දේවවාදය සම්බන්ධයෙන් වූ විවිධ මත
More actions

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණයක් බවට 'දේවවාදය' පත්වෙමින් පවතී. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්විය. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවිය. මෙවැනි තත්වයකට මිනිසා පත්වීමට අතීතයේ පැවතී විශ්වාසයන් වන හිරු, සදු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම මෙන්ම අද පවතින දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් විය. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත්වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීමට අද සමාජය පෙළඹී සිටි. එම නිසා මෙවැනි පදනම් විරහිත විවේචකයන් හට ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද? වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමත් සමාජයට මේ පිලිබදව දැනුවත් කිරීමත් මුස්ලීම්වරුන්ට පැවරෙන අනිවාර්‍ය වු වගකීමකි.
එසේම දේව විශ්වාසය පිලිගන්නා සමාජයේ සිටින බහුතරයක් තම දහම කෙරෙහි තිබෙන අනවබෝධය නිසාත් දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍ය ආගමිකයින් සමග තමාගේ ඇති සාමුහිතක්වය පෙන්වීම සදහාත් ජනප‍්‍රිය මතයක් ඉදිරිපත් කරයි. එනම් “සියලූ ආගම් එකයි හැම ආගමේම කියන්නේ එකම දේ තමයි” යනුවෙන් පවසයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත්, අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානයක් යොමුකලේ නම්, ඉහත වාදය කිසිසේත් ප‍්‍රයෝගික විය නොහැකි හිස් වචනයක් පමණක්ම බව හොදින් පැහැදිලි වේ. මන්ද එක් ආගමක් බහුදේව වාදය පවසද්දී තවත් ආගමක් ඒකදේව වාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක් “දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වු මැවීමක්, ඒ දෙවියන්ට ප‍්‍රබලවු ශක්තීන් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලද යයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැබෙන පිං අනුවයි ඔවුන් ජීවත් වන්නේ.” යනුවෙන් පවසයි. “සියල්ලෙහිම බලධාරියා ඔහුයි, ඔහු සුපිරි බලයක්, සර්වඥානියෙක්” යයි තවත් දහමක් පවසයි. ඉහත මතයන් සියල්ල වර්ථමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරණ කිසිදු දහමක් තවත් දහමක ප‍්‍රතිපත්තීන් නිවරැදි යයි ද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස, සියලූ මාර්ගයන් නිවරැදි දි යයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරෑරුම් ප‍්‍රශ්නයක් ඇත. එනම්,
මේවා අතුරින් නිවරැදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් උරුම වු මාර්ගයද?
අද අපට බොහෝ විට පිලිපදින්නේ මා පියන්ගෙන් උරුම වු මාර්ගයයි. මෙය අන්ධ වු භක්තියක. තවදුරටත් එලෙසම ජීවත්වී මියයනවාද? එසේත් නැත්නම් නිවරැදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද? මෙම ගැටලූව විසදා නොගන්නේ නම් අප කුමණ දහම අනුගමනය කලත් මරණින් මතු ජීවිතය ප‍්‍රශ්නාර්ථයක් වනවා නියතය. මේ හේතුව නිසා දේව ව්ශ්වාසය කෙරෙහි බුද්ධිමත් අවධානය යොමුකිරීම මිනිසාගේ මුලිකම අවශ්‍යතාවයක් වී ඇත. මෙවැනි අවස්ථාවක ඉස්ලාම් හි දේව විශ්වාසයේ ස්ථාවරය කුමක්ද? යන්නත්, එසේ ඉස්ලාමීය දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී එයට විරුද්ධව එල්ලවන චෝදනාවන් කුමක්ද? යන්නත්, එම චෝදනාවල ඇති සාධාර්ණත්වය කොපමණද? යන්නත් පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වෙත පැවරී තිබේ.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න