ඉහ්සාන්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම “ඊමාන්”, “ඉහ්ලාස්” සහ “ඉහ්සාන්” යන මූලික සංකල්ප තුන මත ගොඩනැඟූණු දහමකි. මෙහි “ඉහ්සාන්” යන්න ද ඉස්ලාම් දහම තුල පුළුල් සංකල්පයකි. අල්කුර්ආනය “ඉහ්සාන්" යන වදනට විවිධ අර්ථවලින් භාවිතා කොට ඇත. මෙම “ඉහ්සාන්” යන්නට ආගමික විග්‍රාහය වන්නේ, මුස්ලීම්වරයෙකු කිසියම් ක්‍රියාවක නියැලෙන විට, එහිදී ඉස්ලාමීය මූලික විශ්වාසයන් නිවැරදිව පිලිගෙන (“ඊමාන්” කොට) මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීමන් මත (“ඉහ්ලාස්” හි) පිහිටා එම ක්‍රියාව විශිෂ්ට අන්දමින් ඉටු කිරීමයි. එනම් එම ක්‍රියාව තුල අවංකකම, පරිපූර්ණත්වය, යහපත් බව සහ නිවැරදි බව... වැනි ගුණාංග පැවතීම අත්‍යඅවශ්‍ය වේ. මෙය මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැහැදිලි කලේය. එනම්,

"ඔබ (කිසියම් ක්‍රියාවක නියැලෙන විට) අල්ලාහ් (දෙවි) ඔබ ඉදිරියේ සිටිනවා යැයිද, ඔබ ඔහු දකිනවා යැයිද සිතා නැමදුම් ඉටු කරන්න. ඔබ ඔහුව නොදැක්කාට ඔහු ඔබව දකින බව විශ්වාස කරන්න." 

හදීස් ග්‍රන්ථය - මුස්ලීම් (මේ පිලිබදව වැඩිදුර කියවන්න - හදීස් ජිබ්රීල්)

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහා ඉහ්සාන් යනු කුමක්ද? යන ලිපිය බලන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම