වැලපීමේ මිටියාවත බලා යන ඔබට යහමග සුබපැතුම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සෑම වසරකම දුල්හජ් (ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන) මාසය උදා වී 9 සහ 10 යන දිනවල මක්කාවේ පිහිටි බක්කා නම් දෙව් මැදුරේ හජ් නම් නැමදුම සිදුවේ. මේ සදහා ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් මිලියන ගණනින් සහභාගි වන අතර (2023) මෙවර මිලියන 03 ඉක්මවනු ඇතැයි වාර්ථා වේ.

ධනය සහ ශරීර ශක්තිය ඇති සෑම මුස්ලීම්වරයෙකුට අනිවාර්‍ය වගකීමක් වන මෙම හජ් නැමදුම සදහා මෙවර ශ්‍රී ලංකාවෙන් ද 1585 ක් පමණ පිරිසක් සහභාගි වන බව වාර්ථා වේ. ශ්‍රී ලංකාවෙන් හජ් නැමදුම සදහා සහභාගි වන සංඛ්‍යාව වෙනත් අවුරුදුවලට සාපේක්ෂව මෙතරම් අඩු අගයක් වීමට මූලික හේතුව එම නැමදුමට සහභාගි වීමට දරන්නට සිදුවන මූලික (තනිපුද්ගල) වියදම ලක්ෂ 25 ක් පමණ දක්වා ඉහල ගොස් තිබීමයි.

කෙසේ වෙතත් අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය 3-96 හි පවසන ආකාරයට...

(දෙවියන් නැමදුම් කිරීම පිණිස) මිනිසුන් උදෙසා වෙන් කරන ලද ප්‍රථම මැදුර සැබැවින්ම බක්කා වේ (මක්කාවේ) පිහිටා තිබේ….”

බක්කාව නොහොත් මක්කාවේ පිහිටා ඇති මෙම ශුද්ධ වූ ප්‍රථම දෙව් මැදුර සදහා යන සියළු බැතිමතුන් හට යහමග සුබපැතුම එක් කරන අතර මෙම දුල්හජ් මාසයේ 10 වන දින දුල්හජ් අවුරුදු උත්සවය සමරණ්නට සැරසෙන ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාටත් සුබපැතුම් එක් කරන්න මෙය අවස්ථාවක් කරගනිමි.

මෙම හජ් නැමදුම නම් විෂයට අදාලව යහමග අඩවිය තුල සාකච්චා කල ලිපි පහතින් කියවන්න

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම