ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙම අඩවිය තුල මීට කලකට ඉහත ‘මුස්ලිම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?’ යන ලිපිය තුලින් වර්ථමාන මුස්ලීම් සමාජය තුල සිදුවෙමින් තිබෙන පරිහානියක එක් පැතිකඩක් දීර්ඝ ලෙස ‍සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. අද දවසේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?’ යන මෙම ලිපිය තුලින් ඊට තරමක් වෙනස් ආකාරයට එවැනි පරිහානියක තවත් පැතිකඩක් සාකච්චා කිරීමට අදහස් කරමි. ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් නොවන ප්‍රජාවට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීමට කටයුතු කරන වෙබ් අඩවියක් ලෙස මෙවැනි සමාජ තත්වයන් නොසලකා එම මෙහෙවර තුල නිරතවීම ප්‍රායෝගිකව අසාර්ථක වෑයමකි. ඒ අනුව එවැනි පැතිකඩකට මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරන අතර ඊට මත්තෙන් මෙම අවස්ථාවේ දී යහමග පාඨක අවධානයට සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත.

පසුගිය දින කිහිපයක් මුළුල්ලේ යහමග අඩවිය තම මෙහවරින් කෙටි විරාමයක් ලබා සිටියේ පුද්ගලික කරුණූ ගණනාවක් හේතුකොට ගෙනය. නමුත් එම කෙටි කාලය තුල පවා යහමග පාඨක පිරිස් නන්අයුරින් මාගේ නිහඩතාවය පිලිබදව කරුණු විමසා බැලීමත්, යහමග අඩවියේ නිහඩතාවය අවස්ථාවක් කරගෙන සමහරක් පිරිස් විවිධ වූ මඩ ව්‍යාපාර දියත් කිරීමත් මෙම මෙහෙවර තුල යලිත් වරක් හැකි ඉක්මණින් පියවර තැබීමට ප්‍රධාන හේතුවක් විය. එයට එක් නිදසුනක් පවසනවා නම් යහමග අඩවියේ කෙටි කාලීන නිහඩතාවය එක්තරා සහෝදරයෙකු විග්‍රකොට තිබුණේ ‘රාලලා යලි එනකොට අබූලා හැංඟිලා’ යනුවෙනි. මේ කාරණය යහමග අඩවිය ඉදිරියේ දී වෙනම ම සාකච්චා කිරීමට අදහස් කරන නිසා එම විෂය මෙහිදී සාකච්චාට නොගනිමි. අද දිනයේ යහමග ඉදිරිපත් කරන්නට අදහස් කරන්නේ මෙතෙක් කාලයක් යහමග අඩවිය තුල ඉදිරිපත් නොවූ ආකාරයේ වූ සමාජ දැනුවත් කිරීමකි.

මා ආරම්භයේ සදහන් කලා සේ යහමග අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල බිහිවීමට මූලික වූ හේතු සහා එම අඩවියේ විෂය පථය කුමක්ද? යන්න මෙම අඩවිය තුල ආරම්භ කාලයේදීම සදහන් කල ද කාලයත් සමඟ එහි විෂය පථය පුළුල් කිරීමට සිදුවිය. එනම්, ආරම්භයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයක් ලබාදීම අරමුණූ කොට ගෙන මෙම වෙබ් අඩවිය ආරම්භ කල ද, වර්ථමාන ලෝකය තුල මුස්ලීම් සමාජය තුලින් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලම් දහම දැකීමට නැඹුරුවක් දක්වන නිසා මුස්ලීම් සමාජය සදහා වූ දැනුවත් කිරීමන් ද සිදුකිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බව පසු කාලීනව අවබෝධ විය. ඒ අනුව යහමග ඔවුන් සදහා වූ ලිපි ගණනාවක් ද මෙම අඩවිය තුල ඉදිරිපත් කරමින් මෙහි විෂය පථය පුළුල් කරන්නට සිදුවිය. මෙලෙස කාලයක් ගෙවීයත්ම මුස්ලීම් සමාජය තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින තවත් වැදගත් දුර්වලතාවයක් සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් මතුවිය. ඒ ආගමික බෙදීමන් හා කල්ලි ගැසීමන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බලපාන ආකාරයයි. මේ අනුව ඒ විෂය පිලිබදව යහමග අඩවිය පසුගිය දිනවල මෙන්ම ඉදිරියටත් කරුණූ සාකච්චා කිරීමට අපේක්ෂා කොට ඇත.

මෙසේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විෂය පථය පුළුල් වෙමින් යහමග අඩවිය ඉදිරියට ගමන් කරද්දී පසුගිය දිනක කාලීන මෙන්ම මුස්ලීම් සමාජයේ දැඩි අවධානයට හා විමසුමට ලක්විය යුතු ආගමික දේශනයක් සවන්දීම‍ට හැකි විය. එම දේශනය දමිල භාෂාවෙන් සිදුකල එකක් වුවත් යහමග සම්ප්‍රදායන් ඉක්මවා ගොස් එම දේශනය මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීමට අදහස් කලේ මුස්ලීම් සමාජයත්, ඉස්ලාම් දහමත් පිලිබදව කිසියම් හැඟීමකින් කටයුතු කරන බුද්ධිමත් පිරිසට මේ තුල අවබෝධ කර ගතයුතු කරුණූ ගණනාවක් තිබෙන බවත් ඒ වෙනුවෙන් මැදිහත් වියයුතු අවශ්‍යතාවයන් ඇති බවත් අවබෝධ කරගත් නිසාය. (මෙම විඩියෝව මුල සිට අවසානය දක්වා සමාජිය හැඟීමෙන් නරඹන මෙන් ඉල්ලා සිටිමි) එම ආගමික දේශනයට ඔබේ අවධානය යොමු කිරීමට මත්තෙන් ඔබේ බුද්ධිමත් අවධානයට තවත් වැදගත් කරුණූ කිහිපයක් සදහන් කලයුතුව ඇත.

  •  දිනෙන් දින මුස්ලීම් සමාජය තුල ආගමික බෙදීමන් හා කල්ලිවාදයන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අවධියක මෙවැනි ආගමික හා කාලීන දේශන දැඩි අවශ්‍යතාවයක් මෙන්ම සියළු පාර්ශවයන්ට පූර්වාදර්ශයක් යන්න පැහැදිලිව අවබෝධ කර ගතයුතුය.
  •  මේ දේශකයා කුමන කල්ලියටද, සංවිධානයටද, බෙදීමටද… අයත් වන්නේ යනාදී පටු අදහස්වල කොටු නොවී මෙහි පැවසෙන කරුණූ කොතරම් සත්‍ය ද යථාර්ථවාදී ද යන්න පමණක් බුද්ධිමත් ලෙස විමසා බැලීම කලයුතුය.
  •  ශ්‍රී ලංකීය සමාජය තුල ඉස්ලාම් දහමේ මහිමය හා ශ්‍රේෂ්ඨ බව වසර ගණනාවක් මුළුල්ලේ කථා කරන අපට වර්ථමාන මුස්ලීම් සමාජය අද අප ඉන්නා තැන හා යොමුව ඇති දිශාව මනාව පෙන්වනවාදීම දෙවරක් සිතා බැලිය යුතුය.
  •  නැති කරුණූ ඇති කරමින් එනම්, ඉස්ලාම් දහමට එරෙහිව විවිධ වූ මඩ ව්‍යාපාර හා මනක්කල්පිත කරුණූ පදනම් කරගත් විවේචන, තම නැණ පමණින් වූ විවේචන, පූර්ව නිගමනයන් තුල හා උපකල්පනයන් තුල හිද කරන විවේචන… යනාදී වශයෙන් නිරත වන පිරිස් හමුවේ මෙම පහත දේශනය තුල පැවසෙන විෂයන් සිංහල භාෂාවින් ඉදිරිපත් වුණි නම් එහි තත්වය මොහොතක් බුද්ධිමත් ලෙස මුස්ලීම් සමාජය විමසා බැලිය යුතුය.
  •  ඉස්ලාම් දිව්‍යමය දහමක්, මුස්ලීම් සමාජය ලොව විශිෂ්ඨ වූ ආදර්ශයකට උරුමකම් කියන උතුම් සමාජයක්, යයි ආඩම්භර ලීලාවෙන් පවසා ගන්න අපේ සමාජය අද යොමුව ඇති ඉසව්ව බුද්ධිමත් මුස්ලීම් සමාජය සමාජ හා ආගමික හැඟීමකින් හොදින් විමසා බැලිය යුතුය.
  •  අවසාන වශයෙන් මේ අවාසනාවන්ත තත්වයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය මුදවා ගැනීමට අපට කලහැකි දායකත්වය කුමක්ද? යන්න ආගමික හා සමාජීය හැඟීමෙන් තීන්දු තීරණ ගතයුතුය.

එම ආගමික දේශනය මෙසේය…

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මේ දේශනය තුලින් සාකච්චා කෙරෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජය තුල තිබෙන්නා වූ සමස්ථ දුර්වලතාවයන් නම් නොවන බවයි. එනම් මෙහි සාකච්චා කෙරෙන්නේ ඒ අතුරින් එක් ‍ක්ෂේත්‍රයක් පමණි. මුස්ලීම්වරුන් ලෙස ඉස්ලාම් දහමේ මහිමය හා අසමසම බව මෙන්ම විශිෂ්ඨත්වය ලෝකයා හමුවේ කියාපාමින් අපගේ ක්‍රියාවන් මේ ආකාරයට එම ඉගෙන්වීමන්ගෙන් ප්‍රතිවිරුද්ධ දිශාවකට යොමු කරගන්නේ නම් අප තරම් අවාසනාවන්ත තවත් සමාජයක් ලොව පැවතිය හැකිද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ ලිපියට මෙලෙස විරාමය තබන්නේ මෙවැනි ආගමික දේශනයන් සදහා යහමඟ අද පටන් විවෘත යන්නත් ඔබේ බුද්ධිමත් අවධානයට තබමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම