භුගත ජලය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න අවබෝධ කරගන්න හතිහලමින් දුවන නූතන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් අවාසනාවකට මෙම කුර්ආනයේ එවැනි වාක්‍යයන් මනුෂ්‍යයාගේ අවධානයට යොමු නොවේ. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද එවැනි වාක්‍යයන් පිලිබදව නිසි අවබෝධයකි නොමැතිවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවන්නකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ ශුද්ධ වූ කුර්ආනය මිනිස් සමාජයට අණාවර්නය කරන එම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් කලකන දිව්‍යමය පුස්තකය තුල එවැනි බොහෝ දෑ අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් සමාජය එතෙක් නොදනී. එවැනි එක් උදාහරණයක් මෙහි සඳහන් කරන්නේ නම්, ‘භූගත ජලය’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම සදහන් කල හැක. එනම්,

භූගත ජලය

භූගත ජලය එසේත් නැත්නම් පොළොව අභ්‍යන්තරයේ තැන්පත්ව පවතින ජලය. ඇතිවන්නේ කෙසේද?

මෙය තාක්ෂණයේ හා විද්‍යාවේ ඉනිපෙත්තෙ හි සිටින අද සරලව පිලිතුරු දියහැකි පහසු පැනයකි. නමුත් මේ සත්‍යය අණාවර්නය කරගන්න දශක කිහිපයක්ම පරියේෂණ ගවේෂණ ලොව තුල සිදුවුවා යන්න යථාර්ථයයි. ඒ අදට සාපේක්ෂව දියුණු තාක්ෂණික මෙවලම් නොමැති මීට සියවස් කිහිපයකට පෙර අවධියකය. ඒ අනුව එදා ‘භූගත ජලය’ පිලිබදව විවිධ වූ විද්වත් මත සමාජය තුල ප්‍රකාශ වුනි. එනම්,

  • ක්‍රි පූ 7 වන සියවසයේ දී තෙල්ස්, (Thales) නැමැත්තා පැවසුවේ “වේගයෙන් හමන සුළඟ හේතුවෙන් මුහුදෙ තිබෙන ජලය පොලව තුලට ඇදී යයි.” යනුවෙන් පවසන ලදී.
  • ඉහත මතය සමාන මතයක් ප්ලේටෝ, (Plato) නැමැත්තා ද පවසන ලදී.
  • පසෙහි ඇති ජලවාෂ්ප සිසිල් වී පොළොව යට තැන්පත් වී දියඋල්පත් සඳහා ජලය ලබා දෙන බව ඇරිස්ටෝටල් නැමැත්තා පවසන ලදී.

ඉහත මතවාදයන් සියල්ල 18 වන සියවසය දක්වාම පැවත එන ලදී. නමුත් භූගත ජලය ඇති වන්නේ වර්ෂාව හේතුවෙන් බව ප්‍රථමයෙන් විද්‍යාත්මක මතයක් ලොවට ප්‍රකාශ වන ලද්දේ 1580 දීය. එනම් මීට වසර 430 කට පෙරය. ඒ බර්නාඞ් පල්සියි, (Bernard Palissy) නැමැත්තා විසිනි. මොහු පැවසුවේ…

‘භූගත ජලය වර්ෂාව මගින් පොළොවට කිදා’බසින ජලයයි’

මෙම මතය පසු කාලීනව එනම් 17 වන සියවසයේ දී E මාර්රියෝට්, P පෙරාඋල්ට් නැමති විද්‍යාඥයින් දෙපල විසින් පරියේෂණ මගින් ලොවට තහවුරු කරන ලදී.

නමුත් ශුද්ධ වූ කුර්ආනය 7 වන සියවසයේ දී එනම් මෙම මතය ප්‍රථමයෙන් සමාජයට ප්‍රකාශ වීමටත් වසර 1000 කට පමණ පෙර පැහැදිලිවම ශුද්ධ වූ කුර්ආනය “භූගත ජලය” යනු වර්ෂාව හේතු කොටගෙන පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වන ජලය බව පහත ආකාරයට ප්‍රකාශ කරන ලදී. එනම්,

අපි අහසින් ජලය පහල කළෙමු අපි එය පොළවෙහි තැන්පත් කළෙමු.

ශුද්ධ වූ කුර්ආනයේ 23-18

විද්‍යාව මෙම සත්‍යය අණාවර්ණය කරගන්න ගතකල කාලය බුද්ධිමත්ව විමසා බලන කෙනෙකුට මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය නොහැකි බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේ නම් එම සත්‍යය දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පැවසූවේ කෙසේද? මෙය තීන්දු කිරීම බුද්ධිමත් ඔබට ම බාරය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම