නබි හෙවත් වක්තෘවරුන්

From Yahamaga
Revision as of 04:01, 30 April 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නබි හෙවත් වක්තෘවරුන්
නබි හෙවත් වක්තෘවරුන්

ඉස්ලාම් දහමේ දිව්‍ය වදන් පෙලගැස්ම වන අල්කුර්ආනය සහ අල්හදීස් ඇසුරෙන් 'නබි හෙවත් වක්තෘවරුන්' විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. ඒ අනුව විවිධ වූ අනුමාතෘකාවන් ඔස්සේ එම කාරණය වෙත මෙම ලිපිය තුලින් දැන් අවදානය යොමු කරමු.

නබිවරුන් හෙවත් වක්තෘවරුන් විශ්වාස කිරීම

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා මිනිස් වර්ගයාගෙන් ම තෝරා පත් කර යවන ලද අය දේව වක්තෘවරුන් වෙති.

සියලු මිනිස් සමාජවලට දේව වක්තෘවරු

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ :36* سورة النحل   

“අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු! අයහපත් බලවේග (වන ව්‍යාජ දෙවිවරුන් නැමදීම්) වලින් වළකිනු, යැයි (අවවාද කිරීම සඳහා) සියලු මිනිස් සමූහයන් හට දූතයෙක් ව (වක්තෘවරයෙක්ව) අපි යවා ඇත්තෙමු.   අල් කුර්ආන් 16:36

දේව වක්තෘවරුන්ගේ සංඛ්‍යාව

දේවවක්තෘවරුන්ගේ මුලු ගණන ගැන සඳහන් වන කිසිඳු නිවැරදි (සහීහ් වූ) හදීසයක් නොමැත. අල්ලාහ් පවසන සේක.   وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ :78* سورة غافر   ඔබට පෙර බොහෝ දූතයින්ව(වක්තෘවරුන්ව) අපි යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමුන් ගැන ඔබට පවසා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමුන් ගැන ඔබට පවසා නැත.   අල් කුර්ආන් 40:48

කුර්ආනයේ නම් සඳහන් නබිවරු

ශුද්ධ වූ කුර්ආනයේ දේව වක්තෘවරු විසි පස් දෙනෙකුගේ නම් සඳහන් වෙයි.   හය වන පරිච්චේදයේ 83 සිට 86 දක්වා වූ වාක්‍ය වල නබිවරු 18 දෙනෙකුගේ නම් සඳහන් වෙයි. 01) ආදම් අලෛ) අල්කුර්ආන් 3:33   02) නූහ් (අලෛ)   03) ඉබ්රාහීම් (අලෛ)   04) ඉස්හාක්   (අලෛ)   05) යාකූබ් (අලෛ)   06) දාවූද් (අලෛ)   07) සුලෛමාන් (අලෛ)‍   08) අයියූබ් (අලෛ)   09) යූසුෆ් (අලෛ)   10) මූසා (අලෛ)   11) හාරූන් (අලෛ)   12) ස‘කරීයා (අලෛ)   13) යහ්යා (අලෛ)   14) ඊසා (අලෛ)   15) ඉල්යාස් (අලෛ)   16) ඉස්මාඊල් (අලෛ)   17) අල්යසඋ (අලෛ)   18) යූනුස් (අලෛ)   19) ලූත් (අලෛ)   20) ඉද්රීස් (අලෛ) (අල් කුර්ආන් 19:50)   21) හූද් (අලෛ) (අල් කුර්ආන් 26:124)   22) සාලිහ් (අලෛ) (අල් කුර්ආන් 26:143)   23) ෂුඅයිබ් (අලෛ) (අල් කුර්ආන් 26:178)   24) සු‘ල්කිෆ්ල් (අලෛ) (අල් කුර්ආන් 38:48)   25) මුහම්මද් (සල්) (අල් කුර්ආන් 33:40)

ප‍්‍රථම නබි

ආදම් (අලෛ) තුමා ලෝකයේ ප‍්‍රථම මිනිසා හා නබි වරයා වෙයි. නමුත් ලෝ වැසියන් සියලු දෙනා වෙනුවෙන් පොදුවේ යවනු ලැබූ ප‍්‍රථම නබි වරයා වන්නේ නූහ් (අලෛ) තුමාණන් ය. ෂෆාඅත් පිළිබඳ හදීසයෙහි… පරලොවේදී මිනිස්සු නූහ් (අලෛ) තුමා වෙත පැමිණ ලෝ වැසියන් හට එවනු ලැබූ දේව වක්තෘවරුන් අතරින් පළමුවැන්නා ඔබ තුමා යැයි පවසනු ඇත.   දැන්ම් දෙන්නා : අබූ හුුරෛරා (රලි)   ග‍්‍රන්ථය       : බුහාරී (3340)

අවසාන වක්තෘවරයා

දේව වක්තෘවරුන් අතරින් අවසාන වක්තෘවරයා වන්නේ නබි මුහම්මද් (සල්) තුමාණන් ය. අවසාන දිනය දක්වා ම මේ මිහිතලය මත ජීවත් වන සියලු දෙනා හට අවසාන නබි වරයා වන්නේ මෙතුමා පමණි. මෙතුමාණන්ට පසුව කිසිදු දේව වක්තෘවරයෙක් පැමිණෙන්නේ නැත. වක්තෘත්වය (හෙවත් නබිත්වය) මෙතුමාණන් සමඟ පරිපූර්ණ විය.    

مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا :40* سورة الأحزاب  

මුහම්මද් ඔබලාගෙන් කිසිදු පුරුෂයෙකුට පියා වූයේ නැත. නමුත් අල්ලාහ්ගේ වක්තෘවරයා ද නබිවරුන්ගෙන් මුද්‍රාව (අවසානයා) ද වන්නේ ය.   අල් කුර්ආන් 33:40

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ :28* سورة سبأ   

(මුහම්මද්!) මුළු මිනිස් සංහතිය සඳහා ම ශුභාරංචි පවසන්නෙකු වශයෙන් ද අවවාද කරන්නෙකු වශයෙන් ද මිස අපි ඔබව නො යැව්වෙමු.   අල් කුර්ආන් 34:28

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ :107* سورة الأنبياء     

(මුහමුමද්!) ඔබව සකල ලෝ වාසීන් හට දායාදයක් ලෙස මිස නො යැව්වෙමු.   අල් කුර්ආන් 21:107

وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ :3* سورة الجمعة   ඔවුන් අතුරින් අනික් අය සඳහා ද (මුහම්මද් (සල්) තුමාණන්ව වක්තෘවරයා වශයෙන් යවන ලදී) මොවුන් තවම ඔවුන් හා එකතු වූයේ නැත.   අල් කුර්ආන් 62:3 وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَගගගග :19* سورة الأنعام   මෙ මඟින් ඔබලාටත් කා වෙත මෙය පැමිණියේ ද, ඒ අයටත් මම අවවාද කිරීම සඳහා මෙම කුර්ආනය මා වෙත (වහී මගින්) දැනුම් දී ඇත.   අල් කුර්ආන් 6:19      

==ව්‍යාජ නබිවරු ==    නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ මාගේ සමාජයෙහි බොරුකාරයින් 30 දෙනෙකු බිහි වනු ඇත. ඔවුන් සියලු දෙනා ම තම තමන්ව නබිවරයා යැයි තර්ක කරනු ඇත. නබිවරුන්ගේ මුද්‍රාව මම යි. මගෙන් පසු කිසිඳු නබිවරයෙක් නොමැත.   දැනුම් දෙන්නා : සෆ්වාන් (රලි) ග‍්‍රන්ථය : තිර්මිදී (2145)    

රසූල් හා නබි පිළිබඳ විග‍්‍රහය

කුර්ආනයේ නබි යැයි සඳහන් කරනු ලබන අය ද, රසූල් යැයි සඳහන් කරනු ලබන අය ද, දෙපිරිසක් බවට ඇතැමුන් අදහස් කරති. ඒ පිළිබඳ විමසා බලමු.   නබි යන වචනයේ අර්ථය දැනුම් දෙන්නා යන්නයි. දෙවිගෙන් ලබා ගන්නා පණිවිඩය ජනතාවට දැනුම් දෙන්නා යන අර්ථයෙන් මෙය ඉස්ලාමීය ව්‍යවහාරයේ භාවිතා වේ.   රසූල් නැමැති වචනය ද ශුද්ධ වූ කුර්ආනයේ භාවිතා වී ඇත. දූතයා (වක්තෘවරයා) යන්න මෙහි අර්ථය යි. ඉස්ලාමීය ව්‍යවහාරයේ දූතයා(වක්තෘවරයා) යනු දෙවිගේ පණිවිඩය ජනතාව වෙත ගෙන එන්නා ය.   මෙම වචන දෙක අතර විශාල වෙනසක් ඇතැයි ඇතැම්හු කල්පනා කරති. රසූල් යනු (අල්ලාහ් විසින්) පුස්තකය අනාවරණය කරනු ලැබූ පුද්ගලයා බවත් නබි යනු එම පුස්තකයට අනුව ප‍්‍රචාරක කටයුතු වල නියැලෙන්නා බවත් සමහරු පවසති. ඔවුන්ගේ මෙම අදහස වැරදි ය. පහත සඳහන් කුර්ආන් වාක්‍යයෙන් දැනගත හැක්කේ (අල්ලාහ් විසින්) නබිටත් පුස්තක අනාවරණය කරනු ලැබ ඇති බවයි.    

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ :213* سورة البقرة     

(මුලදී) මිනිස්සු (දෙවිගේ එකම ධර්මයක් පිළි ගත්) එකම සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුන් මතභේද වූ හෙයින්) එවිට අල්ලාහ් ශුභාරංචි දෙන්නන් ලෙස ද, අවවාද කරන්නන් ලෙස ද, නබි(දේව වක්තෘ)වරුන් ව එවූ සේක. (තවද) ඔවුහු මතභේද වූ දෙයෙහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය පුස්තකය ද පහළ කළ සේක. ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුත්, එහි මතභේද වූයේ පුස්තක ප‍්‍රදානය කරන ලද අයයි. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවමය, (එයට) හේතු විය. ඔවුන් මතභේද වූ දෙයෙහි සත්‍ය කුමක් ද යන්න අල්ලාහ් සිය කැමැත්ත පරිඳි විශ්වාසවන්තයින් හට මග පෙන් වූ සේක. අල්ලාහ් කැමැති අය ව සෘජු මාර්ගයෙහි යොමු කරන සේක.   අල් කුර්ආන් 2:213 තවද 2:136, 3:79, 3:81, 19:30, 27:112.117, 29:27, 5:16, 7:26, යන වාක්‍යවලත් නබිවරුන් හට ද පුස්තක අනාවරණය වූ බව සඳහන් වේ.

තවත් සමහරු නබි යනු තනි පුස්තකය ගෙන ආ පුද්ගලයා යැයි ද රසූල් යනු එම මාර්ගය අනුගමනය කරන්නා යැයි ද පවසති. මෙම මතය ද වැරදි ය. රසූල්වරයාට ද තනි පුස්තකය අනාවරණය වූ බව පහත සඳහන් කුර්ආන් වාක්‍යයෙන් පැහැදිලි වේ.     هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ :33* سورة التوبة     (අල්ලාහ්ට අන් අයව) සමාන කරන්නන් අප‍්‍රිය කළ ද, සියලු ධර්මයන් අභිභවා සිටීම පිණිස යහමග හා සත්‍ය පුස්තකය සමග සිය රසූල්(වක්තෘ) වරයා ව එවූයේ උන්වහන්සේම ය.   අල් කුර්ආන් 9:33 තවද 10:57, 17:1, 58:28, 6:19, යන වාක්‍යවලින් ද මෙම අදහස ම ප‍්‍රකාශ වේ.  

රසූල්වරුගේ සංඛාව 313 ද නබිවරුන්ගේ සංඛාව එක් ලක්ෂ විසිහතර දහසක් ද වේ යන කියමනටද සහීහ් වූ හදීස් වල කිසිදු සාධකයක් නොමැත. රසූල් හා නබි යනු දේව වක්තෘවරුන්ව හදුන්වන වචන දෙකකි. මේ දෙකෙහිම අර්ථය එකකි. නබි හා රසූල් අතර කිසිදු වෙනසක් නොමැත.

දේව වක්තෘවරුන්ගේ ගුණාංග

===දේව වක්තෘවරු සියලු දෙනා ම පුරුෂයෝ වෙති===     وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ :43* سورة النحل   අපි ඔබට පෙර වහී(දිව්‍යමය පණිවිඩ) දන්වා (වක්තෘවරු ලෙස) පිරිමියින්ව මිස නො යැව්වෙමු. ඔබලා නොදන්නෙහු නම් නැණවතුන් ගෙන් අසන්න.   සියලු වක්තෘවරුන් හට වෙන වෙන ම මාර්ග.     لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا :48*   ඔබලා අතුරින් සියලු දෙනා හටම නීති මාලාවක් හා මාර්ගයක් ඇති කර ඇත්තෙමු.   අල් කුර්ආන් 5:48

නබිවරු ද දෙවිගේ ගැත්තන් ය

وَاذْكُرْ عِبَادَنَا إبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ أُوْلِي الْأَيْدِي وَالْأَبْصَارِ :45* سورة ص   බල සම්පන්න බවෙන් හා (නිවැරදි) දැක්මෙන් යුත් අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් යාකූබ් නැමැත්තන්ව සිහිපත් කරනු!   අල් කුර්ආන් 38:45

දේව වක්තෘවරුන් ද මිනිසුන් ය

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا :110* سورة الكهف   මා ද ඔබලා මෙන්ම මිනිසෙකි. (නමුත්) ඔබලාගේ දෙවි එකම දෙවියා යැයි මා හට වහී (දිව්‍යමය පණිවිඩ) දැනුම් දෙනු ලැබේ. තම දෙවිගේ හමුවීම අපේක්ෂා කරන්නා යහ ක‍්‍රියාම කරත්වා! තම දෙවිට කරන නැමදුමෙහි කිසිවෙක්ව (උන්වහන්සේට) ආදේශ නො කරත්වා යැයි පවසනු!   අල් කුර්ආන් 18:110

නබිවරු දෙවිගේ ආධිපත්‍යයෙහි කොටස්කරුවෝ නොවෙති.

قُل لاَّ أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلاَ ضَرًّا إِلاَّ مَا شَاء اللّهُ وَلَوْ كُنتُ أَعْلَمُ الْغَيْبَ لاَسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَاْ إِلاَّ نَذِيرٌ وَبَشِيرٌ لِّقَوْمٍ يُؤْمِنُونَ :188* سورة الأعراف     අල්ලාහ් කැමැති වුවොත් මිස යහපතක් හෝ අයහපතක් මා හට අත් කරගන්නට මට නොහැක. මම ගුප්ත දෑ දැන සිටියෙමි නම් යහපතම අත්කර ගන්නෙමි. කිසිඳු අකරතැබ්බක් මා හට සිදු නොවන්නට තිබුණි. මම විශ්වාස කරන සමූහයාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දෙන්නෙකු පමණෙක්මි.   අල් කුර්ආන් 7:188

නබිවරුන්ට සිය අභිමතය පරිදි ප‍්‍රාතිහාර්ය පෑමට නොහැක.

وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلاَّ بِإِذْنِ اللّهِ ගගගගගගග:38* سورة الرعد     කිසිඳු රසූල්වරයෙකුට අල්ලාහ්ගේ අවසරයෙන් තොර කිසිඳු ප‍්‍රාතිහාර්යයක් (පෑමට) ගෙන ඒමට නොහැක.   අල් කුර්ආන් 13:38

නබිවරු පවුල් ජීවිත ගත කළහ.

وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً :38*   ඔබට පෙර අපි වක්තෘවරුන්ව (රසූල්වරුන්ව) යැවා ඇත්තෙමු. ඔවුන්ට භාර්යාවන් ද දූ දරුවන්ද ඇති කළෙමු.   අල් කුර්ආන් 13:38

ඊසා (අලෛ) තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි.

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا :30* سورة مريم   (එවිට) ඔහු (එම දරුවා) “මම අල්ලාහ්ගේ ගැත්තෙකි. උන්වහන්සේ මා හට පුස්තකය ප‍්‍රදානය කර ඇති සේක. මාව නබිවරයෙක් කර ඇති සේක” යැයි පැවසීය.   අල් කුර්ආන් 19:30

මෙය ඊසා (අලෛ) තුමාණන් ළදරු වියේ දී කළ ප‍්‍රකාශයකි.    

ඊසා (අලෛ) තුමාණන් ඝාතනයට ලක් නොවී ය.

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا :157* بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا :158* سورة النساء     

“අල්ලාහ්ගේ වක්තෘ වන මර්යම්ගේ පුත් මසීහ් නම් ඊසාව අපමය ඝාතනය කළේ” යැයි ඔවුන් පැවසූ නිසාත්, (අල්ලාහ් මුද්‍රා තැබූ සේක) ඔවුන් ඔහුව ඝාතනය කලේ නැත. ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ නැත. නමුත් ඔවුන්ට ඔහු මෙන් කෙනෙක් බාර කරනු ලැබීණි. මෙ(ම කරුණෙ)හි මතභේද වූ අය සැකයෙහි පසුවන්නෝය. අනුමානය පිළිපැදීම මිස ඔවුන්ට මේ ගැන දැනුමක් නොමැත. ස්ථිර වශයෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. නමුත් අල්ලාහ් ඔහුව තමන් වෙත ඔසවා ගත් සේක.   අල් කුර්ආන් 4:157,158

කුර්ආනය සමග නබිතුමාගේ මගපෙන්වීම පිළිපැදීම ද අනිවාර්ය වේ.

لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ :164* سورة آل عمران     විශ්වාසවන්තයින්ට ඔවුන් අතුරින්ම වක්තෘවරයෙක් යැවීමෙන් ඔවුන් හට අල්ලාහ් මහත් අනුග‍්‍රහයක් දැක් වූ සේක. ඔවුන් හට ඔහු උන්වහන්සේගේ වදන් පවසන්නේ ය. ඔවුන්ව පිවිතුරු කරන්නේ ය. ඔවුන්ට පුස්තකයද ඥාණය ද උගන්වන්නේ ය. මීට පෙර ඔවුහු ප‍්‍රකට අයහමගෙහි සිටියහ.   අල් කුර්ආන් 3:164

وَمَا يَنطِقُ عَنِ الْهَوَى :3* إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى :4* سورة النجم   ඔහු සිය අභිමතයට අනුව (කිසිවක්) කතා නොකරයි. එය(සියල්ල) ඔහු වෙත වහී (දිව්‍යමය පණිවිඩ) මඟින් දැනුම් දෙන දේ මිස වෙන කිසිවක් නොවේ.   අල් කුර්ආන් 53:3,4

:44* سورة النحل   وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ     

ජනතාව වෙත අනාවරණය කරන ලද දෙය ඔබ ඔවුන්ට විග‍්‍රහ කළ යුතු නිසාත්, ජනතාව කල්පනා කළ යුතු නිසාත්, මෙම දේශනය (වු කුර්ආනය) ඔබ වෙත පහළ කෙළෙමු. අල් කුර්ආන් 16:44

ශුද්ධ වූ කුර්ආනය තේරුම් ගැනීම සඳහා ක‍්‍රම දෙකක් ඇති බව මෙම වාක්‍යයෙන් කිව වේ. කුර්ආනය කියවන්නන්ම කල්පනා කර තේරුම් ගැනීම පළමු ක‍්‍රමය යි. මෙම කුර්ආනය දෙවිගෙන් ජනතාව වෙත ගෙන ආ තැනත්තා වන අල්ලාහ්ගේ වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ලබා දී ඇති විග‍්‍රහ පදනම් කරගනිමින් තේරුම් ගැනීම දෙවන ක‍්‍රමය යි.     කුර්ආනය ගැන විමසා බලන කල බොහෝ වාක්‍ය කිසිඳු විග‍්‍රහයකින් තොරව කියවන විටම හෝ අවධානයෙන් යුතුව කල්පනා කරන විට වටහාගත හැක.නමුත් ඇතැම් වාක්‍ය කොපමණ කල්පනා කළ ද නබි (සල්) තුමාණන්ගේ විග‍්‍රහය නැතිව නිවැරදිව වටහා ගත නොහැක. “මුහම්මද්! ඔබට පුස්තකය ලබා දුන්නේ ඔබ විග‍්‍රහ කිරීම සඳහාත්, ඔවුන් කල්පනා කිරීම සඳහාත්” යැයි මෙම වාක්‍ය ඉතා පැහැදිලිව පවසයි. නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ විග‍්‍රහයන් මඟ හැරිය නොයුතු කුර්ආනය හා එකට බැඳුනු ඒවා ය යන්න පැහැදිලිව ම ඔප්පු කිරීමට මෙම වාක්‍යය ප‍්‍රබල සාධකයක් සපයයි.

නබිවරු අතර වෙනස්කම් දැක්වීම තහනම්

එක් එක් නබිවරුන්ට ලබා දී ඇති ශ්‍රේෂ්ඨත්වයන් මගින් ඔවුනොවුන්ව පැසසුමට ලක් කළ යුතු අතර අප විසින් ම නබිවරුන් අතර භේද භින්නයක් ඇති කිරීම නො කළ යුතු ය.  

 

مَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ 285* سورة البقرة  

මෙම වක්තෘවරයා (මුහම්මද්) සිය දෙවිගෙන් තමා වෙත අනාවරණය වූ දැය විශ්වාස කළේ ය. විශ්වාසවන්තයෝ ද (මෙය විශ්වාස කළහ) සියලු දෙනා ම අල්ලාහ්වත්, උන්වහන්සේගේ මලායිකාවරුන්වත්, උන්වහන්සේගේ පුස්තක හා උන්වහන්සේගේ වක්තෘවරුන්වත් විශ්වාස කළහ.” උන්වහන්සේගේ වක්තෘවරුන් අතර වෙනස්කම් නො දක්වමු; අපි සවන් දුන්නෙමු; අවනත වුණෙමු. අපගේ දෙවියෙනී! ඔබ වහන්සේගේ ක්‍ෂමාව (අයදින්නෙමු). අපගේ නැවත පැමිණීම ඔබ වහන්සේ වෙත ය” යි පවසන්නෝ ය.   

අල් කුර්ආන් 2:285

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම