අපිට ඇයි බැරි නම්‍යශීලී වන්න…?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි) කැමරා කාචය හරි පුදුමාකාර වස්තුවක්… විවිධාකාර හැගීම්… විවිධාකාර දෘෂ්ඨීන්… විවිධාකාර බලාපොරොත්තූන් පිරුණු මිනිසුන්ගේ සිත් සීමා විනිවිද දකිමින් ඔවුන්ගේ හැගීම් ඡායාරූපයකට නගනවා… මේ මිනිසුන්ගේ විවිධාකාර එල්ලයන් වෙත යන විවිධාකාර හැගීම් කැමරා කාචයේ විවිධ අයුරින් සටහන් වෙනවා…

විවිධාකාර මිනිසුන් එක්ක මේ කැමරාකාචය විවිධාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා… එක අතකින් එයා හරි නම්‍යශීලී… ඕනෑම මිනිසෙකුගේ හැරවුමකට… එල්ලයකට එයා ක්‍රියාකාරී වෙනවා… මේ නම්‍යශීලීබව කැමරා කාචයේ වටිනාකම වැඩි කරනවා…

විවිධ දේ විවිධ මිනිසුන් සමග විවිධාකාරව දකින්න හුරුවීම කැමරා කාචයේ වටිනාකම… ඒත් මේ කැමරා කාචය අපි වගේ සජීවී නෑ… ඇතැමෙකුට කියන්නට පුළුවන් ඒ අජීවී බව තමයි එයාගේ නම්‍යශීලී බවට හේතුව කියලා… ඒත් මිනිසුනේ ටිකක් හිතන්න… අතපය හොලවන්න පුළුවන් අපිට… හොදට හුස්මක් ගන්න පුළුවන් අපිට මීටත් වඩා නම්‍යශීලී වෙන්න බැරිද…? කැමරා කාචය වගේ එකිනෙකාගේ දැක්මට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැහැ… ඔබටම කියලා ජීවිතයක ඔබටම කියලා දැක්මක්… ඔබටම කියලා ජීවිත එල්ලයක්… මේ දේවල් තුළ නම්‍යශීලීව ක්‍රියාකරන ඔබ… ඔබ තුළ ඔබටම ආවේණික ඔබ නම්වූ චරිතයක්…

මේදේවල් එක්ක ජීවිතේ සතුට… දුක… බාධා… කම්කොටළු මැද නම්‍යශීලීව ඔබ ක්‍රියාකරද්දි… හිතන්න… ජීවිතේ දරාගෙන ඉදිරියට යද්දි දැනෙන සතුට…

එක කදුළකදි ජීවිතය අතහැර යනවාට වඩා… ඊලග කදුලෙන් ජීවිතය හිනාවකට පෙරළගන්න දුක ඉදිරියේ ශක්තිමත්ව නම්‍යශීලීව ජීවිතේ දරා ගන්න එක හිතකට මොනතරම් සැනසීමක්ද… සතුටක්ද…

හිතන්න ඇයි අපිට බැරි නම්‍යශීලීබව… දරාගැනීම ඉදිරියේ දුක කදුළ පරදලා ජීවිතේ හොයන්න… ජීවිතේ විදින්න… හැමදාම ජීවිතේ දුකින්ම අදුරු වෙන්නේ නැහැ… සතුටින්ම එළිය වෙන්නෙත් නැහැ… දුක කියන්නේ සතුට සොයා යන ගමනේ හැරවුම් ලක්ෂය… අද දැනෙන දුක හෙට දවසේ සතුට වෙනුවෙන් අපිට මුහුණපාන්නට වෙන පුංච් පරීක්ෂණයක් විතරයි… එහෙනම් අපිටත් පුළුවන් නේද මේ පරීක්ෂණ ජය ගන්න… නම්‍යශීලීව ජීවිතය දරාගෙන… සුභවාදීව හිතන පතන මිනිසෙකු ලෙස…

නුඹලාට (ජීවිතය) දුෂ්කර කිරීමට අල්ලාහ් කැමති නැත.

ශුද්ධ වූ කුර්ආනය – සූරා මාඉදා 06

කතෘ - ෆාතිමා ශාමිලා

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම