“වහාබිසම්” හෙවත් වහාබ් වාදය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙම 'වහාබ්වාදය' යන වදන ශ්‍රී ලාංකීය සමාජයට අලුත් වචනයක් නොවේ. මෙම වචනයම කරමත තබාගෙන මේ රටේ ජාතිවාදය වපුරපු පූජකවරුන් අපේ මතකයේ තවම ඇත. මේ වචනය මූලික කරගෙන විවිධ ආරවුල් ඇති කොට ජීවිත ගණනාවක් බිලිගත් ඉතිහාසයක් අපට ඇත. මේ නිසාම මෙම වචනය සම්බන්ධයෙන් සමාජය තුල එක්තරා ආකාරයක කුතුහලයක් ගැබ්ව ඇත. නමුත් ඇත්ත නම්, 'වහබිසම්' යනු ලොව තිබෙන කිසියම් සංවිධානයක් හෝ කල්ලියක් කණ්ඩායමක් නොවනවා යන්නයි. එසේ නම් කුමක්ද මේ වහාබිසම්?

සරලව පවසනවා නම් මෙය එක්තරා කාලයක ජීවත් වූ පුද්ගල නමක් පමණි. ඒ මීට වසර 300 කට පමණ පෙර රියාද් නම් නගරයේ 'දිරෙයියා' නම් ප්‍රදේශයේ ජීවත් වූ මොහම්මද් ඉබුනු අබ්දුල් වහ්හාබ් නම් වූ එක්තරා ඉස්ලාම් ආගමික විද්වතෙකුගේ නමක් පමණී. ඔහුගේ නමෙහි අග කොටස මූලික කරගෙනයි මෙම “වහාබිසම්” නම් වූ නම නිර්මාණය වී ඇත්තේ. දැන් ඔබට මතු වන ගැටළු වන්නේ මෙලෙස ඔහුගේ නම ලොවපුරා ප්‍රසිද්ධ වන්න ඔහු කල ක්‍රියාව කුමක්ද? යන්නයි. අද සමාජය සිතන ආකාරයට ඔහු එවකට සමාජයේ කිසිදු ත්‍රස්ථ කල්ලියක නායකයෙකු හෝ ත්‍රස්ථ සංවිධානයක සාමාජිකයෙකු ද නොවේ. ඔහු ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට පුළුල් මෙහෙවරක් කල ඉස්ලාම් ආගමික විද්වතෙකි. ඔහු ඉස්ලාම් දහමේ හා මුස්ලීම් සමාජයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් සිදුකල බව ඉතිහාස පොත්පත් හි සදහන් වේ.

විශේෂයෙන් එදා විවිධ කොටස්වලට බෙදී පැවතුනු වර්තමාන සවුදි අරාබිය එක්සේසත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කලේ මෙතුමා බව ඉතිහාසයේ සදහන් වේ. ඒ යුධමය විප්ලවයන් තුලින් නොව චින්තන විප්ලවයන් තුලිනි. ඔහු තම ජීවිත කාලය පුරාවට මුස්ලීම් සමාජය තුල පැවතී විවිධ වූ මිත්‍යා විශ්වාසයන්ට එරෙහිව චින්තනයම විප්ලවයන් සිදුකරන ලදී. ඉස්ලාම් දහම නමින් ජනතාව අතර පැවතී මිත්‍යා විශ්වාසයන් හා ඉස්ලාම් නොපවසන විවිධ වූ ඇදහිලිවලට එරෙහිව ආගමික මුලාශ්‍රයන් පදනම් කරගෙන දහම් ප්‍රචාරයේ නිරත වී ඇත. මොහුගේ ප්‍රචාරනය තුලින් බුද්ධිමත් ජනතාව මිත්‍යාවන්ගෙන් මිදී සත්‍ය මාර්ගයට අවතීරණය වූ අතර මිත්‍යා දෘෂ්ඨිකයන් හට මෙය ඔවුන්ගේ පැවැත්මට අභියෝගයක් විය. මේ නිසා පසුකාලීනව (ඔහුගේ අභාවයෙන් පසු) ඉහත අබ්දුල් වහ්හාබ් නමින් විවිධ කටකථා නිර්මාණය කරමින් ඔහුට එරෙහිව සමාජය තුල මතවාදයන් ගොඩනඟමින් ඔහුට එරෙහිව ජනතාව පෙළගැසීම සිදුවිය. මෙම අබ්දුල් වහ්හාබ් ජීවත් වූ යුගය ලේඛන කලාව හොදින් පැවතී යුගයකි. ඔහු විසින් රචිත සියළු පොත්පත් අදටත් ආරක්ෂා වී පවතී. එම පොත්පත් හොදින් විශ්ලේෂණය කරන කිසිවකුටත් එහි

ඔහු විසින් ත්‍රස්ථ ක්‍රියාවන් සෘජුවම හෝ වක්‍රව අවධාරනය කරන සටහනක්, ඔහු විසින් සිදුකල යුධමය (ත්‍රස්ථමය) ක්‍රියාවක් ඔහු සම්බන්ධ වී සිටී ත්‍රස්ථ සංවිධානයක්

යනාදී කිසිවක් සොයාගත නොහැක. එසේ තිබියදී මුස්ලීම්වරුන් විසින් කරනු ලබන ඉස්ලාම් විරෝධී ක්‍රියා ඔහුගේ නමින් නම් කිරීම කොතරම් දුරට සාධාරණද? වාදයකට අබ්දුල් වහ්හාබ් (වහාබ්) සමාජ විරෝධි සහ ඉස්ලාම් ආගම් විරෝධි ක්‍රියාවක නියැලී තිබුනත්, ඔහුව මුහම්මද් (සල්) තුමාණන් ඉක්ම වූ ආදර්ශයක් ලෙස ගෙන ක්‍රියාකරන්න මුස්ලීම්වරුන් හට ඉස්ලාම් දහම තුල ඉඩ තිබේද?. මුස්ලීම්වරුන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව කටයුතු කලයුතු මිස එක් එක් ජනප්‍රිය චරිත පසුපස යාමට ඉස්ලාම් දහම පෙන්වාදී නොමැත.

මෙහිදී තවත් කරුණක් අවධාරනය කලයුතුව ඇත. එනම් අබ්දුල් වහ්හාබ් නම් වූ ඒ ආගමික විද්වතා මුස්ලීම් සමාජයේ පවතින මිත්‍යාවන් දුරුකිරීම‍ට මහත් සේ කැපවීම් කල උත්තමයෙකි. ඒ ඉස්ලාම් දහම එය සෑම මුස්ලීම්වරයෙකුටම දැඩිව අවධාරනය කරන මෙහෙවරක් වූ නිසාම විය හැක. (ඉස්ලාම් පමණක් නොව ලොව සෑම දහමක් දර්ශනයක්ම අවධාරනය කල එකම මෙහෙවර ජනතාව මිත්‍යාවන්ගෙන් මුදවා ගැනීමයි) ඒ මෙහෙවර අබ්දුල් වහ්හාබ් එක්තරා දුරකට ඉටුකොට ඇත. නමුත් ඔම මෙහෙවර ඔහුගෙන් අවසන් නොවේ. මේ මිහිපිට ජීවත්වන සෑම මුස්ලීම්වරයෙකුටම මෙම වගකීම ඉස්ලාම් පවරා ඇත. ඒ අනුව අදටත් මුස්ලීම්වරුන් මෙම මෙහෙවරේ නිරත වන අතර ඒ එය අබ්දුල් වහ්හාබ් සිදුකල නිසා නොවේ. ඔහු ද එම පාඩම් ඉගෙනගත් ඉස්ලාමීය මූලාශ්‍ර එය මුස්ලීම් සමාජයට අවධාරනය කරන නිසාය. ඒ අනුව එදා අබ්දුල් වහ්හාබ් තුමාගේ සහා අද මුස්ලීම් ප්‍රජාවගේ මෙහෙවර එක සමාන වූ පමණින් එය ඔහුව අනුගමනය කිරීමක් යයි පැවසීම අන්තවාදීත්ව හා අනවබෝධයකි. මුස්ලීම්වරුන් හට එකම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන් පමණි. එතුමාගෙන් පරිභාහිරව කවර පුද්ගලයා කුමණ ක්‍රියාවක නිරත වුවත් එය ඉස්ලාම් නොවේ යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීම බව පැහැදිලිවම සමාජය අවබෝධ කරගත යුතුව ඇත.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම