වංචනික ක්‍රියාවන් සමාජය තුල සිදුවීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“කවර ජන සමුහයක වංචනික ආකාරයට කිරුම් මිනුම් සිදු කරමින් ජනතාව මුලාකරමින් ව්‍යාපාර සිදු කරන්නේ ද එවන් ජන සමුහයක් සාගින්න, උද්ධමනය, දුප්පත්කම, පාලකයන්ගේ හා අධිකාරීන්ගේ හිරිහැර හා කුමන්ත‍්‍රණ නිරන්ත‍්‍රයෙන්ම බලාපොරොත්තු වන්න.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

ඉහත අනාවැකිය පිලිබදව දැඩි අවධානයක් යොමු කලයුතු වකවානුවක් ලෙස වර්ථමානය හැදින්විය හැක. වර්ථමාන වෙළද පොල සැලකුවිට සෑම නිෂ්පාදිත භාණ්ඩයකටම සමාන තවත් අනුකරන ප‍්‍රමිතියෙන් අඩු භාණ්ඩයක් දක්නට ලැබේ. මෙම වෙළද භාණ්ඩයන් පාරිභෝගිකයන් මුලාකරමින් අලෙවි කෙරේ. මේ නිසාම කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී එය නියම ප‍්‍රමිතියට නිෂ්පාදනය කල භාණ්ඩයක්ද යන්න විමසා බැලීමට සිදුවී ඇත. මෙසේ සුපරික්ෂාවෙන් කිසියම් භාණ්ඩයක් මිල දී ගත්ත ද පාරිභෝගිකයාට වඩා සුක්‍ෂම ආකාරයට එහි විවිධ මුලාවන් සිදුකිරීමට නිෂ්පාදකයන් පෙළඹී සිටී. මේ නිසා බොහෝ විට පාරිභෝගිකයාට අවසානයේ ඉතිරිවන්නේ පසුතැවීම පමණි. මෙය නිෂ්පාදන සදහා පමණක් නොවේ. අළෙවියේ දී, සේවාවන් සැපයීමේ දී… යනාදී සියළු ක්‍ෂෙත‍්‍රයන් හි මෙය සිදුවේ. මේවාට පාරිභෝගික ජනතාව කොතරම් හුරැවී ද යයි පවසනවා නම් මෙම වංචාවන්ගෙන් බේරීසිටීම තමන්ගේ යුතුකමක් ලෙසත් එලෙස වංචනික ආකාරයට ජනතාව මුලාකිරීම සාමාන්‍ය කාරණයක් ලෙසත් ඔවුන් අවබෝධ කරගෙන සිටී. මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව මේ පිලිබදව කථා නොකරන අතර වෙළදුන්, නිෂ්පාදකයන් හා සේවා සපයන මහතුන් තම ව්‍යාපාරයේම එක් අංගයක් ලෙස මෙවැනි ක‍්‍රියාවන් හි ප‍්‍රසිද්ධියේ නිරතව සිටී.

උදාහර්ණයකට පාන් ගෙඩි කිහිපයක් විවිධ වෙළද පොලවල්වලින් මිල දී ගත්විට එහි මිල එක සමාන වුවත් එහි බර විවිධ වනු ඇත. මේ ආකාරයට බරෙහි විවිධ වංචාවන් සිදුකරයි. ඊට අමතරව විවිධ දෑ මිශ‍්‍රකර බර වැඩි කිරීමෙන් වංචාවන් සිදුකරයි. උදාහර්ණයක් ලෙස මිරිස් කුඩුවලට පිටිවර්ග හා වර්ණකයන් මෙන්ම සුවදකාරකයන් එක්කිරීම, බොන එළකිරිවලට වතුර එක්කිරීම, මී කිරිවලට එළකිරි එක්කිරීම… මේ ආකාරයට පිටු ගනන් පෙලගැස්සිය හැකි නමුත් මේවා සියල්ල ජනතාව හොදින් දන්නා ප‍්‍රසිද්ධ රහස්ය. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ මෙවැනි වංචනික ක්‍රියාවන් රාජ්‍ය අනුග්‍රය ලබන ආයතනවල ද සිදුවීමයි. ලාංකීය දිළිදු ජන කොට්ඨාශය වන සමෘද්ධි ලාභීන්ගෙන් සමුපකාරයෙන් ලබාගන්නා භාන්ඩවල බර පිලිබදව විමසා බැලූවේ නම් එහි සැබෑ තත්වය හොදින් වටහාගත හැකිවනු ඇත. මෙවැනි වංචනික ක්‍රියාවන්ට එරෙහිව ජනතාව නැගී නොසිටීමට ප්‍රධාන හේතුව මා ඉහතින් පැවසුවා සේ ජනතාව “ඕවා ඔහොම තමයි” යනුවෙන් සහා මෙය සමාජ සම්මතයක් ලෙස අවබෝධ කරගෙන සිටීමය. මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වය රටේ උත්තරිතර සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද සම්බන්ධ වී සිටීම රටම දන්නා තවත් ප්‍රසිද්ධ රහසකි. මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ හා අප‍්‍රසිද්ධීයේ සිදුවන වංචනික ක‍්‍රියාවල ප‍්‍රථිපලයක් ලෙස එම ජන සමුහයන්වල ඉහතින් අවවාද කරන විනාශකාරී තත්වයන් නිර්මාණය වන්නට පුළුවනි. ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව මෙවැනි ක්‍රියාවන් ඉස්ලාම් දැඩිව ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් වේ.

වැසිබර දිනක මුහම්මද් (සල්) තුමාණන් වෙළද පොලක් අසලින් ගමන් කිරීමේ දී එක්තරා වෙළෙන්දෙකු ළග වියලි ධාන්‍ය ගොඩගසා තිබෙනවා දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ එම ස්ථානයට ගිය නබිතුමා එම ධාන්‍ය ගොඩ තුලට අතදමා බැලූවිට යටින් ඇති ධාන්‍ය තෙත්ව තිබෙනවා දැකගන්නට ලැබුණී. ඒ අවස්ථාවේ නබිතුමා, එම වෙළෙන්දා හට “නුඹ ජනයාහට සත්‍ය පවසා වෙළදාම් කරන්න එක්කෝ තෙත්වු ධාන්‍ය අලෙවි කරන්න එසේත් නැත්නම් වියලි ධාන්‍ය අලෙවි කරන්න මේ ආකාරයට මිශ‍්‍ර නොකරන්න” යයි අවවාද කරන ලදී.

ඉහත තත්වය වර්තමාන සමාජයේ කෙතරම් සුලබ දසුනක්ද? අපේ සමහරක් වෙළද මහතුන්ගේ කඩේ තිබෙන සීනි ගෝනිය, කරවල… යනාදිය සැමදිනකම තෙත් බරිතයි. මේවා පිලිබදව එම වෙළද මහතුන් මීට වඩා සැලකිලිමත් වියයුතු නොවේද? වෙළද මහතුන් පමණක් නොවේ පාරිභෝගිකයන්ද අවධියෙන් සිටිය යුතුයි. එසේ නොවේ නම් ඉහත හදීසයෙන් අවධාරනය කලාසේ එම ජන සමුහය මධ්‍යයේ දුප්පත්කම හිස ඔසවනු ඇත. සාගින්න නිර්මාණය වනු ඇත. මීට අමතරව පාලකයන්ගෙන් හා අධිකාරීන්ගේ විවිධ තාඩන පීඩන හා හිරිහැරයන් ද මේ හේතුව නිසා නිර්මාණය වනවා යන්න ඉහත හදීසය අවධාරණය කරන ප්‍රධාන කාරණයකි. මේ පවසන කාරණය හා වර්ථමාන ලාංකීය සමාජයේ තත්වය මොහොතකට සංසන්ධනාත්මක අවදානය යොමු කලේ නම් මේ වර්ථමානය පිලිබදව කල අනාවැකියක් ද යන්න ඔබට සිතෙනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම