හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මානයට පාත්‍ර වේ

From Yahamaga
Revision as of 04:38, 8 March 2024 by Admin (talk | contribs) (Created page with "{{#seo:|සමාජ මාධ්‍ය භාවිතයත් නැමදුමක්}} {{#seo:|keywords=Facbook, Instagram, Snapchat, TikTok, Youtube, WhatsApp, Viber, Telegram,සමාජ මාධ්‍ය, ෆේස්බුක්,}} {{#seo:|description=ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අනූකූල කටයුත්තක්ද?...}}...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට කලකට ඉහත එනම්, ජාතිවාදය රජ කරමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව විවිධ චෝදනා සමාජ ගත කල ඒ අඳුරු යුගයේ “හලාල් සහතික“ යන්න ද එවැනි චෝදනා අතර ප්‍රධාන එකකි. මේ හේතුව නිසාම යහමග අඩවිය එම “හලාල්“ අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරන ලදිි. එවැනි යහමග ලිපි කිහිපයක් මෙහි පහතින් ඔබේ අවදානයට තබමි. එනම්,

එදා රටම භීතියට පත් කරමින් “වතුර වීදුරුව තුල කිඹූලන් පෙන්වූ“ වඳ කොත්තු, වඳ සැත්කම් සේම තවත් මාතෘකාවක් වූ “හලාල් සහතික“ ලබාදෙන කවුන්සිලය අද තම සමාජ සත්කාර මෙහෙවර වෙනුවෙන් සම්මාන හිමි කරගෙන එදා පටු ගෝත්‍රීය මානසිකත්වයෙන් පෙළුනු ජාතිවාදීන්ට තවත් කණේ පහරක් ලබාදී ඇත. ඒ පිලිබදව වැඩිදුර කරුණු “ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටාගෙන මෙලෙස පහතින් ඉදිරිපත් කරමි.


උපුටා ගැනීම ආරම්භය


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) සම්මානයට පාත්‍ර විය.

වමේ සිට දකුණ දක්වා - SLS පද්ධති සහතික කිරීමේ අධ්‍යක්ෂ එස්.යූ. නාරංගොඩ මහත්මිය , HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා , SLSI හි සභාපති ආචාර්ය අසංග රණසිංහ මහතා, HAC හි ආරම්භක සාමාජික ෆසාල් ඉසදීන් මහතා, HAC හි කළමනාකාර අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, රාජ්‍ය අමාත්‍ය තොරතුරු හා තාක්ෂණය ගරු කනක හේරත් මහතා, SLSI හි අධ්‍යක්ෂ , ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය, අධ්‍යක්ෂ තත්ත්ව සහතික ජී.එම්.බී.ඩී. නීලකාන්ති මහත්මිය.

ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන වැඩසටහනෙහි නිර්ණායක මැනවින් අනුගමනය කරන අතර ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව කළමනාකරණ විශිෂ්ටත්වයකට හිමිකම් කියයි. HAC විසින් ලද මෙම ඇගයීම තුළින්, මෙහෙයුම් වලදී තත්ත්ව ප්‍රමිතීන් දැඩි ලෙස ආරක්ෂා කරගැනීමට ඔවුන් තුළ වූ කැපවීම මනාව විදහා දැක්වේ.

තවද ශ්‍රී ලාංකේය ආහාර පාන නිෂ්පාදකයින් 240කට අධික සංඛ්‍යාවක් හලාල් සහතිකයට හිමිකම් කියන අතර ඔවුන් 2022 වසරේදී, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක අපනයන ආදායමකට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කෙරේ. නිෂ්පාදනවල ගුණත්වය හලාල් ප්‍රමිතීන්ට අනුකූල බව විධිමත් ලෙස සහතික කෙරෙන බැවින් පාරිභෝගිකයින් තුල වූ විශ්වාසය රැකගැනීමට HAC සමත්වී තිබේ.

වර්තමානයේදී ආහාර නිෂ්පාදනවල විනිවිදභාවය සඳහා වූ පාරිභෝගික ඉල්ලුම දිනෙන් දින වැඩි වන බවක් දක්නට ලැබේ. මේ හේතුවෙන් හලාල් සහතිකය ලත් ආහාර පාන, මිය ගිය සතුන්ගෙන් ලබාගත් අමුද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස්, කෘමීන්, අන්තරායකර විෂ සහ විෂ සහිත ද්‍රව්‍ය, රුධිරය, ඌරන් සහ මධ්‍යසාර වලින් ලබාගත් අමුද්‍රව්‍ය සහ සැකසුම් වලින් තොර බව පාරිභෝගිකයින්ට සහතික කරයි.

ISO 9001 තත්ත්ව සහතිකය හිමිකරගැනීම සඳහා HAC විසින් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) ප්‍රතීතන මධ්‍යස්ථානයෙන් ISO 17065 සහ GSO 2055 ප්‍රමිතීන්ට අනුකූල බවට වූ සහතිකය ලබාගැනීමට කටයුතු කරඇත. එමනිසා HAC හට ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවන අතර හලාල් ප්‍රමිතියට අනුකූල වන සේවාදායකයින්ට හලාල් සහතිකය කඩිනමින් ලබා ගැනීමට ඉඩ සලසයි.

"ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී HAC ඇගයීමට ලක්වීම තුළින් විශිෂ්ටත්වය සහ තත්ත්ව කළමනාකරණයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපගේ කැපවීම යළිත් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කරමින්, දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දේශීය ආහාර පාන කර්මාන්තයට සහාය වීමට HAC නිරන්තරයෙන් කැපවී සිටිනවා” යැයි හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Aakif A Wahab මහතා පවසන ලදී.

HAC හි නියෝජිත කණ්ඩායම වමේ සිට දකුණ දක්වා HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා, HAC හි ආරම්භක සමාජික ජනාධිපති නීතිඥ එම්. මොහොමඩ් සුහයිර් මහතා, HAC හි ආරම්භක සමාජික ෆසාල් ඉසදීන් මහතා, අධ්‍යක්ෂ අනස් ජුනයිඩ් මහතා, අධ්‍යක්ෂ එම්. යූ. එම් හුසේන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, ගුණත්ව පාලක ප්‍රධානී මොහමඩ් නෆාස් මහතා, අධ්‍යක්ෂ සහරා අන්සාරි මහත්මිය , සභා සමාජික ෆර්මන් නිසාර් මහතා, ජ්‍යෙෂ්ඨ විධායක පාරිභෝගික සේවා සකීර් රිස්වි මහතා.

https://www.lankadeepa.lk/you_may_also_like/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA--%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B7%80%E0%B7%9A/197-647942

උපුටා ගැනීම අවසානයි



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම