සමාජය ඉස්ලාමීය වර්ගීකරණය

ඉස්ලාම් දහම, මිනිස් සමාජයේ අධ්‍යාත්මික බැදීම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කරයි. ඔවුන්ගේ ආගමික බැදීම, ඒ කෙරෙහි ඔවුන් තුල පවතින විශ්වාසය හා ඒ සම්බන්ධ ඔවුන් දරණ මතවාදය යන කරුණු මත ඔවුන් මෙලෙස ගොනු කිරීම සිදුවේ. එලෙස ඉස්ලාම් දහම ගොනු කරන ප්‍රධාන ගොනු මෙහි පහතින් පෙලගසන්නේ නම්,
- මූමීන් – මුමින් (Mumen) යනු අල්කුර්ආනයේ සහ අල්හදීසයේ නිතර නිතර සදහන් වන අරාබි වචනයකි. එහි අර්ථය ‘ඇදහිලිවන්තයා’ යන්නයි. අල්ලාහ් (දෙවි)ට පූර්ණ ලෙස අවනත වී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් ජීවත් වන තැනැත්තා ‘මූමීන්’ ලෙස එසේත් නැත්නම් ‘පරිපූර්ණ මුස්ලිම්වරයෙක්’ ලෙස හැදින්වේ.
- මුස්ලීම් – මුස්ලිම් (Muslim) යනු ඒකදේව සංකල්පය හා මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ දහම පිලිගෙන එයට අනුව ජීවත් වන පිරිස මෙලෙස හැදින්වේ. මොවුන් අල්කුර්ආනය දෙවියන්ගේ වචනය ලෙසත්, අල්හදීසය මුහම්මද් (සල්)තුමාගේ ඉගැන්වීම ලෙසත් පිලිගනිති. මෙම ‘මුස්ලිම්’ යන අරාබි වචනයෙන් ‘ඉදිරිපත් කරන්නා’ යන තේරුම ලබාදෙයි.
- ෆාසික් – ෆාසික් (Fasik) යනු ඉස්ලාමීය නීති උල්ලංගනය කරන අයෙකු හඳුන්වන අරාබි වචනයකි. ‘ෆාසික්’ යන්න විශ්වාස කළ නොහැකි යැයි සලකන බැවින් ඔහු විසින් ඉදිරිපත් කරන සාක්ෂිය ඉස්ලාමීය අධිකරණවල පිළිගනු නොලැබේ. ෆාසික් යන වචනයට ‘අශිෂ්ඨ’ යන අරුථ ද ලබාදී ඇත.
- මුනාෆික් - මුනාෆික් (Munafiq) යනු ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ තමන් මුස්ලිම්වරයකු ලෙස පෙනීසිටින නමුත් ඉස්ලාමය හඳවතින් ප්‍රතික්ෂේප කරමින් හෝ ඉස්ලාමයට එරෙහි වෙමින් ඉස්ලාමයට හෝ මුස්ලීම්වරුන්ට එරෙහි සතුරන් සමඟ එක් වී කුමණ්ත්‍රනය කරන කුහකයින් ඉස්ලාම් දහම ‘මුනාෆික්වරුන්’ ලෙස හදුන්වයි.
- කාෆිර් – කෆීර් (Kafir) යන වචනයේ අර්ථය ‘අවිශ්වාසවන්තයා’, ‘ප්‍රතික්ෂේප කරන්නා’, ‘නොඇදහිලිවන්තයා’… යනාදීය වේ. මෙම යෙදුමෙන් අදහස් කරන්නේ ඉස්ලාමය හෝ ඉස්ලාමයේ මූලධර්ම අනුව අල්ලාහ් (දෙවි)ව ප්‍රතික්ෂේප කරන හෝ අවිශ්වාස කරන, දෙවියන්ගේ ආධිපත්‍යය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන පිරිස මෙලෙස හැදින්වේ.
- මුෂ්රික් – මුෂ්රික් (Mushrik) යනු ඉහත කාෆිර්වරුන්ගේම එක් කොටසකි. එනම් අල්ලාහ් (දෙවි)ට වෙන කිසිවක් හෝ කිසිවෙක් සමාන කොට ඇදහීම හෝ පිලිගැනීම ‘ශිර්ක්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර එම ක්‍රියාවේ නියලෙන පිරිස ‘මුෂ්රික්’ ලෙස හැදින්වේ.
- ජාහිලියා – ජාහිලියා (Jahiliya) යනු ඉස්ලාම් දහම පිලිබදව හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කිසිදු අවබෝධයක් නොමැතිව ජීවත් වන ජන සමාජය මෙලෙස හැදින්වේ. මේ ගොනුව යටතේ ගතහැකි කෙනෙකු අද මිහිතල මත සිටිනවාද? යන්න සැක සහිතය. සමහර විට වනවාසී ගෝත්‍රයන් මෙම ඝනයට අයත් විය හැක.
ඉස්ලාම් දහම මිනිස් සමාජය ඔවුන්ගේ ආගමික විශ්වාසය හා පිලිගැනීම අනුව ගොනු කොට ඇති ආකාරය ඉහතින් කෙටියෙන් පැහැදිලි කොට ඇත. (ඒ එකින් එක පිලිබදව කරන දීර්ඝ විග්රහය මෙම අඩවිය තුල සිදුකොට ඇති අතර එය ඉහත ගොනුව මත Click කොට කියවීමේ හැකියාව ඇත.) එම කාරණයන් වෙත මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවදානය යොමු වේවා! යනුවෙන් ද “මූමීන්වරුන් ලෙස ජීවත් වී “මුස්ලීම්වරුන්” ලෙස මියදීමට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය අපට හිමිවේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මෙම සටහනට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න