සාර්ථක පවුල් දිවියකට මඟපෙන්විම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සාර්ථක පවුල් දිවියකට මඟපෙන්විම්
සාර්ථක පවුල් දිවියකට මඟපෙන්විම්

දශක දෙකකට අධික කාලයක් මාපියන් හා සහෝදර සහෝදරයින් සමඟ හිතුමතේ නිදහසේ කෙලිලොල්ව ජිවත් වන තරුණ තරුණියන් දෙදෙනෙකු දිනෙක කොළයක් මත යොද අත්සනකින් එතෙක් පැවතී ඒ නිදහස් කෙලිලොල් ජිවිය වෙනුවට ආදරය, වගකීම, පරිත්‍යාග… වැනි බැරෑරුම් කාරණයන් පිලිබදව සිතන්නටත්, කටයුතු කරන්නටත් යොමු වේ. මෙය සරලව පවුල් ජීවිතය ලෙසත්, සමාජ විද්‍යානුකුලව ‘දරුවන් ඇති දැඩි කරගෙන ආර්ථික සහයෝගිතාවක් පවත්වාගෙන යමින් එක් නිවසක එකට වාසය කරන විවාහ යුවළ’ ලෙස හැදින්වේ.

මෙලෙස විවාහ සහතිකයක් තුලින් එළඹෙන ගිවිසුමකින් හෝ පාර්ශව දෙකක එකඟතාවයකින් සිදුවන විවාහය තුලින් ගොඩනැඟෙන පවුල් ජීවිතය සාර්ථක-අසාර්ථකත්වය ඉහත ගිවිසුම මත හෝ පාර්ශවකරුවන්ගේ එකඟතාවය මත තවදුරටත් තින්දු නොවේ. එය සම්පුර්ණයෙන්ම ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන ආදරය, අවබෝධය, කැපවිම… යනාදී කාරණයන් මත තිරණය වේ.

ඒ අනුව සාර්ථක විවාහ දිවියක් පවුලක් තුල ගොඩනැඟෙන්න නම්. එම පවුල් ඒකකය තුල…

  • බිරිඳකගේ වගකිම්,
  • ස්වාමියාගේ වගකීම්,
  • සාමුහික වගකීම්.

යනදී කාරණයන් පිලිබදව හොද අවබෝධයෙන් යුතුව පරිත්‍යාගශිලිව කටයුතු කිරිම අත්‍ය අවශ්‍ය කාරණයකි. මේ පිලිබදව කථා කරන දිව්‍ය වැකි කිහිපයකට ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

අල්කුර්ආනය මෙසේ පවසයි.

* නුඹලා (එකින් එකා) අතර පරිත්‍යාගශීලිභාවය අමතක නොකරන්න. නියත වශයෙන් අල්ලාහ් (දෙවි) නුඹලා කරන දේ පිළිබඳව පරික්ෂාවෙන් සිටි.
* “And do not forge to be generous between yourselves because Allah is All Seeing of all that you do.”

අල්කුර්ආන් 2-237

අල්කුර්ආනයේ තවත් තැනක අල්ලාහ් (දෙවි) මෙසේද පවසයි.

* නුඹල (භාර්‍යවන් වන) ඔවුන්ගෙන් හිත සුවය ලබනු පිණිස නුඔලාගෙන්ම ඇය (දෙවියන් වන) ඔහු නිර්මාණය කර ඔබ අතර ආදරය කරුණාව ද ඇති කර තිබිම (දෙවියන් වන) ඔහුගේ සාධකයන්ගෙන් එකකි. බුද්ධියෙන් වටහා ගත හැකි ජනතාවට මෙහිද නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත.
* “And among His Signs (Ayat), is this, that He created (your) mates for you from yourselves, that you may live in joy (and peace) with them, and He has placed love and mercy between your (hearts): Surely, there are signs in this for those who think.”

අල්කුර්ආනය 30-21

මේ ආකාරයටම අල්හදීසයක් නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්, වරක් මුහම්මද් (සල්) තුමාණන් පැවසු බවට එතුමාණන්ගේ බිරිඳ වන ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි.

ඔබලා අතරින් යහපත් අය වන්නේ ඔබලාගේ පවුලට යහපත් අයයි. මම මගේ පවුලට යහපත් කෙනෙකු වෙමි.

මුලාශ්‍ර ග්‍රන්තය – තිර්මිදි

පවුල් ඒකකය තුල දෙදෙනා අන්තර් අවබෝධයෙන් යුතුව, එසේම ආදරය, කරුණාව පරිත්‍යාගශීලිත්වය පතුරවමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉහත ඉගෙන්විමන් තුලින් මනාව කියාපායි. එම කාරණය වදුරටත් ගැඹුරින් හා ආගමික මඟපෙන්වීම ඔස්සේ ඉදිරියට මෙම අඩවිය තුලින් කථා කිරීමේ පොරොන්දුව මත මෙම සටහන ට විරාමය තබමි.


මේ මාතෘකාව ඔස්සේ පලකරන ලිපි පෙලගැස්ම මෙසේය…

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම