහ් (දෙවි) විසින් එතුමාව දේවවක්තෘ හෙවත් නබිවරයෙක් ලෙස තෝරාගෙන දිව්‍ය වදන් හා නියෝග වන අල්කුර්ආනය එතුමාණන් වෙත පහල කිරීම ආරම්භ කරන ලදී. මෙලෙස මුහම්ටමද් (සල්) තුමාණන්ට පහල වූ අල් කුර්ආන් වදන් එතුමාණන් විසින් මිනිස් සමාජයට ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 දී මරණයට පත්වන විට එතුමාණන්ගේ වක්තෘ දිවිය අවුරුදු 23 ක් වූ අතර මෙම වසර 23 කාලය පුරාවට විටින් විට අල් කුර්ආනය වාක්‍ය පහල වීම සිදුවිය. (මේ පිලිබදව සවිස්තර කරුණු දැක්වීම මෙම ලිපියෙහි ඉදිරියට බලාපොරොත්තු වන්න.)

දිව්‍ය වදන් පහල කිරීම සම්බන්ධයෙන් අල් කුර්ආනය පරස්පර වන්නේ ඇයි?

මෙම ලිපිය ආරම්භයේ මතු කල පැනය එනම්, “අල් කුර්ආනය එක් රාත්‍රියකින් පහළ කල බව පැවසීම“ සහ “වසර 23 ක් පුරාවට මක්කාවේ සහ මදීනාවේ පහළ වූ බව පැවසීම“ යන පරස්පරය කුමක්ද? යන්න දැන් විමසා බලමු. අල් කුර්ආනය මිහිමතට පහළ වීම පිලිබදව විමසා බලන විට අල් කුර්ආනයේ ඉගෙන්වීම් තුල කිසියම් ආකාරයක පරස්පරතාවයක් ඇති බව පෙනේ. එය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම්,

  • අල් කුර්ආනය එකවර පහල කල බව පහත වාක්‍ය පවසයි.
රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පහළ කරන ලද මාසය වේ

අල්කුර්ආනය 2-185

නියත වශයෙන්ම අපි එය (අල් කුර්ආනය) කීර්තිමත් (කද්ර් නම්) රාත්‍රියෙහි පහළ කළෙමු.

අල්කුර්ආනය 97-1

  • අල් කුර්ආනය කොටස් වශයෙන් පහල කල බව පහත වාක්‍ය පවසයි.
අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය - 25-32

කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය - 17-106

දැන් මෙම පරස්පරතාවය කුමක්ද? යන්න විමසා බලන්නේ නම්, මා ඉහතින් සදහන් කලාසේ අල් කුර්ආනය මිහිතලය මතට පහල වීම පියවර තුනකින් සිදු වී ඇත. එම පියවර තුනෙන් පලමු පියවර වන “අල් කුර්ආනය අල් ලව්හුල් පහ්ෆූල් පලකයේ සටහන් කිරීම“ සහ දෙවන පියවර වන “ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම“ යන්න සමස්ථ අල් කුර්ආනයම එකවර සටහන් වීම හෝ පහලවීම සිදුවූවා යන්න පැහැදිලි වේ. එසේම මෙම පියවර දෙක අතුරින් “පහල කිරීමක්“ සිදුවන්නේ දෙවන පියවර වන “ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම“ වන නිසා ඉහත අල් කුර්ආනය 2-185 වාක්‍ය මඟින් සහ 97-1 මඟින් කථා කරන්නේ එම දෙවන පියවර සහ පලමු පහලවීම පිලිබදව බවට තේරුම් ගැනීමයි සාධාර්ණ හා නිවැරදි තේරුම් ගැනීම වන්නේ.

අල් කුර්ආනය කොටස් වශයෙන් පහල වූ බවට සාක්ෂි

ඉතා පැහැදිලිව ම අල් කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් වෙත එකවර පහළ වූයේ නැති බව පැහැදිලිව සදහන් කල හැක. අල්ලාහ් (දෙවි) හමුවේ සිට මුහම්මද් (සල්) තුමාණන් වෙත අල් කුර්ආනය පහලවීම එවකට සමාජ සිද්ධීන් සහ තත්වයන් අනුව විටින් විට වසර 23 ක් පුරාවට සිදු වූවා යන්න ඉස්ලාම් දහමේ සහ ඉතිහාස සාක්ෂි තහවුරු කරන සත්‍යයයි. එම කාරණය ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්, එය ව්‍යාකූලත්වයකින් තොරව තහවුරු කරන පද රාශියක් අල් කුර්ආනයේම දැක ගත හැක. එනම්,

අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය - 25-32

කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය - 17-106

ඉහත 25-32 සහ 17-106 වාක්‍ය සරලව විමසා බැලුවත් මෙම අල් කුරආනය එකවර පහල නොවූ බවත් එය කොටස් වශයෙන් පහල වූයේ ඇයිද? යන්නත් මනාව පැහැදිලි වේ. අල් කුර්ආනය පහල වූයේ පියවරින් පියවර කොටස් වශයෙන් යන්න නිදසුන් සහිතව තවදුරටත් තහවුරු කරන්නේ නම්,

දේවවක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදරණීය බිරිඳක් වන ‘අයිෂා (රලි) තුමියට එරෙහිව සමාජයෙන් එල්ල වූ කාමයේ වරදවා හැසිරීම නම් අපහස චෝදනාව සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට නිසි තීන්දුවක් ගැනීමට නොහැකිව දෙවියන් හමුවේ සිට අල් කුර්ආන් වාක්‍ය පහළ වන තෙක් දින කිහිපයක් බලා සිටීමට සිදුවූ අවස්ථාව මෙහි සදහන් කල හැක. ඒ අනුව එම සිද්ධිය මුල් කරගෙන පහත අල් කුර්ආන් වාක්‍යය පහල විම සිදුවිය.

නියතවශයෙන්ම මෙම අපවාදය ගෙනවිත් ඇත්තේ නුඹලාගෙන් එක් පිරිසකි. නුඹලාට එය නරකයැයි නුඹලා නොසිතනු. නැත. එය නුඹලාට හොඳය. ඔවුන් අතුරින් එක් එක්කෙනාට ඔහු උපයාගත් පාප(යේ දඬුවම) ඇත. තවද ඔවුන්ගෙන් නායකත්වය පවරා ගත් ඔහුට දරුණු දඬුවම ඇත.

අල්කුර්ආනය - 24-11

අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ වූ බවට තවත් තහවුරු කිරීමක් නම්, නබි (සල්) තුමාණන් සහ අන්ධ සහාභිවරයෙකු වන උම්මි මක්තුම් (රලි) තුමා අතර සිදු වූ සිද්ධියක් මූලික කරගෙන පහළ වූ වාක්‍ය කිහිපය මෙහි සදහන්යි කල හැක. එනම්, ඉස්ලාම් විරෝධි කුරෙයිෂ් ගෝත්‍ර නායකයින් ඉස්ලාමය වැළඳ ගැනීම සම්බන්ධයෙන් සාකච්චා කරමින් සිටින මොහොතක ඒ අතරට පැමිණි අන්ධ සහාභිවරයෙකු වන උම්මි මක්තූම් (රලි) තුමාගේ හැසිරීම සම්බන්ධයෙන් නබිතුමාණන්ට සිත් තැවුලක් ඇති විය. එම මොහොතේ පහත වාක්‍යය පහල විය. එනම්,

(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. මුහුණ හරවා ගත්තේ ය. (කුමක් සඳහාද?), තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය. (නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද?, නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද?, (එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද, ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය. ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද!), ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි. කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද, එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය. එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි.

අල්කුර්ආනය - 80-1 සිට 11

මේ අනුව අල් කුර්ආනය පහල වීම සිදුවූයේ කවර ආකාරයකට ද යන්න දැන් ඔබට බොහෝ දුරකට පැහැදිලි ඇතැයි සිතමි. එසේම මෙම ලිපිය තුල ඉදිරියටත් තවත් ගැඹුරින් මෙම විෂයන් වෙනත් මාතෘකාවන් යටතේ ද සාකච්චා කිරීමට ද අපේකෂා කරමින් ඉදිරියට යොමු වෙමි.

අල් කුර්ආනය එකවර පහල නොවූයේ ඇයි?

අල් කුර්ආනය එකවර පහල කරනවාද? නොඑසේනම් කොටස් වශයෙන් පහල කරනවාද? යන්න දිව්‍ය නියමයකි. එමනිසා එම දේව සැලැස්ම මිනිසාට අභීයෝග කල නොහැක. යුදෙව් දස පනත මූසා (අලෛ) තුමාණන්ට එකවර පහල කල දෙවියන්ට අල් කුර්ආනය එකවර පහල කිරීම අපහසු කටයුත්තක් නොවේ යන්න මෙහි අප තේරුම් ගතයුතුය. එසේම මෙම අල් කුර්ආනය මිහිමතට එකවර පහල කලත් “ඇයි අල් කුර්ආනය කොටස් වශයෙන් පහල නොවී එකවර පහල වූයේ?“ යන පැනයත් මෙහි කිසියම් කෙනෙකුට මතු කරන්න පුළුවනි. මා එසේ පැවසීමට හේතුව අල් කුර්ආන් වාක්‍ය පහල වීමේ රටාව තේරුම් අරගෙන එය නිරීක්ෂණය කලේ නම් ප්‍රායෝගික සාර්ථක ක්‍රමවේදය අදාල සංසිද්ධීන් සහ අවස්ථාවන් මූලික කරගෙන ඒ ඒ නියෝග ඒ ඒ අවස්ථාවල පහල වීම යන්න පැහැදිලි වන බැවිණි.

එය කෙසේ වෙතත් අල් කුර්ආනය එකවර පහල නොකොට පියවරින් පියවර පහල කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) පවසන හේතු කාරණයන් අල් කුර්ආනය තුලින් දැන් විමසා බලමු.

  • මිනිස් සිත් ශක්තිමත් කරනු පිණිස
අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය 25-32

ඉහත වාක්‍ය මඟින් පවසන්නේ, අල් කුර්ආනය ක්‍රමානුකූලව හෙළිදරව් කිරීමේ අරමුණ නබි (සල්) තුමාගේ සහ ඔහු සමඟ සිටින විශ්වාසවන්තයින්ගේ (මුස්ලීම්වරුන්ගේ) හදවත් ශක්තිමත් කිරීම පිණිස බවයි. මෙය විනාඩියක් අරන් විමසා බලමු.

ඔබේ වෘත්තීය බලධාරියා ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරි වසර 23 සඳහා කළ යුතු සෑම දෙයක්ම සති අන්තයේ එක් සම්මන්ත්‍රණයකින් ඔබට පැවසූ බව සිතන්න. ඔබට එය නිවැරදිව මතකයේ රඳවාගෙන ඒ ඒ අවස්ථාවන්ට උචිත අයුරින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකිද?. නමුත් ඒ ඒ අවස්ථාවල උපදෙස් හා නියෝග අවශ්‍ය ආකාරයට ලබාදෙමින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවන්නේ නම් අතපසුවීම්, අමතකවීම් වැනි දුර්වලතාවයන් ඇති නොවී මනසේ හොදින් රදවාගෙන සාර්ථකව කටයුතු කල හැකි වේ. මේ ආකාරයටම අල්ලාහ් (දෙවි) ද අප හට අල් කුරානය වසර ගණනාවක් තිස්සේ පහළ කිරීම තුල සිදු කරන්නේ ඉහත 25-32 හි පවසන ආකාරයට එය මනසේ ශක්තිමත් කිරීම නොවේද?.

  • පාරායනය සරල කරනු පිණිස කොටස්කු කර ඇත.
කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය 17-106

ඉහත වැකියෙන් අල්ලාහ් (දෙවි) පවසන්නේ අල් කුරානය කොටස් වශයෙන් පාරායනය කිරීම පහසු පිණිස මේ ආකාරයට කොටස් වශයෙන් පහල කල බවයි. අල් කුර්ආනය ක්‍රමක්‍රමයෙන් හෙළිදරව් වීම නිසා ගැටලු මතුවන විට එහි විසදුම් සෙවීමත් පහසු වන අතර එහි අන්තර්ගත තොරතුරු තේරුම් ගැනීමට සහ අදාළ කර ගැනීමට කාලය ලැබෙන්නේය.

මෙයට මා නිදසුනක් මෙහි ගෙන් එන්නම්,

උහුද් සටනේදී මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය වූ බවට රාවයක් පැතිර ගියේය. මෙය ඇසූ මුස්ලිම්වරුට එම පුවත දරුණු කම්පනයක් ගෙන දුන්නේය. නමුත් එම රාවය මූලික කරගෙන පහත සඳහන් අල් කුර්ආන් වැකි පහළ විය.

මුහම්මද් හුදෙක් රසූල්(දේව දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්, නැතහොත් (යුද්ධයේදී) ඔහු ඝාතනය කරනු ලැබුවහොත් නුඹලා නුඹලාගේ විදඹ මත ආපසු හැරි (අඥාන යුගයට ම) යන්නාහුද ඔහුගේ විදඹ දෙක මත ආපසු හැරී පළායන්නේ කවරෙක්ද? ඔහු අල්ලාහ්ට කිසිඳු හානියක් නොකරයි. කෘතවේදී අයට අල්ලාහ් (නිසි පරිදි) තිළිණ පිරිනමයි.

අල්කුර්ආනය 3-144

ඉහත සිද්ධිය රවයක් බව දැනගත් මුස්ලීම් ප්‍රජාව සතුටින් ජීවත් වූවත් ඉහත වාක්‍ය තුල අල්ලාහ් (දෙවි) “මුහම්මද් හුදෙක් රසූල්(දේව දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්...“ යැයි පැවසීම තුල මේ මුහම්මද් (සල්) තුමාණන් දිනක මියයන බව මුස්ලීම්වරුන් තම සිත් තුල දාරනය කරගන්නා ලදී. ඒ අනුව නබිතුමාණන් වසර ගණනාවකට පසු සැබවින්ම මිය ගිය විට ඔවුන්ගේ සහචරයන් වූ මුස්ලීම්වරුන්ට එම වදන සැනසීම ලබා දුන්නේය. උහුද් සමයේ එම සිද්ධිය ඔවුන්ව සිතන්නට සහ යථාර්තය අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලබාදුනි. චිත්තවේගීය වශයෙන් දුෂ්කර තත්වයක් ගැන සිතීම සහ සැලසුම් කිරීම ඔබේ ස්ථාවරය පවත්වා ගැනීමට හොඳම ක්‍රමයකි. එය හදවත් ශක්තිමත් කරයි. මිනිසුන් මුහුණ දෙන සෑම දුෂ්කරතාවයක්ම අල් කුර්ආනය පහළ වීම තුල කොතැනක හෝ කථා කොට ඇත. මේ අනුව අල් කුර්ආනය එකවර මිනිස් සමාජයට පහල කිරීමට වඩා කොටස් වශයෙන් පියවරින් පියවර පහල කිරීමයි ප්‍රායෝගික නිවැරදි ක්‍රමවේදය වන්නේ යන්න මින් ඔබට පැහැදිලි වියයුතු වේ.

අල් කුර්ආනය පහල වීමේ අරමුණ කුමක්ද?

ඉස්ලාම් දහමේ දේව පුස්තකය වන අල් කුර්ආනය පහල වීමේ අරමුණ මේ යටතේ විමසා බැලීමට අදහස් කරමි. මිට සියවස් 14 කට පෙර අරාබි දේශයේ “මුහම්මද්“ නම් දේව වක්තෘවරයෙකු හට මෙම පුස්තකය පහල කල බව ඉස්ලාම් දහම පවසයි. එම පුස්තකය මිහිමතට පහල කිරීමේ අරමුණ කුමක්ද? යන්න දැන් විමසා බලමු.

අරාබි දේශයේ මක්කාව නම් නගරයේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 40 ක්ව තිබියදී ප්‍රථම දේව පණිවුඩය ‘හීරා’ නම් ගුහාවකදී පහල විය. එතැන් පටන් ඉහතින් සදහන් කල ආකාරයට විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විය.

මෙසේ කඩින් කඩ කොටස් වශයෙන් දේව වදන් පහල කල බව අල්ලාහ් (දෙවි) තම පුස්තකයේ මෙසේ පවසයි.

(මුහම්මද්) නුඹ කුර්ආනය මනුෂ්‍යයනට පවසනු පිණිස අපි එය කොටස් කළෙමු. අපි එය කඩින් කඩ පහළ කෙළෙමු.

අල්කුර්ආනය 17-106

මෙලෙස කොටස් වශයෙන් පහල වීම ආරම්භ වු දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 63 ක්ව තිබියදී (වක්තෘ මෙහෙවරට අවුරුදු 23 ක්ව තිබියදී) සම්පූර්ණයෙන් පහල වී අවසන් වූයේ පහත සදහන් අල්කුර්ආන් වාක්‍යය ද එය අවදාරනය කරමිනි. එනම්,

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී.

අල්කුර්ආනය 5-3

මේ ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ අල්කුර්ආනය මෙලෙස මිනිස් සමාජයට පහල කිරීමට මූලික හේතු ද අල්ලාහ් (දෙවි) තම අල්කුර්ආනයේ විස්තර කරයි. එවැනි අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

  • මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (අල්කුර්ආනය 2-185)
  • (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (අල්කුර්ආනය 16-102)
  • සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (අල්කුර්ආනය 10-57)
  • (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (අල්කුර්ආනය 20-3)
  • දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (අල්කුර්ආනය 11-120)

ඉහතින් සදහන් ආකාරයේ උතුම් අරමුණු පෙරදැරිව පහල වූ අල්කුර්ආනය 6500 කටත් අධික වාක්‍ය ප්‍රමාණයකින් සමන්විත වන අතර ලොව අනිකුත් ආගමික පුස්තකයන් මෙන් නොවී අල්කුර්ආනය ආරම්භයේ පටන් අද දක්වා සම්පූර්ණයෙන් ම ආරක්ෂා වූ පුස්තකයක් ලෙස ද පවතී. (මේ පිලිබදව වැඩි විස්තර මෙහි පහතින් අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය නම් මාතෘකාව යටතේ ඉදිරියට සාකච්චා කෙරේ.) එම කාරණය ඔබේ වැඩිදුර දැනුමට තබමින් මෙම සටහන අවසන් කරන්නේ අල්කුර්ආනය සම්බන්ධ තවත් මාතෘකාවකින් ඔබ හමුවීමට තවත් යාවත්කාලීනයන් එක් කිරීමේ පොරොන්දුව ද ලබා දෙමිනි.

 වීමේ අරමුණ නිවැරදිව අප තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගමු යන ඉල්ලීම ඔබ හමුවේ තබමිනි.  

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

අල් කුර්ආනය පිලිබදව කථා කරමින් එන මෙම ලිපිය තුලින් ිද දවසේ “අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය“ සහ “මෙම අල් කුර්ආනය පහල වූ එවකට සමාජ තත්වය කවරේද?“ යන්න විමසා බැලීමට අදහස් කරමි. මෙම අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එවකට සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ ද බහුතරයකට ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය බොහෝ පිරිස් අල්කුර්ආනය විවේචනය කරන්නේ ඉහත කරුණු කිසිවක් පිලිබදව මූලික දැනුමක් අවබෝධයක් නොමැතිවය. එවැනි විවේචන හමුවේ මුස්ලීම් සමාජයේ ද බොහෝ පිරිස් මුනිවත රකින ආකාරයක් දක්නට ලැබෙන අතර එසේ ඔවුනට ක්‍රියා කිරීමට සිදුව ඇත්තේ ඔවුනට ද මෙම විෂය පිලිබදව නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙනි.

මෙවැනි අනවබෝධයන් තුරන් කිරීම අරමුණු කොට “අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය“ මෙතැන් සිට ඉදිරියට පහත අනුමාතෘකා ඔස්සේ සවිස්තරාත්මකව සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

* අල්කුර්ආනයේ ඉතිහාසය 01 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය
* අල්කුර්ආනයේ ඉතිහාසය 02 – පහල වූ සමාජය මොනවගේද?
* අල්කුර්ආනයේ ඉතිහාසය 03 – දේව පණිවුඩ පහලවීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 04 – වහී පහලවීම හා ලේඛනගත කිරීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 05 – මුල් භාෂාව හා එම භාෂාවෙන් පැවතීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 06 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 07 – අල්කුර්ආන් පිටපත් ගැනීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 08 – ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?
අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 01 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂරතා ඥානය

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව කථා කරන මෙම මාතෘකාව තුල මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂරතා ඥානය පිලිබදව මෙහි කථා කරන්නේ කුමක්ටද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට මෙම සාකච්චාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම සාකච්චාව ඉදිරියට පවත්වාගෙන යාමේ දී නබිතුමාණන්ගේ සාක්ෂරතා ඥානයේ මට්ටම මෙම සාකච්චාවට සෘජුවම බලපාන කාරණයක් යන්න පැහැදිලි වේ. එනම්, අල් කුර්ආනය නම් දිව්‍ය පුස්තකය මිනිස් සමාජයට ප්‍රකාශ වන්නේ මුහම්මද් (සල්) තුමාණන් මඟිනි. එම පුස්තකය මිනිස් සමාජයට දේශනා කල මුහම්මද් (සල්) තුමාණන්ගේ “සාක්ෂරතා ඥානය ශූන්‍ය“ බව මා මෙහි පැවසුවේ නම් ඔබ විශ්වාස කරනවාද?. නමුත් එයයි ඇත්ත. එය අල් කුර්ආනය ද පහත අකාරායට අවදාරණය කරයි. එනම්,

(මාගේ දයානුකම්පාව පිරිනමන ලද අය නම්) තමන් ළඟ ඇති තව්රාත් සහ ඉන්ජිල්හි සඳහන් කරනු ලැබ ඇති (මේ) උම්මි (අකුරු ශාස්ත්‍රය නොදත්) නබි වන මේ රසූල්(වක්තෘ)වරයාව අනුගමනය කරන්නෝය. ඔහු (රසූල්වරයා) යහපත් දෑ (පිළිපදින ලෙස) ඔවුනට අණ කරයි. තවද අයහපත් දැයින් ඔවුන් වළක්වාලයි.

අල්කුර්ආනය 7-157

මුහම්මද් (සල්) තුමාණන් සාක්ෂරතා හැකියාවක් නොමැති “උම්මි“ නබිවරයෙකු (2) බව අල්ලාහ් (දෙවි) අල් කුර්ආනයේම පවසන ආකාරය ඉහතින් පැහැදිලිය. දැන් මෙතැන ඇති පැනය වන්නේ එතුමාණන්ගේ මෙම දුර්වලතාවය හා නොහැකියාව දහමට බලපාන්නේ කෙසේද? යන්නයි.

ඇත්තෙන්ම එතුමාණන්ගේ මෙම දුර්වලතාවය ඉස්ලාම් දහම ට විශාල ආශිර්වාදයක් වූවා යයි මා පැවසුවේ නම් එය ඔබ පිලිගන්නේද?. දැන් ඔබට තවත් පැනයක් මතුවීමට පුළුවන. එනම්, ‘කෙනෙකුගේ සාක්ෂරතා ඥානය ශූන්‍ය වීම ආශිර්වාදයක් වන්නේ කොහොමද?’ යන්නයි. ඒ පිලිබදව දැන් විමසා බලමු.

“අල් කුර්ආනය දිව්‍ය වැකි“ යයිද, එය “දේවදූතයකු මඟින් මුහම්මද් (සල්) තුමාණන්ට ප්‍රකාශ වූ“ බවද මුස්ලීම්වරුන් පිලිගැනීම හා විශ්වාසයයි. එවන් වූ මෙම අල් කුර්ආනයට එරෙහිව විවේචනය කරන පිරිස් මතු කරන ප්‍රධාන තර්කය වන්නේ මෙම අල් කුර්ආනය මුහම්මද් (සල්) විසින් ගොතන ලද්දක් යන්නයි. එසේම මෙලෙස චෝදනා නඟන පිරිස් පවසන්නේ අල් කුර්ආනය තුල ඇත්තේ “මුහම්මද“ විසින් ලියන ලද කරුණුය“ යන්නයි. වාදයකට මෙය සැබෑවක් ලෙස සැලකූවත් සාක්ෂරතා ඥානයක් නොතිබූ මුහම්මද් (සල්) තුමාණන් කොහොමද අරාබි සාහිත්‍යයේ ඉහල ම නිර්මාණ කෘතියක් වන මෙම අල් කුර්ආනය ලියන්නේ. එහි සාහිත්‍ය රසය පමණක් නොව එය සර්වකාලීන ප්‍රායෝගික වලංගු ජීවන මාර්ගයක් ගැන කථා කරයි. එපමණක් නොව නූතන විද්‍යාව, දේශපාලනය, ආර්ථිකය… යනාදී කරුණු සියල්ල 100% ක් නිවැරදිව මීට වසර 1400 කට පෙරම ස්වමතයෙන් මුහම්මද් (සල්) තුමාණන් මානව සමාජයට ප්‍රකාශ කලේ කෙසේද?.

මෙසේ චෝදනා නඟන පිරිස් මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා හැකියාව පිලිබදව කොතරම් දුරකට දන්නවාද?. මෙලෙස මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව අවලාද නඟන පිරිස එතුමාණන්ගේ සාක්ෂරතා හැකියාව මනාව කියාපාන පහත අවස්ථාව බුද්ධිමත්ව විමසා බලන්නට ආරාධනා කරමි.

මුහම්මද් (සල්) තුමාගේ සාක්‍ෂරතා දැනුම හොදින් කියාපාන සිදුවීමක් ලෙස ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු හුදෙයිබියා නම් ගිවිසුම සකස් කරන මොහොත සදහන් කල හැක. ඉස්ලාමීය ඉතිහාසයේ, ඉස්ලාම් විරෝධීන් හා මුස්ලීම්වරුන් අතර සිදු වූ තීරණාත්මක ගිවිසුමක් ලෙස ‘හුදෙයිබියා’ නම් ගිවිසුම හැදින් වේ. මෙහිදී මුහම්මද් (සල්) තුමාගේ පාර්ශවය (මුස්ලීම්වරුන්) වෙනුවෙන් ගිවිසුම ලියන ලද්දේ එතුමාගේ බෑනා වන අලි (රලි) තුමා විසිනි. එම ගිවිසුම සකස් කිරීමේ දී එම ගිවිසුමේ මුහම්මද් (සල්) තුමාණන්ගේ නම සටහන් කිරීමේ දී එම නමට ඉදිරියෙන් ‘වක්තෘ’ (දේව නියෝජිත) යන්න වක්තෘ මුහම්මද් (සල්) ලෙස ලියන ලදී. මෙය දුටු දෙවන පාර්ශවය (ඉස්ලාම් විරුද්ධවාදීන්) මෙම ගිවිසුම අප පිලිගෙන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම්, එහි සදහන් වක්තෘ යන පදය ඉවත් කලයුතු යැයි පවසා සිටින ලදී. ඒ අනුව එම ඉල්ලීමට මුහම්මද් (සල්) තුමාණන් එකඟ වී එම පදය ඉවත් කිරීමට තීරණය කලේය. එ අනුව මුහම්මද් (සල්) තුමාණන් තම බෑනා වන අලි (රලි) තුමා හට එම “වක්තෘ“ නම් පදය මකා දමන්න යැයි පවසන ලදි. නමුත් දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි දැඩි ආදරයක් හා ගෞරවයක් දක්වන අලි(රලි) තුමා ඇතුළු එම ස්ථානයට රැස්ව සිටී සමස්ථ මුස්ලීම්වරුන් (සහාභාවරුන්) එසේ කිරීම ප්‍රතික්ෂේප කලේය. අලි (රලි) තුමාද එකහෙලා පවසා සිටියේ ඔබතුමා සැබැවින්ම අල්ලාහ් (දෙවියන්)ගේ දුතයාණන් ඉතින් කුමකටද එය මකා ඉවත් කරන්නේ එය මට කල නොහැකිය යැයි පවසන ලදී. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් විමසා සිටියේ මෙම ගිවිසුමේ “වක්තෘ“ යනුවෙන් සටහන් ‍වී ඇති තැන මා හට පෙන්වන්න මා විසින් ම එය මකා ඉවත් කරන්නම් යනුවෙනි.

ඉහත සංවාදය තුල පැහැදිලිව පෙනෙන කාරණය නම්, මුහම්මද් (සල්) තුමාණන්ට තමන්ගේ නම පවා ලියවී ඇති තැන සොයා ගැනීමට නොහැකි තරම් සාක්‍ෂරතා නොහැකියාවකින් පෙලුණු බවයි. මෙය දුර්වලතාවය වඩාත් හොදින් තහවුරු කරන අවස්ථාවක් ලෙස එතුමාගේ කාලයේ එතුමාගේ මූලිකත්වයෙන් විවිධ ප්‍රදේශවල රජවරුන්, පාලකයන් හා ප්‍රභූවරුන් වෙත ලියා යවන ලද ලිපි ගෙනහැර දැක්විය හැක. එම ලිපිවල තම නම ලියනවා වෙනුවට එතුමාණන් කලේ තම ලියා සකස් කරන ලද මූද්‍රාවක් භාවිතා කරමින් සටහන් යෙදීමයි. එසේ භාවිතා කල මූද්‍රාවේ අනුරුවක් සහ එතුමාණන් විසින් මූද්‍රව භාවිතා කොට සලකුණු කල ලිපියක් පහතින් ඉදිරිපත් කරමි.

  • මුහම්මද් (සල්) තුමාණන් භාවිතා කල මූද්‍රාවේ අනුරුවක් මෙහි පහතින් දැක්වේ.
  • නබිතුමාණන් විසින් යවන ලද ලිපියක්…

මේ තුලින් ද එතුමාගේ සාක්‍ෂර නොහැකියාව තවදුරටත් තහවුරු වේ.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා හැකියාව ශූන්‍යයක් වූවාද එවකට එම සමාජය එසේ නොවේ. එම සමාජය සාක්ෂරතා දැනුමින් අඥාන සමාජයක් නොවේ. එය මෙම ලිපි පෙල ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියෙහි තවත් කොටසක් වෙත දැන් යොමු වෙමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 02 – අල් කුර්ආනය පහල වූ ආරම්භ සමාජය මොනවගේද?

මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් පුද්ගලයෙකු විසුවේය. ඔහු තම සමාජයේ සෑම සියළුදෙනාගේම ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් යහපත් චරිතයෙන් යුතු ගුණවත් කෙනෙකු විය. ඔහුගේ එම චරිතවත් බව නිසාම ඔහුව එම සමාජය අස්සිද්ධික්, අල්අමීන් (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව නාමයන්ගෙන් ආමන්ත්‍රණය කිරීම සාමාන්‍ය සිරිතක්ව පැවතීය. මේ ආකාරයට සමාජයේ සෑම සියළුදෙනාගේම සිත් දිනාගෙන කටයුතු කල එතුමාණන්ට තමන් වෙසෙන සමාජය හා එහි ක්‍රියාකලාපයන් පිලිබදව තිබුණේ දැඩි කලකිරීම හා පිලිකුලකි. එයට හේතුව නම්, එම සමාජයේ පැවති ආගමික මිත්‍යා ඇදහිලි, විශ්වාසය හා සමාජයේ පැවති විවිධ වූ අනාචාරයන් හා මිලෙච්ඡ ක්‍රියාවන් සුලබව දැකීමයි.

එවැනි කිහිපයක් ඔබේ වැඩිදුර අවදානය පිණිස මෙහි පහතින් පෙලගසන්නේ නම්,

  • එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කරන සමාජයක් විය.
  • දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
  • විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් (බහු ලිංගික සම්බන්ධතාවයන්) පවත්වන සමාජයක් විය.
  • පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කරන සමාජයක් විය.
  • සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම්ව කටයුතු කරන සමාජයක් විය.
  • මියගිය පිරිසගෙන් තම අවශ්‍යතාවය ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
  • කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන සහ කාන්තාව මනුෂ්‍යයෙකු ලෙස නොසලකන සමාජයක් විය.
  • සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
  • නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
  • පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම නීතියක් වූ සමාජයක් විය.
  • කුලවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ ජන සමාජයක් වීය.
  • මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
  • අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවල් ප්‍රතික්ෂේප කල සමාජයක් විය.

මුහම්මද් (සල්) තුමාණන් තව වක්තෘ දිවිය ආරම්භ කිරීමට පෙර පැවති එනම්, හැදී වැඩුනු සමාජය මේ ආකාරයට විකෘති විශ්වාසයන්ගෙන් හා ක්‍රියාවන්ගෙන් අරාජිකව පැවති සමාජයක් විය. මේ හේතුව නිසා එම අරාජික සමාජය පිලිබදව එතුමාණන්ට තිබුණේ දැඩි කලකිරීමකි. ඒ හේතුව නිසාම එතුමාණන් බොහෝ විට සමාජයෙන් දුරස් වී සිටීමට උනන්දු වූ අතර එයට එතුමාණන් තෝරාගත් ස්ථානය වූයේ මක්කාව ආසන්නයේ ඇති ‘හීරා’ නම් ගල් ගුහාවයි. එතුමාණන් එහි ගොස් රුදීසිටීම සිරිතක් කරගත්තේය. (පහතින් දැක්වෙන්නේ එම ගුහාවයි)

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ “හීරා“ ගුහාව තුල දින ගණනාවක් හුදෙකලාවේ රැදීසිටීම පුරුද්ධක් කරගත්තේය. එසේ කාලයක් ගතවීමත් සමඟ දිනක් එම ගුහාවට මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එතැන් පසු එහි කුමක් සිදුවූයේද? යන්න මෙම ලිපියෙහි ඉදිරියට බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 03 – දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම

ඉස්ලාම් දහම ප්‍රකාශ වීමට පෙර පැවති මක්කා සමාජය අරාජිකව පැවතී බවත්, මේ හේතුව නිසාම මුහම්මද් (සල්) තුමාණන් එම සමජයෙන් දුරස්ව “හීරා“ නම් ගුහාවක හුදෙකලාව කල්ගෙවන්න පුරුදු වූ බවත් මීට ඉහත සාකච්චා කලෙමි. මෙසේ කල්ගෙවන විට එක්තරා දිනයක එම ගුහාව තුල මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක නබිතුමාණන් බියට හා කලබලයට පත් වූ විට එම සුවිශේෂි මැවීම එතුමාණන් සමඟ කථා කරන්නට විය. තමන් ජිබ්රීල් (ගේබ්‍රියල්) නම් දේවදූතයකු (නොහොත් මලැක්වරයෙකු) බවත්, මුහම්මද් වන ඔබට අල්ලාහ් (දෙවි) නබිවරයෙකු (නොහොත් වක්තෘවරයෙකු) ලෙස තොරාගෙන ඇති බවත්, ඉදිරියේ දී ඔබට දේව පණිවුඩ පහලවීමට නියමිත බවත් මුහම්මද් තුමාණන් හට එහිදී දැනුම් දෙන ලදී. මීට පෙර මෙවැනි අත්දැකීමක් ලබා නොතිබූ එතුමාණන් මෙම පණිවුඩය අසා විශ්මයට හා බියටපත්ව නිවස කරා දුවවිත් තම බිරිද වන කදීජා (රලි)තුමියට සිදුවූ සියල්ල පවසන ලදී.

එය අසා කලබල නොවු එතුමිය එවකට පැවතී විවිධ ආගම් පිලිබදව ගවේෂණයන් හි නියලී සිටී ‘වරකා’ නම් ආගමික විශ්ලේෂකයකු වෙත මුහම්මද් (සල්)තුමාණන්ව කැදවාගෙන යන ලදී. එහි ගොස් සිදු වු සියල්ල සවිස්තරව ‘වරකාට’ පැවසූ විට එය සාවදානව අසා සිටී ඔහු (වරකා) බිය වියයුතු කිසිවක් නැති බවත්, මෙවැනි සිදධීන් මීට පෙරද සිදුවූ බවට ග්‍රන්ථවල සදහන් වී ඇති බවත්, ඔබ හමුවීමට පැමිණියේ ජිබ්රීල් නම් දේව දූතයෙකු බවත්, මුහම්මද් වන ඔබව දේව වක්තෘවරයෙකු ලෙස අල්ලාහ් (දෙවි) විසින් තෝරාගෙන ඇති බවත් දැනුම් දෙන ලදී.

මෙතැන් සිට තමන් වක්තෘවරයෙක් බව අවබෝධ කරගත් මුහම්මද් (සල්) තුමාණන් තමන් වෙත පහල වන දහම මක්කා සමාජය මධ්‍යයේ ප්‍රචාරය කිරීම ආරම්භ කරන ලදී. මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 40 ක්ව පැවතිය දී ප්‍රථම දේව පණිවුඩය ඉහතින් සදහන් ගුහාව තුල පහල වූ අතර එතැන් පටන් විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය සම්බන්ධ උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… මීට ඉහත මාතෘකාවන්ව හි සදහන්ස කලාසේ කඩින්ර කඩ වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විම සිදුවිය.

මෙසේ දිව්‍ය වදන් පහලවීම සිදුවූ මොහොතේ එහි සිදුවූයේ කුමක්ද? යන්න සහ මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ පලමු අල් කුර්ආන් වාක්‍ය කුමක්ද? යන්න දැන් අවදානය යොමු කරමු.

  • ජිබ්රීල් (අලෛ) තුමා “හීරා“ ගුහාවට පැමිණීමෙන් අනතුරුව එහි සිදු වූයේ කුමක්ද? යන්න අල් හදීසයක් මෙසේ විස්තර කරයි.
දේවත (ජිබ්රීල් (අලෛ), (මුහම්මද් වන) ඔහු හමුවට ඇවිත් කියවන්න යැයි පැවසුවේය. එයට නබිතුමාණන් පිළිතුරු දුන්නේ “මම කියවන්න දන්නේ නැහැ“ යනුවෙනි. තවදුරටත් නබිතුමාණන් පැවසීමේ දී 'දේවදූතයා මාව (බලහත්කාරයෙන් මෙන්) වැළදගෙන මට තව දුරටත් දරාගත නොහැකි තරමට තද කළේය. පසුව ඔහු මාව නිදහස් කර නැවත කියවීමට ඉල්ලා සිටි අතර මම පිළිතුරු දුන්නේ “මම කියවන්න දන්නේ නැහැ” යනුවෙනි. එවිට ඔහු නැවතත් මා වැළදගෙන මට තවත් දරාගත නොහැකි වන තෙක් දෙවන වරටත් තද කළේය. පසුව ඔහු මාව නිදහස් කර නැවත කියවීමට මගෙන් ඉල්ලා සිටියේය, නමුත් නැවතත් මම පිළිතුරු දුන්නේ "මම කියවන්න දන්නේ නැහැ" මා කුමක් කියවිය යුතුද?. යනුවෙනි. එවිට ඔහු තුන්වෙනි වතාවටත් මාව වැළදගෙන මාව තද කර, පසුව මාව නිදහස් කර මෙසේ කීවේය: “කියවන්න, මැවූ ඔබේ ස්වාමියාගේ නාමයෙන් මිනිසා මැව්වේ... (මෙසේ පහල වූ සම්පූර්ණ අල් කුර්ආන් වාක්‍යය පහතින් දැක්වේ.) 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

  • ප්‍රථම වරට මිහිමතට පහල වූ අල් කුර්ආන් වාක්‍ය කොටස මෙසේය
(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව!, ඔහු මිනිසාව යුක්තානුවෙන් නිර්මාණය කළේ ය, නබිවරයාණෙනී! කියවනු! ඔබගේ දෙවි අති උත්කෘෂ්ඨවන්තයා ය, ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය, තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය.

අල්කුර්ආනය 96 - 1 සිට 5

මෙලෙස ආරම්භ වූ අල් කුර්ආන් වාක්‍ය පහල වීම කොටස් වශයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 ක් දක්වා වසර 23 ක් මුළුල්ලේ පහල විය. අවසානයේ මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 දී පහත සදහන් 5-3 අල්කුර්ආන් වාක්‍යය පහලවීමත් සමග ඉස්ලාම් දහම පරිපූර්ණ වී අල් කුර්ආන් වාක්‍ය පහලවීම ද අවසන් විය. එසේ පහල වූ අවසාන දිව්‍ය වදන මෙසේය…

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී.

අල්කුර්ආනය 5-3

ඉහත සදහන් ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ වාක්‍යයන් 6500 කටත් අධික සංඛ්‍යාවකින් යුතු අල් කුර්ආනය අදටත් මුල් ආකාරයෙන්ම ආරක්ෂා වී මුස්ලීම් සමාජය තුල භාවිතයේ ඇත. මා මෙසේ පවසන විට එය කොතරම් දුරට සත්‍යයද? එහි වලංගුභාවය කොපමණද? යන පැනයන් සමහර පිරිසට මතුවීමට පුළුවන. කිසියම් දහමක පවසන නීතිරීතීන්, වත්පිලිවෙත්, අවවාද, අනුශාසනා… යනාදීය එහි ආරම්භයේ සිට ම ආරක්‍ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නේ මේ සමාජයේ කිසිදු කෙනෙකුට දෙවැනි මතයක් පැවතිය නොහැක. එසේම එම දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්‍ෂා වී ඇති ආකාරය ද එනම්, මුඛපරම්පරාගතවද?, සම්ප්‍රදායිකවද?, ලිඛිතවද? යන්නත් එම දහමට සෘජුවම බලපාන සාධකයන් වන බැවින් ඒ පිලිබදව ද මේ සමාජය බොහෝ සේ සැලකිලිමත් විය යුතුය. නමුත් සෑම දහමක් දර්ශනයක් තුල ම එලෙස සියල්ල ආරක්ෂා නොවනවා යන්න අද ලොව පවතින බොහෝ ආගම් හා දර්ශනයන් කියාපාන සත්‍යයකි. මෙවැනි පසුබිමක අල් කුර්ආනයේ තත්වය කුමක්ද?. යන්න විමසා බලන විට ඉහත දුර්වලතාවයන් සියල්ලෙන්ම අල් කුර්ආනය සුවිශුද්ධව පවතින බව පැහැදිලි වේ. මෙය තවදුරටත් මෙම සාකච්චා පෙලේ මීලඟ පියවර ලෙස “වහී හෙවත් දේව පණිවුඩ පහලවීම හා ලේඛනගත වීම“ යන කාරණය මෙතැන් සිට ඉදිරියට විමසා බැලීමට අදහස් කරමි.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 04 – වහී හෙවත් දේව පණිවුඩ පහලවීම හා එය ලේඛන ගත කිරීම

කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමේ වලංගුභාවය රදා පවතින්නේ එහි පැවසෙන කරුණු මත පදනම්ව පමණක් නොව එම ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය මත ද පදනම්ව යන්නෙහි විවාදයක් නැත. එවැනි මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක. නමුත් මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී එවන් පිරිස තුල මතු වූ එම අවිශ්වාසයට, සැකයට පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ සදහා අවශ්‍ය වන්නේ විවෘත හා බුද්ධිමත් මනසින් මෙතැන් සිට මෙම ලිපිය විමසා බැලීම පමණි.

කිසියම් දහමක් හෝ දර්ශනයක් පිලිබදව විශේෂයෙන් එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී උපකල්පනයන් හා මනක්කල්පිතයන් මත හිඳ කථා නොකොට පිලිගත හැකි සාක්ෂි හා තර්ක මත හිඳ කථා කිරීම අනිවාර්‍ය මෙන්ම සාධාර්ණ ක්‍රමවේදයක් වේ. එසේ සාධාර්ණව කථා කිරීමට නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිගත හැකි ලෙස ආරක්ෂා වී පැවතීමත් අත්‍යඅවශ්‍ය වේ. මුල සිට ආරක්ෂා වූ මූලාශ්‍රයක් නොමැතිව කිසියම් දහමක හෝ දර්ශනයක ඉගෙන්වීමන් කථා කිරීම කිසිදු පදනමක් නොමැති මනක්කල්පිත හා හිස් වචන මාලාවන් පමණක් වනු ඇත. ඒ අනුව ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දරා සිටින ආගමික මූලාශ්‍රය වන අල් කුර්ආනය,

  • ආරම්භයේ පටන් මේ දක්වා සිදුව ඇති විකාශනයන් කවරේද?
  • එම විකාශනයේ ආරම්භය මොනවාගේද?
  • එය ආරක්ෂිතද?

යන්න පිලිබදව මෙතැන් සිට අවදානය යොමු කරමු.

මීට ඉහත සදහන් කලාසේ අල්කුර්ආන් වාක්‍යයන් පහල වීම මක්කා නම් නගරය ආසන්නයේ පිහිටී ‘හීරා’ නම් ගල් ගුහාවක් තුල ඇරඹුණි. මෙසේ දේව පණිවුඩ මනුෂ්‍යයකුට ප්‍රකාශ වීම අරාබි භාෂාවෙන් ‘වහී’ යනුවෙන් හදුන්වයි. ඒ අනුව දෙවියන්ගේ පණිවුඩය මනුෂ්‍යයෙකුට පහල වී ඔහු තුලින් සමස්ථ සමාජයටම එය ප්‍රකාශ වීම වක්තෘ මෙහෙවර යනුවෙන් ඉස්ලාම් හදුන්වයි. එම මෙහෙවරයි වසර 23 ක් මුළුල්ලේ මුහම්මද් (සල්)තුමාණන් මේ සමාජයට ඉටු කලේය. මෙතැනදී විශේෂ කාරණයක් මතු කොට දැක්විය යුතුව ඇත. එනම්, දේව පණිවුඩ පහල වීම යන්න මුහම්මද් (සල්) තුමාණන්ට පමණක් සිදු වු ලොව පලමු හෝ එකම සිද්ධිය නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුවත්, බයිබලයේ සදහන් සමහරක් කරැණුවලට ද අනුවත් ආරම්භ මිනිසා (වන ආදම්‍ (අලෛ)) තුමාගේ ගේ පටන් මෙම “වහී“ හෙවත් දෙවියන්ගේ පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ වීම සිදුව ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාණන්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා විවිධ කාලවල, විවිධ ජන ගෝත්‍රවලට මේ ආකාරයට වක්තෘවරුන් හෙවත් නබිවරුන් ලක්ෂයකටත් අධික සංඛ්‍යවක් මේ පොළොව මත දෙවියන් විසින් තොරා පත්කොට මෙම මෙහෙවර එනම් දේව පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ කිරීම සිදු කොට ඇත. එසේ දෙවියන් විසින් තෝරා පත්කරන ලද වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නම අල්කුර්ආනයේම සදහන් වන අතර එම නම් මෙසේය..,

  • ඉබ්බ්‍රහීම් (ඒබ්බ්‍රහාම් (අලෛ))
  • ඉස්මායිල් (අලෛ)
  • ඉසහාක් (අලෛ)
  • යාකුබ් (අලෛ)
  • ලූත් (ලොත් (අලෛ))
  • දාවුද් (ඩෙවිඩ් (අලෛ))
  • නුහ් (නෝවා (අලෛ))
  • මූසා (මොසස් (අලෛ))
  • ඊසා (යේසුස් (අලෛ))
  • මුහම්මද් (සල්)

ඉහතින් දක්වා ඇත්තේ අල්කුර්ආනයේ (සහ බයිබලයේ) නම සදහන් වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නම් පමණී. මීට අමතරව තවත් බොහෝ නබිවරුන් ගැන අල් කුර්ආනයේ සදහන් වන නමුත් ඔවුන්ගේ නම් සදහන් නොවේ. මෙලෙස පැමිණි සියළුම වක්තෘවරුන් හට පැවරී තිබු ප්‍රධාන රාජකාරීය වූයේ දෙවියන්ගේ පණිවුඩය “වහී“ මිනිස් සමාජයට ප්‍රකාශ කොට එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත සමස්ථ මිනිස් සමාජය කැදවීමයි. මෙය පහත අල්කුර්ආන් වාක්‍යය මෙසේ පවසයි.

“මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව දුතයන් (වක්තෘවරුන්) නොයැව්වෙමු.”

අල්කුර්ආනය 21-25

මේ අනුව සෑම වක්තෘවරයෙකුම යවන ලද්දේ එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත මිනිස් සමාජය කැදවීම පිණිස යන්න ඉහත වාක්‍යයෙන් පැහැදිලි වේ. එසේම සෑම සමාජයකට ම වක්තෘවරයෙකු පහල කලා යන්නත්, එහි අවසාන වක්තෘවරයා මුහම්මද් (සල්) තුමාණන් යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ‘වහී’ වල එකතුවයි වර්ථමාන මුස්ලීම්වරුන් අල්කුර්ආනය ලෙස හදුන්වන්නේ. වසර 23ක් මුළුල්ලේ පහල වූ වාක්‍යයන් හි එකතුව වන මෙම අල් කුර්ආනය තුල ආගමික මූලාශ්‍රයක තිබිය යුතු අනිවාර්‍ය අංග තිබේද? යන්නත්, එය කොතරම් දුරට ආරක්ෂිතද? යන්නත් පහත අනුමාතෘකා ඔස්සේ දැන් විමසා බලමු.

  • ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,
  • ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම,
  • මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම,
  • ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම,
  • දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම,
  • ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 05 – මූලාශ්‍ර ලිඛිත ග්‍රන්ථයක් ලෙස පැවතීම

මෙහිදී ආගමික මූලාශ්‍රයක තිබිය යුතු පලමු අවශ්‍යතාවය වන “ලිඛිත ග්‍රන්ථයක් පැවතීම“ යන කාරණය වෙත අවදානය යොමු කලේනම්, ලොව සෑම දහමකට ම වාගේ අද වනවිට මූලාශ්‍ර ග්‍රන්ථයක් තිබීම දක්නට ඇත. ශ්‍රී ලාංකීය සමාජය සැලකුවත් එහි ප්‍රධාන ආගම් වන බුදුදහමට ත්‍රපිටකය ද, කිතුණු දහමට බයිබලය ද, හින්දු දහමට බගවත්ගීතය ද ආගමික මූලාශ්‍ර ලෙස තිබීම දක්නට ලැබේ. සුළු සුළු මිත්‍ය ඇදහිලි පවත්වාගෙන යන පිරිස් හැර අන් සෑම දහමකම ලිඛිත ග්‍රන්ථයක් තිබෙනවා යන්නෙහි විවාදයක් නැත. නමුත් එසේ තිබෙන ග්‍රන්ථයන් ඉහත අනිකුත් අවශ්‍යතාවයන් වන ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන අවශ්‍යතාවයන් සපුරනවාද? යන්නයි මෙහි ඇති ගැටළුව. මේ පිලිබදව ද මෙම ලිපි තුලින් තවදුරටත් ඉදිරියට කථා කිරීමට අදහස් කරමි.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 06 – ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම

මීට ඉහතින් ආගමික මූලාශ්‍රයක් ලිඛිතව තිබීමේ අවශ්‍යතාවය හා වැදගත්කම පිලිබදව කථා කල අතර ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම සහ එම මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම වැදගත් යන්නත් එහි සටහන් කලෙමි. ඒ අනුව ආගමික ලිඛිත ග්‍රන්ථයක් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවය සහ එම භාෂාව අදටත් සමාජ භාවිතයේ සරලව පැවතීමේ අවශ්‍යතාවය යන්න දැන් විමසා බලමු.

ආගමක්, දර්ශනයක් සම්බන්ධයෙන් පමණක් නොව වෙන ඕනෑම ලිඛිත ලේඛනයක් එහි මුල් භාෂාවෙන් පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. එයට හේතුව පරිවර්ථනයක දී මූල ලේඛනයේ අදහස පිලිඹිබු නොවී වෙනත් අදහසක් මතුවීමේ හැකියාව ඇති බැවිණි. පරිවර්ථනයක දී එහි පරිවර්ථන දෝෂ ඇතිවීමට තිබෙන සම්භාවිතාවය ඉහලය. කිසියම් ලේඛනයක් වෙනත් භාෂාවකට පරිවර්ථනයක් සිදු කිරීමේ දී එය සිදු කරන තැනැත්තාගේ…

  • මානසික තත්වය,
  • ඔහු ජීවත්වන පරිසරය,
  • ඔහුගේ භාෂා නිපුනතාවය,
  • ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
  • එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම,

යන සාධකයන් මත මුල් ලේඛනය හා පරිවර්ථන ලේඛන අතර පරස්පරතාවයන් හා විකෘති වීමන් ඇතිවිය හැක. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්,

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ලියවුනු ග්‍රන්ථයක් ගෙන එය බෞද්ධයකු, කිතුණුවෙකු සහ ඉස්ලාම් භක්තිකයෙකු යන තිදෙනෙකුට ලබාදී එය සිංහල භාෂාවට පරිවර්ථනය කරන ලෙස පැවසුවා යයි සිතමු. නියත වශයෙන්ම පරිවර්ථන තුනම එක සමාන නොවනවා යන්න ඔබට පෙනී යනු ඇත. එසේ පරිවර්ථන සමාන නොවීමට බලපෑ හේතු අතර ප්‍රධාන හේතූන් වන්නේ මා ඉහතින් සදහන් කල කරුණු 05යි. මෙම තත්වය තවදුරටත් හොදින් තේරුම් ගැනීම පිණිස ඉහතින් සදහන් සිංහල පරිවර්ථන තුන නැවත එහි මුල්භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට වෙනත් තිදෙනෙකු මඟින් පරිවර්ථනය කිරීමට සැලැස්වුයේ නම් නියත වශයෙන්ම එය මුල්කෘතිය හා 100% ක් නොගැ‍ලපෙන බවත් ඔබට පෙනීයනු ඇත. මේ තුලින් පැහැදිලි වන්නේ ලිඛිත ලේඛනයක් පරිවර්ථනයක් තුලින් නිවරැදි අදහස ලබාගත හැක යන්න ප්‍රායෝගිකව සිදු නොවනවා යන්න සහා යමක් එහි නියම ස්වරූපයෙන් තේරුම් ගැනීමට නම් එය මුල් භාෂාවෙන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය යන්නයි.

එසේනම්, ඉහත කාරණය හොදින් මතකයේ රඳවාගෙන සියවස් ගණනාවක් මුඛ පම්පරාගතව පැවත ඇවිත් පසුකාලීනව ලේඛනගත වූ ආගමික මූලාශ්‍රයන් හි තත්වය මොහොතක් විමසා බලන්න. වසර ගනනාවක් මුඛ පරම්පරාගතව පැවතවිත් පසුකාලීනව එය ලේඛනගත වන විට ඉහතින් පැවසුවාට වඩා බොහෝ විකෘතිතාවයන් එහි ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයකි. වි‍ශේෂයෙන් ඉහත දුර්වලතාවයන් 05 සෘජුවම එයට බලපාන බව ඔබට පැහැදිලි වියයුතුය. මීට අමතරව එහි ලේඛනය කටයුතු කරන ලේඛකයා එම උපදේශයන්ගෙන් වැඩි කැමැත්තක්, උනන්දුවක් දක්වන කාරණයට වැඩි අවධානයක් ඇතුව හා අනිකුත් කාරණයන් වෙත අවම අවධානයක් ඇතුව ක්‍රියා කිරීමක් සිදුවිය හැක. මේ නිසාද එහි නියම ඉගෙන්වීම ඔහු තුලින් මතුවී නොඑන්නට පුළුවන. මෙයට සරල උදාහර්ණයක් ගෙනහැර දක්වනවා නම්,

පසුගිය දිනක මහාවංශය ගැන මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන යන මැයෙන් ලියවුණු දීර්ඝ ලිපියක් අන්තර්ජාලයේ මාගේ නෙත ගැටුනි. එහි එක්තරා ස්ථානයක මෙසේ සදහන් වේ.

‘…මේ සියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි…’ (3)

මෙයින් ද පැහැදිලි වන්නේ යම් තොරතුරක්, පණිවුඩයක් ලියන පුද්ගලයා ද එහි නිරවද්‍යතාවයට බලපාන බවයි. මේ නිසා යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවරුදිවම අවබෝධ කරගැනීම සදහා එය මුල් භාෂාවෙන් ම පැවතීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක් යන්න ඔබට පැහැදිලි වියයුතුය. මන්ද පරිවර්ථනයකින් යම්තාක් දුරට අවබෝධයක් ගතහැකි වුවත් ඉන් 100% ක නිවරුදි අවබෝධයක් ලබාගත නොහැකි වන බැවිණි.

මා මෙහි ඉහතින් පවසන අවාසනාවන්ත තත්වය සහ ඛේදවාචකය ඉස්ලාම් දහම පවසන අල්කුර්ආනය හැර ලොව සෑම දහමක් දර්ශනයක් තුලම අඩු වැඩි වශයෙන් දක්නට තිබෙනවා යන්නයි. එය කොතරම් අවාසනාවන්ත තත්වයක තිබෙනවා ද යන්න පවසනවා නම්, සමහරක් ආගමික මූලාශ්‍රයන් ප්‍රථම වරට ලියවෙන්නේ එය ප්‍රකාශ වූ මුල් භාෂාවෙන් නොව වෙනත් භාෂාවකින් වීමයි. එයින් සමහරක් පසු කාලීනව එහි මුල් භාෂාවට පරිවර්ථනය කිරීම සිදු කොට ඇත. මෙයට නිදසුනක් පවසනවා නම්, කිතුණූ ‘බයිබලය’ සදහන් කල හැක. යේසූස් වහන්සේ මිනිස් සමාජයට අනුශාසනා කරන්නේ ‘සුර්යානි’ නම් භාෂාවකිනි. නමුත් ප්‍රථම බයිබලය ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙනි. නමුත් පසු කාලීනව එනම්, ක්‍රි.ව. 200 දී එය “සුර්යානි“ භාෂාවට පරිවර්ථනය සිදු වේ. බයිබලයේ ඉරණම මෙලෙස හෝ නිවැරදි කරගත්ත ද ලොව පවතින සමහර ආගමි හි එහි මූලාශ්‍රයන් හි මුල් භාෂාව කුමක්ද? යන්න පිලිබදව පවා අදටත් වාද විවාද කරන අවාසනාවන්ත තත්වය වැටුනු ආගම් අදත් ලොව තුල දක්නට ලැබේ. එසේනම් තම මූලාශ්‍ර ග්‍රන්ථයන් සම්බන්ධයෙන් මෙවැනි දුර්වලතාවයන් පැවතීම තුල එම ආගම් හෝ දර්ශනයන් හි ඉගෙන්වීම් තුල කොතරම් නම් විකෘතීන් සිදුව ඇත්ද? යන්න බුද්ධිමත් සමජය විමසා බැලිය යුතු නොවේද?.

මේ අනුව ආගමක දර්ශනයක ඉගෙන්වීමන් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවයත්, එහි පරිවර්ථනය තුලින් නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම 100%ක් සාර්ථක නොවන බවත් ඔබට දැන් පැහැදිලි වියයුතුය. එසේම මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, කිසියම් කෘතියක් එසේත් නැත්නම් ලිඛිත ලේඛනයක් අධ්‍යනය කිරීමේ දී එය ලිඛිත මුල් භාෂාව අදටත් සමාජ භාවිතයේ ආරක්ෂා වී පැවතීමත් ඉහත අවශ්‍යතාවය සේම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව මෙම සාකච්චාවේ තවත් පියවරක් ලෙස ‘ඕනෑම දහමක ඉගෙන්වීමක් එහි මුල්භාෂාවෙන් පැවතීමේ වැදගත්කම’ යන්න විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 07 – ආගමික මූලාශ්‍රවල මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමේ අවශ්‍යතාවය

ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව කථා කරන මෙම සාකච්චා පෙලෙහි මීලඟට ආගමික මූලාශ්‍ර මුල් භාෂාවෙන් ආරක්ෂා වී පැවතීම සේම තවත් වැදගත් අවශ්‍යතාවයක් වන්නේ එහි මූල් භාෂාව අදටත් ආරක්ෂා වී පැවතීමයි. කිසියම් ඉගෙන්වීමක් එහි මුල් භාෂාවෙන් පැවතුනත්, එම භාෂාව ආරක්ෂා වී නැත්නම් එහි ඉගෙන්වීමන් වටහා ගැනීම අපහසු වේ. භාෂාව ආරක්ෂා වී පැවතුනත් එය සමාජයේ භාවිතයේ නැත්නම් එයින් ද පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ද දුෂ්කර කාර්යයක් වේ. යම්කිසි ඉගෙන්වීමක් හොදින් අවබෝධ කරගැනීමට නම් එහි භාෂාව සමාජ ව්‍යවහාරයේ සාමාන්‍ය පරිධි පැවතීම අත්‍යඅවශ්‍යය කාරණයක් වේ. නමුත් අවාසනාවකට ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අරාබි භාෂාව හැර වෙන කිසිදු ආගමික මුල් භාෂාවක් අදට ආරක්ෂා වී නැත. මෙහි අවසානාවන්තම තත්වය වන්නේ සමහරක් ආගමික මුල් භාෂාව කුමක්ද? යන්න පවා සොයැගත නොහැකි තරමට ඒ පිලිබදව සාක්ෂි සාධක නොතිබීමය. නමුත් ඉස්ලාම් දහම හෙවත් දෙවියන්ගේ පණිවුඩය දේවදූතයාණන් වන ‘ජිබ්රීල්’ (අලෛ) විසින් මුහම්මද් (සල්) තුමාණන් හට ප්‍රකාශ කල අරාබි භාෂාව අදටත් එය එලෙස ම ආරක්ෂා වී පවතින අතර අදටත් මැදපෙරදිග බොහෝ රටවල ප්‍රධාන භාෂාව මෙම අරාබි භාෂාවයි.

ඒ අනුව අල්කුර්ආනය ‘මුල් භාෂාවෙන් නොපැවතීම හා මුල් භාෂාව අදට නොපැවතීම’ යන දුර්වලතාවයෙනුත් මිදී එම චෝදනාවලින් සුවිශුද්ධ වී පවතී. මීලඟට ග්‍රන්ථයක් ලේඛනයක් සම්බන්ධයෙන් පැවතිය යුතු ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ එය විටින් විට සංශෝධනය නොවී ආරක්ෂා වී පැවතීමයි. විශේෂයෙන් ආගමික මූලාශ්‍රයක මෙය කිසිසේත් සිදුවිය නොහැක්කකි. ඒ අනුව මෙම සාකච්චා පෙලෙහි මීලඟට විමසා බැලිය යුතු කාරණය වන්නේ ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී ආරක්ෂා වී තිබෙනවාද?’ යන්නයි. ඒ අනුව මීලඟට එම මාතෘකාව වෙත දැන් යොමු වෙමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 08 – ආගමික මූලාශ්‍ර ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමේ අවශ්‍යතාවය

ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ භාවිතයේ පැවතීමත් කොතරම් වැදගත් අවශ්‍යතාවයක් ද යන්න ඉහතින් විමසා බැලුවෙමු. ඒ ආකාරයටම ආගමික හෝ දාර්ශනික මූලාශ්‍රයක් කලින් කලට සංහෝධනය නොවී ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වී පැවතීමත් එම දහම හෝ දර්ශනයෙහි වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ලොව පවතින සියළුම ආගම් හි මූලාශ්‍ර ග්‍රන්ථ ඉතිහාසය අධ්‍යනය කලේ නම්, එම ග්‍රන්ථවලට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම් එනම්, එහි මුල් භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා නොවීම, මුල් භාෂෘව සමාජ භාවිතයේ නොතිබීම සහ සංශෝධනය නොවී ආරක්ෂා වීම... යනාදී කිසිවක් ආරක්ෂා කරගැනීමට නොහැකිව සියල්ල ප්‍රශ්නාර්ථයක් වී ඇත. නමුත් මේ සියලු දුර්වලතාවයෙන් මිඳුනු හා ආරක්ෂා වූ දහමක් ද ඇත. ඒ ඉස්ලාම් දහමයි. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.) අල්කුර්ආනය පහල වූ මොහොතේම ලේඛන ගත වී, එහි සංශෝධනයන් හා අතපසුවීමන් ඇතිවීම යන දුර්වලතාවයෙන් “අල් කුර්ආනය“ ආරක්ෂා වී ඇත. ඒ පිලිබදව තරමක් ගැඹුරින් විමසා බලන්නේ නම්,

දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම

අල් කුර්ආන් වාක්‍යයන් පහල වු විට එනම්, මීට සියවස් 14 කට පෙර පැවතී “අරාබිදීප මක්කා“ සමාජය මධ්‍යයේ දිව්‍ය වදනක් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් නොහොත් නබිවරයා වූ මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ විට එය ලේඛන ගත කිරීම සදහා විධිමත් සැලැස්මක් මුහම්මද් (සල්) තුමාණන් විසින් ක්‍රියාත්මක කරන ලදී. එවකට සමාජය ලේඛන කලාවෙන් නොදියුණු මට්ටමක පැවතුනත්, සාක්‍ෂර හැකියාවෙන් ඉතා දියුණු මට්ටම පැවතුණු බවට ඉතිහාස සාක්ෂි ඕනෑ තරම් දක්නට ඇත. මෙම තත්වය අරාබි දේශයේ පමණක් නොව එම කාල වකවාණුවේ මුළු ලොවපුරාම දකින්නට තිබූ පොදු තත්වයකි. (මෙය ශ්‍රී ලාංකීය සෙල් ලිපි ද වඩාත් හොදින් තහවුරු කරයි.) ඒ අනුව අල්කුර්ආනය එදා අද පවතින ආකාරයේ අලංකාර වු ග්‍රන්ථයක් නොවූවත් එහි සදහන් ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ලිඛිතව පැවතුණි. (මෙය තහවුරු කරන බොහෝ සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ.) එය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම සදහා අල්කුර්ආනය ලේඛනගත වූ ආකාරය සහ එහි ඉතිහාසය තරමක් ගැඹුරින් විමසා බැලීම අත්‍යඅවශ්‍ වේ.

ඉහතින් සදහන් කලසේ මුහම්මද් (සල්) තුමාණන් හට සාක්‍ෂරතා හැකියාව නොතිබු නිසා තමාන්ට පහල වන දෙවි පණිවුඩ එසේ පහල වන මෙහොතේම ලිඛිතව සටහන් කර ගැනීම සදහා එවකට එම සමාජයේ සාක්‍ෂර හැකියාවන් පැවතී ලේඛකයන් 04 දෙනෙකු පත් කර තබන ලදී. ඔවුන් වන්නේ,

  • සෙයිද් බින් සාබිත් (රලි)
  • උබෙයි ඉබුනු කව්බ් (රලි)
  • මුආද් ඉබුනු ජබල් (රලි)
  • අබුසෙයිද් (රලි)

මේ සතර දෙනා හට මෙම වගකීම පැවරූ මුහම්මද් (සල්) තුමාණන් විසින් ඔවුනට විශේෂි නියෝගයක් ද ඒ සමඟ පනවන ලදි. එනම් මෙම 04 දෙනා ‘වහී’ හෙවත් දේව පණිවුඩ හැර වෙන කිසිවක් කිසිදු මොහොතක නොලිවිය යුතු යන්නයි. මෙවැනි නියෝගයක්මෙ ඔවුනට පැනවිමට හේතු විය යුත්තේ අල කුර්ආන් වාක්‍යයන් හා වෙනත් කිසිවක් මිශ්‍රවීම වලක්වා ගැනීම පිණිස වියයුතුය. ඒ අනුව දෙවියන් හමුවේ සිට නබිතුමාණන් වෙත පහල වන අල් කුර්ආන් වාක්‍යයන් ඉහතින් සදහන් හතරදෙනා ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි විවිධ ද්‍රව්‍යයන්වල ලේඛන ගත කිරීම සිදු කරන ලදී. මීට අමතරව මෙම අල්කුර්ආනය ආරක්ෂා කරගැනීම පිණිස මුහම්මද් (සල්) තුමාණන් හට දෙවියන් විසින් සුවිශේෂි බලයක් ද ලබාදී තිබුණි. එනම්, අල්කුර්ආන් වාක්‍යයක් පහල වු සැනින් එය මුහම්මද් (සල්) තුමාණන්හට අමතක නොවන ලෙස එය සිතෙහි තැන්පත් වීමයි. මෙය අල් කුර්ආනය පහත ආකාරයට අවදාරණය කරයි.

“අප නුඹට කුර්ආනය පාරායනය කර පෙන්වන්නෙමු. නුඹ එය අමතක නොකරන්නේය”

අල්කුර්ආනය 87-6

ඉහත ආකාරයට දෙවියන් හමුවේ සිට පහල වන අල් කුර්ආන් වාක්‍යයන් එක් පසෙකින් එම වාක්‍ය පහල වන මොහොතේම ලේඛකයන් මඟින් ලේඛනගත වෙමින් සහ තවත් පසෙකින් මුහම්මද් (සල්) තුමාණන්ගේ මනසේ එය තැන්පත් වෙමින් අල් කුර්ආන් වාක්‍ය ආරක්ෂා වීම සිදුවිය. මීට අමතරව එවකට ජීවත් වූ මුස්ලීම්වරුන් ද (ඔවුන් ‘සහාභාවරුන්’ (අනුගාමිකයින්) යයි හැදින්වේ) මෙම දේව වාක්‍යයන් වනපොත් කිරීමට ද පුරුදු පුහුණු වී සිටියේය. මෙය එවකට සමාජයේ පමණක් නොවේ එදා පටන් අද දක්වාම සෑම මුස්ලිම්වරයෙකුම අල්කුර්ආනයේ කොටසක් හෝ වනපොත් කර තිබීම තුලින් තහවුරු වේ. මීට අමතරව මෙම මුළු අල්කුර්ආනයම වනපොත් කල පිරිස් එවකට සමාජයේ පටන් අද දක්වාම ලොව සෑම සමාජයේ ම බොහෝමයක් පිරිස් සිටිති. උපකල්පනයකට මේ මොහොතේ ලෝකයේ තිබෙන සියළුම අල්කුර්ආන් ග්‍රන්ථ, softwares, Text, mp3… යනාදී සියල්ල විනාශ කලත් ඊලඟ විනාඩියේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගමකින් මෙම අල්කුර්ආනය නිවරුදිව ග්‍රන්ථාරූඨ කලහැකි මට්ටමේ මෙම අල්කුර්ආනය වනපොත් කල පිරිස් සොයාගත හැක. මෙලෙස අල් කුර්ආනය වනපොත් කොට සිටින පිරිස “හාෆිස්වරුන්“ ලෙස හැදින්වේ. සෑම මුස්ලීම් සමාජයකම (ගමකම, නගරයකම, රටකම) මෙම අල්කුර්ආනය වනපොත් කල කුඩා දරුවන් විශාල වශයෙන් සිටී. මෙය ද ලොව අන් කිසිදු දහමක හෝ දර්ශනයක දකින්නට නොලැබෙන සුවිශේෂි අංගයකි. මේ ආකාරයට අල්කුර්ආනය වනපොත් කිරීම ඉමහත් ගෞරවයක් ලෙසත්, උතුම් කුසල ක්‍රියාවක් ලෙසත් මුස්ලීම්වරුන් සලකති. මෙය දෙවියන් විසින් මිනිසුන්ගේ සිත්වල ඇති කරන ලද යහපත් හැඟිමකි. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”

අල්කුර්ආනය 29-49

ඉහත විග්‍රහයට අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රය වන අල්කුර්ආනය මා ඉහතින් පැහැදිලි කලසේ අතීතයේ පටන් ලිඛිතව සහ වනපොත් ලෙස රැකුණු බව පැහැදිලි වේ. මේ ආකාර දෙකටම ආරම්භයේ පටන් මෙම අල්කුර්ආනය ආරක්ෂා වී පැවතුන ද එය ග්‍රන්ථරූඩ නොවීය. එම සමාජයේ සියළු දෙනා මෙය වනපොත් කොට සිටී බැවින් එවැනි ග්‍රන්ථයක අවශ්‍යතාවයක්ද එම සමාජයට ඇති නොවිය. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයත්, එතුමාගේ අභාවයෙන් පසුව විවිධ අවස්ථාවල මෙම දේව වාක්‍යයන් වනපොත් කොට සිටී මුස්ලීම්වරුන් ඉස්ලාම් විරෝධීන් අතින් ඝාතනය වීමත්, විශේෂයෙන් ‘යමාමා’ නැමැති සටනේ දී අල්කුර්ආනය වනපොත් කර සිටී මුස්ලීම්වරුන් (සහාභාවරුන්) විශාල පිරිසක් එකවර ඝාතනය වීමත් සමග අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කලයුතු බවට එවකට එහි පාලකයා වශයෙන් සිටි අබුබක්කර් (රලි) තුමාණන් වෙත යෝජනාවන් ඉදිරිපත් විය. මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු ප්‍රථම රාජ්‍ය පාලකයා හෙවත් ජනාධිපතිවරයා වන මෙතුමාණන් ආරම්භයේ මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී සමයේ නොකල දෙයක් තමන්ට කල නොහැක යැයි පවසමින් එම යෝජනාව ප්‍රතිකෂේප කල අතර පසුකාලීනව එහි අවශ්‍යතාවය සහ අවදානම තේරුම්ගත් එතුමා අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමට එකඟ විය.

ඒ අනුව මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමේ කාර්‍ය පවරන්නේ කාටද? යන සංවාදය මතු වූ විට එය මුහම්මද් (සල්) තුමාණන් විසින් අල්කුර්ආන් වාක්‍යයන් ලිවීමට පත්කල 04 දෙනාගෙන් කෙනෙකු වන සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් පත්වන කමිටුවකට බාරදිය යුතු යන යෝජනාව ඉදිරිපත් වී ඒ අනුව සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකට එම වගකීම බාරදෙන ලදී. ඒ අනුව මෙම කමිටුව එවකට අල් කුර්ආන් වාක්‍යයන් වනපොත් කොට සිටි මුස්ලීම්වරුන්ගේ (සහාභාවරුන්ගේ) සහය හා එවකට විවිධ තැන් හි සටහන් කොට තැබූ මූල සටහන් හි පිටපත්වල සහය ද ඇතිව ප්‍රථමවරට දේව වාක්‍යයන් සියල්ල එක්කොට තනි ග්‍රන්ථයක් සකස් කිරීම කරන ලදී. මෙතැනදී සමහර පිරිසට ‘අල්කුර්ආන් වාක්‍යයන් ආරම්භයේ පටන් ලිඛිතව ආරක්ෂා වූවා නම්, වනපොත් කල පිරිසගේ සහය ලබාගත්තේ කුමකටද?’ යන පැනය ඇතිවීමට පූළුවනි. මෙහි දී වටහා ගතයුතු කාරනය වන්නේ මෙම අල්කුර්ආනය (ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි) විවිධ ද්‍රව්‍යයන් මත ලියාතිබූ නිසා එහි පිලිවලක් සකසා ගැනීම තරමක දුෂ්කර කාර්‍යයක් විය. නමුත් වනපොත් කරන විට එය මුහම්මද් (සල්) තුමාණන්ගේ අධීක්ෂණය යටතේ හා එතුමාණන්ගේ මගපෙන්වීම යටතේ සිදු වූ නිසා අල්කුර්ආනය නිසි ලෙස පෙල ගස්සවා ගැනීමේ දී මෙම වනපොත් කල පිරිසගේ සහය මහත් පිටුවහල් වන නිසා එම පිරිසගේ සහය ලබාගන්නා ලදී. මෙලෙස සකස් කල ලද ග්‍රන්තයයි අද මුස්ලීම් සමාජය ‘අල් කුර්ආනය’ ලෙස භාවිතා කරන්නේ.

ඒ අනුව අල්කුර්ආනය කිසිදු සංශෝධනයක් සිදු නොවී එය මුලසිටම ආරක්ෂා වූ බවත්, එය ඉතා ආරක්ෂාකාරී ලෙස ග්‍රන්ථාරූඪ වූ බවත් ඔබට පැහැදිලි වියයුතුය. මෙම සාකච්චාවේ තවත් පියවරක් ලෙස අල්කුර්ආනය පිටපත් ගැනීම යන කාරණය ඉදිරියට විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 09 – අල් කුර්ආනය පිටපත් ගැනීම

අල් කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය සාකච්චා කරන පෙලෙහි දැන් එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ලබා ගැනීම යන විෂය මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. වත්මන් සමාජ භාවිතයේ පවතින අල් කුර්ආනය පූර්ණ ලෙස ආරක්ෂා වූ අල් කුර්ආනය ද යන්න විමසා බලන විට ඉහත විෂය ද මෙහි විමසා බැලිය යුතුම මාතෘකාවකි. ඒ අනුව මෙතැන් සිට එම විෂය වෙත මේ යටතේ අවදානය යොමු කරමි.

මීට ඉහත සාකච්චා කල ආකාරයට තැන් තැන්වල පැවතී අල් කුර්ආන් කොටස් ඒකරාශි කොට තනි ග්ග්‍‍රන්රථයක්න්ථා ලෙස සැකසීම එවකට පාලකයා වූ අබූබක්කර් (රලි) තුමා යටතේ සිදුවුණි. ඒ අනුව එම අල්කුර්ආන් මුල් පිටපත එවකට රටේ පාලකයා (ජනාධිපතිවරයා) භාරයේ තිබුණි. මෙසේ කාලය ගතවීමත් සමග විශේෂයෙන් තුනවන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ පාලන සමය වන විට ඉස්ලාම් රාජ්‍ය සීඝ්‍රයෙන් පුළුල් වූ නිසා ඉස්ලාමයේ ඉගෙන්වීම සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලකයා සතුව තිබූ අල් කුර්ආන් ග්‍රන්ථයෙන් පිටපත් ගැනීම පිලිබදව අවදානය යොමු විය. ඒ අනුව අල්කුර්ආන් මූල ග්‍රන්ථයෙන් පිටපත් 07ක් ලබාගන්ත්නා ලද අතර එතෙක් සමාජයේ භාවිතයේ තිබූ අල්කුර්ආන් වාක්‍යයන් ලිය වී තිබූ ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යන සියල්ල එක්රැස් කොට ඒවා විනාශ කිරීම ද එවකට පාලක ජනාධිපති (උස්මාන් (රලි)) තුමා විසින් සිදු කරන ලදී. එසේ විනාශ කිරීමට මුලික හේතුව වුයේ, එවකට පැවතී සමාජය මෙම අල්කුර්ආන් වාක්‍යයන් ලියන ලද ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යනාදීය තබාගෙන නිසි පිලිවලක් නොමැතිව එය පාරායනය කිරීම නිසා අල්කුර්ආනය විදිමත් පරිධි මුස්ලීම් සමාජයට ලබාදීමයි.

ඒ අනුව අල්ඉ කුර්ආන් පිටපත් 07 ක් ලබාගත් එවකට පාලක උස්මාන් (රලි) තුමාණන් එම පිටපත් විවිධ ප්‍රදේශයන්ට බෙදාදීම ද කරන ලදී. එලෙස එදා පිටපත් ගන්නා ලද අල් කුර්ආන් 07 න් 02 ක් අදටත් ලොව ආරක්ෂා වී පවතී. ඒ “තුර්කිය“ රටේ “ස්තම්බුර්“ කෞතුකාගාරයේ සහා “රුසියාවේ“ “තාෂ්කන්ඞ්“ කෞතුකාගාරයේය. එය අදටත් ජනතා ප්‍රදර්ශනය සදහා ආරක්ෂිතව තබා ඇත. (මෙහි පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයකි)

මේ ආකාරයට අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එතැන් පටන් මේ දක්වා අල්කුර්ආනය විකාශනය වූ ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කරන විට මේ කිසිවක්මෙ පිලිබදව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමහර පිරිස් එදා එය ආරක්ෂා වූ බව සැබෑවක් වන්නට පුළුවනි. නමුත් එම ග්‍රන්ථය හා වර්ථමාන අල්කුර්ආන් ග්‍රන්ථය අතර කිසිදු පරස්පරතාවයක් නැතැයි පවසන්න පුළුවන්ද? යනුවෙන් පැනයන් මතු කිරීම අද දක්නට ලැබේ. මෙලෙස ඉදිරිපත්ම කරන එම පැනයට මා පිලිතුරු දෙනවාට වඩා මේ පිලිබදව පුළුල් පරියේෂණයක් කල පරියේෂණ වාර්ථාවක් මෙහි ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු යයි සිතමි. අල්කුර්ආනය පිලිබදව ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාල පරියේෂණ කණ්ඩායමක් සිදුකල එම පරික්ෂණය පහත ආකාරයට වේ.

මියුනිච් (Munich) විශ්වවිද්‍යාලයේ පරියේෂක කන්ඩායමක් අල්කුර්ආන් පිටපත්වල ඇති වැරදි හා සංශෝධන පිලිබදව පරියේෂණයක් සිදුකරන ලදි. ඔවුන්ගේ පරියේෂණවල මූලික අරමුණ වූයේ, අද සමාජ භාවිතයේ පවතින අල්කුර්ආනය හා අදටත් කෞතුකාගාරයේ ආරක්‍ෂා වි පවතින මුල් අල්කුර්ආනය අතර කිසියම් වෙනසක්, පරස්පරතාවයක් පවතිනවාද? යන්න සොයා බැලීමයි. මෙම පරියේෂණය සදහා ඔවුන් විසින් විවිධ කාලවල විවිධ රටවල් මුද්‍රණය කරන ලද අල්කුර්ආන් පිටපත් 42000ක් පමණ උපයෝගි කරගන්නා ලදී. මෙසේ පුළුල් පරියේෂණයක නිරත වු එම කන්ඩායම අවසාන ප්‍රතිඵල වාර්ථාව ඉදිරිපත් කලේ මෙසේය.

“හිජ්රි පලමුවන සියවස (ඉස්ලාමීය දින දර්ශනයට අනුව මුල් සියවස)යේ සිට 14 වන සියවසය (මේ ගෙවීයමින් පවතින්නේ 14 වන සියවසයයි එනම් මේ හිජ්රි 1431යි) දක්වා ලියන ලද සියලූම කුර්ආන් ග‍්‍රන්ථයන් අතුරින් සමහරක් මුද්‍රණ දෝෂ හැර වෙන කිසිදු ආකාරයක දෝෂයක්, වෙනසකමක් දක්නට නොමැත” (4)

ලොව කිසිදු කෘතියකට හිමි නොවන එම ගෞරවය අල්කුර්ආනය දිනාගත්තේ එය ආරම්භයේ පටන් ඉතා සැලසුම් සහගතව දිව්‍ය මඟපෙන්වීමකට අනුව ආරක්ෂා වූ නිසාම පමණි. මුස්ලීම් නොවන සමාජය මවිත කරවන ඉහත පරියේෂණ වාර්ථාව අල්කුර්ආනයේ මහිමය තවත් ඉහල නංවන්නක් නොවේද?. තවදුරටත් පවසන්නේ නම්, මෙම අල්කුර්ආනයේ අන්තර්ගතය පිලිබදව පුළුල් ගවේශණයක් සිදුකල විද්‍යාඥයෙකු වන ආචාර්‍ය මොරිස් බුකෙයිල් (Maurice Bucaille) තම “ද බයිබල්, ද කුර්ආන් ඇන්ඞ් සයන්ස්” (The Bible, The Quran and Science) යන කෘතියෙහි එක්තරා ස්ථානයක මෙසේ පවසයි.

“…අල්කුර්ආනය මුහම්මද් තුමාගේ කෘතියක් යයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව ඉහත සදහන් කරුණුවලින් පෙනේ. අකුරු නොදත්තෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටී තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව එබදු විද්‍යාත්මක සත්‍යයක් හෙලිදරව් කල හැක්කේ කෙසේද?” (පිටු අංක 125) (5)

මේ සියල්ල මුස්ලීම් නොවන සමාජය මවිත කරවන කාරණා වුවද මෙය මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දේව සැලැස්මක් යයි විශ්වාස කොට එය පිලිගෙන කටයුතු කරන මුස්ලීම්වරුන් වන අපට මේ කිසිවක් පුදුමයට කාරණයන් නම් නොවේ. මා මෙහි එසේ පැවසීමට තවත් හේතුවක් වන්නේ මෙම අල්කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම එය පහල කල දෙවියන්, තමන් විසින්ම භාරගෙන සිටීන බැවිණි. මෙය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ පවසයි.

“ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ”

අල්කුර්ආනය 15-9

මේ අනුව අල්කුර්ආනය ආරම්භයේ පටන් මේ දක්වා කිසිදු ආකාරයක විකෘතියකට ගොදුරු නොවී අද දක්වාත්, මතු අනාගතයටත් ආරක්ෂා වී පවතිනවා යන්නෙහි කිසිදු සැකයක් නොමැත. මෙය එසේ ආරක්ෂා වීමේ රහස එය සැබෑ දිව්‍ය පුස්තකයක් වීම සහ ඉහත 15-9 හි සදහන් ආකාරයට එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් විසින්ම භාරගෙන සිටීම බව වටහා ගතයුතුය. එය එසේ නොවී එය ආරක්ෂා වීම මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක දර්ශනයක ම එහි ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතු වේ. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරුම වන්නටත් ලොව අනිකුත් දහමන් ට උරුම නොවීමටත් හේතුව මෙය දේව පුස්තකයක් වීම යන්න නැවත නැවතත් අවදාරණය කරමින් මෙම සාකච්චාවේ තවත් කොටසක් ලෙස අල් කුර්ආනය සේ ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී නැත්තේද?’ යන කාරණය විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 10 – අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද?

අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය පිලිබදව සාකච්චාවේ අවසාන කොටස වන අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද? යන්න මෙහි සංවාදයට ගැනීමට අදහස් කරමි. අල්කුර්ආනය හෝ ලොව වෙනත් ආගමික හෝ වෙනයම් පුස්තකයක ඉගෙන්වීමන් ගවේෂණය කිරීමට හෝ සංවාදයට බඳුන් කිරීමට නම් එය ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. මේ අනුව අල් කුර්ආනය එම සුදුසුකම සපුරා ඇති බව ඉහතින් විමසා බැලුවෙමු. දැන් මෙහි ඇති ගැටළුව ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර නොහොත් පුස්තකයන් හි ඉරණම කුමක්ද? යන්නයි. ඒ පිලිබදව මෙහි කෙටියෙන් විමසා බලන්නේ නම්,

මෙම සාකච්චාව යොමු වීමට ප්‍රථම මෙහි කිවයුතු කාරණයක් ඇත. එනම්, මෙහි කථා කරන කරුණු මුස්ලීම් නොවන සමාජයට තරමක අමිහිරි එකක් වන්නට පුළුවන. එයට හේතුව සමාජය තුල වසන් වී තිබෙන නොඑසේ නම් සිතාමතා වසන් කොට තිබෙන විෂයක් මෙහි සාකච්චාවට බඳුන් කිරීමයි. මෙම මාතෘකාව ශ්‍රී ලාංකීය සමාජය මුල් කරගෙන සාකච්චා කරන නිසා අප රටේ ප්‍රධාන ආගමික පුස්තක දෙකක් වන “ත්‍රිපිටකය“ හා “බයිබලය“ පදනම් කරගෙන මෙය විමසා බලන අතර මෙම විෂය මීට ඉහත යහමග අඩවිය තුල සාකච්චා කොට ඇති නිසා මෙම ලිපිය මඟින් සිදු කොට ඇත්තේ එම ලිපිය වෙත (Link) යොමු කිරීම පමණී. (එම ලිපිය වෙත පිවිස සවිස්තරව කියවන්න.)

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  (වැඩි විස්තර) (6)
මේ පිළිබඳව 1984.04.09  දින ලන්ඩනයේ රූපවාහිනී නාලිකාවක “JESUS THE EVIDENCE” (7) නමින් වාර්තාමය චිත්‍රපටයක් තුලින් අවධාරනය කර තිබුනේ බයිබලයේ අඩංගු බොහෝ කරුණු සැකයට තුඩු දෙන බවයි. මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂක දෙපල තවදුරටත් පවසා සිටියේ, ‘මෙය අපගේ පෞද්ගලික අදහස් නොවන බවත් බයිබලය හා ඉතිහාසය සම්බන්ධ දීර්ඝ පරියේෂණ කොට ලබා ගත් තොරතුරු” බවත් ය. මෙම බයබලය යේසුස් වහන්සේගේ කාලයේ නොලියූ බවත් එතුමාගෙන් පසු අවුරුදු 80-100 අතර  කාලයේ නමක් පවා නොදන්නා පුද්ගලයකු විසින් ලියන ලද්දක් යන්නත් ඔවුන්ගේ නිගමනයයි. (වැඩි විස්තර)

ඉහත කරුණු අනුව අප රටේ ප්‍රධාන ආගමික මූලාශ්‍ර දෙකක ඉරණම කුමක්ද? යන්න ඔබට තරමක් දුරකට අවබෝධ වනු ඇතැයි සිතමි. මේ පිලිබදව වැඩිදුර අවබෝධ සදහා මෙහි ඉදිරිපත් කොට ඇති කරුණු සේම අන්තර්ජාලය තුල මෙම විෂය පිලිබදව ලියවී ඇති ගවේෂණාත්මක ලිපි අධ්‍යනය කරන්නේ නම් මෙහි මා පවසන තත්වය අවබෝධ කරගත හැක. ඒ සදහා ආරාධනා කරමින් ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය’ නම් මෙම සාකච්චාවට විරාමය තබමින් මෙම ලිපියෙහි ඉදිරි මාතෘකාවන්ට යොමු වෙමි.

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?...

කිසියම් දහමක්, දර්ශනයක් නිසි ආකාරව අවබෝධ කරගැනීමේ දී එහි මූලාශ්‍ර ග්‍රන්ථය වැදගත් සාධකයක් වේ. උදාහරණයකට කිසිවකු කිතුණු දහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය කිතුණු සමාජ විශ්වාසයන් හා පිළිගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ බයිබලයේ ඉගෙන්වීමන් තුලිනි. එසේම කිසිවකු බුදුදහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය බෞද්ධ සමාජ විශ්වාසයන් හා පිළීගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ ත්‍රිපිටකයේ ඉගෙන්වීමන් තුලිනි. ඒ ආකාරයට කිසිවකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නට අදහස් කරන්නේ නම්, එයත් කලයුත්තේ මුස්ලීම් සමාජ විශ්වාසයන් හා පිලිගැනීමන් දෙස බලා නොව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පරිශීලනය කිරීම තුලිනි. මේ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම පිලිබදව කථා කරන්නේ නම්, ඔහු/ඇය මුස්ලීම් වේවා, මුස්ලීම් නොවේවා අනිවාර්‍යෙයන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීමන් දැන් සිටීම අනිවාර්‍ය වේ.

ඒ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දැනුම නොමැතිව ඉස්ලාම් දහම කථා කරන්නේ නම් හෝ ඉස්ලාම් දහම විවේචනය කරන්නේ නම්, ඒ සියල්ල පදනම් විරහිත හිස් වචන පමණක් බව තේරුම් ගතයුතු වේ. එම කාරණය හොදින් මනසේ රදවාගෙන ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද? යන්න දැන් විමසා බලන්නේ නම්,

ඉස්ලාම් දහම දිව්‍ය මඟපෙන්වීමක් මත ගොඩවැඟුණු දහමක් යන්න මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමයි. එම දිව්‍ය මඟපෙන්වීම දෙවියන් විසින් මිනිස් සමාජයට ආකාර දෙකකට පහල කලා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එනම්,

  • අල් කුර්ආනය - දිව්‍ය දවන් පමණක් අන්තර්ගත පුස්තකය,
  • අල් හදීස් - මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් දහම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ආකාරය සදහන් පුස්තකයන්,

ඉහතින් සදහන් මූලාශ්‍රයන් වන “අල් කුර්ආනය“ සහ “අල් හදීසය“ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා ස්ථාවරයන් කුමක්ද? යන්න කෙටියෙන් මෙහි විමසා බලන්නේ නම්,

අල් කුර්ආන් මූලාශ්‍රය

“අල් කුර්ආනය“ යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ මුහම්මද් නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයයි. මෙය එම මුහම්මද් (සල්) නම් නබිවරයා හට වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අණපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදියෙහි එකතුවකි. එසේම මෙය ප්‍රකාශ වූ මොහොතේ ම ලේඛණ ගත වූ ග්‍රන්ථයකි. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරුණු පමණක් වන බැවින් එය ‘ශුද්ධ වූ කුර්ආනය’ යනුවෙන් හදුන්වනු ලැබේ. (මේ පිලිබදව ඉහතින් සවිස්තරව සාකච්චා කොට ඇත.)

අල් හදීස් මූලාශ්‍රය

ඉහත සදහන් ආකාරයට අල් කුර්ආන් වාක්‍යයන් මුහම්මද් (සල්) නම් නබිවරයා හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වූ පසු එම දේව නියෝගය මිනිස් සමාජය හමුවේ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරමින් සමාජයට ලබාදුන් ආදර්ශය ‘අල් හදීස්’ වේ.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේව පණිවුඩය පහල වූ මිනිසා වක්තෘවරයෙකු හෙවත් නබිවරයෙකු ලෙස හදුන්වයි. ඒ අනුව මුහම්මද් (සල්) ලොව ප්‍රථම නබිවරයා නොවන අතර ආරම්භ මිනිසාගේ පටන් ලක්ෂයකටත් අධීක සංඛ්‍යාවක් නබිවරුන් හෙවත් වක්තෘවරැන් එවන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට පැමිණි වක්තෘවරුන්ගෙන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා හෙවත් නබිවරයා බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. මෙම නබිවරයා ශුද්ධ වූ කුර්ආනයට දෙන අර්ථ කථන හා නබිවරයා තම දෛනික දිවිය තුල සමාජයට පෙන්වන ආදර්ශයන් ‘අල් හදීස්’ යනුවෙන් හදුන්වන අතර එයත් ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් බව පහත අල් කුර්ආන් වාක්‍ය තුලින් ද පැහැදිලි වේ. එනම්, ඉස්ලාමී ‍ඉගෙන්වීමට අනුව එනම්, අල් කුර්ආනය පවසන ආකාරයට

අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.,

අල්කුර්ආනය 12-6

මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව පණිවුඩ) වේ.

අල්කුර්ආනය 53-3, 4

මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේම ය

අල්කුර්ආනය 33-21

ඉහත පළමු අල් කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ මෙම අල් කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් හට පහල ක‍ළේ එය එතුමා පැහැදිලි කිරීම පිණිස බවයි. එසේ නම් එතුමාගේ පැහැදිලි කිරීමන් ද ඉස්ලාම් වේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් අල් කුර්ආනයේ බොහෝ තැන්වල වත්කම් ඇති මුස්ලීම්වරුන් “සzකාත්” (අනිවාර්ය බද්ධක්) ගෙවන ලෙස අණ කරයි. නමුත් කොතරම් ප්‍රමාණයක් දිය යුතු ද යන්න අල් කුර්ආනයේ සදහන් නොවේ. මෙම අල් කුර්ආන් වාක්‍යය මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි කිරීමේ දී මුදල්, රන්භාණ්ඩ, සතුන්, ඉඩම්, ධාන්‍ය… යනාදී සදහා වෙන වෙනම “සzකාත්” (අනිවාර්ය බද්ධක්) දියයුතු ප්‍රමාණය සංඛ්‍යාත්මකවම පවසයි. ඒ අනුව කිසිවකු ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීමක් වන සzකාත් බද්ධ ගෙවීමට නම් අල් කුර්ආනය මෙන්ම නබිතුමාගේ ආදර්ශයන් (අල් හදීසය) ද ගතයුතු වේ.

එසේම ඉහත දෙවන අල් කුර්ආන් වාක්‍යයෙන් මේ නබිවරයා පවසන සියල්ල දේව පණිවුඩ බවටත් තෙවන වාක්‍යයෙන් ඔහු හමුවේ අලංකාර වූ ආදර්ශයන් ඇති බවටත් දෙවියන් විසින්ම සහතිකයක් ලබාදේ. ඒ අනුව එතුමාගේ ආදර්ශයන් එනම්, එතුමාගේ ක්‍රියාවන්, එතුමා පවසන දෑ සහ එතුමාගේ අනුමත කිරීමන් යන මේ තුන් ආකාරයම අල් හදීස් යන්න තේරුම් ගතයුතු වේ. මෙම අල් හදීසයන් ද වර්තමානයේ ග්‍රන්ථාරූඪව පවතින අතර එය බොහෝ විට එක්රැස් කරන ලද විද්වතුන්ගේ නම්වලින් පවතී. උදාහරණයකට නම් කිහිපයක් සදහන් කරන්නේ නම් බුහාරි, මුස්ලීම්, තිර්මිදි, අහ්මද්, අබුදාවූද්, ඉබුනුමාජා, බයිහකී… යනාදිය මින් කිහිපයකි. (ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල අල් හදීසයන් සදහන් කිරීමේ දී එය අන්තර්ගතව තිබෙන ග්‍රන්ථය හා එම ග්‍රන්ථයේ එය කී වෙනි හදීසය ද යන්න සටහන් කරනවා ඔබ දැක ඇත.) මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ අල් කුර්ආනය හා අල් හදීසය හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශය යන්නයි. ඉස්ලාම් දහම යයි කිසිවකු කුමක් හෝ පවසන්නේ නම් එය ඉහත මූලාශ්‍ර දෙකෙහිම හෝ එකක තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ දෙකට පරිභාහිරව කව්රුන් කුමක් පැවසුවත් එය ඉස්ලාම් නොවේ.

විශේෂ අවදානයට - මෙම අල් හදීසය පිලිබදව වැඩිදුර කරුණු දැන ගැනීමට මෙම අඩවිය තුල ඇති අල්හදීස් යන්නත් දිව්‍ය වදන්ය යන ලිපිය කියවන්න.

අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 01

ඉස්ලාම් දහම "දිව්‍යමය මඟපෙන්වීමන් මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම විවිධ පැතිකඩ ඔස්සේ මෙම යහමග අඩවිය තුල පැහැදිලි කොට ඇත. එසේම ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ “අල්කුර්ආනය” සහ “අල්හදීස්” පමණක් යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත පැහැදිලි කොට ඇත. එසේම පහල වූ දිව්‍ය වදන් ආරම්භයේ පටන් ආරක්ෂා වූ බවත් එය ආරක්ෂා වූ ආකාරයත් මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස කථා කොට ඇත.

මේ අනුව “ඉස්ලාම්” යැයි කිසිවකු කිසිවක් පවසයි නම්, එය ඉහත මූලාශ්‍රයන් තුල පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න පැහැදිලිය. නිදසුනකට ඉස්ලාම් දහම “දරු කළලයේ විකාශණය පියවරින් පියවර පැහැදිලිව පවසනවා” යැයි මා පැවසුවේ නම්, එය එසේ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය එසේ පවසන්නේ කුමන ඉස්ලාම් ආගමික මූලාශ්‍රයේද? එහි කුමන පරිච්ඡේදයේද? එය කීවැනි වාක්‍යයද? එසේ පවසන සාක්ෂිය “අල්හදීසයක්” නම් එහි “සනදයේ තත්වය කුමක්ද?” යනාදී කරුණු සියල්ල ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ. එසේ නොමැතිව කුමක් හෝ කාරණයක් ආගම නමින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට “මේක මේ පොතේ තියෙනවා”, “අර පොතේ තියෙනවා”, “මම අහලා තියෙනවා”... යනාදී ලෙස පවසන ලෝක සම්ප්‍රදායන් ඉස්ලාම් දහම තුල වලංගු නැත.

එසේම මෙතැනදී අවදාරණය කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, “අල්කුර්ආනය“ යනු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන විද්‍යා විෂය ග‍්‍රන්ථයක් නොවන බවයි. මෙය මෙසේ මා මෙහි අවදාරණය කිරීමට හේතුව විද්‍යා විෂය ග‍්‍රන්ථයක් කියවීමේ දී එහි පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පැහැදිලිව සදහන් කොට තිබීම දක්නට ඇත. එමනිසා එය විද්‍යාත්මක අනාවරණයක් බව සාමාන්‍ය ජනයාට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය කියවන පුද්ගලයාගේ බුද්ධි මට්ටම හා ඔහු නියෝජනය කරන ක්‍ෂෙත‍්‍රය අනුව එහි අර්ථය පුළුල් වේ. උදාහර්ණයකට විද්‍යාඥයකු මෙම පොත පරිශීලනය කරන විට එය විද්‍යාත්මක සත්‍යයන් එලිදරව් කරන විද්‍යා ග‍්‍රන්ථයක් ලෙස පෙනෙනු ඇත. දේශපාලඥයකු මෙය පරිශීලනය කරන විට එය ඔහුගේ ක්‍ෂෙත‍්‍රය කථා කරන පොතක් ලෙස පෙනෙනු ඇත. මෙම ග්‍රන්ථය සාමාන්‍ය ජනයා කියවන විට එය ඉතා සරලව පවසන අවවාද අනුශාසනාවන් අඩංගු ලියවිල්ලක් සේ පෙනෙනු ඇත. මෙය අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න කියාපාන සුවිශේෂි ලක්‍ෂණයක් ද වන අතර මෙය දිව්‍යමය පුස්තකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්ද වේ.

එසේම මෙහි අවදාරනය කල යුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙම අල්කුර්ආනය පහල වු ආරම්භ සමජයේ බුද්ධි මට්ටම හා වත්මන් නූතන සමාජයේ සුපිරි මිනිසාගේ දැනුම මට්ටම සමඟ අල්කුර්ආනය පවසන කරුණූ කොතරම් දුරකට බුද්ධි ගෝචර වෙනවාද? යන්නයි. මෙම අල්කුර්ආනය එදා අරාබි දේශයේ (වර්ථමාන මක්කාව හා මදීනාව) ප්‍රදේශයේ නොදියුණු සමාජයක් මධ්‍යයේ පහල විය. එසේ පහල වු අල්කුර්ආනය එවකට පැවතී සමාජයට මෙන්ම වර්ථමාන සුපිරි මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින් තොරව එකසේ ගැලපීම මෙම පුස්තකය දිව්‍යමය මඟපෙන්වීමක් යන්න කියාපාන කඳිම නිදසුනකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වදන් යන්න පමණි.

මීට වසර 1400 කට පමණ පෙර නොදියුණු සමාජයක ප‍්‍රකාශයට පත්වු අල්කුර්ආනය ලොව අනිකුත් ආගමික ග්‍රන්ථයන්ට සාපේක්ෂව අදටත් සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධවීම තුලින් ද මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වාක්‍යයක් යන්න වඩ වඩාත් තහවුරු කරනවා නොවේද?. එසේම ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන් යනු සුපිරි බලයක් එහි වැරදීම්, අතපසුවීම්, අමතකවීම්… යනාදී කිසිදු දුර්වලතාවයක් කිසිසේත් ඇතිවිය නොහැක. එවැනි කිසියම් දුර්වලතාවයක් එහි පැවතුනේ නම් සමස්ථ අල්කුර්ආනයම අවලංගු වී යනවා යන්නෙහි විවාදයක් නැත. තවත් සරලව පවසනවා නම් මෙම අල්කුර්ආනය ඉස්ලාම් දහමේ තීරණාත්මක සාධකයකි. මෙම අල්කුර්ආනය තුල කිසියම් වරදක් පවතින්නේ නම් එහි ශුද්ධත්වය එම මොහොතේම කෙලෙසී යයි. එවිට ඉස්ලාම් පවසන දෙවියන්, ස්වර්ගය, අපාය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, වක්තෘවරුන්… යනාදී සියල්ල පිලිබදව සාධාර්ණ වු සැකයක් ඇතිවීම කිසිවකුටත් වැලැක්විය නොහැක. එවන් අවදානම් තත්වයක් තිබියදී පවා ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකොට පියවර ගනනාවක් ඉදිරියට ගොස් “හැකිනම් මෙම අල්කුර්ආනය අසත්‍යයක් බව ඔප්පු කරන්න” යනුවෙන් මුළු මිනිස් සමාජයටම අභියෝග කිරීම මෙම අල්කුර්ආනයේ නිවැරදිභාවය සහ දිව්‍යමයභාවය මනාව කියාපෑමක් නොවේද?. එදා අල්කුර්ආනය ඉදිරිපත් කල ඉහත අභියෝගය අල්කුර්ආනය පහල වූ මොහොතේ පටන් සියවස් 14 ක් මුළුල්ලේ අද දක්වාම විවෘත අභියෝගයක්ව පවතී. ඕනෑම කෙනෙකුට අදටත් එම අභියෝගය වලංගුය. එසේ තිබියදීත් තවම එය ජය ගැනීමට කිසිවකුටත් නොහැකි වුයේ මෙය දිව්‍යමය පුස්තකයක් නිසාම නොවේද?.

එම කාරණා සියල්ල ඔබේ බුද්ධිමත් හා තාර්කික විමසුමා බලන්නේ නම්, එහි ඔබට එක් කාරණයක් පැහැදිලි පෙනෙනු ඇත. ඒ මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් මිස නැත යන්න පමණි.

අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 02

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන “අල්කුර්ආනය දිව්‍යමය වදන් එකතුවක්” යන්න තහවුරු කරන ලිපි පෙලෙහි පලමු ලිපිය මීට ඉහත යහමග අඩවිය තුල “අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01” යන මාතෘකාව යටතේ විමසා බැලුවෙමු. එම ලිපි පෙලෙහි දෙවන ලිපිය වන මෙම ලිපිය තුලින් ලොව කිසිදු ආගමික මූලාශ්‍රයක දක්නට නොලැබෙන අල්කුර්ආනයට පමණක් ආවේනික සුවිශේෂි ගුණාංගයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

අල්කුර්ආනය කිසියම් අනාවැකියක් අවවාදයක් මිනිස් සමාජයට පැවසීමේදී අල්කුර්ආනය තමන්ට ම අවේනික වූ සුවිශේෂි ක්‍රමවේදයක් එහි අනුගමනය කරයි. එනම්,

කිසියම් අවවාදයක් අනාවැකියක් අල්කුර්ආනය ඉදිරිපත් කරන විට වත්මන් මිනිසාගේ සහ අනාගතයේ බිහිවීමට නියමිත සුපිරි මිනිසාගේ බුද්ධිමත්භාවය, විචාරශීලීභාවය හා විවාදශීලීභාවය අවබෝධ කරගත් නිසාදෝ එහි ඉදිරිපත් කරණ කාරණය මිනිස් බුද්ධියට ගෝචර නොවන කාරණයක් වන අවස්ථාවල එම කාරණය හා බද්ධ කොට මිනිස් බුද්ධියට ගෝචර ලෞකික කාරණයක් ද එහි අනාවර්නය කරයි. 

නිදසුනක් ලෙස “අපාය”, “ස්වර්ගය”, “මරණින් පසු විනිශ්චය”, “දේවදූතයන්”, “නිරයෙහි දඬුවම”... වැනි විෂයන් අල්කුර්ආනය කථා කරන විට එම කාරණයන් සමඟ බද්ධ කොට ලෞකිකව මිනිස් බුද්ධියට ගෝචර විශ්මිත අනාවර්ණයක් ද එහි සිදු කරයි. ඒ අල්ලාහ් (දෙවි) අපෙන් මෙසේ ප්‍රශ්න කරනවා සේය.

"නුඹලාට මා පවසන සත්‍යය නුඹලාගේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නට සැරසෙන්නේද? එසේ ප්‍රතික්ෂේප කිරීමට මත්තෙන් එහි මා පවසන ලෞකික කාරණය මොහොතක් බුද්ධිමත්ව විමසා බලනු. එය ඔබේ බුද්ධියට ගෝචරය. එසේනම් (ඔබේ බුද්ධියට ගෝචර) මෙය පිලිගෙන (ඔබේ බුද්ධියට ගෝචර නොවේ යැයි) දිව්‍ය කාරණයන් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?"

මෙවැනි ආකාරයේ අවවාද, අනාවැකි හා අනාවර්ණ රාශියක් අල්කුර්ආනයේ ඇත. එම වාක්‍යයන් සියල්ල අල්කුර්ආනය දිව්‍යමය වදනක් යන්න ඉහලින්ම කියාපාන අතර එවන් වූ අල්කුර්ආන් වාක්‍යයන් මෙහි පහතින් පෙලගැසීම මෙම ලිපියෙහි අරමුණයි. (එම අනාවර්ණයන් පිලිබදව වූ දීර්ඝ පැහැදිලි කිරීමන් මෙහි පහතින් Click කොට කියවන්න)

- අල්කුර්ආනය දිව්‍ය වදන් යන්නට සාක්ෂි

Paris

වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය

ඉදිරියට කියවන්න

Paris

අපාගින්න සහ සංවේදී සම

ඉදිරියට කියවන්න

Paris

රෝම ජයග‍්‍රහනය හා ලොව පහත්ම භූමිය

ඉදිරියට කියවන්න

Paris

කුහුඹුවාට සවන්දුන් සුලෙයිමාන් තුමා

ඉදිරියට කියවන්න

Paris

දරු කළල විකාශනය හා තුන් තිඹිරිය

ඉදිරියට කියවන්න

Paris

ෆිර්අවුන්ගේ මෘතදේහය ආරක්‍ෂා කිරීම

ඉදිරියට කියවන්න

Paris

මහා ජල ගැල්ම සහ නුහ් නබිගේ නැව

ඉදිරියට කියවන්න

Paris

මී පැණි හා එහි ඖෂධ ගුණය

ඉදිරියට කියවන්න

Paris

ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි

ඉදිරියට කියවන්න

Paris

දුල්කර්ණයින් ගමන් මඟ හා පෘථිවි හැඩය

ඉදිරියට කියවන්න

Paris

සියල්ල ජලයෙන් නිර්මාණිතය

ඉදිරියට කියවන්න

Paris

පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ඉදිරියට කියවන්න

Paris

රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්

ඉදිරියට කියවන්න

Paris

මුහු නොවන මුහුදු ජලය

ඉදිරියට කියවන්න

Paris

ඉදිරියට බලාපොරොත්තු වන්න

ඉදිරියට කියවන්න

ඔවුන් ගුහාව තුල වසර 309 ක් නිදාගත් බව පැවසීම පිලිගත නොහැකිද?. එසේනම් ඔවුන් නිදාගත් කාලය නූතන දින දර්ශනයට අනුව (අල්ලාහ් (දෙවි) වන) මා දශමයට ම පවසන සත්‍යය මොහොතක් විමසා බලන්න. එය මීට සියවස් 14 කට පෙර මිනිස් බුද්ධියකින් පැවසිය හැකි කාරණයක්ද?. මෙය පිලිගෙන 309 නිදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේද?
අපා ගින්නෙහි දවාලන බවට (අල්ලාහ් (දෙවි) වන) මා පවසන අවවාදය ඔබේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නේද?. එසේනම් මිනිස් සිරුර ඇති සම ගින්දරින් පිච්චී යන විට නැවත අලුත් සමක් ලබාදෙන බවට මා පවසමින් මිනිස් සිරුරේ ගින්දර සංවේදී වන්නේ සමට යන සත්‍යය සියවස් 14 කට පෙර මා පැවසීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?. නොඑසේ නම් එය පිලිගෙන අපාය දඬුවම ප්‍රතික්ෂේප කරන්නේද?.  
එදා රොමාවරුන් හා පාරසීයවරුන් අතර පැවතී යුද්ධයෙන් පාරසීයවරුන් ජයගත් විට මුස්ලීම්වරුන් කනස්සල්ලෙන් පසුවිය. එවිට අල්ලා (දෙවි) අල්කුර්ආන් වාක්‍යයක් පහල කරමින් රෝමාවරුන් නැවත ජයගන්නා බවත් එය සිදුවන්නේ ලොව පහත්ම භූමියක බවත් පැවසීය. ඒ ආකාරයටම පසුකාලීනව රෝමාවරුන් පාරසියවරුන් පරාජ කොට ජයගත් අතර එම යුද්ධය සිදුවූයේ "මළමුහුද" ආසන්නයේය. සියවස් 14 කට පෙර අල්කුර්ආනය පැවසූ "ලොව පහත්ම භූමිය" යන්න මළමුහුද පිහිටී භූමිය යන්න 20 වන සියවසයේ අනාවර්ණයයි. 
මීට වසර 3000 කට පමණ පෙර විසූ දේවවක්තෘ සුලෙයිමාන් නොහොත් බයිබලයේ සදහන් ආකාරයට සොලමන් තුමා දිව්‍ය හාස්කමක් ලෙස සතුන් සමඟ පණිවුඩ සංනිවේදනය කරගත්තා යයි අල්කුර්ආනය පැවසීම කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවැනි කෙනෙකු එම හාස්කම පවසන දිව්‍ය වාක්‍යයේම කුහුඹූවන් පිලිබදව පවසන සත්‍යය වන “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන්නත් ප්‍රතික්ෂේප කලයුතු වේ. කුහුඹූ ලෝකය පිලිබදව කිසිදු දැනුමක් නොමැති වසර 1400 කට පෙර පැවතී සමාජය පවසන කරුණු විසිවන සියවසයේ විද්‍යාව තුලින් තහවුරු කරගෙන පිලිගන්නේ නම්, ඒහා බද්ධ කොට පවසන සුලෙයිමාන් තුමා සම්බන්ධ දේව හාස්කමත් පිලිගත යුතු යන්න සාධාර්ණ තර්කයක් නොවේද?.

• ...

අල් කුර්ආනය නිවැරදි අධ්‍යනයට අත්වැලක්

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රය වන අල් කුර්ආනයේ ඉගෙන්වීමන් එරෙහිව විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වීම ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේ ද බොහෝ අවස්ථාවල දක්නට ඇත. අල් කුර්ආනය, මුස්ලීම් සමාජය මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුන්ට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යය ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරන්න උගන්වනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන විවේචනයන් අතර කිහිපයකි. මෙසේ විවේචන එල්ල කරන එම පිරිස් අතුරින් බහුතරයක් කිසිදු පදනමකින් තොරව ‘අල්කුර්ආනයේ තිබෙනවා’ යන උපකල්පනයේ හිඳ විවේචන කලත්, සමහරක් පිරිස් තම විවේචනය සදහා අල්කුර්ආන් පාඨයක් හෝ එයින් උපුටාගත් කොටසක් ඉදිරිපත් කරමින් තම වාදය ගොඩනඟන ආකාරය ද දක්නට ඇත.

පිරිසක් කිසිදු පදනමක් නොමැතිව මනක්කල්පිතයන් මත හිඳ අල් කුර්ආනය විවේචනය කරන විට තවත් පිරිසක් තමන් ඉදිරිපත් කරන වාදයට අල්කුර්ආනයෙන් සාක්ෂි උපුටා දැක්වීමට ඉදිරිපත් වීම සැබෑවින්ම අගය කලයුත්තකි. නමුත් එසේ අල්කුර්ආන් වාක්‍යයන් උපුටා දක්වමින් අල්කුර්ආනයට එරෙහිව කිසියම් වාදයක් විවේචනයක් ඉදිරිපත් කරන පිරිස් අල් කුර්ආනය කථා කරන එම විෂය පිලිබදව පූර්ණ අවබෝධයකින් එය කලයුතුය. එසේ නොමැතිව කිසියම් වාක්‍යයක් හෝ වාක්‍යයක කොටසක් පදනම් කරගෙන අල් කුර්ආනයේ ඉගෙන්වීමට එරෙහිව ගොඩනඟන විවේචන අභියෝග කිසිසේත් සාධාර්ණ හා බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම පැහැදිලි වනු ඇත. එසේනම් අල්කුර්ආනය අධ්‍යනය කිරීම හෝ එහි ඉගෙන්වීමන්ට අභියෝග කිරීමට ප්‍රථම එහි වාක්‍ය රටාවන් පවතින්නේ කුමන ආකාරයටද? එහි ඉගෙන්වීමන් තේරුම් ගන්නේ කෙසේද? එය තේරුම් ගැනීමේ කලාව කුමක්ද? යන කාරණයන් මුස්ලීම් සහ මුස්ලීම් නොවන සියළු පාර්ශවයන් දැන සිටීම අනිවාර්‍ය වේ. ඒ අනුව මෙතැන් සිට එම විෂය විමසා බලමු.

නව කථාවක සේ හෝ ඉතිහාස කථාවක සේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එක දිගට එක විෂයක් ගලාගෙන නොයයි. එහි වාක්‍ය රටාවන් ලොව අනිකුත් ග්‍රන්ථයන්ට වඩා බොහෝ සේ වෙනස්ය. වසර 23ක් මුළුල්ලේ විටින් විට සමාජයේ ඇති වන ගැටළුවලට විසදුම් ලෙසත්, එම සමාජයට අවවාද අනුශාසනා කරනු පිණිසත්, රාජ්‍ය පාලනය හා අනිකුත් පරිපාලන කටයුතු සදහා උපදෙස් ලෙසත්, දෙවියන් හා දේව නැමදුම පිලිබදව දැනුවත් කිරීම පිණිසත්… මෙම අල්කුර්ආන් වාක්‍යයන් විටින් විට පහල විය. ඒ අනුව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී එහි වාක්‍ය රටාවන් පිලිබදව මූලික අවබෝධයක් තිබිම අත්‍ය අවශ්‍ය වේ. ඒ පිලිබදව ද මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • අල්කුර්ආනයේ එක් වාක්‍යයකට අල්කුර්ආනයේම වෙනත් තැනක සදහන් වාක්‍යයක් විග්‍රහයක් වන අවස්ථාවන් ඇත.
  • අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් රාශියක් විවිධ පරිච්ඡේදවල විසිරී තිබෙන අවස්ථාවන් ඇත.
  • අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් තුල පවා මුල් වාක්‍යය අල්කුර්ආනයේ අග පරිච්චේදවලත් එම විෂය කථා කරන අවසාන වාක්‍යයන් මුල පරිච්ඡේදවලත් තිබෙන අවස්ථාවන් ඇත.
(මේ පිලිබදව වැඩි විස්තර “අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය“ යන මාතෘකාව තුල ඉහතින් සාකච්චා කොට ඇත.)

ඉහත මූලික කාරණයන් මනසේ රදවාගෙන අල්කුර්ආනය අධ්‍යනය කලයුතු අතර එසේ අධ්‍යනය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05ක් ද තිබෙන බව ඉස්ලාම් දහමේ නීති විශාරදයන් පෙන්වාදේ. එනම්,

  • අල්කුර්ආනයේ වාක්‍යක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී එම වාක්‍යයට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණයන් පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
  • කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී එම විෂය සම්බන්ධ අල්කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (අල්කුර්ආන් පාඨයකට අල්කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් මඟින් විවරණය ලබාදෙන බැවිනි.)
  • අල්කුර්ආන් වාක්‍යයකට හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශයන්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. එම අධ්‍යනය කරන විෂය පිලිබදව හදීස්වල සදහන් කරුණු ද විමසා බැලිය යුතුය.
  • අල්කුර්ආනයේ එක් වාක්‍යයක් මඟින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් ඇත. අල්කුර්ආනය ගවේෂණය කිරීමේ දී ඒ පිලිබදව ද සැලකිලීමත් වියයුතුය.
  • අල්කුර්ආනයේ ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව එනම්, එය පහල වීමට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.

ඉහත ප්‍රධාන නීති 05 මෙතැන් සිට තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බලමු.

පෙර-පසු වාක්‍යයන් නොසලකා හැරීම නොකලයුතුය.

අල්කුර්ආනයේ සදහන් වාක්‍යය සම්පූර්ණයෙන් නොගෙන තමන්ට අවශ්‍ය කොටස පමණක් ගෙන වාදයන් ගොඩනැගීම හා අධ්‍යනය කරන වාක්‍යයට පෙර පසු වාක්‍යයන් නොසලකා හරිමින් වාදයන් ගොඩනැඟීම. මේ යටතේ සැලිකිය හැක. මෙය කිසිසේත් සාධාර්ණ නොවන වැරදි ක්‍රමවේදයකි. එය නිදසුනකින් පැහැදිලි කරනවා නම්,

මුස්ලීම්වරුන්ට අනිවාර්‍ය කොට ඇති දිනපතා පස්වේල් නැමදුම සම්බන්ධයෙන් අල්කුර්ආනය එක්තරා තැනක මෙසේ පවසයි.

‘සලාත් (පස්වේල නැමදුම්) කරන පිරිසට විනාශයමය’

අල්කුර්ආනය 107-4

ඉහත එම වාක්‍යය පදනම් කරගෙන විනිශ්චයකට එලඹෙන්නේ නම්, එලඹිය හැකි නිගමනය වන්නේ…

‘මුස්ලීම්වරුන් දිනපතා කරන පස්වේල සලාතය ඔවුන්ව විනාශය කරා ගෙනයන බැවින් ඔවුන් දෛනික නැමදුම වන සලාතය ඉටුකිරීමෙන් වැලකිය යුතුය’ යන්නයි.

නමුත් එය එසේ නොවේ. 107-4 වාක්‍යයෙන් ‘විනාශය’ යයි කියූ අල්කුර්ආනය 107-5 සහ 107-6 වාක්‍ය මඟින් එම විනාශයට ගොදුරු වන්නේ කවුරුන්ද? යන්න විස්තර කරයි. ඒ මෙසේය,

ඔවුන් කවුරුන් ද යත් තම සලාතය ((නැමදුම) නිසිලෙස හා නිවැරදිව ඉටුකිරීම පිලිබදව) නොසැලකිලීමත් වූ පිරිසයි. ඔවුන්  (සලාතය ඇතුළු කුසල ක්‍රියාවන්වල යෙදෙන විට)මුනිච්චාවට එය ඉටු කරන්නෝය.

අල්කුර්ආනය 107-5,6

ඉහත වාක්‍ය 03ම සම්බන්ධ කොට කියවන විට ඉහත 107-4 වාක්‍යයෙන් පවසන්නට එන කාරණය ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට පෙර පසු වාක්‍යය සමඟ එක්කොට තේරුම් ගතයුතු අල්කුර්ආන් වාක්‍යය විශාල ප්‍රමාණයක් අල්කුර්ආයේ ඇත. එයට නිදසුන් ලෙස අල්කුර්ආනයේ 9-5, 11-96… වාක්‍යයන් ද මෙහි සදහන් කලහැක.

වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී ඒ සම්බන්ධ අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් වාක්‍යයකට පෙර පසු වාක්‍යය පිලිබදව සැලකිලීමත් වනවා සේම එම විෂය පිලිබදව අල්කුර්ආනයේ වෙනත් තැන් හි එම විෂය පිලිබදව කථා කරන වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වියයුතුය. එසේ නොකොට අවසාන නිගමනයකට එලඹීම නිවැරදි අල්කුර්ආන් අධ්‍යනයක් නොවේ. මෙයද නිදසුනකින් විමසා බලන්නේ නම්,

ඉස්ලාම් දහමේ අනිවාර්‍ය යුතුකමක් වන සකාත් (බද්ධ) බෙදාදෙන ලෙස අල්කුර්ආනයේ බොහෝ තැන්වල දැඩිව අවදාරණය කරයි. එවැනි වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කලේනම්,

සලාත් (නම් පස්වේල නැමදුම) තහවුරු කරනු. සකාත් (බද්ධ) ගෙවනු.

අල්කුර්ආනය 24-56

මීට අමතරව 2-43, 2-277, 5-55, 9-11, 19-55, 21-73… යනාදීය තවත් බොහෝ තැන්වල සකාත් (බද්ධ) ගෙවන ලෙස අල්කුර්ආනය පවසයි. නමුත් එය ගෙවිය යුත්තේ කාටද? යන්න පිලිබදව ඉහත වාක්‍යයන් කිසිවක සදහන් නොවේ. නමුත් සකාත් (බද්ධ) ලබන්න සුදුසු කණ්ඩායම කවුරුන්ද යන්න පිලිබදව අල්කුර්ආනය වෙනත් වාක්‍යයකින් විස්තර කරයි. එය මෙසේය…

…ඔහු (අල්ලාහ්(දෙවි)) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද, අනාථයින්ටද, දිළින්දන්ටද, මගීන්ටද, යාචකයින්ටද, වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ…

අල්කුර්ආනය 2-177

ඉහත 24-56 වාක්‍යය මඟින් සකාත් බද්ධ ගෙවීම අනිවාර්‍ය බව පවසන අල්කුර්ආනය එය බෙදාදිය යුත්තේ කාහටද? යන්න අල්කුර්ආනයේ 2-177 වාක්‍යය මඟින් පැහැදිලි කරයි. ඒ අනුව 2-117 වාක්‍යය සමඟ අනිකුත් වාක්‍යයන් සම්බන්ධ කර බැලුවේ නම් පමණයි ඉහත සකාත් (බද්ධ) පිලිබව පැහැදිලි නිගමනයන්ට එළඹිය හැකි වන්නේ. මෙහි නිදසුනට එක් වාක්‍යයක් ගෙන සාකච්චා කලද මෙවැනි වාක්‍යයන් රාශියක් අල්කුර්ආනයේ ඇත. මේ අනුව පැහැදිලි වන්නේ අල්කුර්ආන් වාක්‍යයකට අල්කුර්ආනයේ තවත් වාක්‍යයක් මඟින් විග්‍රහයන් ලබාදෙන බවයි.

අල්කුර්ආනයට සමගාමීව එම විෂයට අදාල හදීසයන් ද විමසා බැලිය යුතුය.

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දෙකකි. ඒ “අල්කුර්ආනය“ සහ “අල්-හදීසය“ යන්නයි. මෙම මූලාශ්‍රයන් දෙකම දිව්‍යමය අණාවර්නයක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව අල්කුර්ආනයේ සදහන් නොවන සමහරක් නීති අල්-හදීසයේ සදහන් වන අවස්ථාවන් ඇත. නිදසුනක් ලෙස ඉහතින් සාකච්චා කල සකාතයම නැවත විමසා බලන්නේ නම්,

අල්කුර්ආනයේ සකාත් (බද්ධ) ගෙවීමේ අවශ්‍යතාවය සහ එය බෙදා දියයුතු පාර්ශවයන් කවුරුන්ද යන්න විස්තර කලත් එහි ප්‍රමාණයන් හා සීමාවන් අල්කුර්ආනයේ සදහන් නොවේ. එය විස්තර කෙරෙන්නේ අල්-හදීසයන්වලය. එපමණක් නොව ඉහතින් සාකච්චා කල සලාතය නොහොත් නැමදුම ඉටුකරන ලෙස අල්කුර්ආනය පැවසූවත් එය කුමන වේලාවේ කවර ආකාරයට ඉටුකලයුතු ද යන ප්‍රායෝගික පැහැදිලි කිරීම කරන්නේ හදීසයන්ය. ඉස්ලාමයේ අනිවාර්‍ය වගකීමන් වන සකාතය, සලාතය සේම උපවාසය සම්බන්ධයෙන් ද බොහෝ නීති විස්තර කෙරෙන්නේ අල්-හදීසයන් තුලය. එවැනි එක් වාක්‍යයක් පිලිබදව අවදානය යොමු කලේනම්,

…තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානයකරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු…

අල්කුර්ආනය 2-187

ඉහත 2-187 අල්කුර්ආන් වාක්‍යය උපවාසය ආරම්භ කරන මොහොත පිලිබදව පවසයි. එහිදී ‘…කළු නූලෙන් සුදු නූල පැහැදිලිව පෙනෙනතෙක්…’ යයි පැවසීම මිනිස් බුද්ධිය පමණක් යොදා අවබෝධ කරගත හැකි වාක්‍යයක් නොවේ. එසේ වුවානම් උපවාසය ආරම්භ කරන අවස්ථාවේ කළු හා සුදු නූලක් අතේ ඇතුව ආහාර අනුභව කිරීම සිදුකල යුතු වේ. නමුත් මේ පිලිබදව අල්-හදීසයේ සවිස්තරව කරුණු සදහන් වේ. එනම්, මෙහි ‘…කළු නූලෙන් සුදු නූල…’ යයි පවසන්නේ අළුයම හෙවත් හිරු උදාවන මොහොත බව පැහැදිලිව විග්‍රහ කෙරේ.

මෙහිදී අල්-හදීසය නොසලකා අල්කුර්ආනය තුලින් පමණක් ඉස්ලාමයේ ඉගෙන්වීමන් අවබෝධ කරන්නට ගියේනම්, ඉස්ලාමයේ අනිවාර්‍ය යුතුකම වන සලාතය, සකාතය, උපවාසය පමණක් නොව හජ් යන නැමදුම සම්බන්යෙන් ද බොහෝ දෑ අවබෝධ කරගැනීමට නොහැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ අල්කුර්ආනය තේරුම් ගැනීමට අල්-හදීසය ද අත්‍යඅවශ්‍ය අංගයක් යන්නයි. මෙය අල්කුර්ආනය ද අවදාරණය කරන සත්‍යයක් යන්න ඔබේ වැඩිදුර අවබෝධයට සටහන් කරමි.

අල්කුර්ආනයේ එක් වාක්‍යයකින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් පිලිබදව සැලකිලීමත් වියයුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් එක් විෂයකට අදාල සියළු වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වනවා සේම එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයක් අවලංගු කරමින් තවත් වාක්‍යයක් ඉදිරිපත් වන අවස්ථාවල් ද (සීමිත වශයෙන්) අල්කුර්ආනයේ ඇත. එසේ කථා කරන වාක්‍යයන් ද සැලකිල්ලට ගෙන අල්කුර්ආන් අධ්‍යනය සිදුකල යුතුය. මෙය නිදසුනක් ගෙන විමසා බලන්නේ නම්,

සුරාව (මත්පැන්) භාවිතය ඉස්ලාම් දහමට අනුව තහනම් යන්න ඔබ සියළුදෙනා හොදින් දන්නා කාරණයකි. මේ සම්බන්ධයෙන් මුස්ලීම් නොවන සමාජයට ද කිසියම් අවබෝධයක් ඇත. එමනිසා සුරාව සම්බන්ධ අල්කුර්ආන් වාක්‍යයක් ගෙන ඉහත නීතිය පැහැදිලි කරන්න අදහස් කරමි.

විශ්වාසවන්තයිනි! නුඹලා පාරායනය කරන දෑ (නුඹලාට) නොවැටහෙන ලෙස සුරාමතින් සිටින විට සලාතය (නැමදුම)ට ළං නොවනු.

අල්කුර්ආනය 4-43

ඉහත වාක්‍යය තුලින් පැහැදිලි වන්නේ සලාතය එනම් පස්වේල් නැමදුම කරන අවස්ථාවල පමණක් සුරා පානයෙන් වැලකී සිටිය යුතු බවත්, සිහිය විකෘති නොවන තරමින් සුරා පානයකර ඇත්නම් නැමදුම කලහැකි බවත්ය. ‘සුරාපානය’ යන මෙම විෂය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී 4-43 වාක්‍යය පමණක් පදනම් කරගත්තා නම්, එලඹිය යුතු නිගමනය ඉහත ආකාරයට වූවත් අල්කුර්ආනයේ මේ විෂය පිලිබදව කථා කරන 5-90 වාක්‍යයක් විමසා බලන්නේ නම්, එහි මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රාහකයන් විය හැකිය.

අල්කුර්ආනය 5-90

ඉස්ලාම් දහම සුරාපානය මිනිස් සමාජයට තහනම් කලේ පියවර කිහිපයක් මඟිනි. 4-43, 2-219 සහ 5-90 එම පියවරයන්ය. (මේ පිලිබදව දීර්ඝ විස්තර සහිත ලිපියක් යහමග අඩවිය තුල මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය යන මාතෘකාව යටතේ ඉදිරිපත්යේ කර ඇත) මේ සියළු වාක්‍යයන් විශේෂයෙන් 5-90 වාක්‍යය නොසලකා 4-43 මගින් මෙම විෂයට අදාල අවසාන නිගමනයකට එලඹුණේ නම් එය සම්පූර්ණයෙන් වැරදි නිගමනයක් යන්න දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.

අල්කුර්ආන් වාක්‍යයක් අධ්‍යනය කරන විට එය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය පිලිබදව ද සැලකිලිමත් වියයුතුය.

මෙතෙක් කථාකල නීතිවලින් අවසාන නීතිය වන මෙම නීතිය එතරම් ප්‍රබල අවශ්‍යතාවයක් නොවුනත් කිසියම් වාක්‍යයක් නිවරුදව හා පූර්ණ ලෙස අවබෝධ කරගැනීමට එය පහලවීමේ සමාජ පසුබිමත් දැන සිටීම අවශ්‍ය වේ. එයට නිදසුන් ලෙස කරුණු ගණනාවක් ඉදිරිපත් කල හැක. මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල 9-5 අල්කුර්ආන් වාක්‍යය පදනම් කරගත් ‘මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?‘ යන ලිපියද එවැනි එකකි. මෙම නීතිය අවබෝධ කරගැනීම පිණිසත් නිදසුනක් වෙත යොමු වන්නේ නම්,

උපවාස නීති සම්බන්ධයෙන් කථා කරන අල්කුර්ආනය එහි එක්තරා නීතියක් මෙසේ විස්තර කරයි.

…නමුත් කවුරුන් වහලෙකු නිදහස් කිරීමට ශක්ති සම්පන්න නොවන්නේද ඔවුන් දෙදෙනා එකින් එකා ස්පර්ශ කිරීමට පෙර ඔවුන් දෙදෙනා මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත වියයුතුය. එයට ශක්තිසම්පන්න නොවේ නම්, දුප්පතුන් හැට දෙනෙකුට ආහාර ලබා දිය යුතුය…

අල්කුර්ආනය 58-4

ඉහත වාක්‍යය කියවන ඔබට ‘අද කොහොමද වහල්ලු නිදහස් කරන්නේ’ යන ගැටළුව අනිවාර්‍යයෙන් මතුවෙනු ඇත. නමුත් මෙම වාක්‍යය පහල වූ සමාජය සැලකූවිට එහි වෙළද පොළොවල් හි මිනිසුන් (වහලුන්) භාණ්ඩයක් ලෙස අලෙවි කෙරුණු සමාජයක් බව සදහන් වේ. ශ්‍රේෂ්ඨ සහාභිවරයෙකු වන (කළු ජන වර්ගය නියෝජනය කල) බිලාල් (රලි) තුමා ද එලෙස වෙළද පොළෙන් මිලදී ගෙන නිදහස් කරන ලද සහාභිවරයෙකි. එදා එම සමාජයේ පැවති වහල් සංකල්පය තුරන් කිරීම පිණිස ඉස්ලාම් බොහෝ අවස්ථාවල වරදට දඬුවම් ලෙස වහලුන් නිදහස් කිරීම අවදාරනය කරන ලදී. ඒ අනුව 58-4 වාක්‍යය නිවැරදිව අවබෝධ කරගැනීමට නම් එම වාක්‍යය පහල වූ සමාජයේ පැවති වහල් සංස්කෘතිය අවබෝධ කරගතයුතු වේ.

ඉහතින් මේ දක්වා සාකච්චා කලේ අල්කුර්ආනය අධ්‍යනය කිරීමේ දී හා ගවේෂණය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05 යි. එම නීතීන් යටතේ කරන ගවේෂණයයි නිවැරදි අල් කුර්ආන් ගවේෂණය වන්නේ. එසේ නොමැති තමන්ට වාසි සහගත ලෙස වාක්‍යයක් හෝ වාක්‍යයකින් කොටසක් අරගෙන ඒය පදනම් කරගෙන තර්ක විතර්ක ගොඩනැඟීම නිවැරදි හා සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ. එයින් සිදුවන්නේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන්ට පරස්පර වූ මතවාදයක් මතුවීම වන අතර එවිට එහි නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම අපහසු වේ. එම දුර්වලතාවයෙන් මිදී අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එහි නීති-රීති අනුව විවෘත මනසින් හා සත්භාවයෙන් අධ්‍යනය කිරීමට මේ ලෝකවාසී සියළුදෙනාට නුවණැස පෑදේවා යන පැතුමෙන් මෙම සටහන නිමා කරමි.

අල් කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්නත්, එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීම ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නත් ඉහතින් විමසා බැලුවෙමු. එසේ දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එසේම එහි මුල් භාෂාවත් ආරක්ෂා වී පවතී නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිම කල හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන ව ලියවෙන මූලාශ‍්‍රයන් පදනම් කරගෙන බුද්ධිමත් සංවාද ගොඩනැඟීම කිසිසේත් සමභර හෝ සාධාර්ණ සංවාදයක් නොවේ. කිසියම් දහමක්, දර්ශනයක් එහි මුල්භාෂාවෙන් මුලසිට ලිඛිතව ආරක්ෂා වී නොමැතිව, එසේම එහි මුල්භාෂාව සමාජ භාවිතයේ නොමැතිව පවතින පසුබිමක එම ගෙන්වීමන් නිවැරදිව අවබෝධ කරගැනීමට යෑම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. විශේෂයෙන් එම ඉගෙන්වීමන් මුල් භාෂාවෙන් ආරක්ෂා නොවී පරිවර්තනයන් ලෙස ඉදිරිපත්වීමේදී එහි පාරිශුද්ධභාවය තවදුරටත් විකෘති වේ. එවැනි පරිවර්ථනයක දී සිදුවන බලපෑම් ආකාර කිහිපයක් පිලිබදව ඔබේ බුද්ධිමත් අවදානය මෙහි යොමු කරන්නේ නම්,

පරිවර්තනය සිදු කරන…

  • පුද්ගලයාගේ මානසික තත්වය,
  •  ඔහු ජීවත්වන පරිසරය,
  •  ඔහුගේ භාෂා නිපුණතාවය,
  •  ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
  •  එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම

ඉහත තත්වයන් තුල 100% ක් නිවැරදි පරිවර්තනයක් සිදු කිරීම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. මේ හේතු නිසා මුල් කෘතියේ ඉගෙන්වෙන කරුණු පරිවර්තනයක් තුලින් නිවැරදිව අවබෝධ කර ගැනීමට යෑම සාර්ථක ක්‍රමවේදයක් නොවන බව ඔබට පැහැදිලි වියයුතුයි. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්, එනම්,

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියැවුණු කිසියම් ග‍්‍රන්ථයක් බෞද්ධයකුට, ක‍්‍රිස්තු භක්තිකයකුට හා ඉස්ලාම් භක්තිකයකුට ලබා දී එය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලෙස පැවසුවේ නම්. නියත වශයෙන්ම පරිවර්තන තුනම එක සමාන නොවනු ඇත. එසේම එම පරිවර්තන තුන නැවත ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස වෙනත් තිදෙනෙකු හට ලබා දුන්නේ නම් නියත වශයෙන්ම එම පරිවර්තනය මුල් කෘතියේ අදහස්, අර්ථයන් හා 100‍% ක් කිසිසේත් නොගැළපෙනු ඇත. ඒ පරිවර්තකයින්ගේ භාෂා හැකියාව, ඉස්ලාම් ආගම සම්බන්ධ තිබෙන විෂමාකාර දැනුම, ඉස්ලාම් ආගම කෙරෙහි තිබෙන කැමැත්ත හා අකමැත්ත වැනි කරුණු කාරණා මේ සදහා සෘජුවම බලපාන බැවිනි. ඒ අනුව යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවැරදිවම අවබෝධ කර ගැනීමට නම්, එය මුල් භාෂාවෙන් පැවතීමත් ඉතාමත්ම වැදගත් සාධකයක් වේ. පරිවර්තනයක් තුලින් ලබාගත හැකි වන්නේ එහි දළ අවබෝධයක් පමණි. ඒ අනුව පරිවර්ථනයන් කොතෙක් පැවතුනත් එහි මුල් කෘතිය මුල් භාෂාවෙන් පැවතීම අත්‍යඅවශ්‍ය හා අනිවාර්‍ය අවශ්‍යතාවයකි.

ඉහත මූලික අවශ්‍යතාවය හොදින් මතකයේ රදවාගෙන ඉස්ලාමීය මූලාශ්‍රයන් හි තත්වය දැන් විමසා බලමු,

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වු දේව පුස්තකය “අල් කුර්ආනය“ නම් වේ. එය පහල වූ මුල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම මුල්භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා වී ඇති බව මුලින් ම වටහාගත යුතුවේ. එපමණක් නොවේ ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ මෙම අරාබි භාෂාව කියවීමේ හැකියාව ද පවතින බව මෙහි සදහන් කලයුතු සුවිශේෂි කාරණයක් වේ. ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ අරාබි භාෂාව කියවීමේ හැකියාව පැවතුනත් එහි අරුථ අවබෝධ කරගැනීමේ හැකියාව අතිබහුතරයක් තුල නොමැති වීම කණගාටුවට කාරණයකි. මේ හේතුව නිසාම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථන විවිධ භාෂාවලින් කලින් කලට ඉදිරිපත්වීම දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රීලාංකීය සමාජය තුල ද සිංහල භාෂාව හසුරුවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ජනතාව ඉලක්ක කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද අල් කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ඇත.

අප රට තුල පවා මෙසේ පරිවර්ථන ගණනාවක් නිකුත්වී තිබීම තුල තවදුරටත් තහවුරු වන්නේ ඉහතින් සදහන් ආකාරයට පරිවර්ථනයන් තුලින් 100% ක් නිවැරදි ප්‍රතිපල නොලැබෙන බව නොවේද?. නොඑසේ නම් පරිවර්තන කිහිපයක අවශ්‍යතාවය ඇතිවිය නොහැක. පළමුව කරන ලද පරිවර්තනය නිවැරදි නම් දෙවන පරිවර්තනයක අවශ්‍යතාවයක් ඇති නොවේ. දෙවැනි පරිවර්තනයෙන් නිවැරදි වුවා නම් තෙවන පරිවර්තනයක අවශ්‍යතාවය ඇති නොවේ. මේ ආකාරයට පරිවර්තන ග‍්‍රන්ථයන් දිගින් දිගටම ඉදිරිපත් වීම තුල ‘පරිවර්ථනයක් තුලින් මුල් ඉගෙන්වීමට සර්ව සාධාර්ණයක් ඉටුනොවන බව’ ඉතා හොදින් පැහැදිලි වේ. මෙම ඛේදවාචකයට ලොව සෑම දහමක්, දර්ශනයක් ම මුහුණපානවා යන්න තිත්ත වූ ඇත්තයි. මෙම පරිවර්ථන දෝෂය සාමාන්‍ය සටහනක්, ග‍්‍රන්ථයක් සම්බන්ධයෙන් එතරම් සැලකිය යුතු කාරණයක් නොවන්නට පුළුවන. නමුත් ආගමික මූලාශ‍්‍රයක් සැලකූ විට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි සරල කාරණයක් නොවේ. මිනිස් සමාජයට යහමග පෙන්වන හරි වැරැද්ද පෙන්වාදෙන ඉගෙන්වීමක පරිවර්ථන දෝෂ තිබිය නොහැක. එවිට එහි ඉගෙන්වීමන් වීකෘති වීමට පුළුවන. එමනිසා මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනතාව තුල අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය කාරණයකි.

මෙම තත්වය තවදුරටත් හොදින් අවබෝධකර ගැනීම පිණීස වත්මන් ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති අල්-කුර්ආන් පරිවර්ථන කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂා අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ලැබේ. එම පරිවර්ථනයන් කියවන විට එහි සමහරක්ඒ පරිවර්ථනවල බරපතල වැරදි බොහෝමයක් දකින්නට ලැබේ. මෙහි භයානකම තත්වය වන්නේ මෙම වැරදි පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සහෝදර මුස්ලීම් නොවන සමාජය ද මෙම අල් කුර්ආන් පරිවර්ථනය කියවීමයි. එහි දී ඔවුන්ට සිදු වන්නේ සත්‍ය දහම අවබෝධ කර ගන්නවා වෙනුවට විකෘති කළ දහමක් අවබෝධ කරගැනිමට සිදුවීමයි. මෙම කාරණය කෙරෙහි මුස්ලීම් සමාජයේ දැඩි අවධානයක් යොමු විය යුතු යන්න යහමග මාගේ විශ්වාසයයි. මෙම පරිවර්ථන දෝෂවල විකෘතියේ තරම ඔබට හොදින් අවබෝධ කරදීම පිණිස ශ්‍රී ලාංකීය අප සමාජයේ පවතින අල්කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන කිහිපයක්න් සහ එහි පවතින පරිවර්ථන දෝෂ කිහිපයක් මෙහි උපුටා දැක්වීමට මා අදහස් කරමි.

එම අල් කුර්ආන් පරිවර්ථතන දෝෂ කිහිපයක් මෙසේය...

  • “…ඔබට ඉගැන්වූ අවස්ථාව ද ඔබ කිරිමැටියෙන් පක්‍ෂියකු මෙන් මාගේ රූපයක් අඹා එහි පිම්ඹ කල්හි එය මාගේ අවසරයෙන්…” (යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මායිදා’ පරිච්ඡේදයේ 110 වන වාක්‍ය)
සටහන් – මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූල් ග්‍රන්ථයේ නැත.
  • “….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…” (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)
සටහන් – මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.
  • “…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)
සටහන් – මෙහි අල් කුර්ආන් මූල කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.
  • “මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)
සටහන් – මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.
  • “…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…” (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)
සටහන් – මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.
  • “නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)
සටහන් – මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.
  • “ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී‘තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය)
සටහන් – ඉහත සදහන් කිසිවක් අල් කුර්ආන් මුල් කෘතියේ සඳහන් වී නැත.

මෙහි ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් පවා බිඳ දමන මූලික ප්‍රතිපත්ති සමඟ පරස්පර වන ආකාරයේ වැරදි අල් කුර්ආන් පරිවර්තන කිහිපයක් පමණි. අද වනවිට අප රටේ අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශයට පත්වී ඇත. එසේම ඉදිරියේදී තවත් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශ වන්නට ද පුළුවන. ඒ කවුරුන් කෙසේ ඉදිරිපත් කල ද එහි පරිවර්ථන දෝෂ නොවැලැක්විය හැකි කාරණයක් බව පමණක් ඔබ අවබෝධකර ගතයුතුය. මා මෙහි ඉහතින් දෝෂ කිහිපයක් ඉදිරිපත් කොට තිබීම තුල මෙම පරිවර්තන ග‍්‍රන්ථයන්වල වෙනත් වැරදි නැතැයි කියා හෝ අනිකුත් සියල්ල නිවැරදි කියා කිසිවකු කිසි විටෙක අවබෝධ කරගත යුතු නොවේ. මෙහි ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ නියැඳියන් කිහිපයක් පමණි. මෙම කාරණය කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමේ අරමුණ මෙවැනි දෝෂයන්, පරිවර්ථනවල දී සිදුවන බවත් ඒ කෙරෙහි ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් අවබෝධ කර දිම මෙම ඉදිරිපත් කිරීමේ අරමුණයි.

අවසාන වශයෙන් මේ පරිවර්ථන මෙහෙවරේ නියලෙන විද්වත් පිරිසට කිවයුතු කාරණයක් ඇත. එනම්, විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අල් කුර්ආන් සිංහල භාෂා පරිවර්තනයක් සමාජයට දායාද කිරීමේ මෙහෙවර කිසිසේත් සුළුකොට තැකිය හැකි මෙහෙවරක් නොවන බව මා දනිමි. එම මෙහෙවර කිසිසේත් මා අවතක්සේරු නොකරමි. එම මෙහෙවරට මෙවැනි ලිපි බාධාවක් නොවේවා! කියා පලමුව ප්‍රාර්ථනා කරමි. ‘යහමග’ මා යෝජනා කරන්නේ විවිධ සංවිධාන, කල්ලි, කණ්ඩායම් හා තනිපුද්ගල වශයෙන් අල්කුර්ආන් පරිවර්ථන ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ තරඟය නවතා ‘යහපත් එක් පරිවර්ථනයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කරමු’ යන උතුම් අධිෂ්ඨානයෙන් යුතුව විවෘත විද්වත් සාකච්චා මණ්ඩපයක සාකච්චා කරමින් ශුද්ධ වූ අල්කුර්ආනයට වඩාත් සමීප සාර්ථක එක් පරිවර්ථනයක් ලබාදීමට සියළු පාර්ශව එක්රුස් වියයුතු යන්නයි. එතැනින් ද එම මෙහෙවර අවසන් නොකොට එසේ කරනු ලබන පරිවර්ථනයන් කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින්, එය සාර්ථක පරිවර්ථනයක් ලෙස යාවත්කාලීන කරන්න කටයුතු කරන්නේ නම්, අපට අවම වැරදි සහිත සත්‍යයට වඩාත් සමීප පරිවර්ථනයක් සමාජයට දායාද කිරීමට හැකිවනු ඇත’ යන්නයි.

පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක් දක්නට ඇත. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආගම් සම්බන්ධයෙන් අප වර්තමානයේ කොතරම් වාද විවාද තර්ක විතර්ක ගොඩ නැඟුවත් ඒ සියල්ලෙහි වලංගු අවලංගු බව රැදී ඇත්තේ එය අද අපට ළඟා වූ ආකාරයත් එහි ආරක්ෂා වීම සිදු වූ ආකාරයත් මත ය. එනම් එය ආරක්ෂා වූයේ කෙසේ ද?, එය කොතරම් දුරකට ආරක්ෂිත ද? යන කාරණය මතය. ඒ අනුව ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මේ ලිපිය තුලින් ලොව පවතින ආගම් හා එහි පිවිතුරු බව කොතරම් දුරකට ආරක්ෂා වී ඇත්තේ ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කුමක් ද? යන්නත්, එය අනුගමනය කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. නමුත් එම ඉගෙන්වීමන් පිළීබඳව නිසි හා ගැඹුරු අවබෝධයන් නොමැති මුස්ලීම් ප්‍රජාව සමාජයේ අනිකුත් (ඉස්ලාම් නොවන) ආගමික පිරිසගේ සම්ප්‍රදායන් හා එහි බැතිමතුන්ගේ ක්‍රියා කලාපයන් ආදර්ශයට ගනිති. එම වතාවත් හා විශ්වාසයන් ද ඉස්ලාම් දහමට ගළපාගෙන කටයුතු කරති. ඒ සඳහා උනන්දුවක් දක්වති. මෙය කෙතරම් අවාසනාවන්ත ලෙස මුස්ලීම් සමාජයට බලපා ඇත් ද යන්න පවසනවා නම්, මෙලෙස අනිකුත් ආගමික සම්ප්‍රදායන් ඉස්ලාමයට ගළපාගෙන කටයුතු කරන පිරිස ශ්‍රී ලාංකීය ‘සාම්ප්‍රදායක මුස්ලීම්’, ‘ඔවුන් සැබෑ මුස්ලීම්’ යනුවෙන් හදුන්වා දෙන තරමට අද මුස්ලීම් හා මුස්ලීම් නොවන ප්‍රජාව අනවබෝධය තුල අතරමං වී ඇත. නමුත් මේ අවාසනාවන්ත තත්වය ලොව උදා වූ එකම දහම ඉස්ලාම් දහම නොවේ. නමුත් ලොව අනිකුත් දහමන්ට දර්ශනයන්ට මේ තත්වයෙන් මිදීමට නොහැකි වීමට සාධාරණ හේතූන් තිබුණි. එනමුත් ඉස්ලාම් දහමට එවැනි ඉරණමක් උදාවන්න තරම් කිසිදු සාධාරණ හේතුවක්, දුර්වලතාවයක් දහම තුල නොතිබුණි. ශ්‍රී ලාංකීය සමාජය (එනම් එහි පවතින ආගම්) පදනම් කරගෙන මෙය විමසා බැලුවේ නම්,

මෙම අවාසනාවන්ත තත්වය ආගම් තුල නිර්මාණය වීමට මූලික හේතුව එම ආගමික ඉගෙන්වීමන් පිළිබඳව සමාජයට පවතින අවම දැනුම මෙන් ම සැබෑ ඉගෙන්වීම ආරම්භයේ සිට ආරක්ෂා නොවීම යන කාරණය හා ඒ තුල එම දහම් දර්ශනයක් කෙරෙහි එහි අනුගාමිකයන් තුල ඇති වූ අන්ධ භක්තියයි. මේ හේතුව නිසාම ඒ ඒ ආගමික ශාස්තෘවරුන් හා විද්වතුන් පවසන කාරණයත්, එසේ පවසන පිරිසගේ ජනප්‍රියත්වයත්, ඔහුගේ මතවාදයට සමාජය තුල හිමිවන ඉඩ ප්‍රස්ථාවත්… යනාදී හේතු මත ඒ ඒ ආගම, දහම එහි සැබෑ ස්වරූපයෙන් මිදී වෙනමම දහමක්, දර්ශනයක් ලෙස වෙනත් ආකාරයකට පවසනවා නම් විකෘති වූ දහමක් ලෙස සමාජගත වී හා සමාජගත වෙමින් පවතී. මීට අමතරව වර්තමානයේ ආගම් අතර නිර්මාණය වී තිබෙන තරඟකාරීත්වයත්, මේ සෑම දහමකම පාහේ දක්නට ලැබෙන (අභ්‍යන්තර) මතභේදයත් මෙම අවාසනාවන්ත තත්වය දහම තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතු වී ඇත.

මෙවන් පසුබිමක කවදත් සමභර ලිපි ඉදිරිපත් කරන යහමග අඩවිය, ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මෙම ලිපිය තුලින් එම විෂය සම්බන්ධයෙන් ආගම් තුල පවතින තත්වයන් කුමක් ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ප්‍රථමයෙන් අප රටේ ප්‍රධාන ආගමක් වන බුදු දහම සම්බන්ධයෙන් විද්වත් කරුණු දැක්වීම් කිහිපයක් වෙත ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම්,

  • ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය අටාලේ පියදස්සී හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ‘මිලේනියම් ෆැමිලි එන්සයික්ලෝපීඩියා’ හි බුදු දහම සම්බන්ධයෙන් මෙසේ සදහන් කරයි.
‘බුදු බව පිළිබඳව ඉමහත් බැතියක් වපුරනු රිසි වූ පැරණි බෞද්ධ නායකයෝ පුරාණ ඉන්දියාවේ සම්මතව තිබූ මහා පුරූෂ ලක්‍ෂණ සියල්ල පමණක් නොව සාහිත්‍යයේ එන දෙවි දේවතාවුන්ගේ ලක්‍ෂණවලින් පවා බුදු සිරුර සැරසූහ.’

මෙය වර්තමාන බෞද්ධ විද්වතුන් පවා පිළිගන්නා සත්‍යයකි. මෙහි මාගේ තර්කය එම සංශෝධන කුමක් ද? යන්න නොව බුදු දහමේ නියම ස්වරූපයට ඉන් බලපෑමක් සිදුවෙලා තිබෙනවා ද? නැද්ද? යන්නයි.

  • තවත් අවස්ථාවක බුදු දහම සම්බන්ධයෙන් කරුණු දක්වන විද්වතෙකු වන එච්. එල්. ප්‍රේමදාස මහතා වර්තමාන බුදු දහමට අත් වී තිබෙන ඉරණම පිළීබඳව ‘ද අයිලන්ඩ්’ පුවත්පතට (1990.11.27 දින) ලිපියක් ඉදිරිපත් කිරීමේදී එහි ඔහු පවසා සිටින්නේ
‘අද බුදු දහම “කාක්කෙක් වමනේ කළා” යන තැනට පත්ව ඇති බවයි.’

ඒ සදහා ඔහු නිදසුන් සහිතව දීර්ඝ විග්‍රහයක් එහි ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ පාරම්පරිකව හා මුඛ පරම්පරාගත‍ව මෙය සමාජයේ පැවත ආ නිසාත්, එය අසන පුද්ගලයාගේ මානසිකත්වය අනුවත් එය කෙරෙහි ඔහුගේ තිබෙන කැමැත්ත අකැමැත්ත අනුවත්, එයට අලුතින් එක් වීම හා අඩු වීම නිතැතින් සිදු වී විකෘති වූ දහමක් ඉතිරි වූ බවයි.

   මේ පිළිබඳව කරුණු දක්වන ලෝක ප්‍රකට ලේඛකයෙකු මෙන් ම ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් මහතා තම ‘ද හන්ඞ්රට්’ (THE 100) නම් කෘතියෙහි ලෝක ඉතිහාසයේ පෙරලියක් ඇති කළ 100 ක් දෙනා පෙලගැස්වීමේ දී 04 වන ස්ථානය ගෞතම බුදුන් වහන්සේට ලබා දී  එවැනි ස්ථානයක් ලබා දීමට හේතු පැවසීමේදී
“…ඔහු පැවසු දෑ කිසිවකු විසින් ලියා නොතබන ලදී. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ලදී.” යනුවෙන් පවසයි. තවදුරටත් එහිදී පවසන්නේ “බුදුන් අද මෙලොවට නැවත ආවා නම් බුදු දහම තුළ සිදු වන විවිධ ආකාරයේ වත්පිලිවෙත් දැක මවිතයට පත් වෙනවා නියතය”

යනුවෙන් ද පවසයි. තවදුරටත් කරුණු ඉදිරිපත් කරන මොහු ඉන්දියාවේ බෞද්ධයින් නැති වී යාමට හේතුව හින්දු ආගම බෞද්ධ දර්ශනයේ බොහෝ කරුණු තම දහම සදහා යොදා ගැනීම බවත් එහි සදහන් කරයි.

  • මීට අමතරව විවිධ ආගම් පිළිබඳව ගවේෂණ සිදු කොට මෘදුකාංගයක් නිර්මාණය කළ ලෝක ප්‍රකට ආගම් පිළිබඳව ගවේෂකයකු වන ආචාර්ය ජෝන් ස්ටෙල්සන් බුදු දහම පිළිබඳව පැවසීමේදී
“එය ක‍්‍රිස්තු පුර්ව 300 දක්වා ඉන්දියාව තුල සීඝ‍්‍රයෙන් පැතිරි ගියත්, ක‍්‍රිස්තු පුර්ව 300 සිට ක‍්‍රිස්තු වර්ෂ 1500 දක්වා වසර 1800ක් තුල සීඝ‍්‍ර පසු බෑමකට ලක් විය.”

මෙය ආචාර්ය ජෝන් ස්ටෙල්සන් විසින් ප‍්‍රස්තාරයක් මගින් පැහැදිලි කරයි. එම ප‍්‍රස්ථාරයේ තවත් වැදගත් කරුණක් ද ගෙන හැර දක්වයි. එනම් බුදු දහම බුදුන්ගෙන් පසු ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී ගිය බවත්, එය බුදුන් පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසු සිදු වූ බවත් ය.

බුදු දහම - ජෝන් ස්ටෙල්ගේ ප්‍රස්තාරය

අප රටේ ප්‍රධාන මෙන්ම ප්‍රබල දහමක් වන බුදු දහමට මෙවන් ඉරණමක් උදා වී ඇති බවට මෙලෙස කරුණු දක්වන අතරතුර ලොව ප්‍රබල දහමක් මෙන් ම ශ්‍රී ලාංකීය සමාජයේ සැලකිය යුතු පිරිසක් අදහන දහමක් වන කිතුණු දහම පිළිබඳව ද මෙහි කතා නොකරම බැරිය. මන්ද මාගේ ගවේෂණයන්ට අනුව මනුෂ්‍යාගේ ප්‍රබල බලපෑමකට නතුව වෙනස් කිරීමන් විශාල සංඛ්‍යාවක් සිදු කළ දිව්‍යමය පුස්තකයකට උරුමකම් කියන එකම දහම මෙය වන නිසා ය. ඒ පිළිබඳව මෙම අඩවිය තුල දීර්ඝ වශයෙන් කරුණු සාකච්චා කොට ඇති නිසා කිතුනු භක්තිකයෙකු මෙන්ම ලෝක ප්‍රකට ලේඛකයෙකු හා ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් තම ‘ද හන්ඞ්රන්ට් (THE 100)’ නම් කෘතියෙහි සදහන් කාරණයට ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරමි.

‘බයිබලයේ සදහන් බොහෝ කරුණු යේසුස් තුමා පැවසූ ඒවාට වඩා පාවුල් තුමාගේ අදහස් වේ’

යනුවෙන් පැවසීමත්

‘යේසුස් වහන්සේගේ දේශනයන් එතුමාගේ කාලයේම ලේඛන ගත නොවුණි. මෙම දේශනයන් ශුද්ධ වු බයිබලය නමින් ලේඛන ගත වුයේ එතුමාගේ අභාවයෙන් ද වසර කිහිපයකට පසුවයි.’

යනුවෙන් පැවසීමත් ඒ සදහා හොදම සාක්ෂි වශයෙන් මෙහි ගෙන හැර දැක්විය හැක. එම කාරණය ඔබේ විමසුමට තබමින් මේ ලිපියෙහි තවත් ප්‍රධාන කොටසට යොමු වන්නේ නම්,

ශ්‍රී ලාංකීය ප්‍රජාව අතුරින් බහුතරය නියෝජනය වන බුදු දහම හා කිතුණු දහම පදනම් කරගෙන ඉහත කරුණු ඉදිරිපත් කළද ලොව සෑම ආගමක්ම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවා යන්න මා ඉහතින් ද සදහන් කළ යථාර්තයයි. ආරම්භයේ සිට ලිඛිතව ආරක්ෂා නොවූ ඉගෙන්වීමන් පවතින දහමන් හා දර්ශනයන් මෙවන් අවාසනාවන්ත ඉරණමයන්ට ගොදුරු වීම නොවැළැක්විය හැකි කාරණයකි. නමුත් සියලු ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා වී තිබෙන ලොව එකම දහම වන ඉස්ලාමයත් මෙම අවාසනාවන්ත ඉරණමට හසු වී තිබීම අවාසනාවන්ත තත්වයකි. ඒ අනුව මෙතැන් සිට ඒ පිළිබඳව මෙහි විමසා බලමු.

ඉස්ලාම් යනු සර්ව ඥාන අල්ලාහ් (දෙවි) විසින් පහල කළා වූ දිව්‍යමය දහමකි. නමුත් කාලයත් සමඟ මෙහි ඉගෙන්වීමන් විකෘති විය හැකි බව අවබෝධ කර ගත් ඉස්ලාම් දහම එසේ නොවීම පිණිස ඒ සදහා වූ අවවාද මුස්ලීම් සමාජයට අල්ලාහ් (දෙවි) විසින් සිදු කරන ලදී. එය සරලව පවසනවා නම්,

ආගමික මූලාශ්‍රයන් (එනම් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය) තුලින් දහම අවබෝධ කර ගත යුතු බවත්, එහි සීමාවන් පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු යන්නත් දැඩිව ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවවාද කරන ලදී.

නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ වර්තමාන මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රය ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්නෙහි විවාදයක් නැත. වාදයක් ලෙස හෝ විශ්වාසයක් ලෙස ඔවුන් එය එලෙස පිළිගත්තද ප්‍රායොගික දිවිය තුල එම කාරණය නිසි ලෙස ක්‍රියාවට නැංවීමක් ඔවුන් තුල දක්නට නැත. තවත් සරලව පවසනවා නම්, සත්‍ය දහම ඔවුන්ගෙන් දුරස් වී ඇත. මෙය ඉහත (අනිකුත් ආගමික) තත්වයන්ට වඩා වෙනස් තත්වයකි. නමුත් මේ සියල්ල තුල අවසාන ප්‍රතිඵලය (විකෘති වූ දහමක් යන්න) එකක් පමණි. ඉස්ලාම් දහමට මෙවැනි ඉරණමක් උදා වීම සදහා පදනම් වී තිබෙන හේතූන් විවිධ ය. මුස්ලීම් සමාජය තුල මෙවැනි තත්වයක් උදාවීමට බලපෑ මූලිකම හේතුව වන්නේ ආගමික මූලාශ්‍රයන් තුලින් උගන්වන කාරණා පිළිබඳව සමාජයට තිබෙන අනවබෝධයයි. ඒ සදහා සරල උදාහරණයන් 02 ක් පවසනවා නම්,

  • ඉස්ලාමීය විවාහයක දී මනාලයා විසින් මනාලිය හට (ඇයගේ ඉල්ලීම අනුව) ‘මහර්’ නම් (මිල මුදල්, රන් රිදී, යාන වාහන, ඉඩ කඩම්, ගේ දොර… යනාදී) වස්තූන් ලබදීම අනිවාර්ය වේ. (එසේ නොකරන විවාහය වලංගු නොවේ) නමුත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල මෙය සිදුවන්නේ අනික් අතටය. එනම් ‘මහර්’ තොගය ලෙස රුපියල් 103.00 හෝ 102.00 වැනි මුදලක් මනාලියට ලබා දී දෑවැදි ලෙස ලක්ෂ ගණන් වටිනා වස්තූන් මනමාලයා විසින් මනාලියගෙන් ලබා ගැනීමයි. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ මේ සියල්ල ආගමික පූජකවරුන් හා විද්වතුන් අභියස ඔවුන්ගේ අශිර්වාදය මත ඉස්ලාම් දහමේ නමින් සිදුවීමයි. මෙහි තවත් අවාසනාවන්තම තත්වයක් වන්නේ මෙම චාරිත්‍ර ඉස්ලාමීය ආදර්ශයන් බවට අන්‍ය (මුස්ලීම් නොවන සහෝදර) සමාජය පමණක් නොව මුස්ලීම් සමාජයේ අති බහුතරයක් පිලි ගැන සිටීමයි.
  • ‘මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින සැමරීම සම්බන්ධ මුස්ලීම් සමාජයේ පවතින මතභේදය’ සඳහන් කළ හැක. අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය කිරීම අත්‍යවශ්‍ය බව ඉස්ලාමීය මුස්ලීම් සමාජයට අනිවාර්ය කරයි. නමුත් එය යම් යම් සීමාවන්ට යටත්වය. එතුමාණන් කෙරෙහි පැවති ආදරය හා ගෞරවය වෙනුවෙන් එතුමාණන්ගේ පිළිම ඇඹීමට හෝ පිංතූර නිර්මාණය කිරීමට මුස්ලීම් සමාජය පෙළඹුනේ නැත. (ඒ සදහා ඉස්ලාම් දහම තුල අවසර නැත නිසා) එසේ නොකළා පමණක් නොව එසේ කරන පිරිසට එරෙහිව නැගී සිටීමට මුස්ලීම්වරුන් පසුබට වන්නේත් නැත. ඒ ඉස්ලාම් එවැනි ආදර්ශයක් පෙන්වා නොදෙන නිසා ය. නමුත් එහි සීමාවන් කුමක් ද? යන්න පිළිබඳව නිසි ලෙස සොයා බැලීම අතපසු කළ සමාජයේ සමහරක් අවසානයේ නතර වූයේ මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාමීය ආදර්ශයන්ට පරිබාහිර ආදර්ශයන් මුස්ලීම් සමාජය තුල නිර්මාණය කිරීම තුලිනි.

ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව, කෙනෙකු ලෞකික ජීවිතය තුල තීන්දු තීරණ ගන්නා සේ දහමක් තුල ස්වමතයට අනුව තීන්දු තීරණ ගත නොහැක. ඉස්ලාම් දහම ප්‍රකාශ වී ඇත්තේ සූවිශේෂි ඥානයක්, දිව්‍යමය පණිවුඩයක් පදනම් කරගෙනය. ඒ අනුව එවැනි අවස්ථාවල තීන්දු තීරණ ගත යුත්තේ එහි ඉගෙන්වීමන් අනුව මිස ස්වමතයන් අනුව නොවේ. එසේ නොවන්නේ නම් එහි සිදු වන්නේ “නාන්නට ගොස් මඩ නාගත්තා සේ” තම නැණ පමණින් යහපත් යයි සිතාගෙන තමන්ට තමන් විසින්ම වරදක් සිදුකර ගැනීම පමණි. එම කාරණය හොදින් අවබෝධ කරගෙන පහත කරුණු ද දැන් පියවරින් පියවර විමසා බලමු.

ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුනක් ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් ‘කාෆිර්’ (ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන ලද තැනැත්තෙකු) බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය 5-44

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් අපරාධකරුවන් බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය 5-45

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් පාපතරයන් බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය 5-47

ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් 03 හොදින් අධ්‍යනය කළේ නම් ‘වහී’ හෙවත් දේව පණිවුඩය පදනම් කර නොගෙන ආගමික තීන්දු තීරණ ගැනීම කොතරම් බරපතල වරදක් ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සර්වඥාන දෙවියන් ප්‍රායෝගික එසේම සර්වකාලීන සාර්ථක ජීවන සැලැස්මක්, නීතිමාලාවක් හදුන්වා දී තිබියදී එයට තවත් කරුණු කාරණා එක් කිරීම යනු එක් පසෙකින් දේව සැලැස්ම අභියෝගයට ලක් කිරීමකි. දේව සැලැස්මක් අභියෝගයට ලක් කිරීමට නම්, ඒ සදහා එවැනි ශක්තියක් ඇති ඔහුට සමාන හෝ ඔහුට වඩා ඉහල බුද්ධියක් ඇති කෙනෙකු විය යුතු ය. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දෙවියා ඒකීය වන නිසා ඉහත අවස්ථාවට ඉස්ලාම් දහම තුල ඉඩ නැත. එසේ නම් දේව සැලැස්මට අභියෝග කළ හැකි බුද්ධිමත් ජීවියකු නොමැති බව පැහැදිලිය. එසේ තිබිය දී දේව සැලැස්ම මනුෂ්‍යා අභියෝගයට ලක් කිරීම (සංශෝධනයට එනම් අලුතින් යමක් එක් කිරීම හා තිබෙන යමක් අඩු කිරීමට) ඉස්ලාම් දහමට අනුව ‘ෂිර්ක්’ නම් වූ මහා පාපයකි. ඒ අනුව ‘වහී’ හෙවත් දේව පණිවුඩ මත පදනම් වූ මෙම දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බලය මේ මිහිපිට කිසිවකුටත් දෙවියන් ලබා දී නොමැති බව පැහැදිලිව වටහා ගත යුතු ය. එය අවබෝධ කරගෙන එයට අවනතව ඉස්ලාම් දහම පිලිපැදීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ සැබෑ වගකීම වන්නේත්. මෙම කාරණය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 24-51 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“‘මු:මින්වරුන්’ (ඉස්ලාම් නිසි ලෙස අනුගමනය කළ පිරිස්) හමුවේ (ඔවුන් අතර ඇති වූ මතභේද හා ගැටළු සදහා) විසදුම් ප්‍රකාශ කිරීමට අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත් පැමිණෙන ලෙස කැදවුයේ නම් ඔවුන්ගේ (එකම) පිළිතුර ‘සවන් දුන්නෙමු!, අවනත වූයෙමු!’ යන්න පමණි. මොවුන්මයි ජය ලද්දෝ”

ශුද්ධ වූ කුර්ආනය 24-51

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් සැබෑ මුස්ලීම්වරයෙකුගේ ගුණාංගය මනාව පැහැදිලි කරයි. මුස්ලීම් සමාජයක හෝ තනි පුද්ගලයෙකු තුල කිසියම් මතභේදාත්මක ගැටළුවක් පැන නැඟුණේ නම් එහි දී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඉහත වාක්‍යය මඟින් පැහැදිලි කරයි. එහි දී “…අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත්…” යන්නෙන් දෙවියන් අදහස් කරන්නේ ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. ඒ අනුව මුස්ලීම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම එයට අනුකූල විය යුතු යන්න පැහැදිලි ය. මෙම කුර්ආන් වාක්‍ය සමහරක් (විශේෂයෙන් මුස්ලීම් නොවන) පිරිස් වැරදි ආකාරයකට ද අවබෝධ කරගනිති. එනම්, ඉහත වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ “මුස්ලීම්වරුන් අන්ධ භක්තික ලෙස සියල්ල පිලිගත යුතු යන්න මෙහි අවධාරණය කරයි” යනුවෙනි. මෙය ඉහත වාක්‍යයට දෙන වැරදි විග්‍රහයකි. එය තහවුරු කිරීම සදහා පහත 25-73 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සදහන් කළ හැක. එනම්,

තවද ඔවුන් (මුස්ලීම්වරුන් හමුවේ) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).

ශුද්ධ වූ කුර්ආනය 25-73

මේ අනුව අන්ධ භක්තිකව කටයුතු කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවද අවබෝධ කර ගත යුතු වේ. ඒ අනුව කිසියම් කාරණයක් ඉස්ලාම් යයි සමාජය හමුවේ තබන විට “එය ඉස්ලාම් ද?” යන්න තීරණය කිරීමේ අයිතිය මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම ලබා දී ඇත. එහිදී ඉහත 25-73 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීමට වග බලා ගත යුතු ය. එසේම ඉස්ලාම් නමින් අප හමුවේ තිබෙන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එනම් ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට අනුකූල ද යන්න 24-51 වාක්‍යයට අනුව අධ්‍යනය කොට තහවුරු කරගත යුතු ය. මෙයයි ඉස්ලාමීය මඟපෙන්වීම හා ආදර්ශය වන්නේ. එම ආදර්ශයන්ට පරිභාහිරව හිඳ තම ස්වමතය අනුව හා අන්ධ භක්තිකව දහම තුල සීමාවන් නොදැන ක්‍රියා කරන විට එම දහම තුල විවිධාකාරයේ වූ විකෘතිතාවයන් නිර්මාණය වීම සිදුවේ. එම නිසා දිව්‍යමය දහම “වහී” හෙවත් දේව පණිවුඩවලින් බැහැරව මිනිස් චින්තනවලින් කිලිටි වූ වෙනම ම මාර්ගයක් බවට එය පත් වේ. මෙය අද මුස්ලීම් සමාජයේ බහුලව දකින්නට තිබෙන අවාසනාවන්ත ඉරණමකි. මෙම තත්වය මීට සියවස් ගණනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 42-21 වාක්‍යය මඟින් මෙසේ අවවාද කිරීමක් ද දක්නට ලැබේ. එනම්,

අල්ලාහ් (දෙවි) අනුමත නොකළ (හා පෙන්වා නොදුන්) කාරණයන් නුඹලා හමුවේ (දහමේ) අනුමත කාරණයන් බවට පත්කරවන්නට සමත් (මට) සමාන දෙවිවරැන් (නුඹලාට) සිටින්නේ ද?

ශුද්ධ වූ කුර්ආනය 42-21

ඉහත 42-21 වාක්‍යයෙන් දෙවියන් පවසන කාරණය බුද්ධිමත් ලෙස විමසා බලන්න. වර්තමාන මුස්ලීම් සමාජය තුල මෙවැනි එනම් ඉස්ලාම් පෙන්වා නොදෙන පසුකාලීනව නිර්මාණය වූ ආගමික ක්‍රියා පිලිවෙත් බොහෝමයක් අද දක්නට ලැබේ. මේවා පිලිබදව දෙවියන් විමසා සිටින්නේ,

“…මේවා අනුමත කරන්න මට සමාන තවත් දෙවිවරුන් නුඹලාට සිටිනවා ද?…”

යනුවෙන් නම්, මෙය ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහම තුල බහු දේව සංකල්පයක් හදුන්වා දීම බදු නොවේ ද?. මෙය මා පෙර සදහන් කළා සේ ‘ෂිර්ක්’ නම් මහා පාපයක් බව අවබෝධ කර ගැනීම ඉස්ලාම් දහමේ මූලික දැනුමක් පවා ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවනු ඇත.

මේ අනුව ඉස්ලාම් දහම තුල “වහී” වලින් පරිබාහිරව යමක් නිර්මාණය කිරීම කොතරම් බරපතල වූ කාරණයක්ද යන්න දැන් ඔබට පැහැදිලි විය යුතු ය. ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පදනම් කරගෙන එය අප මෙතෙක් සාකච්චා කළද, එම ශුද්ධ වූ කුර්ආනයනට විග්‍රහයන් ලෙස පවතින හදීසයන් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් තුල කුමක් සදහන් වෙනවා ද? යන්න දැන් විමසා බලමු.

අල්ලාහ් (දෙවි) විසින් මට පෙර එවන ලද නබිවරුන්ට ද පරිවාරකයන් හා සහයකයන් සිට ඇත. ඔවුන් ඒ ඒ නබිවරුන්ගේ ‘සුන්නාවන්’ (ආදර්ශයන් හා මඟපෙන්වීමන්) පිළීගෙන අනුගමනය කර ඇත. නමුත් පසුව (ඔවුනට පසුකාලීනව) පැමිණි සමාජය පෙර සමාජය නොකල දෑ පවා ඔවුන් කළ බවට පවසමින් යම් යම් ක්‍රියාවන්හි නිරත වී ඇත. (පසුකාලීනව) මෙවැනි අවස්ථාවල කිසිවකු තම දෑතින් එය වළක්වන්නේ ද ඔහු ‘මු:මීන්වරයෙක්’ (පරිපූර්ණ මුස්ලීම්වරයෙක්), (එසේ කිරීමට නොහැකි නම්)  තම මුවින් (පැහැදිලි කොට) එය වළක්වන්නේ ද ඔහු මු:මීන්වරයෙක්, (එසේ කිරීමටත් නොහැකි නම්) එම ක්‍රියාව සිතින් පිලිකුල් කොට එම ස්ථානයෙන් ඉවත් වන්නේ ද ඔහුත් මූමීන්වරයෙක්. මේ (කිසිවක් නොකර) බලා සිටින්නෙකු තුල අබ ඇටයක් තරම්වත් ඊමානයක් (ඉස්ලාමීය විශ්වාසයක්) නැත.“

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. මේ ලිපිය පුරාවට මා පවසන්නට උත්සාහ කල කාරණය මෙහි ඉතා සරලව අන්තර්ගතව ඇත. මා මාගේ ලිපිය ආරම්භයේ සඳහන් කළා බුදු දහමටත් කිතුණු දහමටත් එහි ශාස්තෘවරුන් මෙලොවින් සමුගැනීමත් සමඟ අත් වූ ඉරණම. එම ඉරණම මයි ආරම්භ කාල ඉස්ලාම් දහමටත් අත් වූයේ. මේ නිසයි ලොව විශාල සංඛ්‍යාවක් වූ වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය ඇති වුයේ. මීට අමතරව මෙවැනි සිදු වීමන් සමාජය තුල ක්‍රියාවට නැංවීමේදී මුස්ලීම්වරයෙකු ක්‍රියා කළ යුතු ආකාරයද මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි ව පෙන්වා දී ඇත.

වචනයන්ගෙන් උතුම් වූ වචනය අල්ලාහ්ගේ වචන (වන ශුද්ධ වූ කුර්ආන)යයි. ආදර්ශයන්ගෙන් විශිෂ්ඨතම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (වන හදීස)යයි. ක්‍රියාවන්ගෙන් නරකම ක්‍රියාව ‘බිද්අත්’ (ඉහත අංග දෙකට පරිභාහිරව අලුතින් ඇති කරන ලද කරුණු)ය. බිද්අත් සියල්ල දුර්මාර්ගයේ ය. දුර්මාර්ගයන් සියල්ල අපායටම (අපව) කැදවාගෙන යන්නේ ය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, නසායී, මුස්ලීම්

දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බරපතල කම ඉහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. එවැනි ක්‍රියාවන් තුලින් අත්වන අවාසනාවන්ත ඉරණමත් ඉහත හදීසය තුලින් අවබෝධ කර ගත හැක.

“නුඹලා හමුවේ කරුණු දෙකක් (මුහම්මද් (සල්) වන) මම තබා යන්නෙමි. එය අනුගමනය කරන තාක් නුඹලා නොමඟ නොයනු ඇත. එයින් පලමුවැන්න අල්ලාහ්ගේ දහම (වන ශුද්ධ වූ කුර්ආනය)යි. දෙවැන්න මගේ ආදර්ශය (වන හදීසය)යි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා

ඉහත හදීසය තුලින් ඉස්ලාමීය ආගමික සීමාව මනාව පිළිඹිබු වේ. ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා නබිතුමාණන්ගේ ආදර්ශය වන හදීසයට පරිබාහිර කිසිවක් ඉස්ලාම් නමින් පැවැතිය නොහැකි බවත්, එලෙස පැවතුනත් එවැනි කිසිවක් අනුගමනය කිරීම අවශ්‍ය නොවන බවත් පැහැදිලි වේ.

“කවුරුන් අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන් හි නිරත වන්නේ ද එම ක්‍රියාවන් අල්ලාහ් හමු වේ ප්‍රතික්ෂේප වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. එහි සදහන් වන්නේ “…අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන්…” යනුවෙනි. එනම් ඉස්ලාම් “කුසල ක්‍රියාවක්” ලෙස හදුන්වා නොදුන් නමුත් මුස්ලීම් සමාජය “කුසල් ක්‍රියාවක්” යනුවෙන් සලකා ක්‍රියා කරන බොහෝ ක්‍රියාවන් අප අවට අදත් දක්නට ඇත. නමුත් ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මේ සියල්ල ඉස්ලාම් දහම තුල ප්‍රතික්ෂේප වී යන බව ඉහත හදීසයට අනුව පැහැදිලිව වටහා ගත හැක.

සුදෝ සුදු තත්වයක මා නුඹලා තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙන් (පැහැදිලි)ය. එහි විනාශය පතන්නෙකු හැර වෙන කිසිවකු නොමඟ නොයන්නේ ය.

දන්වන්නේ – උමර් (රලි) තුමා

ඉහත හදීසය ද තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතු එකකි. නබිතුමාණන් පවසනන්නේ “මා නුඹලා සුදෝ සුදු තත්වයක” තබා යන බවයි. මෙයින් අදහස් කරන්නේ මෙම දහම ඉතා පැහැදිලි තත්වයක එහි කිසිදු සැකයක් මතභේදයක් ඇති නොවන ආකාරයට පැහැදිලි කොට පැහැදිලි තත්වයක තබා යන බවයි. එවන් වූ දහම තුල අලුතින් යම් යම් දෑ නිර්මාණය කොට ඒ තුලින් කිසිවකු නොමඟ යන්නේ නම් එය ඔහුගේ විනාශය පැතීමක් මිස අන් කිසිවක් නොවන බව ද එහි දැඩිව අවධාරණය කරයි.

“කවුරුන් දහම තුල අලුත් දෑ නිර්මාණය කරන්නේ ද එසේත් නැත්නම් එවැනි පිරිසට සහාය දක්වන්නේද ඔවුන් කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ගේ, මලාඉකාවරුන් (දේව දූතයන්)ගේ සහ  මනුෂ්‍යයන්ගේ ශාපය ඇති වන්නේ ය.”

දන්වන්නේ – අලි (රලි) තුමා, ග්‍රන්ථය – අබූදාවූද්, නසායි

ඉහත හදීසයන් තුලින් ඉස්ලාම් දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීම තුලින් ඔහු හෝ ඇයට අත් වන ඉරණම පැහැදිලිව වටහාගත හැක. අද සමාජය ආගම, ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන අවබෝධ කරගන්නවා වෙනුවට කරන්නේ ආගමික පූජකවරුන් එසේත් නැත්නම් ආගමික විද්වතුන් යයි පවසා ගන්නා පිරිස තුලින් දහම අවබෝධ කරගැනීමට යාමයි. මෙය ඉස්ලාම් දහම පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් බව ඉහත කරුණුවලින් ඔබට දැන් හොදින් පැහැදිලි වනු ඇති. නමුත් අනිකුත් සමාජයන් මෙන්ම මුස්ලීම් සමාජයද මෙවැනි ඉගෙන්වීමන් පිළිබදව තිබෙන අනවබෝධය හා අවම දැනුම හේතු කොටගෙන ආගමික මූලාශ්‍රයන් පසෙක තබා ජනප්‍රිය පුද්ගල චරිත පසුපස යාමේ අවාසනාවන්ත තත්වයකට ඔවුන් ද පත්ව ඇත. මෙම සමාජ තත්වය දකින විට ශ්‍රේෂ්ඨ සහාබිවරයෙකු (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු මෙන්ම ආගමික විද්වතෙකු) වන ඉබුනු අබ්බාස් (රලි) තුමාණන් පවසන ලද කාරණයක් සිහියට නැඟේ. එනම්,

“නබිතුමාණන්ගේ අභාවයෙන් පසු (පසුකාලීන) සමාජයට, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හි අල්ලාහ් (දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ) මෙසේ පවසනවා යනුවෙන් හා අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් මෙසේ පවසනවා යනුවෙන් (හදීසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන්) මා ඔබලාට පවසන විට (එම සමාජයේ ජීවත් වන) ඔබලා අබූබක්කර් (රලි) මෙසේ පැවසුවා, උමර් (රලි) මෙසේ පැවසුවා යනුවෙන් පවසන්නේ ය. මේ හේතුව නිසා දෙවියන් විසින් නුඹලා වෙත අහසින් ගල් වරුෂාවක් පහල කරාවිදෝ යයි මා බියවෙමි. යනුවෙන් පවසන ලදී.”

(සටහන – අබූබක්කර් (රලි) තුමා යනු නබිතුමාණන්ගෙන් පසු ඉස්ලාමීය පාලන බලය හිමි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු දේව විශ්වාසයේ ඉනිපෙත්තෙහි සිටී ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් විසින් හදුන්වා දුන්නේ මෙතුමාණන්වය. උමර් (රලි) තුමා යනු ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ තුන්වන ජනාධිපතිවරයා ය. එසේම ආරම්භ කාලයේ ඉස්ලාම් දහමට නව පණක් ලබාදීමට සමත් ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසන ලද එම කාරණයත් වර්තමාන සමාජයත් මොහොතක් සංසන්දනය කර බලන්න. එදා සමාජය පැවසුවේ අබූබක්කර් (රලි), උමර් (රලි) තුමාණන් පවසනවා යනුවෙනි. මෙතුමාණන්ලා ශ්‍රේෂ්ඨ සහාභාවරුන් යන්නෙහි ලොව කිසිදු මුස්ලීම්වරයෙකුට වාදයක් නැත. එවන් පිරිස නමින් පැවසීම පිළිිබඳව පවා ඉබ්නු අබ්බාස් (රලි) තුමාණන් බිය වූවා නම්, අද අප සමාජයේ සමහරක් පවසමින් සිටින චරිත පිළිබඳව කුමක් පවසන්න ද? මේ තුලින් ද තහවුරු වන්නේ ඉස්ලාම් දහම තුල වැදගත් සාධකය වන්නේ එහි ශාස්තෘවරුන් හෝ විද්වතුන් කුමක් පවසනවා ද යන්න නොව එම ආගමික මූලාශ්‍රවල සඳහන් කාරණයන් කුමක් ද? යන්නත් එය අප ජීවිතයට කොතරම් දුරකට සමීප වී තිබෙනවාද? යන්නත් පමණි.

මෙතෙක් දුරකට මා කරුණු දක්වමින් ඔබට පවසන්නට උත්සාහ කරන්නේ ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමන් මෙන් නොව ආරම්භයේ සිට ආරක්ෂා වූ දේව පුස්තකය හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අප හමුවේ තිබිය දී මේ දහම තුල විවිධ සංශෝධනයන් හා නව එක්කිරීමන් සිදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කොතරම් බරපතල වරදක් ද යන්නත් ය. එය දැන් ඔබට ඉහත කරුණුවලින් පැහැදිලි විය යුතු ය. අනාගතයේ දී මුස්ලීම් සමාජයට අත්වන මෙම අවාසනාවන්ත ඉරණම මීට වසර 1400 කට පෙර දුටු ඉස්ලාම් එයින් ජනතාව වැළකී සිටීම පිණිස කරන ලද විවිධ වූ අවවාද හා අනුශාසනා අප ඉහතින් දුටුවෙමු. මීට අමතරව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 18-103 හා 104 වාක්‍යයන් මඟින් මුස්ලීම් සමාජයට කරන තවත් අවවාදයක් මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් ගෙන එන්න අදහස් කරමි. එනම්,

“තම කාර්යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද? යන්න මා නුඹලා හට දැනුම් දෙන්න ද?” යනුවෙන් (නබිතුමණි!) නුඹ (ඔවුන්ගෙන්) විමසන්න. “කවුරුන්ගේ උත්සාහයන් ලෞකික දිවිය තුලම නිෂ්ළුල වී තිබියදීත් තමා සැබැවින්ම යහපත් ක්‍රියාවන්ම ඉටු කරන බව සිතාගෙන සිටින්නේ ද? ඔවුන්ම ය.”

ශුද්ධ වූ කුර්ආනය 18-103 හා 104

අද ආගමික ඉගෙන්වීමන්ට (ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට) පරිබාහිර බොහෝ කරුණු ඉස්ලාම් නමින් සමාජගත වී තිබෙනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. මුස්ලීම් නොවන ප්‍රජාව මේවා ද ඉස්ලාම් ලෙස අවබෝධ කරගෙන ඉස්ලාම් දහමට චෝදනාත්මකව ඇගිලි දිගු කරනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. වෙනත් ආකාරයකට පවසනවා නම් පිවිතුරු දහම ඔවුන්ගෙන් වසන් වී විකෘති දහමක් ඔවුන් හමුවේ අප නිර්මාණය කර ඇත්තෙමු. මේ පිළිබඳව දැන් හෝ සමාජය තුල සංවාදයන් ගොඩනැගිය යුතුව ඇත. හරි හා වැරදි දෑ සලකුණු කොට පෙන්විය යුතුව ඇත. මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පවසනවා සේ

“මේකත් හොද දෙයක් නේ…”

යන්නට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බව පැහැදිලිවම වටහාගත යුතුව ඇත. දිව්‍ය සැලැස්මකට වඩා සාර්ථක සැලැස්මක් නිර්මාණය කිරීම හෝ දෙවියන් ලබා දුන් සැලැස්මට පරිබාහිරව හොද යැයි යමක් නිර්මාණය කිරීමට හෝ එක් කිරීමට තරම් බුද්ධියක්, ශක්තියක් මනුෂ්‍යා සතු නොවන බවත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එසේ නම් අවශ්‍ය වන්නේ පිළිගෙන සිටින එම විශ්වාසය ප්‍රායෝගිකව දිවිය තුල ක්‍රියාවට නැංවීම පමණි.

අල්කුර්ආනය

මුස්ලීම් නොවන බොහෝ පිරිස් අවබෝධ කරගෙන සිටින්නේ ඉස්ලාමීය මුලාශ්‍රය ‘ශුද්ධ වූ කුර්ආනය’ පමණක් බවටයි. මෙය වැරදි අවබෝධයකි. ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ.

ඉදිරියට...

මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...

උපුටා ගැනීම්

සබැඳි ලිපි පෙලගැස්ම

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/29

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම