ඔවුන්ගේ පැතුම අප දුක්විඳීමයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


එකම ජාතියක්, කුලයක්, ගෝත්‍රයක්... ලෙස මෙලොව ජීවය ඇරඹූ ආදම් (අලෛ)ගේ දරුවන් මේ වනවිට විවිධ වූ ජාති, ආගම්, කුල, ගෝත්‍ර... ලෙස බෙදී ගොස් ඇත. මානව ආරම්භයේ පැවතී ඒකීයභාවය සහ මනුෂ්‍යත්වය පසෙක දමා පුහු කාරණයන් වෙනුවෙන් ගැටෙන නරුම තැනකට අද ඔවුන් යොමු වී ඇති බව කණගාටුවෙන් වූවද මෙහි සදහන් කලයුතුව ඇත. දියුණුවේ ඉනිපෙත්තෙහි සිටින බවට පුරසාරම් දොඩන මේ නූතන මානවයා තුල ඇති නරුම ගුණාංගයක් දිව්‍ය පුස්තරකය වන අල්කුර්ආනය 03 වන (ආලඉම්රාන් නම්) පරිච්චේදයේ 120 වන වාක්‍යයෙන් පවසයි. එම අල්කුර්ආනය ඉගෙන්වීම කාලීන වශයෙන් ශ්‍රී ලාංකිය මුස්ලීම් සමාජය ද විටින් විට අත්විඳින කාරණයක් වන නිසා එම දිවි්‍යමය ඉගෙන්වීම පිලිබදව යහමග අඩවිය තුලින් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

එම දිව්‍යමය ඉගෙන්වීම මෙසේය…

නුඹලාට යම් යහපතක් වුවහොත් එය ඔවුනට ශෝකය ගෙන දෙයි. නුඹලාට යම් විපතක් වුවහොත් ඔවුහු ඒ ගැන මහත්සේ සතුටු වෙති...

අල්කුර්ආනය 3-120

ඉහත වාක්‍යය තරමක් ගැඹූරින් විමසා බලන්න. මීට වසර 1400 කට පෙර පැවසූ එම තත්වය වත්මන් අප සමාජය තුල විශේෂයෙන් අප රට තුල සුලබව දකින්නට තිබෙනවා නොවේද?. මේ රටේ මුස්ලීම් ජනතාවට යහපතක්, සතුට ගෙනදෙන පුවතක් අන්තර්ජාලය තුල ප්‍රචාරය වූ විට එයට මුස්ලීම් නොවන බහුතර ජනයාගේ ප්‍රතිචාරය මොහොතක් සිහියට නඟන්න. (පහත පිංතූරයේ ඇති ප්‍රතිචාරය ඊට එක් නිදසුනකි.)

මෙවැනි දෑ තුලින් පැහැදිලි වන්නේ මුස්ලීම්වරුන් කෙරෙහි කුහකයින් තුල ඇති සතුරුකමේ බරපතලකම නොවේද?. මෙතැනදී මේ රටේ මනුෂ්‍යත්වය අගයන ජාති, ආගම්, කුල... යනාදීය පසෙක දමා සහෝදරත්වයෙන් කටයුතු කරන සැලකිය යුතු පිරිසක් සිටින බව ද සදහන් කලයුතුම කාරණයකි. නමුත් ඔවුන් සුළුතරයක් වීම සහ ඒ නිසාම ඔවුන්ගේ හඬ ප්‍රබල නොවීම තුල ඉහත කී කුහකයින් සමාජය තුල බලවත් වී ඇත. “මුස්ලීම්වරුන්ට කිසිදු යහපතක් සිදු නොවිය යුතුයි” යන මානසිකත්වයෙන් පෙළෙන එම කුහකයින් හට මුස්ලීම්වරුන්ට යහපතක් සිදුවෙනවා ඇසූ හෝ දුටූ විට ඔවුන් අප්‍රසාදයට පත්වේ. එසේම මුස්ලීම්වරුන්ට අයහපතක්, විනාශයක් අත් වූ විට ඔවුන් එයින් සතුටු වේ. මීට වසර 1400 කටත් පෙර මෙවැනි නරුම තත්වයන් පිලිබදව මුස්ලීම් සමාජයට අවවාද කල අල්කුර්ආනය එවැනි තත්වයන් තුල මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු ආකාරය ද එම වාක්‍යයෙන්ම අවවාද කොට ඇත. එය මෙසේය...

...එහෙත් නුඹලා ඉවසිලීවන්තව නොසැලී (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් කමින් සිටියහොත් ඔවුන්ගේ උපාය නුඹලාට කිසිදු හානියක් නොකරයි. 

අල්කුර්ආනය 3-120

නපුරු මිනිසුන්ගේ දුෂ්ඨකමෙන් සහ පව්කාරයන්ගේ කුමන්ත‍්‍රණවලින් ආරක්ෂා වීමට ඇදහිලිවන්ත මුස්ලීම්වරුන් හට අල්ලාහ් (දෙවි) විසින් යෝජනා කරන හොඳම පිලිවෙත වන්නේ “ඉවසීම” සහ “අල්ලාහ් (දෙවි)ට අවනතව හා ඔහු කෙරෙහි විශ්වාසයෙන් සිටීම” යන්නයි. අල්ලාහ් (දෙවි) ඇදහිලිවන්තයන්ගේ සතුරන් කරන කියන සියල්ල හොදින් නිරීක්ෂණය කරමින් සිටින අතර, විශ්වාසවන්ත මුස්ලීම්වරුන්ට උපකාර කිරීමට ඔහු ඉක්ම වූ බලයක් හෝ ශක්තියක් නොමැත. අල්ලාහ් (දෙවි) කැමැත්ත පමණක් සිදු වන අතර ඔහු අකැමති කිසිවක් සිදු නොවේ. ඔහුගේ තීරණය සහ ඔහුගේ නියෝග අනුව මිස ඔහුගේ රාජ්‍යයේ කිසිවක් සිදු නොවේ. නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්නේද ඔහුට අල්ලාහ් (දෙවි)ම ප්‍රමාණවත් වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම