රාමදාන් සමයේ ඔසප් වීම ගැන කතා කිරීමට කාන්තාවට තහංචිද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට සුළු මොහොතකට පෙර BBC සිංහල වෙබ් අඩවියේ රාමදාන් මාසයේ ඔසප් අභියෝගයන් ගැන කතා කිරීම ඇතැම් කාන්තාවන්ට තවමත් තහංචි මාතෘකාවක්ද ? යන මාතෘකාව යටතේ (හිස්) ලිපියක් ඉදිරිපත් කොට තිබුණි. එය මා හිස් ලිපියක් යැයි පැවසීමට හේතුව එම ලිපිය තුල වගකීමෙන් ඉදිරිපත් කරන වැදගත් කරුණූ කිසිවක් අන්තර්ගත නොවීමයි. වගකීමකින් කටයුතු කලයුතු BBC වෙබ් අඩවියේ පලවූ සම්පූර්ණ ලිපිය මෙහි පහතින් ඉදිරිපත් කරමි.

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ෆාතිමා අක්ලාක් පාකිස්ථාන වැසියෙකු වන අතර, රාමදාන් සමයේ දී ඔසප්වීම සිදුවනබව සඟවන්නටවීමෙන් ඇය වෙහෙසට පත්ව සිටියි.
මෙම පූජනීය මාසය තුළ දී බොහෝ ඉස්ලාමිකයින් හිරු නැගීමේ සිට බැසීම දක්වා කිසිදු ආහාරපානයක් නොගනිතත්, ඔබේ ඔසප්වීම මෙම කාලසීමාව අතරට වැටුණහොත් උපවාසයෙන් වැළකීමට ඔබට හැකි ය.
ෆාතිමා සහ තවත් බොහෝ කාන්තාවෝ, රාමසාන් සමයේ දී ඔසප් සිදුවීමේ අභියෝගයන් ද, එය තවමත් බොහෝදෙනාට තහංචි මාතෘකාවක් වන ආකාරය ද ගැන සාකච්ඡා කිරීමට සමාජ මාධ්‍ය වෙත පැමිණෙමින් සිටිති.

Link - https://www.bbc.com/sinhala/world-65333015

(උපුටා ගැනීම අවසන්)

ලෝව කොහේ හෝ අස්සක ආගමික අනවබෝධයෙන් සිදුකරන ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් සමාජයේ මහා පුවතක් ලෙස පුම්බා සමාජගත කොට ඒ සදහා කතිකාවන් ගොඩනැඟීම අද බොහෝ ජනප්‍රිය වෙබ් අඩවීන් තම ජනප්‍රියත්වය සදහා කරන තුට්ටුදෙකේ පහත් ක්‍රියාවකි. විශේෂයෙන් මෙය මුස්ලීම්වරුන්ට හෝ ඉස්ලාමයට එරෙහිව සිදු කිරීම බහුලව දැකගත හැක. මෙම පුවතත් මා දකින්නේ එවැනි තවත් පුවතක් ලෙසයි.

උපවාස සමයේ කාන්තාවක් කටයුතු කලයුත්තේ කෙසේද? යන්න ඉස්ලාම් දහම පැහැදිලිව මිනිස් සමාජයට ප්‍රකාශ කොට තිබියදීත්, ලොවපුරා මුස්ලීම් කාන්තා පිරිමි දෙපාර්ශවයම කිසිදු ගැටළුවක් නොමැතිව අනුගමනය කරමින් සිටියදීත්. විශේෂයෙන් කාන්තාව ඔසප් වීම යන විෂය ඉස්ලාම් පැහැදිලිව කථා කොට තිබියදීත් එම සාමාන්‍ය ස්වභාවිත තත්වය අර්බුදයක් කොට එහි කාන්තාවට සමාජයෙන් අසාධාර්ණයක් හෝ අපහසුතාවයක් සිදුවන බවට පුවත් මවමින් අනවශ්‍ය කථිකාවක් නිර්මාණය කිරීම මුස්ලීම් සමාජයට කරන අසාධාර්ණයක් නොවේද?.

ඉහත කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න මෙම අඩවිය තුල උපවාසය කවුරුන් සදහාද යන මාතෘකාවේ දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. එසේම ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමි තැන කුමක්ද? යන්නත් මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. මේ කිසිවක් ගැන නොසිතා නොබලා ජනප්‍රියත්වය සදහා පමණක් පුවත් මැවීම තම තත්වයට නොගැලපෙන තුට්ටු දෙකේ ක්‍රියාවක් පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම