ඊශ්‍රායල් රට පිලිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වත්මන් ලෝකය තුල උණූසුම් මාතෘකාවක් වී තිබෙන පලස්තීන-ඊශ්‍රායල් අර්බුදය පිලිබදව යහමග අඩවිය අවස්ථා ගණනාවකදී කරුණු සාකච්චා කොට ඇත. විශේෂයෙන් පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය විමසුමක් යන ලිපිය තුලින් සහ යුදෙව්වරුන් පලස්තීනය ආක්‍රමණ කල කාලරාමු පෙලගැස්ම යන ලිපිය තුලින් මෙම ඊශ්‍රායල් රට පලස්තීන භූමිය තුල ස්ථාපනය කල ආකාරය සවිස්තරව සාකච්චා කොට ඇත. එම කාරණයම තවත් සරලව මෙම අඩවිය තුල පලස්තීන අරඟලය බබාලාට තේරෙන බසින් යන ලිපිය තුලින් ද සාකච්චා කොට ඇත. මීට අමතරව පලස්තීන වැසියන් ඊශ්‍රායල්වරුන්ගේ අසාධාර්ණ අතපෙවීම් මධ්‍යයේ විඳින කටුක දුක් කරදර පිලිබදව ද ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්. යන ලිපිය තුලින් සහ පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. එසේම කවුද මේ ඊශ්‍රායල් හා යුදෙව්වන් ? යන ලිපිය තුලින් යුදෙව් හා ඊශ්‍රායල් ආරම්භය සහ ඔවුන්ගේ විකාශනය පිලිබදව මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇත. මෙම සාකච්චා පෙලෙහි තවත් දිගුවක් ලෙස ඊශ්‍රායල් රාජ්‍යය ලොව පිලිගැනීම පිලිබදව මෙම ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරමි.

1948 දී පලස්තීන භූමීය ආක්‍රමණය කරමින් එහි පිහිටුවන ලද ඊශ්‍රායිල් රාජ්‍යයේ ස්වෛරීභාවය ලොව අන්කුත් රටවල් පිලිගත් ආකාරය පිලිබදව අද මෙම ලිපිය තුලින් විමසා බලමි. ඒ අනුව 2023 නොවැම්බර් මාසය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 න් රටවල් 164 ක්ම මෙම ආක්‍රමණික ඊශ්‍රායල් රාජ්‍යය පිලිගෙන ඇත. (ලොව රටවල් ඊශ්‍රායලය පිලිගත් හා ප්‍රතික්ෂේප කල ආකාරය පහත සිතියම තුලින් අවබෝධ කරගත හැක.)

මේ අනුව රටවල් 29 ක් ඊශ්‍රායලය රටක් ලෙස පිලිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර එම රටවල් වන්නේ,

  • ඕමානය
  • පකිස්ථානය
  • කටාර්
  • සවුදි අරාබිය
  • සෝමාලියාව
  • සිරියාව
  • ටියුනීසියාව
  • වෙනිසියුලාව
  • යේමනය
  • ඇෆ්ගනිස්ථානය
  • ඇල්ජීරියාව
  • බංග්ලාදේශය
  • බොලිවියාව
  • බෲනායි
  • කොමරෝස්
  • කියුබාව
  • ජිබුටි
  • ඉන්දුනීසියාව
  • ඉරානය
  • ඉරාකය
  • කුවේට්
  • ලෙබනනය
  • ලිබියාව
  • මැලේසියාව
  • මාලදිවයින
  • මාලි
  • මොරිටේනියාව
  • නයිජර්
  • උතුරු කොරියාව

මෙම රටවල් 29 අතුරින් බොලිවියාව, කියුබාව, උතුරු කොරියාව, වෙනිසියුලාව යන රටවල් හතර හැර අනිකුත් රටවල් බහුතරය මුස්ලීම් ජනයා වෙසෙන රටවල් වේ. මෙහි අවාසනාවන්තම කාරණය වන්නේ පලස්තීනය පවා 1993 දී ඔස්ලෝ ගිවිසුමේ කොන්දේසිවලට අනුව මෙම ආක්‍රමණික රාජ්‍යය පිලිගැනීමයි. මේ තුලින් පැහැදිලි වන්නේ පලස්තීනය ඇතුළු බොහෝ රටවල් විවිධ වූ වක්‍රකාර බලපෑම් මත ඊශ්‍රායල් රාජ්‍යය පිලිගැනීමට සිදුව ඇති බව නොවේද?. මෙම පලස්තීන අර්බුදය තුල ලොව බොහෝ රටවල් හා රාජ්‍ය නායකයින් කොතරම් කුහක අන්දමින් සහ අසාධාර්ණ ආකාරයට කටයුතු කරමින් සිටිනවාද? යන්නත් මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද? යන ලිපිය තුලින් යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. එම කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම