මුස්ලිම් ජනයා හරක් සේ හීලෑ කර ගැනීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද දිනයේ අන්තර්ජාලය තුල සැරිසරන විට කාලීන වශයෙන් වැදගත් ලිපියක් නෙත ගැටුනි. ‘යහමහ’ අඩවිය තුල පවා දීර්ඝ ලෙස සාකච්චා කල විෂයක් වන ‘මාංශ අනුභවය හා ගව ඝාතනය’ සම්බන්ධයෙන් ද ඒ සමඟ වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් තිබෙන උණූසුම් තත්වය පිලිබදව ද ඉහත කී ලිපිය තුල දීර්ඝ ලෙස දේශපාලන මුහුණුවරකින් කරුණු සාකච්චා කොට තිබුණි. කෙසේ වෙතත් මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් ‘යහමග’ අඩවියට පූර්ණ එකඟතාවයක් නැත. ඊට හේතුව දේශපාලන සාකච්චා සදහා ‘යහමග’ අඩවිය තුල ඉඩ සලසා නොදෙන ප්‍රතිපත්තියක ‘යහමග’ එදා පටන් කටයුතු කරන නිසාය. නමුත් එම ලිපියේ අන්තර්ගත සමහරක් කරුණූ ‘යහමග’ පාඨක ඔබට වැදගත් යයි සිතූ නිසා මෙම අඩවිය තුල ‘පුවත් විමසුම’ යන විෂය යටතේ ඉහත කී එම ලිපියෙන් කිසියම් කොටසක් උපුටා පහතින් ඉදිරිපත් කරමි. ඒ මේ සමජයේ සමහරක් පිරිස් ආගමික විනයක්, දියුණූ සංස්කෘතියක්, ආදර්ශමත් මඟපෙන්වීමක්… යනාදී වශයෙන් වහසිබස් පවසමින් කොතරම් අනවබෝධයෙන් හා පටු න්‍යායපත්‍ර තුල හිඳ ක්‍රියා කරනවාද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සමජායට කිසියම් අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙනය.

ඉහතින් සදහන් ලිපිය මෙතැන් සිට…

…‘සිංහල රාවයේ’ යම් පිරිසක් ගිය සතියේ ක‍්‍රිස්තියානි මිෂනාරි කණ්ඩායමක් බලහත්කාරයෙන් ‘අත්අඩංගුවට’ ගත්හ. ‘සිංහල රාවයේ’ තවත් පිරිසක් මේ සතියේ පොලීසිය බලාගෙන සිටියදී තංගල්ලේ මස් කඬේකට ගිනි තැබූ බව වාර්තා විය. මේ සංවිධානය ගව ඝාතනයට එරෙහිව කතරගම සිට කොළඹ බලා මේ වන විට පා ගමනක යෙදෙති. තංගල්ලේ සිදුවීම අනුව බලන කල, මේ කියන පා ගමනින් මස් මඩුවේ එක හරකෙකුගේවත් ජීවිතය බේරා නොගැනෙන අතර, සිංහල-මුස්ලිම් සමගියට නම්, පිළිසකර කළ නොහැකි හානියක් සිදු කෙරෙනු ඇත. ලංකාවේ හමුදාව එක දවසකට හරක් මස් කිලෝ කීයක් කා දමන්නේ දැ යි, හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය, නිකමටවත් හොයා බැලූවේ ද? නැත්නම්, හරක් මස් අපනයන කිරීමට ආණ්ඩුව ඉඩ හරින්නේ මන්දැ යි ප‍්‍රශ්න කළෝ ද? හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය අවංකවම ගව ඝාතනයට විරුද්ධ නම්, ගව මස් අපනයනය තහනම් කරන්නැ යි ආණ්ඩුවෙන් යැදීමටත්, ගව මස් නොකන්නැ යි හමුදාවෙන් ඉල්ලා සිටීමටත් ඉදිරිපත් විය යුතු නැත් ද? ඉල්ලූම අහුරන්න, එවිට සැපයුම හැකිලෙනු ඇත. ඉල්ලූම ඇති තාක් කල්, නීතියෙන් හෝ නීතියට පිටතින්, සැපයුම ද පවතිනු ඇත. ඇමරිකාවේ සුචරිතවාදී විකාර මත්පැන් තහනම අසාර්ථක වුණේ එබැවිනි.(මත්ද්‍රව්‍යවලට එරෙහි ඔවුන්ගේ යුද්ධය අසාර්ථක වෙමින් ඇත්තේ ද එබැවිනි).

ගව ඝාතන විරෝධී ව්‍යාපාරයේ(සහ හලාල් විරෝධී ව්‍යාපාරයේ) සැබෑ අරමුණ වන්නේ, හරක් ජීවිත බේරා ගැනීම නොව, ලාංකීය මුස්ලිම් ජනයාව හරක් සේ නිහඩ කොට හීලෑ කර ගැනීමයි. බොදුබල සේනා නඩ ආගමික හේතු මත එවැන්නකට පෙළඹෙන අතර රාජපක්ෂලාට දේශපාලනික හේතු මත එවැන්නක් අවශ්‍ය කරයි.

අවසානයේ දී රාජපක්ෂලා සහ ඔවුන්ගේ බෙර පදේට නටන උමතු වඳුරන් මේ රටේ මුස්ලිම් ජනයාව හතුරු කර ගන්නේ, ඔවුන්ගේ දේශපාලනික සහ දෘෂ්ටිවාදී පැරැන්නන් මේ රටේ දෙමළ ජනයාව හතුරු කරගත් විදිහටමයි…

(මේ ලිපිය දීර්ඝ ලිපියක් වන අතර කොටසක් පමණක් මෙහි උපුටා දක්වා ඇත. මෙම සුභ අනාගතයක් නම් මාතෘකාව යටතේ ලියවුණූ එම සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවීමට පුළුවන)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම