දෙවියන්ට අවනතවීම හා එම මාර්ගයට කැදවීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් මුස්ලීම්වරයෙකු යනු කවුරුන්ද? යන විග්‍රහය මීට වඩා බොහෝ සේ සංකීර්ණය. ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව නමත්, පෙනුමත් මුස්ලීම් වූ පමණින් ඔහු මුස්ලීම් හෝ ඔහුගේ දහම ඉස්ලාම් නොවේ. ඒ පිලිබදව කරණ විමසා බැලීමයි මෙම ලිපියෙන් මෙලෙස ආරම්භ කරන්නේ.

අල්ලාහ් (දෙවි)ට අවනතවීම මෙන්ම දහම වෙත කැදවීම ද කලයුතුය.

මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු ගුණාංගයන් අතුරින් අල්ලාහ් දෙවි විශ්වාස කලයුතු ආකාරයට විශ්වාස කොට ඔහුට අවනතවීම ප්‍රධාන ගුණාංගයක් බව ඉස්ලාම් පවසයි. එසේම මුස්ලීම් නොවන ජනයා ඉස්ලාමය වෙත කැඳවීම ද කලයුතු යන්න අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට පවරන වගකීමක් වේ. එවැනි වාක්‍යයන් කිහිපයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

කවුරුන් අල්ලාහ් දෙසට ( සත්‍ය මාර්ගය දෙසට ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවල නියලී, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වෙමි’ යයි පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදනක් පවසන්නෙක් වෙන කවරෙක්ද?”

අල්කුර්ආනය 41-33

(යුදෙව්) දහම්ලත් ජනයිනි! අපි අල්ලාහ් හැර අන්කිසිවකු නැමදුම් නොකලයුතුයි. අපි අල්ලාහ්ට කිසිවක් සමාන නොකලයුතුයි, අපි අල්ලාහ් හැර අන්කිසිවකු පරමාධිපති ලෙස නොගතයුතුයි, යනුවෙන් අප සහ නුඹලා අතර පොදු සම්මුතියකට එළඹෙමුයිද? යනුවෙන් විමසන්න. එය ඔවුන් (ඔබගේ ආරාධනාව නොපිළිගෙන) ප්‍රතික්ෂේප කලේනම්, ‘අප (අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ඔහුට පමණක් අවනත වන) මුස්ලිම්වරුන් වෙමු යන්නට නුඹලා සාක්ෂි කරුවන් වනු’ යයි ඔවුනට (නබි මුහම්මද්!) පවසන්න.

අල්කුර්ආනය 3-64

මෙම වක්තෘවරයා (මුහම්මද්) නුඹලාට දහම පවසන්නෙකු ලෙසත්, එය නුඹලා අනිකුත් ජනයාට පවසන්නන් ලෙසත්, (අල්ලාහ් වන) ඔහු නුඹලාව තෝරා පත්කරගත්තේය. නුඹලාගේ පියාණන් වන ඉබ්බ්‍රහීම්ගේ මාර්ගය වන මෙම මාර්ගය තුල (අල්ලාහ් වන) ඔහු කිසිදු දුෂ්කරතාවයක් මෙහි ඇති නොකලේය. මෙයට පෙරත් මෙහිත් (අල්ලාහ් වන) ඔහුමය නුඹලාට ‘මුස්ලීම්’ යන නම දුන්නේ. එමනිසා සලාතය (නැමති නැමදුමෙහි නිසියාකාරව) නිරතවන්න. සකාත් (නම් අනිවාර්‍ය බද්ධ) ගෙවන්න. අල්ලාහ් (දෙවි) හොදින් ග්‍රහණය කරගන්න්. ඔහුමය නුඹලාගේ ආරක්ෂකයා. තවද ඔහු විශිෂ්ඨ ආරක්ෂකයෙකුය. ඔහු ඉතා හොද උදව්කරුවෙකු ද වන්නේය.

අල්කුර්ආනය 22-78

ඉහත වාක්‍යයට අනුව මුස්ලීම්වරයෙකු නම්, ඔහු පූර්ණ වශයෙන් අල්ලාහ් (දෙවි) පිලිගෙන ඔහුට සම්පූර්ණයෙන් අවනත වී ජනයා ද සත්‍ය මාර්ගය වෙත ආරාධනා කරන කෙනෙකු වීම අත්‍ය අවශ්‍ය ගුණාංගයක් යන්න මෙයින් පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම