සමාජ මාධ්‍ය භාවිතයත් නැමදුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සමාජ මාධ්‍ය භාවිතය පිලිබදව ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් කථා කරන “සමාජ මාධ්‍ය භාවිතය - ඉස්ලාමීය විමසුමක්” යන ලිපි පෙලෙහි තවත් දිගුවක් ලෙස “සමාජ මාධ්‍ය භාවිතය නැමදුමකි” යන්න පිලිබදව මෙහිදී කථා කිරීමට අදහස් කරමි.

ඉස්ලාම් දහම ලොව අනිකුත් ආගම් මෙන් ලෞකික කටයුතු හා ආගමික කටයුතු වෙන්කොට දකින දහමක් නොවේ. මුස්ලීම්වරයෙකු කරන කියන සියල්ල ඉස්ලාම් නොඑසේ නම් දේව නැමදුම් යන්න ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමයි. එතැනදී තීරණාත්මක සාධකය වන්නේ කිසියම් ක්‍රියාවක නියැලෙන විට එහි තිබෙන ඡේතනාව කුමක්ද? යන්න පමණයි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව ලෞකික ක්‍රියාවක් වූවද ඔබේ අභිප්‍රාය මත එය නැමදුමක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇත. ඔබ සමාජ මාධ්‍ය තුල “Followers - අනුගාමිකයින්” අපේක්ෂාවෙන් හෝ “Like - කැමැත්ත” අපේක්ෂාවෙන් ඔබේ ගිණුම යාවත්කාලීන (Update) කරමින් යමක් පළ කරන්නේ නම්, ඔබේ ක්‍රියාව ලෞකික අරමුණට සීමා වේ. නමුත් ඔබගේ ඉහත ක්‍රියාවලියම අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය දිනාගැනීම සහ සමාජයට යහමග පෙන්වීම අරමුණු ඇතුව ක්‍රියාත්මක වන්නේ නම්, එය ඔබට පරලොව විමුක්තියට හේතු වන නැමදුමක් බවට පත්වනු ඇත. මෙය අල්කුර්ආනය ද මෙසේ පවසයි.

කවුරුන් අල්ලාහ් දෙසට (ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවන් කර, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි’ යයිද පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද?”

අල්කුර්ආනය 41-33

ඉහත දිව්‍ය වදන මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එහි පවසන දහම් මෙහෙවර එනම්, ජනයා යහමග ට කැඳවා, තමන් ද යහකම් හි නිරත වෙමින් ඉස්ලාම් දහමේ සීමාවන් හි හිඳ කටයුතු කිරීම අලංකාර මුස්ලීම්වරයෙකුගේ ගුණාංග යන්න එහි ඉගෙන්වීමයි. එසේනම්, මේ සමාජ මාධ්‍යයන් තුල පුහු Followers හා Like පසුපස හතිහලමින් දුවන අප ඉහතින් සදහන් දහම් මෙහෙවර තුල කොතෙක් දුරකට සිටිනවාද? යන්න සමාජ මාධ්‍ය භාවිතා කරන සෑම මුස්ලීම්වරයෙකුම “ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අනූකූල කටයුත්තක්ද?, මීට වඩා දහමට හා සමාජයට වැඩදායි යමක් මේ තුල මට කලහැකිද?” යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත. එම දහම් මෙහෙවරට සමාජ මාධ්‍ය තුල කටයුතු කරන ඔබ සියළුදෙනාට ආරාධනා කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම