බෙත්ලැහැම් කිතුණූ ජනයා නත්තල් සැමරීම ප්‍රතික්ෂේප කරයි.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොවපුරා කිතුණුවන් අද නත්තල සමරයි. යේසුස් (නොහොත් ඊසා (නබි) තුමාණන්)ගේ උපත මූලික කරගෙන සමරණ මෙම සැමරුම ලොවපුරා කිතුණුවන්ට සුවිශේෂි උත්සවයකි. මෙම නත්තල් සැමරුමට මූලික වන යේසූස් තුමාගේ උපත සිදුවන්නේ බෙත්ලැහැමේදීය. බෙත්ලැහැම යනු බටහිර ඉවුරේ පිහිටි කුඩා නගරයකි. කිතුනුවන් විශ්වාස කරන්නේ යේසුස් තුමා වසර 2000 කට පෙර මෙහි උපත ලැබූ බවයි. මෙම බෙත්ලැහැම පිහිටා තිබෙන්නේ වත්මන් ඊශ්‍රායල් ත්‍රස්ථ රාජ්‍යයේ දැඩි ප්‍රහාරයට ගොදුරු වී තිබෙන පලස්තීන භූමිය තුලයි. ඒ අනුව ඊශ්‍රායලය විසින් පලස්තන භූමිය තුල සිදු කරන එම ජන සංහාරයට විරෝධය පල කරමින් පලස්තීන කිතුණූවන් (2023) මෙවර නත්තල සැමරීම නතර කොට ඇත.

එපමණක් නොව ගාසා තීරයේ යුද්ධයෙන් විපතට පත් වූවන්ට සහය දැක්වීම පිණිස පලස්තීන කලාකාරිනියක් වන රානා බිෂාරා නත්තල් අද දිනයේ සුවිශේෂී නිර්මාණයක් ද ඉදිරිපත් කොට ඇත. ඇය බෙත්ලැහැමේ දේවස්ථානය ඉදිරිපිට ඉන්කියුබේටරයක් ​​තුළ පතොක් කටු වලින් වට වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් තබමින් එය ක්‍රිස්තුස් වහන්සේ අලුත උපන් බිළිඳෙකු ලෙස නිරූපණය කොට ඇත.

බිෂාර ඇගේ සංකේතාත්මක කලා කෘතිය ඉදිරිපත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලන තුරු පලස්තීනුවන් නත්තල සමරන්නේ නැති බව බිෂාරා පවසා ඇත. එසේම ගාසා හි අල් ෂිෆා රෝහල ඉවත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පස් දෙනෙකු සහ හෙදියන් කිහිප දෙනෙකු පමණක් සිටි ගාසා වැසියන්ට ගෞරවයක් වශයෙන් තමා මෙම කලා කෘතිය නිර්මාණය කළ බව ද බිෂාරා පවසා ඇත.

මෙවර ප්‍රැන්සිස් පාප් වහන්සේ තුමාද නත්තල් උත්සවය ආරම්භ කළේ ශෝක පණිවුඩයක් ද සමඟිනි. ජේසුස් වහන්සේගේ සාමයේ පණිවිඩය ඔහු ඉපදුණු දේශයේම 'යුද්ධයේ නිෂ්ඵල තර්කනය' මගින් යටපත් වෙමින් පවතින බව ඔහු පැවසීය. නත්තලේ සැබෑ පණිවිඩය සාමය සහ ආදරය බව 87 හැවිරිදි පාප් වහන්සේ ප්‍රකාශ කළහ.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම