මුස්ලිම්වරුන් ගැන බොරු පවසන ජඩමාධ්‍ය පිලිබදව අවදියෙන් සිටිමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද අප සමාජයේ සුලබ වු කාරණයක් වී ඇත. විශේෂයෙන් වගකීමක් ඇති මාධ්‍යකරුවන් පවා මෙවැනි පහත් තැනකට වැටී තිබීම මෙම සමාජයේ විකෘතිය මනාව කියාපාන්නකි. ඒවැනි විවේචකයන් දැනුවත් කිරීමේ අරමුණින් ඔවුන් ඉදිරිපත් කරණ කාරණයන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කිරීම යහමග අඩවිය අඛන්ඩව ඉටු කරමින් සිටින අතර ඒවැනි තවත් පුවතක් අද මෙම ලිපිය තුලින් සාකච්චාවට ගනිමි.

2009/12/24 දින ලක්බිම පුවත්පත

ඉහත පුවතට පිළිතුරු සටහන පහතින්...


“තරුණ තරුණියන් බිලිබා ගැනීමේ මූලධර්මවාදී උපාය” යන මැයෙන් 2009/12/24 දින “ලක්බිම” පුවත්පතේ පලවු ලිපිය කෙරෙහි අවධානය යොමු කලේනම්,

මෙම ලිපියෙහි සදහන් කරුණු පිලිබදව අවධානය යොමු කිරිමට පෙර මෙහි මාතෘකාව පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්, එහි ලාංකිය සමාජයේ භාවිතා වන ජනප‍්‍රිය වචනයක් ඇත. එනම් “මූලධර්මවාදීන්” යන්නයි. මෙය අද සමාජයේ විශේෂයෙන් බෞද්ධ සමාජයේ ජනප‍්‍රිය හිස් වචනයක් බවට පත්ව ඇත. එනම් ඕනෑම යථාර්ථවාදී කාරණයක් මෙම වචනය භාවිතා කොට යටපත් කිරීමට අද විශේෂයෙන් බෞද්ධ සමාජය පෙළඹී සිටී. එහි ප‍්‍රතිපලයන් තමා අද එම සමාජය අත්විදිමින් සිටින්නේ. සැබැවින්ම මූලධර්මවාදය යනු කුමක්ද? (පහතින් පැහැදිලි කර ඇත) මෙය අද සමාජයේ ගැඹුරින්ම කථාබහට ලක්විය යුතු කාරණයක් මිස එය ලේබලයක් හෝ තවත් කොට්ඨාශයකට චෝදනා කිරිමට භාවිතා කරන හොරනෑවක් නොවිය යුතුය.

ඉහත ලිපියෙහි කතෘ ලාංකිය සමාජයේ සුපුරුදු වචන එනම් මූලධර්මවාදය, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ, ආගම් හැරවීම, යනාදි වචන පෙලක් පෙලගස්වමින් පවසන්නට උත්සාහ කර ඇත්තේ සුළු පටු වු කාරනයක් නොවේ. එම ලිපියට විවිධ පැතිකඩ ඔස්සේ අවධානය යොමු විය යුතුයි යන්න මාගේ හැගීමයි. එනම්,

නිතිය ක‍්‍රියාත්මක කරන මහත්වරුන්ගේ අවධානයට මෙම ලිපිය යොමුවිය යුතුයි. මෙම ලිපියෙහි කතෘ පවසන ආකාරයට බෞද්ධයන් වෙනත් ආගමකට හරවීමේ ක‍්‍රියාවලියේ දී පොලිසියේ මහත්වරුන්ගෙන් යම් දායකත්වයක් ලබාදෙන බවටත් ඒ සදහා සාක්‍ෂි පවා තිබෙන බවටත් සාජුවම චෝදනා කරයි. එසේම රටේ නීතිය පවා නිසි ආකාරව ක‍්‍රියාවට නොනංවා ඔහුගේ භාෂාවෙන්ම පවසන්නේ නම් ජාත්‍යන්තර කුමණ්ත‍්‍රනකාරයන් හට සහය දක්වන බව පවසන්නේ අරක්කු බෝතල් උදාහර්ණයක් ද ගෙනහැර දක්වමිනි. මෙම කාරණය කෙරෙහි පොලිසියේ බලධාරීන්ගේ පමණක් නොව රටේ පාලකයන්ගේ ද අවධානය යොමු විය යුතු යන්න මාගේ විශ්වාසයයි.

බුදුදහම කෙරෙහි බෞද්ධයන්ගේ තිබෙන දැනුම පිලිබදව මෙම ලිපියෙහි කතෘ ප‍්‍රබල ප‍්‍රශ්නයක් මතුකරයි.

මෙම කාරණය බරපතල වු කාරණයකි. බුදුන්ගේ දේශයේ ජිවත්වන බෞද්ධයන් බුදුදහමේ ඉගෙන්වීමන් නොදන්නවා යයි පවසන්නේ කෙසේද?. එසේ බුද්ධ ඉගෙන්වීමන් නොදන්න මේ බෞද්ධ සමාජය ඉලක්ක කරගෙන බෞද්ධ රාජ්‍යයක් තනන්නට වෙහෙසෙන භික්‍ෂූන් වහන්සේලා තම උපාසක උපාසිකාවන්ට බුද්ධ දේශනය පවසන්නේ කවදාද?, ආගමක් යනු කායික වු කාරණයක් නොව මනසත් සමග කරන ගනුදෙනුවකි. එය විශ්වාසයන් මත ගොඩනැගෙන්නකි. එසේනම් ඉහත ලිපියෙහි කතෘ පවසන ආකාරයට මේ මනස නොමග යන්නට තරම් සිදුකල බලපෑම කුමක්ද?. බෞද්ධ තරුණයන් විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලා සහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොම`ග යන්නට තරම් බුදුදහමට වඩා අනිකුත් දහමන් බලගතු බව පවසනවාද? එසේත් නැත්නම් බෞද්ධයන් මනසින් දුර්වලයයි පවසනවාද? ආගමික විශ්වාසයක් මුදලින්, අධ්‍යාපනයන්, රුකියාවක්. තනතුරක් එසේත් නැත්නම් ආදර සම්බන්ධතාවයන් තුලින් ගොඩනැගීමට හෝ විනාශ කිරිමට හැකියාව පවතීද? එසේ සිදුවන්නේ නම් එයට හේතු කිහිපයක් තිබිය හැක.එනම්.

1. තමා පිලිපදින දහම කෙරෙහි තිබෙන අවිශ්වාසය, 2. තමා පිලිගන්නා දහම කෙරෙහි ඇති වන විශ්වාසය, 3. තමා අනුගමනය කරන දහම කෙරෙහි තිබෙන අනවබෝධය 4. ආගම් කෙරෙහි තිබෙන අවිශ්වාසය, 5. මානසික දුර්වලතාවය,

මෙවැනි කාරණයන් නිසා කෙනෙකු තවත් දහමකට හෝ තමන් මෙතෙක් පිලිපදින ලද දහම අතහැර යාමට පු`එවන. මෙහි 05 වන කාරණය හැර අනිකුත් සෑම කාරණයකදීම බෞද්ධයන් සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් ඇ`ගිල්ල දිගු වන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට සහා බෞද්ධ ආගමික විද්වතුන්හටයි. මන්ද ඉහත කතෘ පවා තම ලිපියෙන් පිලිගන්නා සත්‍යයක් ඇත. එනම් බෞද්ධයන් හට බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් නැත යන්නයි. අද ලොව කිසිදු රටක කිසිදු දහමක් ප‍්‍රචාරය නොකරන තරමට අප රටේ බුදුදහම ප‍්‍රචාරය සිදුවේ. එවන් තත්වයක මේ ආකාරයට එනම් ලිපියෙහි කතෘ පවසන ආකාරයට බුදුදහම අතහැරයාමක් සිදුවන්නේ නම් වරද කොතනද? එක්කෝ මේ බුද්ධ දේශනය බෞද්ධ ජනතාවට ප‍්‍රායොගික වී නැත. එසේත් නැත්නම් බුදුන්ගේ බුද්ධ දේශනයන් එනම් බෞද්ධ මුලධර්මයන් බෞද්ධ ජනයාට පවසා නැත. වරක් බුදුන් වහන්සේ මෙසේ දේශනා කල බව බුදුදහමේ සදහන් වේ.

‘මිත්‍යාවක් ජනතාවගෙන් වසන් වු තරමට එය බැබලෙයි. නමුත් දහමක් විවෘත්ත වු තරමට එය බැබලෙයි.‘

එසේනම් සැබෑ දහමකට විවෘත වනවා යන්න එය තව තවත් බබළවන්නට හේතු කාරණයක් වේ. එසේනම් බුදුදහම එනම් බුදුන්ගේ ඉගෙන්වීමන් ඇයි ජනතාව ඉදිරියේ විවෘත නොවන්නේ යහමඟ අභියෝගාත්මකව පවසමි.

බුද්ධ දේශනයන් ජනතාවගෙන් වසන් කොට ඇත. අන්‍ය ආගමිකයන් හට ඇ`ගිලි දිගු කිරිමට ප‍්‍රථම තම ආගමිකයන් වෙනුවෙන් එහි විද්වතුන් හා භික්‍ෂූන් වහන්සේලා කර ඇත්තේ කුමක්ද? යන්න ස්වයං අධ්‍යනයක් සිදුකල යුතු යන්න මාගේ විශ්වාසයයි. ඉහත කතෘ තම ලිපියෙහි බෞද්ධයන් බුදුදහම හැරයාමට පවසන හේතූන් පිලිබදව බෞද්ධ සමාජයේ අවධානය යොමු විය යුතු යන්න මාගේත් කැමැත්තයි. මන්ද බෞද්ධයන් කොතරම් දුර්වල ආගමික බැදීමක් සහිතව ලාංකීය සමාජයේ ජීවත්වනවා ද යන්න මනාව ඉහත කතෘගේ ලිපියෙන් පැහැදිලි වේ. එනම් මුදලටත්, රුවටීමන්ටත්, වැරදි දේශපාලන තීරණයන්ටත්, අනවාබෝධය නිසාත්……… යන කාරණයන් මත බෞද්ධයන් බුදුදහම හර යන්නේ නම් ඔවුන්ගේ දහම කෙරෙහි පවතින විශ්වාසය පිලිබදව තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ.

ඉහත ලිපියෙහි කතෘ ජාත්‍යන්තරයට දෙවැනි නොවී ඉස්ලාම් දහමටත් චෝදනාවක් එල්ලකොට ඇත. එය තුලින්ද ඔහුගේ අන්තවාදීත්වයත්, ජාතිවාදයත් කෙලෙසින් හෝ අනිකුත් ආගම් විවේචනය කලයුතුයි යන පටු අරමුණත් මනාව පැහැදැලි කොට ඇත. ඔහුගේ ලිපිය මුස්ලීම්වරුන්ට ඇ`ගිල්ල දිගුකරමින් අරඹා ක‍්‍රිස්තු දහමට චෝදනා කරමින් අවසන් කිරීම මගින් ද ඉහත සැකය තවත් තහවුරු වේ. ලාංකීය සමාජය තුල අතීතයේ මෙන්ම අදත් බෞද්ධයන්, ක‍්‍රිස්තියාණිවරුන්, හින්දුවරුන් හා මුස්ලීම්වරුන් සහයෝගයෙන් ජීවත්වන බව බහුතරයක් හොදින් දන්නා සත්‍යයකි. නමුත් මෑත කාලයේ බිහිවී ඇති බෞද්ධ ජාතිවාදී කල්ලීන් හා දේශපාලන පක්‍ෂයන් නිසා සමාජය තුල ජාතිවාදීත්වයන් නිර්මාණය වෙමින් පවතින තත්වයක් ගොඩනැගෙමින් පවතී. මේ නිසා විවිධ හිරිහැරයන්ටත්, තර්ජනවලටත් බෞද්ධ නොවන සමාජයට මුහුණදිමට සිදුවී තිබෙනවා යන්න අද ප‍්‍රසිද්ධ වු රහසකි. එවන් තත්වයක මුස්ලීම් ගම්මානවල සිංහල බෞද්ධයන් කොටු වි පවුල් පිටින් ආගමට හැරවීමන් සිදුවන්නේ නම් එය ඉහත කතෘගේ මනසෙහි ඇති වු එක්තරා මන:කල්පිතයක් මිස එය ප‍්‍රායෝගිකව සිදුවිය යුත්තක් නොවේ. මන්ද ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව එවැනි ක‍්‍රියාවක් තුලින් කිසිවකු ඉස්ලාම් දහමට බදවාගන්නේ නම් එය බරපතල වරදකි. ඉස්ලාම් එවැනි ආදර්ශයන් පෙන්වා නොදෙනවා පමණක් නොවේ. එවැනි ක‍්‍රියාවන් පිලිබදව දැඩිව අවවාද කරයි.

උදාහර්ණ වශයෙන් එවැනි ශූද්ධ වු අල්කුර්ආන් වාක්‍යයන් කිහිපයක් කෙරෙහි අවදානය යොමු කලේ නම්,

* ’’ඉස්ලාමයේ බලකිරීමක් නැත. ඇත්තෙන්ම දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය’’ (2-256)
* ’’අල්ලාහ් (දෙවියන්* නොවන ඔවුන් වන්දනා කරන එම(දෙවියන්ට* වස්තූන්ට බැන නොවදින්න’’ (6-108)
* ’’සමානයන් තබන්නන් (අන්‍ය අගමිකයින්* ආරක්‍ෂාව පතා නුඹ වෙත පැමිණියා නම් ඔවුනට නුඹ ආරක්‍ෂාව දෙන්න’’ (9-6)

මෙවන් වු දහමක් තුල ආගමකට බලෙන් හෝ කුමණ්ත‍්‍රණකාරීව හරවනවා යන්න ප‍්‍රායොගිකව සිදුවිය නොහැක්කකි. නමුත් ආගමට හැරවීමන් සමාජය තුල සිදුවන්නේ නම්. එහි හේතූකාරණයන් හොදින් අධ්‍යනය කිරීම තුලින් අවබෝධර ගෙන එයට පිලියම් සොයනවා මිස මේ ආකාරයට පා`එ ගෙදර වලං බිදීම නිෂ්පල කාරණයක් මෙන්ම සම`ගියෙන් සහජීවනයෙන් ජීවත්වන ජාතීන් අතර වෛරයන්, මතභේදයන් හා ගැටුමන් ඇති කරවන්නකි. එසේම පැහැදිලිවම ඉහත කතෘගේ ලිපියට අනුව ද බෞද්ධයන් හට නිර්මල බුදුදහම ප‍්‍රකාශයට පත්ව නැතිබව පිලිගනී. එසේනම් එය සිදුකරන්නට අවශ්‍ය පිඹූරුපත් සකසනවා මිස ඒ වෙනුවට අන්‍ය ආගමිකයන් ලාංකීය පොළොවෙන් තුරන් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම සැබෑ ආගම්වාදියෙකු අනුමත නොකරයි. ඒ අනුව මෙවන් වු අන්තවාදී ජාතීවාදී ක‍්‍රියාවන් යහමඟ දැඩි ලෙස හෙලාදකින අතර මෙවන් ලිපි රටේ බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවත්, යහමඟ මෙවැනි කාරණයන් සමබන්ධයෙන් අවදියෙන් සිටින බවත් පවසමින් මෙය අපේ මව් රටයි. එය අපේ ලෞකික උරුමයයි. එසේම අපේ ලෝකෝත්තර විමුක්තිය ඇත්තේ අපට උපතින් උරුම වු දහමේ නොව මනසට ගොචර වු දහමකය. එය තීරණය කිරීම තුල අන්තවාදීත්වය හා ජාතිවාදීත්වයට ඉඩ නැත ඇත්තේ බුද්ධිය පමණි.

…එන්න ධර්මය දකින්න…

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම