අවමන් කිරීම සහ මළ බූරුවා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වරෙක අනාචාරයේ යෙදුණු පුද්ගලයකු ගැන දෙදෙනෙක් බැන වදිමින් සිටියහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන්ගේ සංවාදය අසා නිහඬව ගමන් කළහ. ටික වේලාවකට පසු, ඔවුන්ට කකුල් විසිරී ගිය බූරුවෙකුගේ මළ සිරුරක් හමු විය. රසූලල්ලාහු අලෙයිහි වසල්ලම් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන්ට පැවසූහ, "ගොස් මේ මියගිය කොටළුවාගේ මස් අනුභව කරන්න." "මළ බූරුවෙකුගේ මස් කන්නේ කෙසේ දැ"යි ඔව්හු කීහ. රසූලල්ලාහු අලෙයිහි වසල්ලම් (සල්) තුමාණෝ පැවසූහ, "ඔබ ඔබේ සහෝදරයාට අවමන් කළා, එය මියගිය බූරුවෙකුගේ මස් අනුභව කිරීමට වඩා නරක ය."

ඉහත සිදුවීම අබු දාවුද් විසින් ප්‍රකාශ කරන ලද හදීසයකින් උපුටා ගන්නා ලද්දකි.

මළ කුණු වූ සතෙකුගේ මස් කනවාට වඩා බැන වැදීමේ අකුසල ඵලය දරුණු බව මේ සිද්ධියෙන් අපට දැනගන්නට ලැබේ. කටගැස්ම දිවට මිහිරි වුවත් එය දුම්පානයට සමානයි. දුම් පානය කරන්නා දුම් පානය කරන විට සතුටක් ලබන නමුත් ඒ සමඟම ඔහුගේ පෙනහළු විනාශ කරයි. ඒ වගේ ම කෙනෙක් කොන්ද පනිනකොට තමන් කතා කරන කෙනාට දීලා තමන්ගෙ හොඳ දේවල් විනාශ කර ගන්නවා.

එපමණක්ද නොව, යමෙකු බොහෝ විට බැන වදිනවා නම්, ඔබේ රහස් සමඟ ඔවුන්ව විශ්වාස නොකරන්න. මන්ද, ඔවුන්ට අන් අය ගැන කිසිදු පැකිලීමකින් තොරව කතා කළ හැකි නම්, ඔවුන්ට නිසැකවම ඔබ ගැන අන් අය සමඟ කතා කළ හැකිය.

කර්තෘ - ඉබ්නු රිෆාන්


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම