පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"ගාසා තීරයේ මුස්ලීම්වරුන්" යන්න ඉස්ලාමීය ලෝකයට සංවේදී මෙන්ම උණූසුම් මාතෘකාවකි. මෙම උණූසුම් තත්වයට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය සහ ගාසාව "තීරයක්" වූ ඉතිහාසය බොහෝ දෙනෙකු නොදන්නා නිසාත්, මෙම අර්බුදය තුල මුස්ලීම්වරුන් ද පාර්ශවයක් ලෙස මැදි වී සිටින නිසාත්, එහි නිතර සටන් සිදුවන නිසාත්, ඒ තුල නිතර "ජිහාද් සටන්කාමීන්" යන වදන කියැවෙන නිසාත් එම මතුපිට කාරණයන් පමණක් පදනම් කරගෙන ඉස්ලාම් දහම හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය තුල ඉදිරිපත් කිරීමත්, එම යුද්ධය තුල මුස්ලීම්වරුන්ට සිදුවන හානිය හමුවේ සමහරක් පිරිස් නරුම වින්දනයක් ලැබීමත් අන්තර්ජාලය තුල දක්රනට ලැබේ. මෙහි මට ඇති පුදුමයට කාරණය වන්නේ ඔවුනට පලස්තීන අර්බුදය මානුෂිකව බලන්නට නොහැකිවිම නොව අසීමිත ජාත්‍යාලයෙන් කථා කරන ඔවුනට අප රටේ හමුදාවට පුහුණුව ලබාදෙන අතර තුර කොටීන්ට ද යුද පුහුණුව ලබාදුන් මේ ‘ඊශ්‍රාඊල්’ යුදෙව්වන් වීරයන් වුයේ කෙසේද? යන්නයි. එය කෙසේ වෙතත් සියල්ල ජාතිවාදී දෘෂ්ඨියෙන්ම බලන එවන් පිරිසට "ගසා තීරයේ සැබෑ ඉතිහාසය" ලියන මේ සටහනත් "බීරි අලීන්ට වීනා වැයීමක්" පමණක් බව මා අත්දැකීමෙන්ම දනිමි. "පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලයේ ඉතිහාසය" මෙලෙස ලියන්නේ යමක් විවෘත මනසින් බලන්න පුළුවන් එසේම බුද්ධිමත් හා සාධාර්ණය අගයන පිරිසගේ දැනගැනීම පිණිසය.

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති බැඳීම

ශ්‍රී ලාංකීය සමාජයට ‘පලස්තීනය’ යන නම නුහුරු නුපුරුදු නමක් නොවේ. අතීතයේ පටන් මේ දක්වා අප රටේ විවිධ දේශපාලන පක්ෂ නායකයන් වර්ථමාන ජනාධිපති (මහින්ද රාජපක්ෂ) තුමා ඇතුළු බොහෝ මැති ඇමතිවරු පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් විවිධ අවස්ථාවල හඩනඟා තිබීම හා අදටත් හඩ නැඟීම එයට හොද නිදසුනකි. එපමණක් නොව මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර සිංහල බෞද්ධ ජනතාව ‘ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා පදනම’ යනුවෙන් පදනමක් අප රට තුල පිහිටුවා ගෙන පලස්තීන ජනතාව සදහා අප රට තුල සහනාධාර එක්රුස් කිරීමට කටයුතු කිරීම මෙහි දී වි‍ශේෂයෙන් ස්තූති පූර්වකව මතක් කලයුතු කාරණයකි.

පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සුපුරුදු ප්‍රචාරයන්ට මා යොමු නොවෙමි

පලස්තීන අර්බුදය විමසා බැලීමේ දී අන්තර්ජාලය තුල ඒ සම්බන්ධයෙන් පල කරන කිසියම් සිද්ධියක් හෝ යුද සිදුවීමක්, අරගෙන එසේත් නැත්නම් එහි සිදුවන මනුෂ්‍ය ඝාතන, ආක්‍රමණ, අසාධාර්ණ, හිංසන, දූෂණ… යනාදී කාරණයන් පිලිබදව පිටුගනන් පිංතූර, වීඩියෝ හා සංඛ්‍යා ලේඛන ගෙන ඒ පිලිබදව මෙහි කථා කිරීමට හෝ ඔබ අතර බෙදාගැනීමට අදහස් නොකරමි. මොකද එම මෙහෙවරේ මුස්ලීම් සමාජයේ අති බහුතරය යෙදී සිටී. (එය ද කාලීන අවශ්‍යතාවයක් යන්නෙ හි ‘යහමග අඩවියට’ විවාදයක් නැත.) මොකද, මෙම යුද්ධයේ බිහිසුණූ බව ලෝකයාට අවබෝධ කරගැනීම පිණිස ‍මෙවැනි දෑ ද පිටුවහලක් වන නිසාය. මේ හේතුව නිසාම මෙම ලිපිය තුල ද එවැනි රූපරාමු කිහිපයක් මා එක්කොට ඇත.) නමුත් මෙතැන් සිට මා කථා කිරීමට අදහස් කරන්නේ වර්ථමාන පලස්තීනයට මෙවැනි ඉරණමක් උදාවීමේ පසුබිම කුමක්ද? යන්න සහා පලස්තීන අර්බුදය ඉස්ලාමීය ලෝකයට සංවේදී කාරණයක් වන්නේ ඇයිද?. යන්න පිලිබදවයි.

ඊශ්‍රාඊලය 1948 දක්වා ලෝක සිතියමේ නොතිබූ රටක්

1948 මැයි මස 15 දින දක්වා ලෝක සිතියමේ සටහන් නොවූ රටක් ලෙස මෙම ‘ඊශ්‍රාඊල්’ නම් වත්මන් රට හැදින්විය හැක. ඒ අනුව නොතිබූ රටක් අලුතින් ‘යුදෙව්වරුන්’ සදහා ම 1948 මැයි මස 15 දින බිහිවීම මෙම අර්බුදයේ ආරම්භ යයි.

ඊශ්‍රාඊලය බිහිවූ ඉතිහාසය

1914 දී එනම්, පලමු ලෝක යුද අවස්ථාවේ ජර්මනියට එරෙහිව ප්‍රංශයට මුස්ලීම් බොහෝ රටවල් සහයෝගය දක්වන ලදී. ඒ අතුරින් පලස්තීනය ද ජර්මනියට එරෙහිව ප්‍රංශයට සහයෝගය දැක්වූ අතර එයට මූලික හේතුවක් ද පැවතුණි. ඒ එතෙක් ප්‍රංශයට යටත්විජිතයක්ව පැවතී පලස්තීනයට නිදහස ලබා ගැනීමයි. මෙම පොරොන්දුව ද ප්‍රංශය පලස්තීනයට ලබාදී තිබුණි. මේ අතර තුර ලොවපුරා වෙසෙන යුදෙව්වරුන් සොය සොයා සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරයේ හිට්ලර් (කුඩා අවදියේ යුදෙව්වරුන් ඔහුට ලබාදුන් අමිහිරි මතකයන් හි ප්‍රථිපලයක් ලෙස) ඉතා දරුණූ ලෙස නිරත වී සිටී අවදියක් විය. මේ හේතුව නිසා යුදෙව්වරුන්ට පලස්තීන භූමිය තුල මුස්ලීම්වරුන් රුකවර්ණය ලබාදීම ද එම කාලයේ සිදුවුණි. මේ හේතුව නිසාම ලොවපුරා වෙසනෙ යුදෙව් ජනතාව පලස්තීන භූමියට සීඝ්‍රයෙන් ඇදී ඒමද සිදුවුණි. මෙසේ එක් පසෙකින් යුදෙව් ජනතාව පලස්තීන භූමියට ඒකරාශි වනවිට තවත් පසෙකින් ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ද සිදුවෙමින් පැවතුණි. ඒ මේ පලස්තීනයට ඒකරාශි වන යුදෙව්වරුන් සදහා නිජබිමක් ලබා දෙන්නේ කොහින්ද? යන්න පිලිබදව වූ සාකච්චාවයි. මේ ප්‍රශ්නයට විසදුමක් දීමට ඉදිරිපත් වූ බ්‍රිතාන්‍ය එම නිජබිම පලස්තීන භූමියෙන් ලබාදිය යුතු බවට ප්‍රකාශ කෙරුණේ ආරම්භයේ පලස්තීනුවන්ට ලබාදුන් පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත් කරමිනි.

පලස්තීනය තුල ඊශ්‍රාඊලය බිහිවීම

ඒ අනුව 1918 වන විට ලොවපුරා වෙසෙන යුදෙව් ජනතාව සාමුහිකව පැමිණ පලස්තීන‍ය තම නිජබිම බවට පත්කරගත් අතර මේ සියල්ල දෙස පලස්තීන (මුස්ලීම්) රාජ්‍යය පමණක් නොව ලොවපුරා වෙසෙන අනෙකුත් සියළු මුස්ලීම් රාජ්‍යයන් බලා සිටියේ කිසිදු වගක් නොමැතිවීම වත්මන් අර්බුදයේ මුලයි.ඒ අනුව පලස්තීන භූමියේ ‘යුදෙව්’ ජන සමාජය සැලකිය යුතු තරමින් පදිංචි වූ අතර 1845 තෙක් පලස්තතීන රාජ්‍යයේ සමස්ථ යුදෙව් ජනගහනය 12000 ක් පමණ වුවත් 1914 වන විට පලස්තීන භූමියේ සමස්ථ යුදෙව් ජනගහනය 85000 දක්වා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ අතර තුර 1922 දී පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊල්’ රාජ්‍යයක් ස්ථාපනය කිරීම පිලිබදව වූ යෝජනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ඉදිරිපත් විය. මේ සියල්ල සිදුවන අතර තුර පවා පලස්තීන භූමිය තුල යුදෙව් පදංචි වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවිය. අවසානයේ පලස්තීන ජනතාවගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ පලස්තීන භූමිය දෙකඩ වී 1948 දී ‘ඊශ්‍රාඊල්’ නම් රාජ්‍යය ස්ථාපනය විය. මෙසේ පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊල්’ රජ්‍යය ස්ථාපනය වීමේ දී ඔවුන් සදහා වෙන්කර දුන් සමස්ථ භූමි ප්‍රමාණය වූයේ 6% ක් පමණකි. ඒ අනුව සමස්ථ පලස්තීන භූමියෙන් තවදුරටත් 94% පලස්තීනය රාජ්‍යයට හිමිව පැවතුණි. මේ එදා පලස්තීනය නම් මුස්ලීම් රාජ්‍යය මංකොල්ල කා එය නීත්‍යානුකූල කල ආකාරයයි. පහත සිතියම හොදින් නිරීක්ෂණය කලේනම් "පලස්තීන දේශය ගාසා තීරයක් දක්වා පරිවර්ථනය වූයේ කෙසේද?" යන්න වඩාත් හොදින් ඔබට අවබෝධ කරගත හැකි වේ.

පලස්තීන දේශය ගාසා තීරයක් දක්වා පරිවර්ථනය වූ සිතියම

1946 සිට 2008 දක්වා පලස්තීන සිතියම වෙනස් වූ ආකාරය මෙහි පැහැදිලිව දැකගත හැක

යුදෙව්වන්ටම ආවේනික නරුම ගුණාංගය

එතෙක් රටක් නොපැවතී යුදෙව්වරුන් එදා පලස්තීන භූමියෙන් 6% ක් උරුම කර ගැනීමෙන් නතර වූයේ නැත. එතැන් පටන් සමස්ථ පලස්තීනයම ආක්‍රමණය කිරීමේ ව්‍යාපාරය ඔවුන් අරම්ඹ කරන ලදී. එදා පටන් අද දක්වා පලස්තීන මුස්ලීම් ජනයා සමූල ඝාතනය කරමින් මේ වනවිට පලස්තීනයට අයත් භූමියෙන් 90% ක් පමණ ‘ඊශ්‍රාඊලය’ ආක්‍රමණය කරගෙන ඇත. (ඉහත සිතියම බලන්න) ඒ අනුව වසර 62 ක් තමන්ට හිමි නොවන භූමියක් ආක්‍රමණය කොට තමන්ට අත දුන් ජනතාව සපා කෑ ලොව එකම තිරිසන් ජාතිය බවට මෙම "ඊශ්‍රාඊපයන්" ඉතිහාසගත විය. මෙය මෙම යුදෙව්වන්ට ම ආවේනික මුලාව, කපටිකම හා කුමණ්ත්‍රනකාරී කෲරත්වය හා මිලෙඡ්චත්වය කියාපාන සාධකයකි. ඔවුන්ගේ එම ගුණාංගය තවදුරටත් ලෝකයාට කියාපාන නිදසුනක් ලෙස, පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊලය’ ස්ථාපනය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කල, එසේම ඊශ්‍රාඊලයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩෙවිඩ් බෙන් ගුරූන් (David Ben Gurion) ගේ ප්‍රකාශය මෙහි සදහන් කල හැක. එය මෙසේය…

‘මම අරාබි නායකයෙකු වුයේ නම්, ඊශ්‍රාඊලය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹෙන්නේ නැත. මෙවැනි තීරණයකට එළඹීම ස්වභාවයෙන් මනුෂ්‍යා තුල ඇති වන්නකි. මන්ද අප ඔවුන්ගේ රට අල්ලා ගත්තෙමු. අප මෙහි පැමිණ ඔවුන්ගේ රට සොරාගත්තෙමු. ඔවුන් ඇයි මෙය පිලිගත යුත්තේ!’

ඔවුනට මෙතරම් හයියක් කොහින්ද?

තමන් විසින් කරන ලද පහත් ක්‍රියාවක් මේ ආකාරයෙන් ආඩම්භර ලීලාවෙන් ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරන්න‍ට තරම් ඔවුන් බලගතු වුයේ කොහොමද?, සමස්ථ ලෝක රටවල් ම හිස නමා අවනත වන "එක්සත් ජාතීන්ගේ සංවිධානය" මඟින් ගෙන එන කිසිදු කොන්දේසියකට කිසිදු විටෙක හිස නොනැමීමට ඔවුනට ශක්තිය ලැබුණේ කොහින්ද?, ලෝකයටම නීති කියාදෙන ඇමරිකාව පවා මේ ඊශ්‍රාඊලය අභියස බලු කුක්කෙකු යන්න ප්‍රසිද්ධ රහසකි. එය එසේ වූයේ ඇයිද?. මෙය දීර්ඝ ලෙස කථා කලයුතු මාතෘතාවකි. (ඉන්ෂාඅල්ලාහ් ඉදිරි දිනක ‘යුදෙව්වරුන්’ යන මාතෘකාව තුලින් ඒ පිලිබදව කථා කිරීම අදහස් කරමි.) කෙසේ වෙතත් ඔබේ කෙටි දැනුමට සරලව කාරණා කිහිපයක් මෙහිදී සටහන් කරමි. එනම්,

අද ඔවුන්ගේ ශක්තිය

එදා රටක් පවා නොමැතිව පැවතී යුදෙව් ජන සමාජය…

  • අද ‘නාමික දළ දේශිය නිෂ්පාදිතය’ මත පදනම් වූ ආර්ථිකය, 2008 වසරේ දී වාර්තා වූයේ ලොව 41 වන විශාලතම ආර්ථිකය ලෙසිනි.
  • අද එක්සත් ජාතීන්ගේ ‘මානව සංවර්ධන දර්ශකයේ’ මැදපෙරදිග රටවල් අතර ඉහලම මට්ටම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි.
  • අද වැඩිම ජිව්‍ය කාලය වාර්තා වන රටවල් අතරින් ද, ඊශ්‍රායලය එකකි.
  • ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානය ඔවුන් සතුය,
  • ලොව ධනවත්ම හා ලෝකයාට බලපෑම් ඇති කලහැකි ව්‍යාපාර සියල්ලම වාගේ ඔවුන් සතුය.

පලස්තීන අර්බුදය ලෝකවාසී මුස්ලීම්වරුන්ට වැදගත් වන්නේ කෙසේද?

මෙම පලස්තීන අර්බුදය ලෝකවාසී මුස්ලීම්වරුන්ට වැදගත් වන්නේ ඇයිද? යන කාරණයට අවදානය යොමු කිරීමේදී සැබැවින්ම පලස්තීන භූමිය තුල භූමියම කිසියම් කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් මංකොල්ලකා ඇති බව අප පිලිගත යුතුය. එමනිසා එම අසාධාරණයට එරෙහිව පෙනීසිටීමට මුස්ලීම්වරයෙකු වීම අවශ්‍ය නොවේ. සාධාර්ණය අගයන මනුෂ්‍යත්වය ඇති ඕනෑම මුස්ලීම්වරයෙකු මෙන්ම මුස්ලීම් නොවන්නන්ද මෙයට එරෙහි වියයුතුය. නමුත් එම මානුෂීය කාරණයට අමතරව ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන්ට මෙම භූමිය සුවිශේෂි වන ආගමික කාරණා කිහිපයක්ද ඇත. විශේෂයෙන් ශුද්ධ වූ ‘බයිතුල් මුකද්දස්’ නම් වූ දේවස්ථානය මෙම පලස්තීනයේ ‘ජෙරූසලම්’ නම් නගරයේ පිහිටා තිබීම එහි වැදගත්ම කාරණයයි. (2023/10/05 දිනෙන් ඇරඹු වත්මන් යුද්ධයත් මෙම දේවස්ථානය යුදෙව්වන්ගෙන් මුදවා ගැනීම පිණිසයි.) මෙම දේවස්ථානය ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට වැදගත් වන්නේ ඇයිද? යන කාරණය පිලිබදව කෙටියෙන් මෙහි සටහන් කරන්නේ නම්,

පලස්තීනය තුල ඇති "බයිතුල් මුකද්දස්" නම් දේවස්ථානයේ මහිමය හා වැදගත්කම

එය අල්හදීසයක් තුලින් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

අබූදර් (රලි) තුමාණන් වරක් නබිතුමාණන්ගෙන්, ‘නබිතුමණි!, මේ පොළොව මත ප්‍රථමයෙන් ඉදිකරන ලද දේවස්ථානය කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය මක්කාවේ පිහිටි අල් මස්ජිදුල් හරාම් (කව්බාව)‘ යනුවෙන් පිලිතුරු දෙන ලදී. එවිට අබූදර් (රලි) තුමා, ‘ඉන්පසු කුමක්ද?’ යයි නැවත විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය අල් මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දස්)’ යයි පවසන ලදී. ඉන්පසු අබූදර් (රලි) තුමා ‘මේ දේවස්ථාන දෙක ඉදිකල කාලයන් අතර පරාසය කොතරම්ද?’ යනුවෙන් නැවතත් ප්‍රශ්න කලවිට එය ‘වසර 40 ක්’ යනුවෙන් නබිතුමාණන් පිලිතුරු දෙන ලදී…

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ශුද්ධ වූ නබිවදනට අනුව බයිතුල් මුකද්දස් ඉස්ලාමීය ලෝකයට ඉතිහාසමය වශයෙන් කොතරම් වැදගත් වනවාද? යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම දේවස්ථානය මුස්ලීම් සමාජයට වැදගත් වන්නේ එහි ඉතිහාසමය වටිනාකම නිසාම පමණක් නොවේ. එය ආගමික වශයෙන් ද ඉතා වැදගත් තැනක් උසුලයි. ඒ පිලිබදව ද අල්හදීස් මූලාශ්‍රය තුලින් ඔබේ අවදානයට කෙටි කරුණූ ගෙන ඒමක් කරන්නේ නම්,

මුස්ලීම්වරුන්ගේ ‘කිබ්ලා’ (දේව වන්දනයේ නිරත වන මොහොතේ මුහුණලා සිටින දිශාව) ලෙස ආරම්භයේ පැවතුණේ මෙම ‘අල්-අක්සා හෙවත් බයිතුල් මුකද්දස්’ දේවස්ථාන යයි. නබිතුමාණන් මාස 16 හෝ 17 ක කාලයක් මෙම දේවස්ථානය දෙස හැරී ‘සලාත’ (දේව වන්දන)යේ නිරත වූ අතර පසුව එය ‘මස්ජිදුල් හරම්’ ලෙස වෙනස් කරන ලදී’ යනුවෙන් ෆරාවු බින් ආසිෆ් (රලි) තුමා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘(මක්කා නම් නගරයේ පිහිටි) මස්ජිදුල් හරම්, (මදීනා නගරයේ පිහිටි) මස්ජිදුල් නබවි හා (පලස්තීනයේ ජෙරූසලම් නගරයේ පිහිටි) මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දිස්) යන දේවස්ථාන තුන හැර කුසල් අපේක්ෂාවෙන් වෙනත් කිසිදු දේවස්ථනයකට ගමන් කිරීමට මුස්ලීම්වරුන්ට අවසර නැත

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත නබිවදන් දෙක හොදින් විමසා බලන්නේ නම් පලස්තීනයේ ජෙරූසලම් නම් නගරයේ පිහිටි අල් අක්සා දේවස්ථානය මුස්ලීම්වරුන්ට ආගමික වශයෙන් කොතරම් පූජනීය ස්ථානයක් හිමිව තිබෙනවාද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. එපමණක් නොවේ තවත් වැදගත් කාරණයක් නිසා මෙම දේවස්ථානය මුස්ලීම් සමාජයටත්, ඉස්ලාමීය ලෝකයටත් වැදගත් වේ. එය නබිතුමාණන් මෙසේ පවසන ලදී.

ලෝක විනාශයට පෙර සිදුවන පෙර නිමිති අතර බයිතුල් මුකද්දිස් (හෙවත් අල් අක්සා) දේවස්ථානය මුස්ලීම්වරුන් ජයගැනීම ද (එකක්) වේ… (දීර්ඝ හදීසයක්)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මේ ආකාරයට ආගමික හා ඉතිහාසමය වශයෙන් ඉස්ලාමීය ලෝකයට වැදගත් වූ ‘බයිතුල් මුකද්දස්’ ශුද්ධ වූ දේවස්ථානයට අත්කර දී ඇති හා අද අත්වෙමින් තිබෙන්නේ ඉරණම පිලිබදව දැන් මෙහි කෙටි අවධානයක් යොමු කරන්නේ නම්,

බයිතුල් මුකද්දස් දේවස්ථානය ඊශ්‍රාඊල්වරුන්ගෙන් මුදවාගත යුතු නොවේද?

පලස්තීන භූමිය තුල තිබූ ලෝකවාසී මුස්ලීම් ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍රව වූ "බයිතුල් මුකද්දස්" දේවස්ථානය අද මුළුමනින්ම පාහේ ඊශ්‍රාඊල්වරුන්ගේ පාලනයට යටත්ව ඇත. මේ නිසාම ඉස්ලාමීය ලෝකයේ අයිතිය වන මෙම ශූද්ධ වූ දේවස්ථානය මුස්ලීම්වරුන්ගේ හඳවත්වලින් උදුරා දැමීමට අවශ්‍ය පිඹුරුපත් යුදෙව්වරුන් විසින් මොහොතින් මොහොත සකසමින් ඇත. එහි එක් පියවරක් ලෙස පසුගිය දිනයක "ජෙරූසලම ඊශ්‍රාඊලයේ අගනගරය ලෙස නම් කලයුතු බව ප්‍රකාශ කිරීම මෙහි සදහන් කලහැක. මීට අමතරව මුස්ලීම්වරුන්ගේ ගෞරවයට පාත්‍ර වූ මෙම දේවස්ථානය විනාශ කිරීමට ඉතිහාසය පුරාවට ඔවුන් ගත් නොයෙක් උත්සාහයන් හා කුමණ්ත්‍රණයන් එය මනාව පැහැදිලි කරයි. එවැනි කිහිපයක් ‍ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

  • 1969/08/21 දින ඉහත දේවස්ථානයට ගිණි තැබීම හා ගිනිනිවන හමුදාවට පැමිණීමට නොදී වැලැක්වීම. මෙහිදී මුළු දේවස්ථනයෙන් 1/3 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වීම,
  • 1969/08/18 දින දේවස්ථානය තුලට ‍යුදෙව්වරුන් 25 ක් පැමිණ ඔවුන්ගේ ආගමික කටයුතු ඒ තුල ඉටුකිරීමට උත්සාහ කිරීම,
  • 1976/12/28 දින ඊශ්‍රාඊල් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දේවස්ථානය තුලට පැමිණ එහි ඊශ්‍රාඊල කොඩිය ඔසවා ජාතික ගීය වාදනය කිරීම,
  • 1980 මැයි, 1983/03/11, 1984/01/30… යන දිනවල මුළු දේවස්ථානය පුරුරවා හැරීමට බෝම්බ ඇටවීම හා දේව හාස්කමකින් එය අණාවර්ණය වීම,
  • වන්දනාවේ නිරතවන මුස්ලීම්වරුන් විටින් විට සාමූහිකව ඝාතනය කිරීම,
  • පුරාවිද්‍යා ගවේෂණය යන නමින් දේවස්ථානය අවට භූමිය 1967 පටන් කැනීම කටයුතුවලට ලක් කිරීම, (මේ හේතුව නිසා ඉහත දේවස්ථානය ඉරිතැලීම්වලට ලක්ව ඇති බව වාරථා වේ)
  • සැබෑ ‘බයිතුල් මුකද්දස්’ දේවස්ථානය කෙරෙහි ලෝකවාසී මුස්ලීම්වරුන්ගේ තිබෙන අවදානය වෙනතකට හැරවීම පිණිස වෙනත් ගොඩනැඟිල්ලක් ‘බයිතුල් මුකද්දස්’ ලෙස ලෝකයාගේ අවදානයට ගෙන ඒමට කටයුතු කිරීම, (වැඩි විස්තර…)

"බයිතුල් මුකද්දස්" දේවස්ථානය සම්බන්ධයෙන් සැලසුම් සහගත කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය

"බයිතුල් මුකද්දස්" දේවස්ථානයට මෙම අවාසනාවන්ත ඉරණම උදාවීමට ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සැලසුම් සහගත කුමන්ත්‍රනයක් ද ඇත. එනම්, එදා පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊලය’ නම් රට බලහත්කාරයෙන් ස්ථාපනය කිරීමේ දී ඉහතින් සදහන් ශුද්ධ වූ දේවස්ථානය පිහිටි වර්ග කිලොමීටර් 21.1 වූ ජෙරූසලම් නගරයෙන් වර්ග කිලෝමීටර් 20.0 ක් යුදෙව්වරුන් හට ලබාදීමයි. නමුත් මෙලෙස ලබාදුන් එම තීන්දුවට එරෙහිව එදා ඉස්ලාමීය ලෝකයෙන් දැඩි විරෝධතාවයක් එල්ල කිරීම නිසා 1949 දී ඉහත තීන්දු වෙනස් කරමින් එය පහත ආකාරයට සංශෝධනය කිරීම සිදුවිය. ඉස්ලාමීය ලෝකයට කරන තවත් අසාධාරණය ලෝකයාට මානාව කියාපාමින් එය සිදුකලේ පහත ආකාරයටය.

  • මුස්ලීම්වරුන් සදහා වර්ග කිලොමීටර් 2.4 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 11.4% කි)
  • ඊශ්‍රාඊල්වරුන් සදහා වර්ග කිලොමීටර් 17.7 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 84.03% කි)
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහා වර්ග කිලොමීටර් 1 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 4.39% කි)

ඉහතින් ගත් තීන්දුවට අනුව මුස්ලීම්වරුන්ට තමන්ට අයත් භූමිය යුදෙව්වරුන්ට ලබාදී ඉවත්වීමට සිදුවූයේ උපන් දා පටන් හා පාරම්පරිකව උරුමව පැවති ඉඩකඩම් වෙළද ව්‍යාපාර සියල්ල අත්හැර දමමිනි. මේ අනුව එදා මුස්ලීම්වරුන්ට අයිතිව තිබූ භූමිවල කිසිදු බාධාවකින් තොරව 170000 ක් යුදෙව්වරුන් පදිංචියට පැමිණිමට හැකි විය.

යුදෙව්වන් කියන්නේ කිසිවකින් සෑහීමට පත් නොවන නරුම ජාතියක්

ඉතිහාසය පුරාවට කවදත් පොරොන්දු, ගිවිසුම්, කොන්දේසි… පිලිනොපදින ජාතියක් වූ යුදෙව්වරුන් ඉහත තත්වයෙන් මෙවරද සෑහීමට පත් නොවිය. සමස්ථ ජෙරූසලමය ම තමන් අනසකට නතුකරවා ගැනීම පිණිස දිගින් දිගටම මුස්ලීම්වරුන්ට එරෙහිව යුධවාදී ක්‍රියාවන් හි නිරත විය. අවසානයේ සමස්ථ ජෙරූසලම් නම් එම නගරය යුදෙව්වරුන්ගේ අණසකට පත්වූයේ සමස්ථ ඉස්ලාමීය ලෝකයම කම්පා වෙද්දීමය. එතැනින් ද නතර නොවූ එම යුදෙව්වරුන් එම භූමිය තුල තවදුරටත් 700000 ක පමණ යුදෙව්වරුන් පදංචි කරවූ අතර තම ආක්‍රමණය නීත්‍යානුකූල කර ගැනීම කිරීම පිණිස 1980/06/30 දින ‘ඊශ්‍රාඊලය’ නම් තම රටේ අග නගරය ලෙස මෙම ජෙරූසලමය’ ප්‍රකාශයට පත්කරන ලදී. (මෙය තවම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිගෙන නැත.)

පලස්තීන දේශය අද ගාසා තීරයක් වී ඇත

මේ ආකාරයට සමස්ථ පලස්තීනයම තමා යටතට ගැනීම සදහා දිගින් දිගටම ක්‍රියා කරන යුදෙව්වරුන් අද පලස්තීන නිජබිම් උරුමක්කාරයන් වන මුස්ලීම් ජනතාව එම භූමිය තුල සීමිත තීර කිහිපයකට සීමා කොට ඇත. වර්ථමානයේ දරුණූ සටන් මෙහෙයවමින් තිබෙන ගාසා තීරය (සිතියම බලන්න) එවැනි එකකි. පලස්තීන රට පිලිබදව කථා කලයුතු ලෝකයා ද අද ගාසා තීරය පිලිබදව කථා කිරීම තුල පලස්තීනය පරාජිත එසේත් නැත්නම් අහිමි වූ භූමියක් යන මානසිකත්වයට ලෝකවාසී මුස්ලීම් ජනතාව පත්ව ඇත.

අවසාන වශයෙන් ඔබේ අවදානයට

අවසාන වශයෙන් මෙහිදී ඉස්ලාමීය ලොකයේ අවදානයට කරුණූ කිහිපය ගෙන ආයුතුව ඇත.

  • ඒ එතෙක් රටක්‍ නොපැවතී ලොව කෲර ජන සමාජයක් වූ යුදෙව්වරුන්ට ඉස්ලාමීය රජ්‍යයක් තුල රටක් ලබාදී එය නීත්‍යානුකූල වශයෙන් පිලිගැනීමට සැලැස්වීම ඉස්ලාමීය ලෝකයට වැදුණූ පලමු හෙණ ප්‍රහාරකි.
  • "යුදෙව්වරුන් විශ්වාස කරන්න එපා" යන අවවාදය ඉස්ලාම් දහම දැඩිව කර තිබිය දී ඒ සියල්ල නොසලකා පලමු ලෝක යුද සමයේ හා ඉන්පසුව ද මුස්ලීම්වරුන් ක්‍රියා කිරීම මෙම ඉරණම පලස්තීන භූමිය තුල නිර්මාණය වීමට බලපෑ දෙවන අවාසනාවන්ත කාරණයකි.
  • ඉස්ලාමීය රාජ්‍යයක් තුල වෙනත් රාජ්‍යයන් අනිසි ලෙස මේ ආකාරයට අතපොවන විටත් ඒ සියල්ල ගොළුවන්, බිහිරන්, අන්ධයන් මෙන් අනිකුත් මුස්ලීම් රාජ්‍යයන් වටේ හිඳ බලා සිටීම මෙම ඛේදවාචකය ඇතිවීමට බලපෑ තෙවන කාරණයකි.
  • සමස්ථ ලෝකයේම වෙසෙන යුදෙව්වන් එක් අරමුණක් ඔස්සේ පෙළ ගැසෙද්දී ඒකීය දහම තුල වෙසෙන මුස්ලීම් ජනතාව ආගමික කල්ලි වශයෙන් බෙදී ක්‍රියා කිරීම (අද පලස්තීනය තුල ශියාවරුන් නිසා ඇතිවී තිබෙන තත්වයත් එක් නිදසුනකි.) පලස්තීනය දුර්වල කරන්න බලපෑ සිව්වන කාරණයකි.

පලස්තීන වැසියන් වෙනුවෙන් අපටත් වගකීමක් ඇත

මේ ආකාරයට ඉස්ලාමීය ලෝකයට අතපසු වූ තැන් බොහෝමයක් මේ පලස්තීන අර්බුදය තුල ඇත. මේවා නිවරුදි කර ගැනීමට මුස්ලීම් ලෝකය තවමත් ප්‍රමාද නැත. ඒ ඉහතින් සදහන් කලාසේ ‘බයිතුල් මුකද්දස්’ ජයග්‍රහණය මුස්ලීම්වරුන්ට කවදා හෝ උරුම ජයක් වන බැවිණි. එසේම මෙතැනදී මුස්ලීම් ලෝකය නොසලකා හරින යුදෙව්වන් ශක්තිමත් කරන තවත් කාරණයක් ඇත. ඒ යුදෙව් නිෂ්පාදන අසීමිතව පරිභෝජනය කිරීමයි. මෙයත් අප පලස්තීන ජනතාව වෙනුවෙන් ප්‍රතික්ෂේප කලයුතු අංගයකි. (මේ පිලිබදව යහමග අඩවිය තුල ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්. යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කොට ඇත. එම කාරණයන් සියල්ල මුස්ලීම් ලෝකයේ බුද්ධිමත් අවදානයට තබමින් මෙම ලිපියට විරාමය තබන්නේ ඔබ සතුව ඇති බලගතුම ආයුධයක් ඔබට මතක් කර දෙමිනි. ඒ "පලස්තීන වැසියන්ගේ විමුක්තිය සහ අයිතිය වෙනුවෙන් දෙවියන්ගෙන් කරන ප්‍රාර්ථනාව" බව සිහි කරවමින් සහ එය අප ලොව කොතැනක සිටියත් වලංගු බවද අවදාරණය කරමිනි.

යාඅල්ලාහ්!, පලස්තීන භූමිය තුල වෙසෙන කුඩා දරුවන්, කාන්තාවන්, මහළුන් හා පලස්තීනයේ අයිතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කරන පලස්තීනුවන් ආරක්ෂා කරත්වා!, ඔවුන්ට නිදහස හා ජයග්‍රාහණය ලබාදෙත්වා!, ඔවුනට එරෙහිව කටයුතු කරන නරුම ව්‍යාපාර විනාශ වේවා!, ඉස්ලාමය හා මුස්ලීම්වරුන් ආරක්ෂා කර දෙත්වා!, පලස්තීන ජනතාවට ඔවුන්ගේ අයිතිය ලබා දෙත්වා!,

පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් යහමග අඩවිය තුල ඉදිරිපත් වූ තවත් ලිපි කිහිපයක් පහතින් කියවන්න


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම