ජාත්‍යන්තර කාන්තා දිනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක කාන්තා දිනය මූලික කරගෙන විවිධ වැඩසටහන් සහ සැමරුම් සිදු කරමින් ඇයට ඉහල අන්දමින් ගෞරව දැක්වීම වාර්ෂිකව අප අත්විඳින සහ දකින සුලබ දසුනකි. නමුත් තම දිවිය තුල උත්තරීතර පදවි රාශියක් දරණ එම කාන්තාවට මේ සමාජය හිමි කොට දී ඇති තැන සහ ඇය විසින් තෝරාගෙන ඇති තැන නිවැරදි ද යන්න මේ සමාජය තවම සිතන බවක් පෙනෙන්නට නැත. කාන්තාව නම් වූ ඇය එක් පසෙකින් පිරිමි ආධිපත්‍ය තුල කොටු වී විවිධ වධහිංසන මධ්‍යෙය් ජීවත් වන අතර තවත් පසෙකින් ඇය විසින්ම මේක අපේ නිදහස හා අයිතිය යැයි පවසමින් පහත් ක්‍රියාවල නියැලමින් තම ගෞරවනීයත්වය තමා විසින්ම කෙලසන අන්දමින් කටයුතු කරමින් ඇත. මෙම තත්වය ලොවපුරාම අඩු වැඩි වශයෙන් දකින අතර මෙම කාරණයේදීත් ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තරයට දෙවැනි වී නැත.

ශ්‍රී ලාංකීය කාන්තාව
ශ්‍රී ලාංකිය සමාජය තුල කාන්තාව වන ඇයට හිමි තැන පිලිබදව සමීප නිදසුන් කිහිපයක් මෙහි ගෙන එන්නේ නම්,
  • ශ්‍රී ලංකාවේ කාන්තාවන් 5න් 1ක් (20.4%) තම ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකු විසින් ලිංගික සහ/හෝ ශාරීරික හිංසනයට ලක්ව ඇති බව පැවසේ,
  • ශ්‍රී ලංකාවේ කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 ක් (24.9%) වයස අවුරුදු 15 සිට ලිංගික සහ/හෝ ශාරීරික හිංසනය අත්විඳින බව පැවසේ.
  • යහමග අඩවිය තුල යාවත්කාලීන කරන ජාතියක් ලෙස අප සිටින තැන යන ලිපිය සහ නිමා නොවන ළමා හිංසන යන ලිපිය කියවන්න.
  • මේ දිනවල “යුක්තිය“ මෙහෙයුම තුල අත්අඩංගුවට පත්වන “ජැක්සන්ලා“ මෙම අරාජිකත්වයට තවත් නිදසුනක්,
  • මීට අමතරව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අප රටේ පළාත් නවයේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වයස අවුරුදු 15ත් 35ත් අතර පුද්ගලයන් 2,500ක් සම්බන්ධ කරගනිමින් කරන ලද අධ්‍යයනයකින් තහවුරු වූ කරුණු එනම්,
    • කාන්තාවන්ගෙන් 90% ක්ම බස් රථ සහ දුම්රිය තුළ ලිංගික අතවරවලට ලක්වන බව සහ,
    • සෑම මසකම 25% වැඩි කාන්තාවන් ප්‍රමාණයක් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක්වන බවයි.
    • සෑම දිනකම කාන්තාවන්ගෙන් සියයට 12.1ක් ලිංගික හිරිහැරවලට ලක්වන බව වාර්තා වේ.
    • සෑම සතියකම 16.4% ක් කියා සිටියේ තමන් ජීවිතයේ දුක් විඳින බවයි.
    • මෙසේ හිංසනයට ලක්වන පිරිසගෙන් 92% ක් පවසා සිටින්නේ කිසි විටෙකත් නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙන් උපකාර ඉල්ලා නොසිටි බවයි,
    • මෙලෙස හිංසනයට ගොදුරු වන සිසුන්ගෙන් 30% ක් පමණ ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙය අහිතකර ලෙස බලපා ඇති බව පැවසයි.
    • එසේම වැඩිහිටි කාන්තාවන් අතුරින් 37% ක් කියා සිටියේ මෙම සිදුවීම් ඔවුන්ගේ රැකියාවේ කාර්ය සාධනයට ද අහිතකර ලෙස බලපෑ ඇති බවයි.

වැඩිදුර කියවන්න - https://www.sundaytimes.lk

මෙවැනි පසුබිමක තවදුරටත් “කාන්තා දිනය“ සැමරුම් දිනයකට හෝ උත්සව දිනයකට සීමා කිරීම ප්‍රමාණවත්ද?. එසේම දේශපාලන වේදිකාවල සහ මාධ්‍යයන් තුල එම දිනය උණුසුම් මාතෘකාවක් කිරීම ප්‍රමාණවත්ද?. එම පැනයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම “කාන්තාව“ නම් විෂය යහමග අඩවිය තුල අවස්ථා ගණනාවක දී කල සාකච්චාව මෙහි පහතින් ඔබේ අවදානයට ගෙන එන්නේ “ඉස්ලාම් දහම ඇය වෙනුවෙන් කරන පෙනීසිටීම අසමසම ආදර්ශයක්“ යන්න ඔබේ විමසුමට තබමිනි.

“කාන්තාව“ විමසුමක්
“කාන්තාව“ ඉස්ලාමීය විමසුමක්
කාලින සාකච්චා
ආදර්ශමත් කාන්තාව විමසුමක්
 


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම