හජ් නැමදුම සහ එහි මහිමය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)ගේ නියෝගය මත ඉබ්‍රාහිම් (අලෛ) තුමා ක:බාව ප්‍රතිනිර්මාණය කොට ජනතාව හජ් නැමදුම සදහා කැඳවීම කරන ලදී. (මේ පිලිබදව වක්තෘ ඉබ්බ්‍රාහීම් තුමාගේ කැපවීම සංකේතවත් කරන හජ් වන්දනය යන ලිපිය තුලින් සවිස්තරව කථා කොට ඇත.) ඒ අනුව "අරෆා" නම් කන්දට නැඟ එහි සිට උස් හඬින් “ජනතාව! නියත වශයෙන්ම අල්ලාහ් ඔබට හජ් නියම කර ඇත, එබැවින් හජ් ඉටු කරන්න”. යනුවෙන් ආරාධනා කරන ලදී. එදා එම කැඳවීමට සවන්දුන් සියළු ආත්මාවන් අදටත් මිලියන ගණනින් ඊට පිළිතුරු දෙමින් “හජ් නැමදුම” ඉටු කරමින් සිටිති. ඉස්ලාමය ගොඩනැඟී ඇති කුළුණු (අනිවාර්‍ය වගකීම්) 05 අතුරින් එකක් වන මෙම “හජ්” නැමදුමෙහි මහිමයන් කිහිපයක් මෙතැන් සිට විමසා බලමු.

'අම්ර් ඉබුනු ආස් (රලි) තුමා පවසයි, ඉස්ලාමය මගේ හදවතට ඇතුල් වූ විට, මම අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (වන මුහම්මද් (සල්) තුමාණන්) වෙත ගොස්, “ඔබට පක්ෂපාතී වීමේ (බයියතය ඉටු කිරීමට) මට ඔබේ අත දෙන්න” යැයි කීවෙමි. එවිට නබිතුමාණන් තම දෑත දිගු කළවිට, මම මගේ අත ඉවත් කරගත්තෙමි. එවිට නබිතුමාණන් “අම්ර් මොකක්ද වැරැද්ද?” යැයි විමසුවේය. එයට මා “කොන්දේසි අවශ්‍යයි” යනුවෙන් පැවසුවෙමි. එයට නබිතුමාණන් “හරි, ඒ මොකක්ද?” යනුවෙන් විමසුවේය. එයට මා “අල්ලාහ් (දෙවි) මට සමාව දෙන බවට” යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන්,”ඉස්ලාමය පැමිණීමෙන් ඊට පෙර පැමිණි දෑ සියල්ල අතුගා දමන බවත්, හිජ්රත් කිරීම තුලින් ඊට පෙර ඇති දේ අතුගා දමන බවත්, හජ් ඉටු කිරීමෙන් ඊට පෙර වූ පාපයන් සියල්ල අතුගා දමන බවත් ඔබ නොදන්නේද?” යනුවෙන් පැවසීය.

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - මුස්ලීම්

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රලි) තුමා දන්වයි. “යමෙක් හජ් ඉටු කරන අතර කිසිදු නොමනා වඳන් හෝ නොමනා ක්‍රියාවන් නොකොට එය ඉටු කරයි නම්, ඔහු තම මවගේ කුසින් එදින බිහිවූ තත්වයේ (සියලු පාපයන් සමා කොට නිදහස් පුද්ලගයෙකු ලෙස) ආපසු පැමිණෙනු ඇත”

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - බුහාරි

වරක් අයිෂා (රළි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් මෙසේ විමසීය. “ජිහාද් හොඳම ක්‍රියාව බව අපට පෙනී යයි, අපි (කාන්තාවන්) ජිහාද් කළ යුතු නොවේද?”. එයට නබිතුමාණන් "ඒ වෙනුවට හොඳම ජිහාදය හජ් මබ්රූර් ! (පිලිගත් හජ්) ඇත." යැයි පැවසුවේය. එය ඇසීමෙන් පසු “මම කිසි විටෙකත් හජ් ඉටු කිරීම නතර නොකරමි” යැයි පැවසීය.

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - බුහාරි

නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ මාර්ගයේ (ජිහාද්) හි සිටින සොල්දාදුවා සහ හජ් ඉටු කරන්නා සහ උම්රා කරන්නා, සියල්ලෝම අල්ලාහ්ගේ දූත පිරිසයි! ඔහු ඔවුන් ඇමතූ සැනින් ඔවුන්ට පිළිතුරු දෙන්නේය. ඔවුන් ඔහුගෙන් ඉල්ලන දෑ ඔහුට දෙනු ඇත! 

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - ඉබ්නු මාජා සහ ඉබ්නු හිබ්බන්

මා ඉහතින් සදහන් කලාසේ ඉස්ලාම් දහම මූලික කුළුණු 05ක් මත ගොඩනැඟී ඇත. එයින් “කලිමාව”, “සලාතය” සහ “උපවාසය” මිනිස් සිත හා බැඳුණු නැමදුම් වන අතර “සzකාතය” ධනය මත පදනම් වූ නැමදුමකි. නමුත් “හජ්” නැමදුම යන්න සිත සහ ධනය යන දෙක මතම පදනම් වූ නැමදුමකි. ඉහතින් සදහන් ආකාරයට මහිමයන් රාශියක් පොදි බැඳගෙන අප හමුවට එන මෙම උතුම් නැමදුම ඉටු කිරීමට සකල මුස්ලීම් සමාජයට ම වරම් හිමිවේවා!, යන ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම