තම දහම තුල කොටස්වලට බෙදී භේදවූවන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ඉස්ලාමීය ජන සමුහයක ජීවත් වන ආගමික විද්වතුන් හා පුජකවරුන් අල්ලාහ් දෙවියන් පහල කල නීති මාලාව අනුව ක්‍රියා නොකොට ස්වමත පදනම් කරගෙන ක්‍රියා කරන්නේ නම්, එවැනි ජන සමුහයක් මධ්‍යයේ විවිධ වූ මත භේදයන් හා ගැටුම්කාරී තත්වයන් බලාපොරොත්තු වන්න.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

මෙම කාරණය ද ඉහත හතරවන කාරණයට සමාන වු කාරණයක් වුවත් මෙහි ප‍්‍රධාන චෝදනාව එල්ලවන්නේ ඉස්ලමීය පුජකවරුන්ට හා විද්වතුන්ටය. කිසියම් ආගමික කාර්යයක් කටයුත්තක් තීරණය කිරීමේ දී එය ආගමික ඉගෙන්වීමට අනුකූල වියයුතුය. ඉස්ලාම් දහමට අනුකූලව කිසිවක් තීරණය කරනවා යනු “අල්ලාහ් දෙවියන්ගේ නියෝගයන් අනුව සහා ඔහුගේ වක්තෘවරයාගේ මගපෙන්වීම අනුව එය සිදුකල යුතුයි” යන්නයි. මෙය ඉස්ලාම් දහම ශුද්ධ වු කුර්ආනයේ 4-59 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරයි.

“විශ්වාස වන්තයනී!, අල්ලාහ් (දෙවියන්) ද අවසාන දිනය ද විශ්වාස කරන්නේ නම් අල්ලාහ් (දෙවියන්)ට ද, ඔහුගේ වක්තෘවරයා (වන මුහම්මද් (සල්))ට ද නුඹලාගේ අධිකාරීන්ට ද කීකරු වන්න. නුඹළා අතර යම් මත භේදයක් ඇති වුයේ නම් අල්ලාහ් (කුර්ආනය) වෙත ද ඔහුගේ වක්තෘවරයා (හදීසය හෙවත් ආදර්ශය) වෙත ද රුගෙන යනු. මෙය තමා සුදුසුම හා අලංකාරම ක‍්‍රියාව වන්නේ”

ඉහත වාක්‍යට අනුව මුස්ලීම් සමාජයේ යම් කාරණයක් පිලිබදව මත භේදයක් ඇති වුයේ නම් එය විසදාගත යුතු ආකාරය පැහැදිලිව පෙන්වා දේ. එසේ නොමැතිව දහම තුල විවිධ නිකායන් නිර්මාණය කරගෙන ඒවාට ශියා මුස්ලීම්, සුන්නි මුස්ලීම්… ලෙස විවිධ නම් යොදාගෙන සමාජය බේදබින්න කිරීම ඉස්ලාම් අනුමත නොකඑන මහා පාපයන් වේ. ඉස්ලාමීය ඉගෙන්වීම එසේ තිබිය දී විවිධ ලෞකික වාසි අපේක්ෂාවෙන් ආගමික පූජකවරැන් දේශපාලන පක්ෂයක් ගොඩනඟනවා සේ ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ජනතාව තමන් වටා ඒකරාශි කරමින් කටයුතු කරයි. මෙවැනි පූජකවරැන්ගේ එකම අරමුණ ලෞකික ජීවිතය පමණි. එනම්, මුදල් ඉපයීම, දේශපාලන ශක්තිය ගොඩනැගීම, ජනප්‍රියත්වය, ජනතාවගේ ගෞරවය දිනාගැනීම, සංවිධාන ගොඩනැගීම… වැනි කාරණයන් පමණි. ඉහත අරමුණු දිනාගැනීම සදහා පොදු ජනතාවගෙන් සත්‍ය දහම වසන් කොට තම ස්වමත ක්‍රියාවට නංවයි අවසානයේ ආගමික මූලාශ්‍රයන් පිලිබදව අවබෝධයක් නැති ජනතාව හමුවේ ඉතිරි වන්නේ විකෘති වූ දහමක් පමණි. මෙය කෙතරම් අවාසනාවන්ත තත්වයකන් ද යන්න පවසනවා නම්, අන්ආගමිකයන් පමණක් නොවේ සමහරක් මුස්ලීම්වරුන් පවා අවබෝධ කරගෙන සිටින්නේ ඉස්ලාම් දහම තුල විවිධ නිකායන් පවතින බවයි. (මේ පිලිබදව ඉදිරියේ දී පුළුල්ව කථා කරමි)

මෙවැනි සමාජයේ අවසාන ඉරණම ඉහතින් සදහන් කල පස්වන කාරණය එනම්, “…එවැනි ජන සමුහයක් මධ්‍යයේ විවිධ වූ මත භේදයන් හා ගැටුම්කාරී තත්වයන් බලාපොරොත්තු වන්න” යන්න අද මුස්ලීම් ප්‍රජාව අත්විදිමින් සිටී. උදාහරණයක් ලෙස ජාත්‍යන්තරයේ ඉරාක අභ්‍යන්තර ගැටුම, එනම් ශියා හා සුන්නි මුස්ලීම් ගැටුම සදහන් කල හැක. ලාංකීය සමාජයේ ද මෙවැනි ගැටුම් බොහෝමයක් සිදුවන අතර පසුගිය 2009’07’24 දින බේරැවල මුස්ලීම් දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුම හා එහි සිදුවූ මිනිස් ඝාතනය සමීපතම සිදුවීමකි. මේ අනුව ඉහත අනාවැකිය කොතරම් දරැණූ ලෙස මුස්ලීම් සමාජයටත් ඉස්ලාම් දහමටත් බලපානවාද? යන්න සමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකුටත් අවබෝධ කරගැනීම අපහසු කාර්‍යයක් නොවේ. මෙම තත්වයෙන් මිදීමට නම් විවිධ පුද්ගල චරිත ඔස්සේ පෙල ගැසෙනවා වෙනුවට ශුද්ධ වූ කුර්ආනය වටා පෙලගැසීම කාලීන වගකීමක් වේ. මෙය ශුද්ධ වූ කුර්ආනය අල්ලාහ් (දෙවියන්) මෙසේ අවධාරනය කරයි. “එන්න අල්ලාහ් (දෙවියන්)ගේ (කුර්ආනය නැමැති) දම්වැල අල්ලාගන්න බෙදෙන්න එපා” එසේ නම් සෑම මූස්ලීම්වරයෙකුම මේ ඔස්සේ ක්‍රියා කිරීම අනිවාර්ය වගකීමක් නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම