රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“නින්ද“ ශරීරයේ වැදගත්ම අවශ්‍යතාවයකි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තම ජීවිතයෙන් තුනෙන් එකක් පමණ නින්දෙහි ගෙවාදමන බව පැවසේ. මේ නින්දෙහි වැදගත්කම නිසාම “ලෝක නින්ද දිනය“ යනුවෙන් සෑම වසරකම දෙවන සතියේ සිකුරාදා ජාත්‍යන්තර දිනයක් පවා ප්‍රකාශයට පත්කොට සමරයි. මෙම “නින්ද“ යන්න මිනිස් මොළය, මනස සහ ශරීරය යන ත්‍රිත්වය සම්බන්ධ වූ ප්‍රතික්‍රියවක් යන්න නූතන විද්‍යාත්මක පිලිගැනීමයි. එනම්, "නින්ද“ යනු, සරලවම මනසට හා ශරීරයට විවේකයක් ලබා දී අපව ප්‍රබෝධමත්තව තබා ගැනීමට මොළයෙන් ඇති කරන බලපෑමයි. නින්දේ දී මූලිකවම සිදු වනුයේ අපගේ සංවේදීතාවය අවම කිරීමකි. එය මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් වීමකි. ඒ අනුව “නින්ද“ යන්න ජෛවීය ක්‍රියාවක් හෙවත් ස්වභාවික සංසිද්ධියක් වන අතර එය මිනිසා දිවා කාලයේ ශරීරයෙන් වැය කල ශක්තිය හා මනසික පීඩන නැවත උද්දීපනය කොට නැවත ප්‍රබෝධවත් බව සහ ක්‍රියාකාරී බව ලබා දීම සිදු කරයි.

මෙවන් වූ වටිනා “නින්ද“ පිලිබදව විද්‍යාත්මක අණාවර්නයන් සහ එහි විද්‍යාත්මක සත්‍යයක් දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය මීට වසර 1400 කට පෙර පැවසුවේ කෙසේද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහ් කරමි. (යහමග අඩවිය තුල අඛණ්ඩව සාකච්චා කරමින් එන අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02 යන ලිපියෙහි තවත් “සාක්ෂි“ දිගුවක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කරමි.)

නින්ද සදහා වූ සම්මත කාලරාමුව

අලුත උපන් බිළිදාගේ පටන් වැඩිහිටි මහළු අය දක්වාම “නින්ද“ ඉතා අත්‍යඅවශ්‍ය කාරණයකි. එහි පුද්ගල වයස් සීමාව අනුව නින්දෙහි ප්‍රමාණය සම්බන්ධයෙන් ලෝක සම්මතයක් ද ඇත. ඒ පිලිබදව මෙහි ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

  • උපතේ සිට මාස 02 දක්වා පැය 12-18ක්,
  • මාස 02 සිට මාස 11 දක්වා පැය 14-15ක්,
  • අවුරුදු 01 සිට 03 දක්වා පැය 12-14ක්,
  • අවුරුදු 03 සිට 05 දක්වා පැය 11-13ක්,
  • අවුරුදු 05 සිට 10 දක්වා පැය 10-11ක්,
  • අවුරුදු 10 සිට 17 දක්වා පැය 08-09ක්,
  • අවුරුදු 17ට වැඩි වයසේ සිට මරණය දක්වා පැය 07-09ක්,

නින්ද පිළිබඳ සිත්ගන්නා කරුණු

  • නින්දේ සිටියදී “බෙන්සීන්“ සඳහා වූ සූත්‍රය සොයා ගත් බව පැවසේ.
  • මෙන්ඩලීෆ් රසායනික මූලද්‍රව්‍ය ආවර්තිතා වගුව සිහිනයක දී සොයා ගත් බව පැවසේ.
  • නින්දේ දී සිහින සදහා ගත කරන මුළු කාලය සම්පූර්ණ නින්දෙන් 15-20% ක් පමණි.
  •  නින්දට වැටීමෙන් පැය එකහමාරකට පමණ පසු පුද්ගලයෙකු සිහින දකින්නට පටන් ගනී.
  • අධික බර පිළිබඳ ගැටළු සහ නින්ද නොමැතිකම අතර සම්බන්ධයක් පවතී.
  • රාත්‍රියකට පැය 8 කට වඩා අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයින් අධික ලෙස ආහාර ගැනීම සහ තරබාරු වීමට වැඩි ඉඩක් ඇත.
  • නින්ද නොමැතිව පැය 16 කට පසු, මිනිසුන්ගේ කාර්‍ය සාධනය සැලකිය යුතු ලෙස පහත වැටේ.
  •  සවිඥානිකවම නින්ද අහිමි කර ගත හැකි එකම ක්ෂීරපායී සත්වයා මිනිසා ය.
  • එළදෙනුන්, අශ්වයන් සහ අලි ඇතුන් වැනි සමහර සතුන්ට සිටගෙන නිදා ගත හැකි අතර ෆ්ලැමින්ගෝ නිදා ගන්නේ තනි කකුලක් මත සිටගෙන ය. හිපෝස් හට ජලය යට නිදා ගත හැකිය. ඔවුන් වාතය ආශ්වාස කිරීම සඳහා සෑම විනාඩි 3-5 කට වරක් මතුපිටට පැමිණේ, නමුත් අවදි නොවේ.

නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව විමසුමක්

යහමග අඩවිය තුලින් මීට ඉහත ‘නින්දෙහි’ ප්‍රධාන අංගයක් වන නිදා ගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද? යන්න පිලිබදව හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව කරුණු සාකච්චා කොට ඇත. මනුෂ්‍යයෙකුට නින්ද කොතරම් වැදගත් ද එලෙසම නිදාගැනීමේ ඉරියව්වද කොතරම් වැදගත් වනවාද යන්න එම ලිපිය තුලින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. එම ලිපිය නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව විමසුමක් මෙතැනින් කියවන්න.

නින්දේ දී සිදුවන විද්‍යුත් ක්‍රියාකාරකම්

අප අවදියෙන් සිටීමේ දී මෙන් ම නින්දේ දී ද අපගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරකම් සිදු වේ. මේවා අපට නිරූපණය කරනුයේ විද්‍යුත් තරංග ලෙ⁣සිනි. ඒ අනුව මොළයේ විද්‍යුත් තරංග ප්‍රධාන ආකාර 4 කින් ක්‍රියාත්මක වන අතර ඒවා ඇල්ෆා, බීටා ටීටා සහ ඩෙල්ටා වශයෙන් හදුන්වයි. නිදසුනක් ලෙස මෙම ලිපිය කියවන මේ මොහොතේ මෙය කියවීමට අප දී ඇති අවධානය “බීටා“ තත්වයක ප්‍රථිපලයකි. “බීටා“ තරම් ක්‍රියාකාරී නොවන මන්දගාමී ස්වභාවය හෙවත් අප යම් ක්‍රියාවකින් මිදී විවේක ගන්නා තත්වය සහ යමක් කල්පනා කරන තත්වය “ඇල්ෆා“ තත්වයක ප්‍රථිපලයකි. බීටා, ඇල්ෆා යන දෙකට වඩා මන්දගාමී තත්වය “ටීටා“ හි ප්‍රථිපලයකි. මෙම තත්වය අප දවල් සිහින දකින තත්වයකි. එනම් නිර්මාණශීලී අදහස් ගලා එන අවස්ථාවකි. මෙය නූතන විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇති සත්‍යකි. සාමාන්‍යයෙන් මිනිසුන් අවදි කාලයෙන් 47%ක් පමණ දවල් සිහින එනම්, මෙම “ටීටා“ තත්වයේ පසුවෙති. ගැඹුරු සිහින රහිත නින්දේ දී අපගේ මොළයේ ක්‍රියාකාරී වන විද්‍යුත් තරංගය “ඩෙල්ටා“ වේ. මෙය අපගේ අවධිභාවය තුල ක්‍රියාත්මක තත්වය වන අතර නින්දේ දී මොළයේ විද්‍යුත් ක්‍රියාකාරකම් සිදුවන අතර එය පහත ආකාරයට වේ.

  • නින්දේ පළමු (ටීටා තරංග) අවධිය - නින්දේ පලමු අවදිය යනු අපගේ ශරීරයට සැහැල්ලු බවක් සහ පාවෙන ස්වභාවයක් දැනෙන අවදියයි. එම අවස්ථාවේ දි අප නින්දට පැමිණ ඇත. නමුත් නින්දට සම්පූර්ණයෙන් පිවිසි නැත. මෙහි දී බාහිර පරිසරය සමඟ ඇති සම්බන්ධතා තාවකාලිකව බැහැර කරලීම පමණක් සිදුව ඇත. නින්දත් නොනින්දත් අතර මෙම තත්ත්වය නිදිබර අවධියක් ⁣වන අතර මෙම අවස්ථාවේ දී “ටීටා“ තරංග ක්‍රියාකාරී වේ. මෙය විනාඩි 10ක් පමණ කාල පරාසයක සිදු වන්නකි. මෙම අවස්ථාවේ පහසුවෙන් අවදි විය හැකි ය.
  • නින්දේ දෙවන අවධිය - මාංශ පේශී ක්‍රියාකාරීත්ය තරමක් අඩු පළමු මට්ටමට වඩා බාහිර දැනීම් අවම තත්ත්වය නින්දේ දෙවන අවධියයි. බොහෝ දුරට ටීටා තරංග ක්‍රියාත්මක මෙම අවස්ථාවේ දී නින්ද සාමාන්‍යයෙන් 45%-55%ත් අතර පවති. නමුදු ශබ්දයන්ට සංවේදී වීම හේතුවෙන් නින්දෙන් අවදි වීමට ඇති ඉඩකඩ බොහෝ ය.මෙම අවස්ථාවේ දී අප එදින ලබා ගත් නව තොරතුරු පැරණි තොරතුරු හා ඒකාබද්ධ කිරීමක් සිදු වන බව පර්යේෂණයන් සනාථ කරයි.
  • නින්දේ තෙවන (ඩෙල්ටා තරංග) අවධිය - ගැඹුරු නින්දේ ආරම්භය තෙවනි අවධියයි. නින්දෙන් කියවීම, ඇවිදීම වැනි ක්‍රියා සිදු වන මෙම අවධියේ දී නින්ද සාමාන්‍යයෙන් විනාඩි 30ත් 45ත් අතර ප්‍රමාණයකින් යුක්ත වේ. “ඩෙල්ටා“ තරංග ක්‍රියාත්මක මෙම අවධිය නින්දට වැටුණු මිනිසෙකු අවදි කිරීමට අපහසු අවස්ථාවකි. නමුත් ඇතැම් විටෙක නින්දෙන් අවදිවීම ශරීරයට අප්‍රාණවත් ගතියක් ලබා දේ.
  • නින්දේ සිව්වන අවධිය - සිව්වන අවධිය ගත් විට එය තෙවන අවධියේ ම අනු කොටසක් ලෙස ගත හැකිය. මෙ⁣හි දී බාහිර පරිසරයට දක්වන සංවේදී බව ඉතාමත් අවම ය. මනස සැහැල්ලු වීම, ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ රටාව රිද්මයානුකූල වීම, මාංශ පේශී ලිහිල්ව පැවතිම ආදි තත්ත්වයන් දැකගත හැකිය. මෙම අවධිය SWS හෙවත් Slow Wave Sleep ලෙසින් ද හඳුන්වයි.

ඉහතින් සදහන් ආකාරයට හොඳ සහ පරිපූර්ණ නින්දක් ලබා ගැනීමේදී එයට බලපාන බාහිර සාධක කිහිපයක් ද ඇත. ඒ පිලිබදව මෙහි කෙටි අවදානයක් යොමු කරන්නේ නම්,

නින්දට බලපාන බාහිර සාධක

ඔබ කෙතරම් හොඳින් නිදාගන්නවාද යන්නට බලපාන බාහිර සාධක අතර මතක තබා ගත යුතු වැදගත්ම සාධකය වන්නේ ඔබ නිදා සිටින පරිසරය යන්නයි. ඔබේ නිදන කාමරයේ උෂ්ණත්වය, ශබ්ද මට්ටම සහ ආලෝකය නිරාවරණය වීම එහි ප්‍රධාන සාධක වේ. ඒ තුලින් අපගේ ශරීරයට නිසි විවේකය සහ නැවත ශරීරය යථාතත්වයට පත් කිරීමට ඉඩ සලසයි.

අඳුරු තැනක නිදාගැනීම

මිනිසා ස්වභාවයෙන්ම දිවාකාල ජීවීයෙකු ලෙස මවා ඇත. එම නිසා ඔහු දිවා කාලයේ ක්‍රියාශීලීව කටයුතු කොට රාත්‍රියේ විවේක ගැනීමට සහ නිදා ගැනීමට පුරුදු වී සිටී. නමුත් නූතන සමාජයේ ක්‍රියාකලාපයන් ඉහත ස්වභාවික තත්වයන්ට අභියෝග කරන ආකාරයට එනම්, රාත්‍රියෙහි කෘතිම ආලෝකයන් ඇති කරමින් සහ වෙනත් (ජංගම දුරකථන වැනි) උපාංග භාවිතාවට හුරු වී අපගේ ශරීර ව්‍යාකූල තැනකට යොමු කරවමින් සිටී. මිනිස් ශරීරයේ '''සර්කැඩියානු රිද්මය“ (Circadian Rhythm)''' යනු අපගේ නින්ද හා අවදි චක්‍රය නියාමනය කරන අභ්‍යන්තර ඔරලෝසුවයි. එය හයිපොතලමස් හි පිහිටි සෛල සමූහයක් මගින් පාලනය වේ. මෙම හයිපොතලමස් හි පිහිටි සෛල සමූහය (මෙය SCN ලෙස හදුන්වයි) ක්‍රියාත්මකවීම පාලනය කිරීම සිදුවන්නේ අප අවට ආලෝකයේ සිදුවන වෙනස්වීම මඟිනි. ඒ අනුව නින්ද සහ ආලෝකය අතර සෘජු සම්බන්ධයක් ඇති බව මෙයින් පැහැදිලි වේ.

අඳුරු තැනක නිදා ගැනීමේ වැදගත්කම

නූතන විද්‍යාත්මක සොයා ගැනීම අනුව භාහිර පරිසරයේ ආලෝකය තිබෙන විට, හයිපොතලමස් හි පිහිටි සෛල සමූහය (SCN) “මෙලටොනින්“ (Melatonin) නම් රසායනය නිෂ්පාදනය වීම වලක්වයි. මෙම “මෙලටොනින්“ යන්න අපට නිදිමත ඇති කරවන හෝමෝනයකි. බාහිර පරිසරය අඳුරු වන විට, SCN මෙලටොනින් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන අතර මේ හේතුව නිසා අපට නිදිමත දැනී එය නිදා ගැනීමට උපකාරී වේ. නමුත් අප අප නිරතුරුවම කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වන්නේ නම්, එය Circadian Rhythm ට බාධා ඇති කර දිවා කාලයේ නිදිමත සහ රාත්‍රියේදී අවදිව සිටීමට සලස්වයි. අවසානයේ මේ මඟින් නින්ද නොයාම සහ වෙනත් නින්ද හා සම්බන්ධ ආබාධ ඇතිවීමට සලස්වයි. මෙය වළක්වා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ අඳුරු කාමරයක නිදා ගැනීමයි. මෙමගින් සර්කැඩියානු රිද්මයට නිසි පරිදි රැඳී සිටීමට හැකි වන අතර ඔබට අවශ්‍ය විවේකී නින්ද ලබා ගැනීමට උපකාර වනු ඇත.

අඳුරු තැනක නිදා ගැනීමේ වාසි

ඉහතින් යහපත් නින්දක් සදහා අවට පරිසරයේ තත්වය බලපාන බවත්, එහිද විශේෂයෙන් බාහිර පරිසරයේ ආලෝක තත්වය බලපාන බවත් කෙටියෙන් විමසා බැලුවෙමු. දැන් එසේ අඳුරු පරිසරයක නිදාගැනීමේ ඇති වාසි මොනවාද? යන්න විමසා බලන්නේ නම්,.

අඳුරු පරිසරයක නිදාගැනීම...

  •  ඔබගේ ශරීරයේ නිදි චක්‍රය වන “සර්කැඩියානු රිද්මය“ (Circadian Rhythm) නියාමනය කිරීමට උපකාරී වේ.
  • ඔබට නිදිමත ඇති කරන මෙලටොනින් හෝමෝනය වැඩිපුර නිපදවීම නිසා සුවබර නින්දක් හිමිවේ.
  •  රාත්‍රියේදී අවදි වීම වළක්වයි. ඔබ ආලෝකයට සංවේදී නම්, කුඩාම ආලෝක ප්‍රමාණය පවා ඔබට රාත්‍රියේදී අවදි වීමට හේතු විය හැක. අඳුරු කාමරයක නිදාගැනීමෙන් එවැනි බාධා කිරීම් සිදු නොවේ.
  • ඔබට නින්ද නොයාමේ අපහසුතාවයක් ඇත්නම්, අඳුරු කාමරයක නිදාගැනීම එයට පිලියමක් වේ. අඳුරු කාමරයක් ඔබේ ශරීරය නිදා ගැනීමට කාලය බව ඇඟවුම් කරයි, එයින් ඔබට සුවපහසු නින්දක් හිමි වේ.
  • ඔබේ මනෝභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. එබැවින් රාත්‍රියේදී සියලුම ආලෝක නිරාවරණය ඉවත් කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ.
  • ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැක. රාත්‍රියේදී ආලෝකයට නිරාවරණය වීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ. එමනිසා, ඔබ අසනීප වීම වළක්වා ගැනීමට උත්සාහ කරන්නේ නම්, අඳුරු කාමරයක නිදාගැනීම යහපත් වේ.

හොඳම නින්දක් අපගේ කායික හා මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. එය උපරිමයෙන් ලබා ගැනීමට රාත්‍රීයේ අඳුරු තැනක නිදා ගැනීම අත්‍යඅවශ්‍ය යන්නෙහිත් ඉහත කරුණු අනුව දැන් සැකයක් නැත. එසේනම්, ඔබ වඩා හොඳින් නිදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබේ මනෝභාවය වැඩි දියුණු කරන එසේම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන අඳුරු තැනක් සොයා ගැනීම අත්‍යඅවශ්‍ය යන්න මෙහි අවදාරණය කර සිටිමි.

අඳුරේ නිදාගැනීම සම්බන්ධ පරියේෂණ වාර්ථා

සම්පූර්ණ අන්ධකාරයේ නින්දට යාම අපට වඩා හොඳින් නිදා ගැනීමට උපකාර වන ආකාරය පිලිබදව මෑත අධ්‍යයනයක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ ප්‍රකාශයට පත්කොට තිබුණි. මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ නිදා සිටියදී ආලෝකයට නිරාවරණය වීම මානසික අවපීඩනයේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වන බවයි. එම පරියේෂණ වාර්ථාව කෙටියෙන් මෙසේය,

මෙම පර්යේෂණය සාමාජිකයින් 863 ක් සහභාගී කරගෙන කර ඇති අතර එම පිරිස වයස අවුරුදු 70 ට වැඩි පිරිස් වූ අතර සියළුදෙනා ජපන් ජාතිකයන් විය. මෙම පිරිසගේ දත්ත වසර දෙකක් පුරා රැස් කොට ඇත. මෙම පරියේෂණය ආරම්භයේ සියලුදෙනා කිසිදු මානසික අවපීඩන රෝග ලක්ෂණ පෙන්වා නොමැත. ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ හිසට ඉහලින් සවි කර ඇති ආලෝක උපාංග සහිත කාමරවල නිදා ගැනීමට සලස්වා ඇත. එම පරියේෂණයේ නිගමනය ඇස් ඇරවෙන සුළු එකක් විය. එනම්,

  • "lux" පහකට වඩා වැඩි ආලෝකයකට නිරාවරණය වූ සහභාගිවන්නන් මානසික අවපීඩනයෙන් පෙළෙන බව විද්‍යාඥයින්ට තහවුරු විය,
  • සහභාගිවන්නන් 150 ක් ආලෝකයේ "lux" පහකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට නිරාවරණය වූ පිරිස වූ අතර, ඔවුන් සම්පූර්ණයෙන්ම අඳුරු කාමරවල නිදාගත් අයට සාපේක්ෂව වසර දෙකකට පසු මානසික අවපීඩනයට ගොදුරු වීමේ සම්භාවිතාවය 65% කින් වැඩි විය.
  • සුළු ආලෝකයක් සහිතව නිදාගත් සියලුම සහභාගිවන්නන් වැඩිපුර නිදාගැනීමේ ප්‍රවණතාවක් දැක්වීය.

(මෙහි ඉහත "lux" එකක් යනු සාමාන්‍ය ඉටිපන්දම් එකකින් නිකුත් කරන ආලෝකයට සමාන ආලෝකයක් වේ.)

නාරා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සහ ඉහත අධ්‍යයනයේ සම කර්තෘ වන මහාචාර්ය කෙන්ජි ඔබාෂි අවධාරණය කරන්නේ අඳුරේ නිදා ගැනීම හුදෙක් හොඳ විවේකයක් සඳහා පමණක් නොව, ඇත්ත වශයෙන්ම මානසික රෝග වැළැක්වීම සඳහා ද අත්‍යඅවශ්‍ය යන්නයි. එසේම ඔහු තවදුරටත් පවසන්නේ ඔබ කුමණ වයසක සිටියත්, ආලෝකයට නිරාවරණය වී නිදාගැනීම මානසික අවපීඩනයට තුඩු දෙන නිශ්චිත නින්ද බාධා කරන කාරණයක් බවත්, ඒ අනුව නින්දට පෙර දුරකථන හෝ වෙනත් දීප්තිමත් උපාංග මත බොහෝ කාලයක් ගත කිරීම තරුණ පරම්පරාව ඊටත් වඩා විශාල අවදානමකට ගොදුරු වී සිටින බවත්ය.

“නින්ද“ ඉස්ලාමීය විමසුම

මිනිසා ස්වභාවයෙන්ම දිවාකාල ජීවීයෙකු යන්නත්, ඔහු දිවා කාලයේ ක්‍රියාශීලීව කටයුතු කොට රාත්‍රිය විවේකීව නින්ද ලබා ගතයුතු යන්නත්, එම නින්ද අඳුරු පරිසරයක් තුල ලබාගත යුතු යන්නත්, ඒ තුලින් ඔහුට කායික හා මානසික නිරෝගි සෞඛ්‍යය හිමි වනවා යන්නත් මීට ඉහත විමසා බැලුවෙමු. නූතන විද්‍යාව අණාවර්නය කරගෙන ඇති මෙම සත්‍යය මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය පවසනවා යැයි මා මෙහි පැවසුවේ නම්, එය ඉස්ලාම් දහම පිලිබදව සහ අල්කුර්ආනය පිලිබදව දැනුමක් ඔබ විශ්වාස නොකරනවා නොඅනුමානය. නමුත් බලන්න පහත අල්කුර්ආන් වාක්‍යය.

අපිම ඔබගේ නින්ද, (ඔබට) විවේචකයක් බවට පත් කළෙමු. ජෝඩු ජෝඩු වශයෙන් ඔබව අපිම උත්පාදනය කර ඇත්තෙමු. අපිම රාත්‍රිය (ඔබට) පොරවණයක් බවට පත් කළෙමු. අපිම දහවල (ඔබගේ) ජීවනෝපාය (සොයා ගන්නා කාලය) බවට පත් කළෙමු.

අල්කුර්ආනය 78 - 8 සිට 11

ඉහත අල්කුර්ආනය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මේ ලෝකයේ සිටින සියළු ජීවි කොට්ඨාශ ජෝඩු ජෝඩු වශයෙන් මැවූ බව පවසන අල්ලාහ් (දෙවි) එසේ මැවූ ජීවින්ට විවේචකය සහ ජීවනොපාය සදහා රාත්‍රිය හා දහවල ලබාදුන් බව පවසයි. අල්කුර්ආනය මෙසේ පැවසීම තුල තවත් කාරණයක්ද වක්‍ර ආකාරයෙන් අවදාරණය කරයි. එනම්,

“මේ භූමිය තුල වෙසෙන සියළු ජීවී කොට්ඨාශයන් ආරම්භයේ ජෝඩු ජොඩු වශයෙන් දෙවියන් වන මා විසින් මැවූවා යන්න නුඹලා පිලිගැනීමට මැලි වන්නේ නම්, එම වාක්‍ය තුලම නුඹලා වර්ථමානයේ අනාවර්ණය කොට සිටින “නින්දට සුදුසු කාලය අඳුරු රාත්‍රිය යන්න“ මීට වසර 1400 කට පෙරම මා ඉහත වාක්‍ය තුල පැවසීම ද ප්‍රතික්ෂේප කරන්නේද?“

නූතන විද්‍යාත්මක අනාවර්ණය අනුව මිනිසාගේ විවේකය සහ නින්ද රාත්‍රී කාලයේ ලබා ගැනීම ඔහුට ඉතා ප්‍රයෝජනවත් සහ නිරෝගි දිවියකට අත්‍ය අවශ්‍ යන්න මෙතෙක් කථා කල කරුණු අනුව පැහැදිලිය. මෙම සත්‍යය අල්කුර්ආනය ද අවදාරණය කරනවා යන්න ඉහත අල්කුර්ආන් වාක්‍යය තුලින් සේම පහත අල්කුර්ආන් වාක්‍යයන් තුලින් ද තවදුරටත් තහවුරු වේ. එනම්,

ඔබ සනීපයක් අත් කර ගැනීම සඳහා රාත්‍රියද, (ඔබ සියල්ල පැහැදිලිව) බලා ගැනීම සඳහා දහවලද, ඔබට ඔහුම සලස්වා ඇත. (ඔහුගේ ආයාවන්ට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත්තේය.

අල්කුර්ආනය 10 - 67

ඉහත අල්කුර්ආන් වාක්‍ය දෙක තුලින් දහවල ජීවනොපාය සෙවීම සදහා යොදා ගන්නා ලෙසත්, රාත්‍රිය විවේකය සදහා වෙන් කරන ලෙසත් පවසන අල්කුර්ආනය එසේ පැවසීමෙන් නතර නොවී තවත් වාක්‍යයකින් අපගේ බුද්ධිමත් විමසුමට මෙසේ පැනයක්ද මතු කරයි. එනම්,

(නබි!) ඔබ මෙසේ පවසනු: “දහවල අවසාන දිනය දක්වා (රාත්‍රියක් නොමැතිව) දීර්ඝ වන සේ අල්ලාහ් ඔබට සැලැස්වුවහොත් ඔබ වෙහෙස නිවීමට හැකි රාත්‍රිය ඔබට ගෙන ආ හැකි වෙන කෙනෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කෙනෙකු හෝ ඇත්තේදැයි ඔබ අවධානය කර බැලිය යුතු නොවේද? (මෙය) ඔබ (සිතා) බැලිය යුතු නොවේද?

අල්කුර්ආනය 28-72

අල්ලාහ් (දෙවි) ඉහත වාක්‍යයෙන් තර්ක කරන ආකාරයට රාත්‍රිය සම්පූර්ණයෙන් ඉවත් කොට දහවල පමණක් පවතින්නට හැරියේ නම් අපගේ ඉරණම කුමක් වනු ඇත්ද?. කායික හා මානසික සෞඛ්‍යය පිරිහී අපගේ මනෝභාවය වැඩි දියුණු කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී විකෘති සමාජයක් බිහිවනවා නොවේද?. එසේ විකෘති නොවන තැනකට මේ සමාජය යොමුවීමට නම් රාත්‍රී නින්ද නිසි අඳුරු පරිසරයක නිසි ආකාරව ලබා ගතයුතු යන්න නූතන විද්‍යාව පවසන්නටත් වසර 1400 කට පෙර ඉස්ලාම් දහම මිනිස් සමාජයට කියාපාන සත්‍යයයි.

මෙම සත්‍යය මුහම්මද් (සල්) තුමාණන් ද මුස්ලීම් සමාජයට එක්තරා අවස්ථාවක මෙසේ අවදාරණය කරන ලදී. එනම්, “මුස්ලීම්වරයෙකු උදෑසන නින්දෙන් අවදි වූයේ නම්, එම මොහොතේ පහතින් සදහන් ප්‍රාර්ථනාව කරන ලෙසයි.“ එනම්,

أَصْبَـحۡـنا وَأَصْبَـحْ المُـلكُ للَّهِ رَبِّ العـالَمـين ، اللّهُـمَّ إِنِّهُـمَّ إِنِّهُـمَّ إِنِّهُـمَّ إِنِّهُـمَّ إِنِّهُـمَّ أََٰكَ يَوْم ، فَـتْحَهُ ، وَنَصْـرَهُ , وَنـورَهُ وَبَـرَكَتَـهُ ، وَهُـداهُ ، وَ٣َمَعۡو، ـيهِ وَشَـرِّ ما بَعْـدَه

එහි අරුථ,

මා වෙත උදෑසන පැමිණ ඇත. මුළු විශ්වයම අයිති අල්ලාහ් (දෙවි)ටය, සර්ව ලෝක ස්වාමියා වන අල්ලාහ්, මම ඔබෙන් දවසේ යහපත ඉල්ලා සිටිමි, එහි සාර්ථකත්වය, උපකාරය, නූර් (ආලෝකය), බරකාහ් (ආශිර්වාද), හිදායා (මඟපෙන්වීම),  එහි ඇති අයහපතින් ආරක්ෂාව ඉල්ලා සිටිමි.

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්

මුස්ලීම්වරයෙකු උදෑසන අවදි වූ විට කලයුතු ඉහත දෛනික ප්‍රාර්ථනාව තුල නබිතුමාණන් පෙන්වා දෙන්නේ උදෑසන අවදි වූ විට දවසේ ජීවනොපායේ “බරකාහ්“ එක දෙවියන්ගෙන් ඉල්ලන ලෙසයි. (මෙතැනදී “බරකාහ්“ යනු කුමක්ද? යන්න සරලව පැහැදිලි කරන්නේ නම්, බරකාහ් යනු, මෙලොව ජීවිතයේ සෑම දෙයක්ම සිදුවන්නේ මැවුම්කරු වන අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත මත යන්න මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. ඒ අනුව පූර්ණ හා සමෘද්ධිමත් ජීවිතයක් භුක්ති විඳීමට නම් අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය අවශ්‍ය වේ. එම ආශිර්වාදය “බරකාහ්“ ලෙස හැදින්වේ.) මෙම දෛනික ප්‍රාර්ථනාව තුලින් නබිතුමාණන් දහවල් කාලය තුල “බරකාහ්“ එක ඉල්ලන ලෙස පැවසීම තුල පැහැදිලි වන්නේ ජීවනොපාය සදහා සුදුසුම කාලය දහවල යන්න සහ රාත්‍රිය විවේකය සදහා යන්න නොවේද?.

අවසාන සටහන

ඉස්ලාම් දහම දිව්‍යමය දහමක් යන්නත්, අල්කුර්ආනය දිව්‍යමය වදන් යන්නත් තහවුරු කරන ලිපි රාශියක් යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. එම සාකච්චා පෙලෙහි කායික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කරන එසේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ නොවී ආරක්ෂා කරන “නින්ද“ මූලික කරගෙන සාකච්චා කරන [[රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්]] යන මෙම ලිපියත්, මීට ඉහත සාකච්චා කල නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව විමසුමක් යන ලිපිය සහ අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයකට සාක්ෂි ඉදිරිපත් කරමින් යාවත්කාලීන කරන [[අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02]] යන ලිපියත් මෙහි ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් මෙම ලිපියට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/01/16

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම