සකාතය නිසි අයුරින් බෙදා නොදීමේ විපාකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“කවර ජන සමුහයක ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

ඉස්ලාම් දහම ප‍්‍රධාන කුඑණු පහක් මත ගොඩනැනී ඇත. එනම්,

  • අල්ලාහ් දෙවියන්ව හා ඔහුගේ රසුල්වරයා (වක්තෘවරයා) විශ්වාස කිරීම
  • පස්වේල සලාතය ඉටුකිරිම
  • ස‘කාතය (ධනවතුන් දුප්පතුන් සදහා ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) බෙදාදීම
  • අදාල (රමාලාන්) මාසයේ උපවාසය රකීම
  • වත්කමක් ඇති ධනවතුන් හජ් වන්දනාව ඉටුකිරීම

ඉහත තුන්වෙනි කාරණය එනම් දුප්පත් පවුල් සදහා ලබාදිය යුතු බද්ධ හෙවත් සzකාතය පිලිබදවයි. එනම් ධනවත් මුස්ලීම් ප්‍රජාව විසින් සමාජයේ ජීවත්වන දිළිදු අසරණ ජන කොට්ඨාශ 08 කට මෙම සකාතය බෙදාදීම අනිවාර්‍ය බව ඉස්ලාම් අවධාරණය කරයි. එසේ සකාත් නිසි ආකාරයට බෙදා නොහැරීම හේතු කොටගෙන අල්ලාහ් (දෙවියන්) ලබාදෙන මහඟු භාග්‍යයක් වන වරුසාව අවම වී නියගකාරී තත්වයට සමස්ථ සමාජයම ගොදුරැවන බවත් සුඑ වශයෙන් හෝ වරුසාවක් ලැබෙන්නේ එම සමාජයේ ජීවත් වන අනිකුත් සතුන් සදහා අවශ්‍ය ජලය සපයාදීම සදහා බවත් ඉහත හදීසය අවධාරණය කරයි. ඉහත අනාවැකිය මුස්ලීම්වරුන් සදහා පමණක් සුවිශේෂ වු එකකි. මේ පිලිබදව මුස්ලීම්වරුන්ගේ දැඩි අවදානය යොමු විය යුතුය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම