ශ්‍රී ලාංකිකයෙකු ඇසින් වත්මන් පලස්තීනය පිලිබදව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය ලෝකය මේ දැන් පසුකරමින් සිටින්නේ දැඩි කම්පාවන් හා අවාසනාවන්ත සිද්ධීන් ගණනාවක් ලඟා කරදුන් කාල වකවානුවකි. ඉතා පැහැදිලි ලෙස ජාත්‍යන්ත‍රයෙත් ජාතිකකලයෙත් සැලසුම් සහගත ලෙස මුස්ලීම් ජනතාව අවාසනාවන්ත ඉසව්වකට තල්ලු කරමින් සිටින වකවානුවකි. එයට ලොවපුරා නිදසුන් ගණනාවක් ඉදිරිපත් කිරීමට වුවද හැකියාව ඇත. නමුත් ලෝක සිදුවීමන් පිලිබදව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා මෙය නිදසුන් නොමැතිව වුවද සරලව අවබෝධ කර ගතහැකි තත්වයකි. කෙසේ වෙතත් ‘අළුත්ගම සිට පලස්තීනය පිලිබදව විමසුමක්’ නම් මේ ලිපියට පිවිසුමක් පිණිස එවැනි සමීපතම හා සංවේදී නිදසුන් දෙකක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • ජාතිකතලයේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන සිංහල ජාතිවාදය හා ඔවුන්ගේ මිලෙඡ්ච ප්‍රහාරය තුලින් 2014/06/15 දින අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල කල ජීවිත හා දේපල හානිය මෙන්ම එම සිද්ධියට පෙර ඊට අවශ්‍ය පසුබිම සැකසීමත්, එම සිද්ධිය සිදුවෙමින් තිබෙන මොහොතේ හා ඊට පසු අවස්ථාවල වගකිවයුතු සියළු බලධාරීන් හා දේශපාලඥයින් කටයුතු කල ආකාරයත් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අනාගත ඉරණම හා අවාසනාවන්ත මනාව කියාපාන අවස්ථාවකි.

2014/06/15 දින අළුත්ගම වැසියන්ට එල්ල කල ප්‍රහාරයේ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් බලන්න.

  • ජාත්‍යන්තරය ද ඊට දෙවැනි නැත. ලෝක යුද සමයේ හිට්ලර් විසින් යුදෙව්වන් සොය සොයා ඝාතනය කරන විට ඔවුනට පිලිසරණක් පිහිටක් වූ පලස්තීන මුස්ලීම් වැසියන් අද යුදෙව්වන් විසින් සමූල ඝාතනය කරමින් ඔවුන් ගාසා නම් කුඩා තීරුවකට කොටු කොට තවදුරටත් ඔවුනට එරෙහිව ප්‍රහාර දියත් කරමින් විශාල ජීවිත හා දේපල හානියන් සිදුකරමින් ඇත. 2014/07/07 සිට මේ දක්වා කරන ප්‍රහාරය ඊට සමීපතම නිදසුනකි.

2014/07/07 දින පලස්තීන වැසියන්ට කල ප්‍රහාරයේ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් බලන්න.

ඉහතින් ඉදිරිපත් කල සංවේදී නිදසුන් දෙක ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් වර්ථමාන පලස්තීනය දෙස මොහොතක් හැරෙන්නේ නම්,

අද වර්ග කිලෝමීටර් 360 කට සීමා වී ඇති පලස්තීනය සැබැවින්ම කුඩා රාජ්‍යයක් නොවේ. එය අතීතයේ වර්ග කිලෝමීටර් 20690 තරම් විශාල රාජ්‍යයකි. නමුත් ජාත්‍යන්තරය ඉතා සූක්ෂම ලෙස ක්‍රමණ්ත්‍රනය කොට අද පලස්තීනය තුල ලේ පිපාසිත ලොව මිලෙඡ්චතම ජාතියක් වන යුදෙව්වන් සදහා ‘ඊශ්‍රායලය’ නම් රටක් පලස්තීනය තුල ස්ථාපනය කොට ඇත. එම අසාධාර්ණ ආක්‍රමණයේ තරම වඩා හොදින් වටහා ගැනීම පිණිස ඊශ්‍රායලයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩෙවිඩ් බෙන් ගුරූන් (David Ben Gurion) වරක් පැවසූ ප්‍රකාශයක් ඔබේ අවදානයට තැබිය හැක. එය මෙසේය,

මම අරාබි නායකයෙකු වුයේ නම්, ඊශ්‍රාඊලය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹෙන්නේ නැත. මෙවැනි තීරණයකට එළඹීම ස්වභාවයෙන් මනුෂ්‍යා තුල ඇති වන්නකි.මන්ද අප ඔවුන්ගේ රට අල්ලා ගත්තෙමු. අප මෙහි පැමිණ ඔවුන්ගේ රට සොරාගත්තෙමු. ඔවුන් ඇයි මෙය පිලිගත යුත්තේ!

අසාධාර්ණ ලෙස පලස්තීනය ආක්‍රමණය කල ඒ යුදෙව්වන් කොතරම් නරුම ජාතියක්ද යන්න අවබෝධ කර ගැනීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ යයි සිතමි. (මේ ආක්‍රමණ ඉතිහාසය කුමක්ද? යන්න හා එය මුස්ලීම් ප්‍රජාවට බලපාන්නේ කවර ආකාරයටද? යහමග අඩවිය තුල මීට ඉහත ‘පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රායලය’ නම් ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) නමුත් පලස්තීනය සම්බන්ධයෙන් එසේ පවසා පමණක් නිහඬ වීමට නොහැකි කාරණා කිහිපයක් ලොවපුරා වෙසෙන සමස්ථ මුස්ලීම් ප්‍රජාවට ඇත. මෙම පලස්තීනය පිලිබදව කථා කිරීම සමස්ථ මුස්ලීම් ප්‍රජාවට කාරණා කිහිපයක් නිසා වැදගත් වේ. එනම්,

  • ප්‍රධානතම හා මූලිකම කාරණය ඔවුන් ද අප මෙන්ම ‘අල්ලාහ්’ නම් එකම (දෙවි) පිලිගෙන මුහම්මද් (සල්) තුමාණන් දෙවියන්ගේ අවසාන වක්තෘවරයා යයි පිලිගත් මුස්ලීම්වරුන් වීමයි.
  • යුදෙව්වන් පලස්තීන භූමිය ආක්‍රමණය කොට ඊශ්‍රායිලය ලෙස රටක් ස්ථාපනය කරගෙන ඇති භූමිය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාවට ආගමික වශයෙන් වැදගත් ‘බයිතුල් මුකද්දස්’ නම් ශුද්ධ වූ දේවස්ථාන පිහිටි භූමියක් වීමයි.
  • අගාමික වශයෙන් පලස්තීන ජනතාවට සිදුවන්නේ කුමක්ද? යන්න මුස්ලීම්වරුන් වන අපට වැදගත් වනවා සේම ඔවුනට සිදුකරන අසාධාර්ණ හා හිංසන ද මුස්ලීම්වරුන් ලෙස පමණක් නොව මනුෂ්‍යයන් වශයෙන් අප කථා කිරීම ද වැදගත් වීමයි.
  • මේ සියල්ලට ම වඩා පලස්තීනය තුල ඊශ්‍රායලය බිහිවූ ඉතිහාසය නොදැන විටෙක අසාධාර්ණය පෙනි පෙනීත් අප රටේ සමහරක් වෙබ් හා බ්ලොග්කරුවන් පලස්තීන ජනතාවට අත්ව ඇති වර්ථමාන ඉරණම තුල කාලකන්නි සතුටක් ලබන ආකාරය ඔවුන්ගේ ලිපි (Post) හා එහි ප්‍රතිචාර(Comments) කියවීමෙන් පැහැදිලි පෙනීයන නිසාත් මේ පිලිබදව කථා කිරීම ද වැදගත් වේ.

වර්ථමාන පලස්තීනයට අත්ව ඇති ඉරණම හමුවේ සතුටක් වින්දනයක් ලබන විකෘති මනසක් ඇති සමාජයක් අප රට තුලත් දැන් බිහි වී හමාරය. එම විකෘති මානසිකත්වය වඩාත් හොදින් 2014/06/15 දින අළුත්ගම දී ප්‍රදර්ශනය කල ආකාරය රටම දුටුවා නොවේද?. ‘සත්ව හිංසාව’ සමාවන්න ‘ගව හිංසාව’ වෙනුවෙන් හිත උණුවන, කඳුළු සලන, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් කෑමොර දෙන අපේ සමහරක් සිංහල බෞද්ධ පිරිසට මනුෂ්‍යත්වය වෙනුවෙන් හිත උණුවන්නේ නැත. එසේ සිත උණුවනවා නම්, අළුත්ගම විනාශය හෝ පලස්තීන ජනතා විනාශය හමුවේ වින්දනයක් ලැබිය හැකිද?. මේ සමාජය මනුෂ්‍යත්වය පසෙක තබා ජාතිවාදී, ආගම්වාදී කණ්ණාඩියෙන් මනුෂ්‍යා දිහා බැලීමට තරම් මේ සමාජය විකෘති වූයේ කෙසේද? යන්නත්, අතීතයේ පටන් ඉතා සමඟියෙන් සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකීය ජාතිය තුල වෛරය, ක්‍රෝධය, ඊරෂ්‍යාව, ජාතිවාදය… වැපිරුවේ කවුද? යන්නත් බුද්ධිමත් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි. එය කෙසේ වෙතත් ඔබේ හදවතේ මනුෂ්‍යත්වයේ තෙතමනය තවදුරටත් බිඳක් හෝ ඉතිරිව තිබෙනවාද? යන්න පහත රූපරාමු තුලින් ඔබම තීන්දු කරන්න.

2014/07/07 දින පලස්තීනයට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය හා තුවල ලැබූ පිරිස් අවස්ථා කිහිපයක් පහත රූපරාමුවෙන් දැක්වේ…

මීට ඉහත විවිධ අවස්ථාවල පලස්තීනයට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස් අවස්ථා කිහිපයක් පහත රූපරාමුවෙන් දැක්වේ…

ලොක යුධ සමයේ හිට්ලර් විසින් යුදෙව්වන් සොය සොයා සමූල ඝාතනය කරන විට ඔවුනට රුකවරණය ලබාදුන් පලස්තීන භූමිය ඉතා අසාධාර්ණ ලෙස ආක්‍රමණය කොට එහි වෙසෙන මුස්ලීම් ජනතාව විවිධ හේතු පවසමින් සමූල ඝාතනය කරන යුදෙව්වන් කොතරම් නරුම ජාතියක්ද යන්න අවබෝධ කර ගැනීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ යයි සිතමි. ඔවුන්ගේ නරුමකම මේ රට තුලත් ප්‍රදර්ශනය කල ඉතිහාසයක් අපට ද නැතුවා නොවේ. එසේ තිබිය දී විශ්මයට කාරණය එවැනි පිරිසගේ ක්‍රියා කලාපය අනුමත කරන හා ඒ තුල කාලකන්නි වින්දනයක් ලබන පිරිස් අප රට තුලත් සිටිනවා යන්නයි. නමුත් මෙහිදී මුස්ලීම්වරුන් වන අප අමතක නොකලයුතු සත්‍යයක් ඇත. එනම් ඊශ්‍රායීලයේ සිටින යුදෙව්වන්ට සේම අප රටේ යුදෙව්වන්(හිතවාදීන්)ටත් සතුටු වීමට මේ තුල පැහැදිලි කාරණාවක් ඇත. එය ශුද්ධ වූ කුර්ආනය ඉතා පැහැදිලිව මෙසේ පවසයි.

අති බලසම්පන්න වූ ප්‍රශංසාවට සුදුස්සා වූ අල්ලාහ් (දෙවි)ව විශ්වාස කළ නිසාම මිස අන් කිසිදු හේතුවක් නිසා ඔවුහු ඔවුන්ගෙන් පලිගත්තේ නැත.

ශුද්ධ වූ කුර්ආනය – 85-8

ඔව්, අද අප රටේත් ජාත්‍යන්තරයෙත් මුස්ලීම් ප්‍රජාව අවාසනාවන්ත ඉරණමයන්ට ගොදුරුව ජීවත් වීමට මූලික හේතුව ඔවුන් ‘මුස්ලීම්වරුන්’ වීම මිස අන් කිසිවක් නොවේ. මෙය ඉතිහාසය පුරාවට දකින්නට තිබෙන පැහැදිලි කාරණයකි. බාහිර ලෝකයට ඔවුන් කුමන හේතු පැවසුවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය කෙසේ සාධාර්ණීකරනය කලත් ඔවුන් නොකියූ සැබෑව ‘උඹලා මුස්ලීම්’ යන්නයි. මෙය අද ලොවම දන්නා ප්‍රසිද්ධ රහසක්. නමුත් හාස්‍යයට කාරණය සියළු පාර්ශවයන් මේ කාරණය හදවතේ සඟවාගෙන උප හේතු සොයමින් හා ගොඩනඟමින් ලෝකයා රවටන්න උත්සාහ දැරීමයි. එය කොතරම් දුරකට ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම්, මානව අයිතීන් ආරක්ෂා කරන්න කථා කරන එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි ජාත්‍යන්තර සංවිධාන පවා මෙම කාරණයේ දී නිහඩ පිලිවෙතක් අනුගමනය කරන ආකාරය දැකගත හැක. අප රටේ කොටි ත්‍රස්ථවාදය විනාශ කිරීමේ ක්‍රියාවලිය තුල සිදුවූවා යයි පවසන අපරාධ පිලිබදව උනන්දු වන ඔවුන් ලොවපුරා වෙසෙන මුස්ලීම් ප්‍රජාව සම්බන්ධයෙන් අමු අමුවේ මෙතරම් විනාශයක් සිදුවෙද්දී ඔවුන් නිහඬව බලා සිටීම එය වඩාත් හොදින් තහවුරු කරනවා නොවේද?.

මෙහිදී ඔවුන් නිහඬ යයි චෝදනා කිරීම ද වැරදිය. මන්ද අද මුස්ලීම්වරුන්ට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම්වල දී මුස්ලීම් නොවන ප්‍රජාව, සංවිධාන, දේශපාලඥයින් හා විද්වතුන් ක්‍රියා කරන ආකාරය පිලිබදව නිළ නොවන ජාත්‍යන්තර සම්මත ක්‍රමවේදයක් දකින්නට ඇත. එනම්, මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ඉස්ලාම් විරෝධින් සීමා ඉක්මවීමේ දී වගකිවයුතු පාර්ශවයන් අන්ධයන්, ගොළුවන්, බිහිරන් ලෙස මෙන්ම මරනින්දේ සිටිමත් සියල්ල අවසන් වූවාට පසු සිහිනෙන් අවදි වූවාසේ සියළු සිද්ධීන්ට අපරාධකරුවන් වූ පිරිසට වාසි සහගත ලෙස තීන්දු, තීරණ හා නිගමනවලට එළඹීමත්ය.

මෙය අප ශ්‍රී ලාංකීය සමාජය තුල පසුගිය අළුත්ගම සිද්ධිය තුල ප්‍රායෝගිකව නොදුටුවෙමුද?. එවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදුවීමට මත්තෙන් නීතියෙන් පිලිසරණ පැතූ ජනතාවට ලබාදුන් ප්‍රතිචාරය අප නොදුටුවෙමුද? ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පසු රටේ ඉහල බලධාරියා සිට පහලම බලධාරියා දක්වා සියළු පාර්ශවයන් එම සිද්ධියේ චූදිතයන් කොට ඇත්තේ මුස්ලීම් ජනතාව ම නොවේද?. ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් කිහිපදෙනෙකු හැර අනිකුත් සියළුදෙනා මරනින්දෙන් නැගිට්ටා සේ චෝදනා කලේ මුස්ලීම් ජනතාවට ම නොවේද?. කිසිදු දිනෙක ජාතිවාදයක් කථා නොකරනු ඇති සිතූ විද්වතුන් හා දේශපාලඥයින් මාධ්‍යයන් ඉදිරිපිට ප්‍රසිද්ධියේ ජාතිවාදය කථා කල ආකාරය අප නොදුටුවෙමුද?. සිංහල ජාතිවාදීන් මුස්ලීම් ජනතාව වෙසෙන තැනට පැමිණ කල හානීය දෙපාර්ශවයක ගැටුමක් ලෙස මතවාදයක් නිර්මාණය කරන්නත් එය සමාජගත කරන්නත් කටයුතු කල ආකාරය අප නොදුටුවෙමුද?. මෙවැනි අසාධාර්ණ පෙනි පෙනීත් තම ඡන්ද පදනම ආරක්ෂා කරගන්න ‘ජාතිවාදී ගැටුම් එපා!’ යනුවෙන් මුස්ලීම් ජනතාව වෙසෙන ප්‍රදේශවල පමණක් පෝස්ටර් ගැසූ කාලකන්නි ප්‍රගතිගාමී දේශපාලන පක්ෂ අප නොදුටුවෙමුද?…

මේ ආකාරයට මා ඔබේ අළුත්ගම මතකය ආවර්ජනය කරන විට, දැන් ‘පලස්තීන’ මාතෘකාවෙන් ‘අළුත්ගම’ මාතෘකාවට පීලි පැන බව ඔබට සිතෙන්නට පුළුවනි. නැහැ සහෝදරවරණි! ඉහත කරුණු හොදින් මතකයේ රදවාගෙන පලස්තීන 2014/07/07 ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සිද්ධියට ප්‍රතිචාර ලබාදී තිබූ ආකාරය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එය මෙසේය…

…(ඊශ්‍රායීල තරුණයන් තිදෙනෙකු පලස්තීනය පැහැරගත් බවට චෝදනා නඟමින් පලස්තීනයට පහර දෙන්නට ඊශ්‍රායිලය සූදානම් වනවිට) පලස්තීනය වහාම එක්සත් ජාතීන්ගේ ආධාර ඉල්ලා සිටින ලදි. එහෙත් එක්සත්ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය මේසා විනාශයක් කරන විටත් කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැතිව තරුණයන් තිදෙනාගේ පැහැරගැනීම හා ඝාතනය ගැන පලස්තීනයට දොස් පවරන්නට විය.එමෙන්ම ‘දෙපාර්ශවයම’සන්සුන්ව සිටින ලෙස ඉල්ලීමක් කරන ලදි.

මෙය අද අන්තවාදීන්ගේ හා ත්‍රස්ථවාදීන්ගේ නූතන උපාය මාර්ගය වී ඇත. එනම්, තමන්ට අවශ්‍ය ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකොට එය සාධාර්ණීකරනය කිරීම සදහා කුමක් හෝ හේතුවක් ගෙතීමයි. පලස්තීනයන් තරුණයන් 03ක් පැහැරගත්තා යයි චෝදනා නඟමින් ඊශ්‍රායිලය ප්‍රබල රොකට් ප්‍රහාර 160 ක් 2014/07/07 දින දියත් කිරීමත්, අළුත්ගම දී ස්වාමින්වහන්සේ නමක් අපවත් කලා යයි බොරු චෝදනාවක් ගොතමින් ජීවිත බිලි ගනිමින්, ව්‍යාපාරික දේපල හානි කරමින් හා නිවාස 30ක් පමණ ගිනිබත් කරමින් කල විනාශයත් අතර සමානකමක් නැත්තේද?. එපමණක් නොව අසාධාර්ණයට ලක්වූ පිරිස ම අවසානයේ චූදිතයන් වීම තුලද අළුත්ගම හා පලස්තීනය සිද්ධියෙහි කිසියම් සමානාත්මකතාවයක් පෙනෙනවා නොවේද?. අවසානයේ, එනම් සියල්ල සිදුව අවසන් වූවාට පසු දෙපාර්ශවයටම සන්සුන් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අවවාද කිරීම අළුත්ගමින් ගත් ආදර්ශයක් වන්නට බැරිද?.

ඉහතින් ඉදිරිපත් කල කරුණු කාරණා ඔබ බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. ඒ සදහා මේ පලස්තීන විනාශය ගැඹුරින් විශ්ලේෂණය කරන විද්වතුන්ගේ විචාරයන් ද ඔබට තවදුරටත් ප්‍රයෝජනවත් වේ යයි සිතමි. ඒ අනුව පලස්තීන විනාශය විශ්ලේෂණය කරන දේශපාලන විචාරකයින්ගේ මතවාදය ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

…මෙය තවත් ඊශ්‍රායලයේ නින්දිත දේශපාලන උපායක්. ඒ සඳහා එක්සත්ජාතීන්ගේ සංවිධානය සහ බටහිර හිතවාදී ඇතැම් මාධ්‍ය පවා උපයෝගි කරගෙන ඇත. පලස්තීනයේ ස්ථාවර වෙමින් පවතින ආණ්ඩුව කඩාකප්පල් කිරීම මේ මෙහෙයුමේඅරමුණයි. තවද සියල්ලටමකලින් සිදුවීම වාර්තා වන විටම කිසිදු සාකිෂියක් හෝ නොතිබියදී ඊශ්‍රායල්අගමැතිවරයා හමාස් සංවිධානයට කෙලින්ම වරද පැවරුවේ එම අරමුණින් බවත් එක්සත්ජාතීන්ගේ සංවිධානයද ඊට සමාන පිළීවෙතක් අනුගමනය කළ බවත් ඔවුන් පවසති. තවද පැහැරගෙන මරා දැමූ තරුණයින් තිදෙනාගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ සහඊශ්‍රායල් ආණ්ඩුවේ ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග අතර බරපල පරස්පරතා තිබෙන බවද ඔවුන් පවසති.

ඔබ මනුෂ්‍යත්වය අගයන එසේම සාධාර්ණයට හිසනමන කෙනෙකු නම්, මෙතෙක් ඉදිරිපත් කල කරුණුවලට අනුව පලස්තීනය තුල දියත් කල ප්‍රහාරය කොතරම් නරුම ප්‍රහාරයක් ද යන්න තීන්දු කිරීම ඔබට තවදුරටත් අපහසු නොවනු ඇත. එසේම වර්ග කිලෝමීටර් 360 කට ජනතාව කොටු කොට තබා ගෙන (2012 සංඝනනයට අනුව) 1,710,257 ජනගහනයක් මධ්‍යයට එනම්, අධික ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයකට රොකට් වරුසාවක් මේ මොහොතේත් පතිත කරවමින් සිටීම කිසිසේත් මනුෂ්‍යයෙකුට වින්දනයට හෝ සතුටට කාරණයක් නම් විය නොහැක. එපමණක් නොව ඊශ්‍රායලය විසින් පනවා ඇති විවිධ වූ සම්බාදක මධ්‍යයේ තමන්ගේ මූලික අයිතීන් පවා අවම සපුරාගෙන් වසර ගණනාවක් මුළුල්ලේ අති බහුතරයක් සරණාගත කඳවුරුවල ජීවත් වන ගාසා තීරයට අද මෙවැනි ඉරණමක් උදා කරද්දී කිසිවකු සතුටක්, වින්දනයක් ලබන්නේ නම් ඔවුන් මිනිස් වෙස්ගත නරුමයන් මිස මනුෂ්‍යයෙකු නොවන බව නම්, තමන් විසින් ම තීන්දු කරගත යුතුව ඇත.

මෙතැනදී මුස්ලීම් ජනතාවට විශේෂයෙන් කිවයුතු කාරණාවක් ඇත. එනම්,

  • ඉහත ලිපිය පුරාවට ඉස්ලාම් විරෝධින් මුස්ලීම්වරුන්ට එරෙහිව කරන කුමණ්ත්‍රන පිලිබදව කථා කලත්, එය මුස්ලීම් නොවන සමස්ථ සමාජයට ම වලංගු යයි ඔබ වැරදි අවබෝධයක් ඇති කරගත යුතු නැත. අළුත්ගම සිද්ධියේ දී මෙන්ම පලස්තීන සිද්ධිය සම්බන්ධයෙන් ද අවංකව දුක්වන ඒ වෙනුවෙන් කථා කරන පිරිස් අප අතර තවම ඇත. ඔවුන් වෙනුවෙන් මුස්ලීම් ජනතාවට යුතුකම් ද ඇත.
  • එපමණක් නොව අපට එදිරිවාදිකම් කරමින් සිටින ජනතාවට ද අප වෛර හෝ අසාධාර්ණ කලයුතු නැත. මන්ද ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) අපට කියාදී ඇත්තේ ඔවුන් මෙන් පහත් තැනකට වැටී ජාතියට වෛරය නොව ‘කිසියම් ජනතාවක් කෙරෙහි ඔබට ඇති නොසතුට ඔවුනට අසාධාර්ණයක් කරන තැනට ඔබව යොමු නොකරත්වා !’ (ශුද්ධ වූ කුර්ආනය 5-8) යන්නයි.
  • එසේම මෙය පලස්තීන වැසියන්ට ඊශ්‍රායිලය එල්ල කල පලමු ප්‍රහාරයත් නොවේ. එසේම අළුත්ගම ජනතාවට එල්ල වූ පලමු ජාතිවාදී ප්‍රහාරයත් මෙය නොවේ. මේවා තුල විටින් විට සිදු වන ජීවිත හානී, දේපල හානී සුළුපටු නොවේ. මේ සියල්ල හමුවේ ඔවුනට පිහිට විය යුතුව ඇතත් එසේ පිහිට විය නොහැකිව ඔබත් අසරණ බව හැබෑවකි. නමුත් ඔබ ඉන්නා තැන සිට ඔවුනට පිහිට විය හැකි අවියක් තවම ඔබ සතුය. ඒ ‘යාඅල්ලා‍හ් !…’ යනුවෙන් ඒ ජනතාවගේ නිදහස, ආරක්ෂාව හා විමුක්තිය වෙනුවෙන් කරන ප්‍රාර්ථනයයි.

අවසානම වශයෙන් අද දවස ගැන හා ඉතිහාස සත්‍යයක් පිලිබදව මුස්ලීම් සමාජයේ මතකය ආවර්ජනය කලයුතුව ඇත. එනම්, අද රමලාන් (නම් උපවාස) මාසයේ 17 වන උපවාසයේ අප නිරතව සිටින්නෙමු. එය ඉස්ලාමීය ඉතිහාසයේ තීරණාත්මක දිනයක් වූ බදර් නම් විශ්මය ජනක ජයග්‍රාහණය දිනාගත් දිනයයි. එහිදී අල්ලාහ් (දෙවි)ගේ සෘජු උපකාරය එම පිරිස අත්වින්ද ආකාරය අප හොදින් දනිමු. ඒ දෙවි අද මහළු වී නැත. එදා කල විශ්මයන් අද කරන්නට බැරි තරම් දුර්වල වී ද නැත. එසේම මේ මුස්ලීම්වරුන්ට එරෙහිව කරන කුමණ්ත්‍රන හමුවේ අසරණ වී ද නැත. එසේනම්, විශ්වාසයෙන් යුතුව ඔබේ අවංක වූ ප්‍රාර්ථනාව අද ලොවපුරා අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් හා සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එක් කරන්න. නියත වශයෙන්ම ඔහුගේ සහය වැඩි ඈතක නැත.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම