හලාල් පිලිබදව ඇත්ත නැත්ත – බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි!

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙම මාතෘකාව තුලින් ‘හලාල්’ පිලිබදව වූ තවත් දීර්ඝ ලිපියක් නම් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. මන්ද මේ වන විටත් මෙම ‘හලාල්’ මාතෘකාව මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල සාකච්චා කර ඇත. විශේෂයෙන් මෙම විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ ස්ථාවරය කුමක්ද? යන්න කරුණූ දක්වමින් ඉදිරිපත් කල ‘2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක් – හලාල් පිලිබදව යහමඟ ස්ථාවරය‘ යන ලිපිය එයට හොදම හා සමීපතම නිදසුනකි. තවද ‘යහහමුව’ සමාජ ජාල අඩවිය තුල ‘හලාල්’ යටතේ ඉදිරිපත් කල තොරතුරු ද මෙහි සදහන් කලයුතුමය. මීට අමතරව මේ විෂය පිලිබදව විවිධ වෙබ් අඩවිවල ද දිගින් දිගටම පසුගිය දිනවල කරුණූ සාකච්චා කලා ඔබ දන්නවා ඇති. මේ ආකාරයට ‘හලාල්’ විෂය පිලිබදව කොතරම් කරුණූ ඉදිරිපත් කල ද ඒ සියල්ල නිවරුදි ලෙස මේ රටේ මෙම විෂය පිලිබදව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලඟා වුවාද? යන්න පිලිබදව ඇත්තේ බරපතල පැනයකි.

විශේෂයෙන් මේ විෂය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ දී අප රටේ (රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, සඟරා, අන්තර්ජාල… යනාදී) මාධ්‍යයන් ක්‍රියා කල ආකාරය පිලිබදව මුස්ලීම්වරුන් වන අපට විශාල ගැටළුවක් ඇත. සමහරක් මාධ්‍යය මෙම වර්ථමාන තත්වය තම මාධ්‍ය ආයතනය ජනප්‍රිය කරගන්න ආශීර්වාදයක් කරගත්තා මිස සැබෑ හා සමබර මැදිහත්වීමක් එහි සිදුකලේ නැත. මෑත කාලයේ අප රටේ උණූසුම් පුවත් වූ ‘නයි නලඟන’ හා ‘පාසැල් දැරියගේ පොල් ගෙඩි අටේ සොරකම’ පිලිබදව තොරතුරු වාර්ථා කිරීමේ මාධ්‍ය සදාචාරය දකින විට මීට වඩා සාධාර්ණ වූ පුවත් වාර්ථාකරණයක් මේ (බහුතරයක්) මාධ්‍යයන් තුලින් අපේක්ෂා කිරීම ද අද විහිළුක් පමණි.


මෙවන් පසුබිමක පසුගිය කාලවල අප රටේ විවිධ මාධ්‍යයන් තුල ඉදිරිපත් වූ හා නොවූ ඉහත ‘හලාල්’ විෂයට පක්ෂව හා විපක්ෂව සාකච්චා කල කරුණු ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට පහතින් පෙලගසන්නට මා අදහස් කලෙමි. ඒ ජාති හෝ ආගම්වාදී මුහුණුවරකින් මේ විෂය පිලිබදව බලන විවිධ පාර්ශවයන් මේ තුල අවබෝධ කරගත හැකි බොහෝ සත්‍යයන් අන්තර්ගතව පවතින නිසාත්, එකම තැනකට මෙලෙස ඒකරාශි කිරීම තුල මෙම විෂය එනම් ‘හලාල්’ යනු කුමක්ද? ඒ වටා ගොඩනැඟූ තර්ක විතර්ක මොනවාද? එම තර්ක කොතරම් දුරකට සාධාර්ණ ද? යන්න තීර්ණය කිරීම ඉතා පහසු වන නිසාත්, ඒ සදහා ප්‍රමාණවත් කරුණූ මේ වනවිටත් මාධ්‍යයන් තුල සාකච්චා වී ඇති නිසාත්, මේ හලාල් විරෝධී ව්‍යාපාරය තුල කොතරම් පටු අරමුණු ඔස්සේ සමහරක් පිරිස් හා සංවිධාන ක්‍රියා කරනවාද? යන්න තීන්දු කිරීමට ඔබට එය ප්‍රමාණවත් වන නිසාත්ය.

(සැ: යු:- කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඉදිරියේ දී ද අප රටේ මාධ්‍යයන් තුල සාකච්චා වන තොරතරු මේ ලිපිය තුල තවදුරටත් යාවත්කාලීන කිරීමට අදහස් කරන අතර මේ ‘හලාල්’ විෂයට පක්ෂව හා විපක්ෂව කරුණූ දක්වන පුවත් හෝ විඩි‍යෝ පාඨක ඔබ සතුව තිබේ නම්, එහි link ‘යහමඟ’ වෙත ලබා දෙන්නේ නම්, එයත් මෙම ලිපිය තුල ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.)

Monthly savings

February $50

February $50

February $50

February $50

February $50

February $50

February $50

February $50

February $50


2013/01/22 දින TNL හි අසාද් සාලි මහතා සමඟ පැවැත් වූ සාකච්චාව
2013/02/05 දින TNL හි බොදු බළ සේනා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කල කරුණූ
2013/02/20 දින නෙත් Fm හි සිදුකල සාකච්චාව

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම