චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට එරෙහි යොදන ගැටවල නම් දැන් දැන් අඩුවක් නැත. පසුගිය දිනක යහමඟ ට ඊමේල් පණිවුඩයක් ලැබී තිබුණි. (මෙම ලිපිය අතරතුර එම ඊමේල් ලිපිය ඉදිරිපත් කරමි.) එසේම මීට දින කිහිපයකට පෙර යහමඟ පාඨකයෙකු විසින් ගැටළුවක් ද මා වෙත යොමු කොට තිබුණි. ඒ “…දෙවියන්ට පිරිමින් සුන්නත් කර හෝ ගැහැණුන්ගේ ලිංගික අවයවයේ සංවේදීම කොටස ඉවත්කර ඔවුන්ව සදන්නට බැරිවූයේ ඇයි ? …” (මෙය එම ප්‍රශ්නයේ කොටසක් පමණි) යන්නයි. ඉහත සදහන් ඊමේල් ලිපියත් මෙම පාඨක ගැටළුවත් ඌනපූරණයක් ලෙස ගෙන “ඉස්ලාම් පවසන චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය තුල කාන්තාව” යන මාතෘකාව ඔස්සේ කරුණු දැක්වීමක් සිදුකිරීමට අදහස් කරමි. ඒ කවදත් කාලීන මාතෘකා කථා කරන යහමඟ අඩවිය මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට සුවිශේෂි හේතුවක් ඇත. ඒ බෞද්ධ ලැදි බව ප්‍රදර්ශනය කරන බව සිතාගෙන පරුෂ වචන, මුලාව හා මුසාවාදය මූලික අරමුණූ කරගෙන බුදුදහම් ප්‍රචාරයේ යෙදෙන සමහරක් ජනප්‍රිය බ්ලොග් ඔස්තාර්ලා මේ දිනවල ඉස්ලාම් දහමට එරෙහිව මඩ ව්‍යාපාරය සදහා තෝරාගෙන ඇත්තේ මුස්ලීම් සමාජයේ ක්‍රියාත්මක වන මෙම “සුන්නත් කිරීම” නම් වූ ක්‍රියාව වන බැවිණි. මෙම බ්ලොග් ඔස්තාර්ලා කවදත් යහමඟට හොද මාතෘකාවන් නිර්මාණය කරදීම අගය කලයුත්තක්. නමුත් ඔවුන්ගේ පහත් භාෂා ශෛල්‍යය එම ජාතියේම අවාසනාවක්. යන්න අවධාරණය කරමින් ද එයට පහත ඊමේල් ලිපිය ද තවත් නිදසුනක් යන්න අවධාරණය කරමින් මාතෘකාව වෙත යොමු වෙමි.

‍මෙම යහමඟ අඩවිය පුරාවට පැහැදිලි කරන්න යෙදුනු කාරණයක් ඇත. ඒ “ඉස්ලාම්” තවත් දහමක් යන්නට වඩා එය ජීවන සැලැස්මක් යන්නයි. මේ පිලිබදව විවිධ මාතෘකාවන් ඔස්සේ මෙම අඩවිය තුලම විටින් විට සාකච්චා කොට ඇත. එනමුත් මෙම කාරණය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් එවැනි ඉගෙන්වීම් කිහිපයක් ගෙනහැර දක්වන්නේ නම්,

  • අසැල්වැසියන්ට උපකාර කිරීම කුසල් ක්‍රියාවක් බව පැවසීම
  • දුප්පතුන්ට සැලකීම කුසල් ක්‍රියාවක් බව පැවසීම
  • ගසක් සිටුවී දානයක් දෙනවා සේ කුසල් ක්‍රියාවක් බව පැවසීම
  • සතුන්ට ආදරය දැක්වීම කුසල් ක්‍රියාවක් බව පැවසීම
  • පාලකයාට අවනත වීම කුසල් ක්‍රියාවක් බව පැවසීම
  • දරුවන් පොෂණය කිරීම කුසල් ක්‍රියාවක් බව පැවසීම

යනාදීය ඉන් කිහිපයකි. ඉහත කාරණයන් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඉස්ලාම් දහම දෙවියන්ට අවනතවීම හා වතාවත් පිලිබදව කථා කරනවා වෙනුවට ඊට පරිභාහිර කරුණු පිලිබදව දැඩි ලෙස කථා කරන ආකාරය දැකගත හැක. අල්ලා (දෙවියන්) මනුෂ්‍යයා මෙලොව මවා එහි නුඹට ඕනෑම ආකාරයට ජීවත් වන්න යයි අතරමං කර දැමුවේ නැත. ඔහු සදහා ප්‍රායෝගික වූ ජීවන සැලැස්මක්ද නිර්මාණය කරදෙන ලදී. එම දිව්‍යමය සැලැස්ම තුල කිසිවක් සදහා ආදර්ශයන් නැතැයි කිසිවකුටත් පැවසිය නොහැක. එසේ පවසන්නේ නම් ඒ ඔහුට හෝ ඇයට ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධ මිස ඉස්ලාම් හි දුර්වලතාවයක් නොවේ. එසේම කිසිවෙකු “ඉස්ලාම් දහම තුල මේ දේවලුත් පවසනවාද?” යයි විශ්මයට පත්ව විමසන්නේ නම් ඒ ඔහුට හෝ ඇයට තමා පිලිපදින දහම තුල ඇති අසම්පූර්ණභාවය පිලිඹිබු කිරීමක් මෙන්ම දිව්‍යමය දහමක තිබෙන පරිපූර්ණ ජීවන සැලැස්ම පිලිබදව අනවබෝධයක් පමණි. මෙම දුර්වලතාවය වර්ථමානයේ පමණක් නොව අතීතයේ පටන්ම විවිධ ජනසමාජවල හා ආගම්වල දක්නට ලැබුණි. එයට නිදසුනක් ලෙස ඉස්ලාම් දහම ප්‍රකාශ වූ ආරම්භ සමාජයේ එනම් මිට වසර 1400 කට පෙර පැවතී සමාජයේ සිදුවූ සිදුවීමක් (හදීසයක්) ගෙනහැර දැක්විය හැක. එනම්,

“දිනක් අන්‍ය ආගමිකයෙකු සහාභිවරයෙක් (නබිතුමාණන්ගේ අනුගාමිකයෙකු) හමුවට පැමිණ ‘මොකද ඔබලාගේ ආගමේ කෙලගැසිය යුතු ආකාරයත් පවසනවාලු නේ?’ යනුවෙන් (අපහසාත්මකව) විමසන ලදී. එයට එම සහාභිවරයා ‘අපේ ආගමේ වැසිකිලි කැසිකිලි යන ආකාරය පවා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා’ යනුවෙන් (ආඩම්භරයෙන්) පිලිතුරු දෙන ලදී…”

ඉහත හදීසයේ විමසනවා සේ වර්ථමාන ලෝකයේ ද ඉස්ලාම් විවේචකයන් බොහෝ දෙනෙකු නඟන ප්‍රශ්නවල හරය “මේකත් ආගමක් පවසන්න ඕනද?” යන්නයි. එවැනි ප්‍රශ්න රාශියක් අතර තවත් එක් ජනප්‍රිය ප්‍රශ්නයක් තමා “ඉස්ලාම් ඇයි චර්ම චේද‍නය පවසන්නේ” යන්න. මෙවැනි පිරිසගේ චෝදනා දෙස බලන විට ඔවුන් සම්බන්ධයෙන් කාරණා තුනක් අවබෝධ වේ. එනම්,

  • “ආගම් වත්වාත්වලට අමතරව කිසිවක් කථා නොකලයුතුයි” යයි ඔවුන් අවබෝධ කරගෙන සිටිනවා යන්න
  • තමන් පිලිගෙන සිටින ආගම් තුලින් මිනිස් සමාජයට ඉටුවිය යුතු මෙහෙවර නිසි ආකාරව ඉටු නොවනවා යන්න
  • ආගමකින් මිනිස් සමාජයට ඉටු වියයුතු මෙහෙවර පිලිබදව මූලික අවබෝධයක් පවා සමාජයට නොමැති බව යන්න

ඉහත දුර්වලතාවයන්ගේ ප්‍රථිපලය තමා “ආගමක් මේකත් පවසන්න ඕනද?” යන කුතුහලය. මේ ආකාරයට අනිකුත් ආගම් පිලිබදව තිබෙන අවම දැනුම හේතු කොටගෙන මෙවැනි කුතුහලයන් නිර්මාණය වුවත් එහි අවසාන ප්‍රථිපලය වන්නේ, තමන් තුල තිබෙන මෙම දුර්වලතාවය හදුනාගෙන එයට පිලියම් සොයනවා වෙනුවට තමන්ට නිසි අවබෝධයක් නොමැති විෂය සම්බන්ධයෙන් පවා විවිධ ආකාරයේ පූර්ව නිගමනයන්ට එළඹ “පොලුගත් සියල්ල චන්ඩීන්” යයි පවසනවා සේ බ්ලොග් එකක් විවෘත කරගෙන තම නැණ පමණින් “පාළුගෙදර වලං බිදිනවා” සේ අනිකුත් ආගමික මතවාද පදනම් විරහිතව විවේචනය කරමින් කරුණූ දැක්වීමයි. (මෙවැනි පිරිසගේ අල්ප දැනුමේ අදෝනාවන් බොහෝමයක් මීට පෙරද මෙම යහමඟ අඩවිය තුල ඔබට ගෙනහැර දක්වා ඇත.) මෙවැනි බ්ලොග්කරුවන් අනිකුත් ආගමික මතවාද විවේචනය කිරීම සදහා ඉතා සූක්ෂම අන්දමේ විදික්‍රම යොදා ගැනීම ජනප්‍රිය සිරිතකි. (එවැනි ප්‍රෝඩාවක් පහතින් ඔබට දැකගත හැක) තවත් දහමක් හෝ දර්ශනයකට එරෙහිව මුසාවන් හා අසත්‍ය කරුණු දැක්වීම් තුලින් තම දහමට හෝ දර්ශනයට කිසියම් ශ්‍රේෂ්ඨත්වයක්, මහිමයක් නොඑසේ නම් අනිකුත් ආගමික ඉගෙන්වීමන් කෙරෙහි ඇතිවන ජනතා ආකර්ශණය වලක්වා ගැනීමක් සිදුකල හැකි යයි සිතන්නේ නම් එය තාවකාලික පැලැස්තර් යෙදීමක් මෙන්ම ආගමික බංකලෝතුභාවය මනාව පිලිඹිබු කිරීමක් පමණි. වෙනත් ආකාරයට සරලවම පවසනවා නම් බුද්ධිමත් සමාජයක් හමුවේ සිදුකරන මෙවැනි බොරුව හා මුලාව තම දහමේ පරිහානිය මනාව පිළිඹිබු කිරීමක් පමණි. එවන් බොරුවට හා මුලාවට වැඩි ආයුෂ නොමැති බවත් එහි අවසාන ප්‍රථිපලය ඉතා භයානක එකක් යන්නත් බුද්ධිමත් සමාජය වටහාගත යුතුය. කෙසේ වෙතත් මෙවන් වූ බ්ලොග්කරුවන් සදහා ආවඩන අන්ධ භක්තිකයන් ද අප සමාජයේ නැතුවා නොවේ. එය එම බ්ලොග්වලට ලබාදෙන comments මනාව කියාපායි. කෙසේ වෙතත් මෙලෙස ආගම් වියරුවෙන් හා අන්තවාදීව ක්‍රියා කරන බ්ලොග්කරුවන් සදහා නොව ඔවුන් නිසා නොමඟ යන සමාජය හමුවේ මොවුන් පවසන චෝදනාවේ යාථාර්තය පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය හා වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව කවදත් එවන් වගකීම් තම උරට ගෙන කටයුතු කරන යහමඟ අඩවිය මෙතැනදී ද “චර්ම චේද්‍යය සම්බන්ධ ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද?” යන්න පැහැදිලි කරමි.

ඉහතින් මා සදහන් කලාසේ ඉස්ලාම් මිනිස් වර්ගයා උදෙසා දෙවියන් විසින් දායාද කරදුන් ජීවන සැලැස්මකි. එනම් දිව්‍යමය සැලැස්මකි. වතාවත්වලින් ඔබ්ට ගොස් ඊට පරිභාහිරව මිනිස් සමාජයේ යහපත උදෙසා යෝජනා කල බොහෝ දෑ ඉස්ලාම් දහම තුල දක්න‍ට ඇත. ලෝකෝත්තර විමුක්තිය උදෙසා බොහෝ දෑ පවසන ඉස්ලාම් ලෞකික සාර්ථකත්වය සදහා ද බොහෝ දෑ අවධාරණය කරයි. ඒ අතුරින් ඉස්ලාම්, මුස්ලීම් සමාජයට අවධාරණය කරන චර්ම චේදනය ද තවත් එක් කරුණක් පමණි. එම කාරණයට අවධානය යොමු කිරීමේ දී යහමඟ අඩවිය තුල සැමවිටම අවධාරනය කරන තවත් කාරණයක් පිලිබදව මෙහිදී ද අවධාරනය කරන්නට කැමැත්තෙමි. එනම් කිසියම් කාරණයක් ඉස්ලාම් යයි පැවසන්නේ නම් එය ලෝක සම්ප්‍රදාය හෝ මුස්ලීම් සමජ‍යේ සම්ප්‍රදාය පදනම් කරගෙන නිර්ණය කල නොහැක. අනිවාර්‍යයෙන්ම එම ක්‍රියාව සදහා ආගමික මූලාශ්‍රයන් (ශුද්ධ වූ කුර්ආනයේ හා හදීසයන්) හි සාක්ෂි හෝ ආදර්ශ පැවතිය යුතුය. ඊට පරිභාහිරව සිදුවන කිසිවක් ඉස්ලාම් නොවන බව පැහැදිලිවම වටහා ගතයුතුය. මෙය ඉස්ලාම් දහමට පමණක් ආවේනික වූ නියමයක් නොවේ. ලොව සෑම දහමක්ම අවබෝධ කරගත යුත්තේ ඒ ආකාරයටය. ඒ අනුව ඉස්ලාම් දහම තුල චර්ම චේදනය (සුන්නත්) කිරීම සම්බන්ධ පවතින තත්වය ද විමසා බැලිය යුත්තේ ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන මිස මුස්ලීම් සමාජයේ සම්ප්‍රදායන් පදනම් කරගෙන නොවන බව තරයේ මතකයේ රදවා ගතයුතුය.

ඒ අනුව මාතෘකාව වෙත අවධානය යොමු කලේනම් එහි මාතෘකාව මා විසින් යොදා ඇත්තේ “ඉස්ලාම් පවසන චර්ම ඡේදනය…” යනුවෙනි. මෙම මාතෘකාව බලන සමහරෙකුට කුතුහලයක් ඇතිවිය හැක. ඒ “ඉස්ලාම් පවසන චර්ම චේදනය…” යයි පැවසීම තුල ඉස්ලාම් දහමට පරිභාහිරවද චර්ම ඡේදන ක්‍රියාවලියක් සමාජය තුල පවතිනවාද? යන්නයි. සැබැවින්ම මෙය මුස්ලීම් සමාජය තුල පමණක් ක්‍රියාත්මක ක්‍රියාවලියක් නොවේ. ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුව මෙම චර්ම ඡේදනය ලොව ආරම්භක මනුෂ්‍යා වන ආදම් (අලෛ) තුමාගේ පටන් මිනිස් සමාජයේ ක්‍රියාවට නැංවූ අංගයකි. (ඒ පිලිබදව වැඩි විස්තර පහතින් දැකගත හැක) වර්ථමාන ලොව තුල පවතින බොහෝ ආගම්වල මෙම චර්ම ඡේදන ක්‍රියාවලිය සිදුවේ. ඒ සදහා ශ්‍රී ලාංකීය අපට සමීපතම නිදසුනක් පවසනවා නම් ‍වර්ථමානයේ ලොව බහුතරයක් නියෝජනය වන ශ්‍රී ලංකාව තුල ද සැලකිය යුතු පිරිසක් අනුගමනය කරන කිතුණූ දහමේ ශුද්ධ ග්‍රන්ථය ලෙස සලකන බයිබලය මේ පිලිබදව (එනම් චර්ම ඡේදනය පිලිබදව) කුමක් පවසනවාද? යන්න විමසා බැලුවේ නම්, එහි මෙසේ සදහන් වේ.

“…නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රුක ගතයුතු, මාගේ ගිවිසුම නම් මේය, එනම් නුඹලාගේ සියළු පිරිමී දරුවන් චර්ම ඡෙදනය කල යුතුය. නුඹලා නුඹලාගේ ලිංග චර්ම ඡේදනය කලයුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත්වල සියළු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්ම ඡේදනය කලයුතුය. ඔවුහු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුවද, නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයෙකුගෙන් මිළට ගත් අය වුවද ඔවුන් චර්ම ඡේදනය කලයුතුය …”

(උත්පත්ති 17- 10 සිට 14)

ඉහත බයිබල් වාක්‍යය බුද්ධිමත් අයුරින් නිරීක්ෂණය කරන්න. මෙම චර්ම ඡේදනය කිතුණු දහම කොතරම් දුරකට මිනිස් සමාජයට අවධාරණය කරනවාද යන්න ඔබට පහසුවෙන් අවබෝධකර ගතහැක. බයිබලයේ ඉහත උත්පත්ති කථාවට අමතරව ලුක්2-21හිද මේ පිලිබදව කථා කරයි. මාගේ ගවේෂණයට හසුවූ බයිබලයේ සදහන් සාක්ෂිය මෙහි සදහන් කලද එයින් “කිතුණු දහම හා ඉස්ලාම් දහම පමණයි මෙය අවධාරණය කරන්නේ” යන්න අදහස් නොවේ. මෙය ආරම්භ මිනිසාගේ පටන් ලොව තුල ක්‍රියාවට නැංවූ ක්‍රියාවක් නිසා මෙය බොහෝ ආගම් තුල සදහන් වී පැවතිය යුතු යන්න මාගේ විශ්වාසයයි. නමුත් එම ආගමික ඉගෙන්වීමන් නිසි ලෙස ආරම්භයේ පටන් ආරක්ෂා නොවීමත්, පවතින ඉගෙන්වීමන් පවා සාමාන්‍ය ජනයාට නිරාවර්ණය නොවීමත්, ආගමික ඉගෙන්වීමන් පිලිබදව සමාජයට නිසි අවබෝධයක් නොමැතිවීමත් හේතු කොටගෙන මෙය වසන් වූ කාරණයක් ලෙස ඉතිරිව පවතිනවා යන්න මාගේ අනුමානයයි. කෙසේ වෙතත් ඉහත බයිබල් (උත්පත්ති 17-10 සිට 14) වාක්‍යය දෙස බලන විට මුස්ලීම්වරුන් වන අප විශ්මයට පත්වන්නෙමු. මන්ද ඉස්ලාම් දහම පවා කිතුණූ දහම තරම් දැඩි ලෙස චර්ම ඡේදනය මුස්ලීම් සමාජයට අවධාරනය කර නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවන විට ඔබට අවබොධකර ගතහැක) නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ මුස්ලීම්වරුන් සිදුකරන චර්ම ඡේදනය අපහාසයට හා විවේචනයට ලක්කර පිරිස් අතර කිතුණු සමාජය ද සිටීමයි. මේ තුලින්ද තහවුරු වන්නේ මා ඉහත සදහන් කල ආගමික අනවබෝධය පමණි. කෙසේ වෙතත් මේ අනුව චර්ම ඡේදනය යන්න ඉස්ලාම් දහමට පමණක් ආවේනික අංගයක් නොවන බව පැහැදිලිය.

ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අන කරන මෙම චර්ම ඡේදනය පිලිබදව කථා කරන විට ඒ සදහා මුස්ලීම් සමාජය තුල භාවිතා වන නම පිලිබදව ද කෙටි හැදින්වීමක් කලයුතුවම ඇත. මුස්ලීම් සමාජය පමණක් නොව මුස්ලිම් නොවන සමාජය පවා මෙම ක්‍රියාව හදුන්වන්නේ “සුන්නත්” යනුවෙනි. මෙම නම එම ක්‍රියාව සදහා උපයෝගි කරන්නට හේතුව පිලිබදව විමසා බැලීමේ දී ඉස්ලාමීය නීතියක් මෙහි ඔබගේ අවධානයට යොමු කිරීමට සිදුවේ. ඉස්ලාමීය ඉගෙන්වීම අනුව සියළු කුසල් ක්‍රියාවන් ප්‍රධාන කොටස් 02 කට බෙදේ. එනම්,

  • ෆර්ල් – මෙයින් අදහස් කරන්නේ සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්යයෙන්ම ඉටු කලයුතු එසේ නොකිරීම වරදකට හේතු වන ක්‍රියාවන් ලෙසයි. උදාහර්ණයක් ලෙස – පස්වේල සලාත් (වන්දනය) කිරීම, උපවාසය රුකීම …යනාදීය සදහන් කලහැක.
  • සුන්නත් – මෙයින් අදහස් කෙරෙන්නේ ඉටු කිරීම අනිවාර්ය නොවන නමුත් ඉටුකිරීම යහපත් ක්‍රියාවක් ලෙස සලකන ක්‍රියාවන්ය. උදාහර්ණයක් ලෙස – වෛකල්පිත සලාතයන් (තහජ්ජද්, ලුහා) ඉටුකිරීම, දානධර්ම සිදුකිරීම… යනාදීය සදහන් කලහැක.

ඉහත විග්‍රයට අනුව මෙම “සූන්නත්” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. “සුන්නත්” යන පදය පොදුවේ භාවිතා කරන නමක් වුවද ශ්‍රී ලංකාව තුල මෙම නම චර්ම ඡේදනය සදහා විශේෂයෙන් භාවිතා කිරීමට පදනම් වූ හේතුව නම් අනාවර්ණය කර ගැනීමට නොහැකි විය. නමුත් එම නමින් අදහස් කරන කාරණය එනම් “මුස්ලීම්වරුන් අනිවාර්යයෙන් චර්ම ඡේදනය සිදුකල යුතුයි යන්න මෙයින් අදහස් නොකරන බව” එම නමින් ම පැහැදිලි වේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාව එනම් චර්ම ඡේදනය සම්බන්ධයෙන් ඉස්ලාමීය මූලාශ්‍රයන් හි කුමක් සදහන් වෙනවාද? යන්න විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව චර්ම ඡේදනය සම්බන්ධයෙන් මෙසේ සදහන් වේ.

“කරුණු 05ක් නබිවරුන්ගේ ක්‍රියාමාර්ගයට අයත් ඒවා වේ. එනම් චර්ම ඡේදනය, (ශරීරයේ) රහස්‍ය තැන්වල රෝම (හෙවත් කෙස්) ඉවත් කිරීම, නියපොතු කැපීම, කිහිලිවල රෝම (හෙවත් කෙස්) ඉවත් කිරීම හා උඩුරැවුල කැපීම (යනාදියයි)”

දන්වන්නේ – අබූ හු‍ෙරයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ප්‍රථමයෙන් ඉහත හදීසයේ සදහන් වැදගත් වූ කාරණයක් ඔබගේ අවධානය යොමු කිරීමට මා අදහස් කරමි. එනම් එහි ආරම්භයේම “කරුණු 05 ක් නබිවරුන්ගේ ක්‍රියාමාර්ගයට අයත් ඒවා වේ …” යනුවෙන් සදහන්ව තිබීමයි. මේ පිලිබදව කථා කිරීමට මත්තෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක්ද ඔබගේ අවධානයට යොමු කරන්න මා අදහස් කරමි. එනම්,

“(මුහම්මද් !) නුඹට පෙර යවන ලද නබිවරුන් (වක්තෘවරැන් සියල්ල) පිරිමීන්මය.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය 12-109, 16-43 හා 21-7 යන ස්ථානයන් හි ද සදහන් වේ. මේ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පෙර මොලොව පහල වූ සියළු වක්තෘවරුන් පිරිමි පාර්ශවය නියෝජනය කල බව පැහැදිලිය. (එයට හේතුව යහමඟ අඩවිය තුල වෙනම මාතෘකාවක් ඔස්සේ ළඟදීම සාකච්චා කිරීමට අදහස් කරමි.) දැන් ඉහත හදීසය සදහන් “කරුණු 05 ක් නබිවරුන්ගේ ක්‍රියාමාර්ගයට අයත් ඒවා වේ…” යන්න හා ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය සංසන්ධනාත්මකව අවධානය යොමු කලේ නම්. ඉහත කරුණූ 05 සදහන් කරන්නේ පිරිමි පාර්ශවය පමණක් මූලික කරගෙන යන්න පැහැදිලි වේ. ඒ අනුව ඉහත හදීසය මගින් කාන්තාව සදහා සිදුකරන චර්ම ඡේදන ක්‍රියාවලියක් අවධාරනය නොකරන බව පැහැදිලිය. මා මෙසේ ඔප්පු කරන විට කෙනෙකු හට මෙවැනි සැකයක් ඇති වන්නට පුළුවනි. එනම් “එසේනම් ඉහත කරුණු 05 කාන්තාව කිරීම අවශ්‍ය නැද්ද?” යන්නයි. මෙහිදී සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් එකම නියෝගයක් හෝ ආදර්ශයක් ආගමික මූලාශ්‍ර (වන ශුද්ධ වූ කුර්ආනයේ හා හදීස)යේ විවිධ අවස්ථාවල විවිධ ආකාරයට නැවත නැවත අවධාරණය කරනවා නිරන්තරයෙන් දැකිය හැකි ලක්ෂණයකි… (එයට ඉහත 12-109, 16-43 හා 21-7 කුර්ආන් වාක්‍යයත් එක් නිදසුනකි) ඒ අනුව ඉහත හදීසයේ සදහන් කරුණූ 05න් චර්ම ඡේදනය හැර අනිකුත් කරුණු වෙනත් හදීසයන් මඟින් ද විවිධ අවස්ථාවල පොදුවේ සදහන් කොට ඇත. එමනිසා ඒවා ස්ත්‍රීන් හෝ පුරුෂයන් සදහා පමණක් යනුවෙන් වෙන්කල නොහැක. නමුත් චර්ම ඡේදනය අවධාරණය කරන හදීසයකට ඇත්තේ ඉහත හදීසය පමණි. ඒ අනුව මේ හදීසයෙන් අවධාරණය කරන්නේ පුරුෂයන් සදහා සිදුකරන චර්ම ඡේදනය පමණක් බව පැහැදිලි ලෙස අවබෝධකර ගතයුතුය. මා එසේ පැවසීමට තවත් හේතුවක් ඇත. එනම් මෙම චර්ම ඡේදනය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ කිසිදු තැනක සදහන් නොවන නමුත් හදීසය (යනු නබිතුමාණන්ගේ ආදර්ශ, නියෝග හා අනුමත කිරීම්) තුල ද පිරිමීන් සදහා පමණක් සදහන් වන නමුත් කාන්තාව සදහා සිදුකරන එවැනි ක්‍රියාවක් ඉස්ලාම් අනුමත කරන, ඒ සදහා ආදර්ශ පෙන්වාදෙන ආකාරයේ හෝ නියෝග දෙන ආකාරයේ කිසිදු සදහනක් දක්නට නැත. දරුවෙකු බිහිවූ ‍ෙමාහොතේ පටන් ඒ දරුවා සදහා මාපියන් විසින් ඉටු කලයුතු යුතුකම් පියවරින් පියවර පැහැදිලිවම පවසන ඉස්ලාම් ගැහැණු දරුවෙකු සදහා කලයුතු යුතුකම් අතර මෙය සදහන් කලේ ද නැත.

මෙලෙස මා පදනමක් ඇතුව කරුණු ඉදිරිපත් කරන විට මුස්ලීම් සමාජයේම සමහරක් පිරිසකට මෙන්ම, මේ දිනවල ඉස්ලාම් විරෝධි අන්තර්ජාල බ්ලොග්වල ඇති ලිපි කියවන මුස්ලීම් නොවන පිරිසට මේ මා පවසන කරුණු පිලිබදව කුතුහලයන් ඇතිවිය හැක. එනම් “කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් එවැනි ආදර්ශයක් පෙන්වා දෙන්නේ නැද්ද?” යන්නයි. මේ හේතුව නිසා එම කාරණය පිලිබදව ද කෙටියෙන් හෝ අවධානය යොමු කිරීම කාලීන වගකීමකි. මා ඉහතින් සදහන් කලාසේ කාන්තාවන් සදහා (චර්ම ඡේදනයට සමාන) වූ මෙවැනි විදික්‍රමයක් ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජයේ සීමිත පිරිසක් අතර සම්ප්‍රදායිකව පැවතීම තිත්ත වූ ඇත්තකි. මෙය ඉස්ලාම් දහම හා එහි ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය නිසා සිදුවන්නක් බව ප්‍රථමයෙන් වටහාගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාවලියක් මුස්ලීම් සමාජය තුල නිර්මාණය වීමට බලපෑ හේතූන් පිලිබදව ද සොයා බැලීමේ දී එයට ප්‍රධාන හේතූන් තුනක් මාහට අවබෝධ විය. එනම්,

  • ඉස්ලාම් පිරිමි දරුවන් සදහා චර්ම ඡේදනය අවධාරනය කරන නිසා ගැහැණු දරුවන් සදහා ද එවැනි යමක් කලයුතු යයි මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් නිර්ණය කිරීම
  • ඉස්ලාම් ප්‍රකාශ වූ (මාක්කාවේ ජීවත් වූ එම) අඥාන සමාජය තුල ඒ වනවිටත් (එනම් ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙරත්) කාන්තාවන් සදහා මෙවැනි චාරිත්‍රයක් පැවතීම
  • ආගමික මූලාශ්‍රයන් හි සදහන් කාරණය නිවරුදි ලෙස අවබෝධකර නොගැනීම

මෙවැනි හේතූන් නිසා මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පිරිමි දරුවන්ගේ චර්ම ඡේදනය සිදුකරනවා සේ කාන්තාවන් සදහා ඇයගේ ජනනේන්ද්‍රිය ඡේදනය කිරීම සිදුකරන ලදී. නමුත් මෙය ඉස්ලාම් නොවන බව පැහැදිලිවම සමාජය වටහා ගතයුතුය. මෙහිදී සමාජය වටහා ගතයුතු තවත් කාරණයක් ඇත. එනම් පිරිමි දරුවන්ගේ චර්ම ඡේදනය තුලින් ඉස්ලාම් අපේක්ෂා කරන කාරණය (මේ පිලිබදව පහතින් සාකච්චා කරනු ඇත) කාන්තාව සදහා සිදුකරන ජනනේන්ද්‍රිය ඡේදනය තුලින් ඉටු නොවන බව ද පැහැදිලි ලෙස සමාජය වටහා ගතයුතුය. මුස්ලීම් සමාජයේ තිබෙන අනවබෝධය අවස්ථාවක් කරගත් සමහරක් ඉස්ලාම් දහම විවේචනය කිරීම සදහා මෙය අවස්ථාවක් කරගෙන ඇති ආකාරය බොහෝ අන්තර්ජාල ලිපි තුලින් දක්නට ලැබුණි. මා මෙම ලිපිය ආරම්භයේ සදහන් කල ඊමේල් ලිපිය ද එයට එක් නිදසුනකි. එය ඉතා සූක්ෂම ආකාරයට ඉස්ලාම් දහමට එරෙහිව යොදාගෙන ඇති ආකාරය බුද්ධිමත් ලෙස බැලුවේ නම් ඔබට දැකගත හැක. එම email පණිවුඩය මෙසේය,

(එම email ලිපිය කිසිදු සංශෝධනයකින් තොරව පහතින් ඉදිරිපත්කොට ඇත)

චර්ම ඦේදනය (චර්ම ඦේදනය කියන්නේ කපල එකට අලවන එක හෝ කපලම දන එකට “එක නොදන්න එවුන්ට කිවුවේ”) ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.

  • පුරුශයින්ගෙ චර්ම ඦේදනය
  • ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

පුරුශයින්ගෙ චර්ම ඦේදනය

පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි . යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක් ලෙස සැලකෙන අතර, ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් චර්ම ඡේදනයට භාජනය වන්නන්ගෙන් HIV/AIDS ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි(“මල හත් ඉලඌවයි”) බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

(“එතකොට ඉතින් අපිට වෙන්නේ උඩ බලාගෙන ඉන්න, අනික ඕක කැපුවම උන් දන්නේ නෑ අතල් 1 කියන්නේ මොකක්ද කියලා එතකොට උන් උඩබලාගෙන ඉදි එතකොට කොල්ලටත් බොරින්”)

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රියකොටස් කැපීම , ස්ත්‍රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. මෙහිදී ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම හෝ ලිංගික අවයව වලට තුවාල කිරීම සිදු කරයි(“මල කෙලියයි”) . විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපිය කැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ.

මේ සඳහා කාන්තාවන් මිලියන 100 – 140 ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයිමෙම අවධානමට මුහුණ දෙති. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ.මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියටපැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ.

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ . ඊජිප්තියානු මමීවල ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්‍ෂණ දක්නට ලැබේ. ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹුකාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතරසිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදුකරනු ලබයි(“මුන්ට වෙන වැඩ නෑ නේ අම්මපා”)

මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී 15% ද දෙවන ක්‍රමයේදී 32% ද තෙවන ක්‍රමයේදී 55% ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් 30% කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 – 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.

පරම්පරාවෙන් පැවතගෙන ආ පලියට, අනික් මිනිස්සු කරපු පලියට හැම මගුලම කරන්න යන්න ඕනෙ නෑ නුවණින් විමසා බලා ධර්මයට එකඟනම් පිළි පදින්න .

බලන්න මේ ගෑනු විදින දුක ආගමක් හින්දා මනුස්සයෙක් මෙහෙමත් දුක් විදින්න ඕනෙද මේවට කියන්නේ මිත්‍යා දෘෂ්ටික ආගම කියල ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක්(“ඌට වින්දනය ඕනෙනම් අ** ගහපන් ඕක කපන්නම ඕනද? එතකොට ගෑනිට එපාද? “) ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම(“මුන්ටනම් සිරාවට පිස්සු,වෛද්‍යා විද්‍යා අනුව ඒ මතය වැරදී “) , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ … ) පිරිසිදු බව( “පිරිසිදු බව ආරක්ෂා කරගන්න හැමදාම හෝදන්න ඕන “)

ආරක්‍ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්‍ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) “යකෝ කාන්තාවකගේ ලස්සන පෙන්න එකීගේ ඒවා ලොකුවට තිබුනමනේ” ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති. “ඊට වැඩ හොදයි නොබැද ඉන්න එක ”

නුගත් කමට වැරදි විධිහට කරන නිසා ගොඩක් කෙල්ලො මැරෙනවා. මෙක කරන්නෙ බලහත් කාරයෙන් වගෙ . අනික් වඩිහිටියන්ගෙ උවමනවට වෙන දෙයක්. එකත් හරියට බලෙන් ආගමකට ගන්නවා වගෙ වැඩක්. මෙක මනුස්ස කමට ලොකු නිගාවක්. හැබැයි අප්‍රිකවෙ මිනිස්සු නම් දැන් ටිකක් දැනුවත් වෙල්ලා.

කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙමේයි … ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ …

ඒකේ කොටස් තුනක් තියෙනව … (female genital cutting – FGU ) එකක් clitoris එක කපල මහල දාන එක. අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක අනික clitoris + labia minora + labia majora කපල මහන එක … (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ …) මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න …

මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ “සුල්තානා” නමින් සිංහලට පරිවර්තනය උන “Princess” කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න … ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති … ධර්මයක් ඇත ලොව, මිනිස් නිදහස පතළ, එය තුළ දිවි ගෙවන පෙනේ සොදුරු හෙට ලොවක

අන්ධයන් ජනිතව, සමහරුන් ගිලගෙන, නරුම පිළිවෙත් රැගෙන සතුන් මෙන් හැසිරෙන, මේ මල් කැකුළු ගෙන, රේණු වනසයි නරුම වෙද තොපි නම් මොකෙකුන් ම ලොව, කුමට බිහිවිද මනු සතුන් ලෙස

තෙවන ක්‍රමය

යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය “INFIBULATION” ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 – 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්‍ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති.

“මේ විදියට කලාම කොහෙද ළමයි හදන්නෙත් ,ළමයි එලියට එන්නෙත් හරි කොහොම හරි අපේ එක ඇතුලට දාගත්ත කියමුකෝ ලමයව එලියට ගන්නේ කොහොමද ?????????????????? ” ඔන්න බලන්න ඉලගට වෙන වැඩේ “මුන්ට නම් පිස්සු”

මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි. Infibulated කාන්තාවන්ට ඇගේ පළමු විවාහ රාත්‍රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි “ඕක මුලින්ම නොකර හිටියනම් ඉවරනේ” . මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ. දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදු වේ.


තමන් පිලිපදින දහමට කිසියම් මහිමයක්, උතුම්බවක් හෝ ශ්‍රේෂ්ඨබවක් ඈදාගැනීම පිණිස ඉස්ලාම් දහමට එරෙහිව සූක්ෂම ආකාරයට මඩ ව්‍යාපාරයක නිරත වී සිටින බොදු පුතෙකුගේ නවතම සොයා ගැනීමක් තමා මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ. මුලාව මුසාව හා ප්‍රෝඩාව එකම අවිය කරගත් මෙම පිරිසගේ දහම් (මඩ) ව්‍යාපරාය බුද්ධිමත් සමාජයට බොහෝ දෑ සිතන්නටත් නිර්ණය කරන්නටත් පොළොඹවනු ඇත. කෙසේ වෙතත් ඉහත email ලිපිය මඟින් ඉදිරිපත් කරන කාරණය බුද්ධිමත් ගවේෂණයක් ලෙස සමහර විට ඔබට සිතෙනු ඇති. නමුත් එහි මොනතරම් මුලාවක් ගැබ්කොට තිබෙනවාද යන්න ඔබ නොදන්නවා ඇති. එම ප්‍රෝඩාව කුමක්ද? යන්න ඔබට පැහැදිලි කර ගැනීම සදහා ඔහුගේ email ය සදහා පදනම් කරගත් “විකීපීඩියා” ලිපිය ඔබට ඉදිරිපත් කරමි. “විකීපීඩියා” වෙබ් අඩවිය තුල “ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම” යන මැයෙන් ලොවපුරා ක‍ාන්තාවට සිදු කරන මෙවැනි හිංසාකාරී ක්‍රියාවන් පිලිබදව සිදුකල ගවේෂණාත්මක ලිපිය ඉහත ඊමේල්කරු හෙවත් බුද්ධපුත්‍රයා ([Muragala] Attack on Buddh ist Female Honour – හෙළ බෞද්ධ කාන් තා ගෞරවයට ප්‍රහාරය නමින්) පන්සිල් පදයේ “මුසාවාදා …” පසෙක තබා ඉතා සියුම් අන්දමේ ඉස්ලාම් විරෝධි මඩ ව්‍යාපාරයට බැස ඇති බව ඉහත විකීපීඩියා ලිපිය කියවුයේ නම් ඔබට පහසුවෙන් වටහාගත හැක. (මෙවැනි අතේ පත්තුවන මඩ ව්‍යාපාර බොහොමයක් සාක්ෂි ඇතුව මීට පෙර ද යහමඟ හෙළිකල බව පාඨක ඔබට අමතක විය නොහැක) එමනිසා එම email කරුවාගේ මඩ ව්‍යාපාරය ද ඉස්ලාම් දහමට අශිර්වාදයක් කරගෙන මාතෘකාවට නැවත යොමු වෙමි. ඉහත “විකීපීඩියා” හි සදහන් කාරණය සම්පූර්ණයෙන් ඔබ කියවූයේ නම්, එහි මෙම ජනනේන්ද්‍රිය ඡේදනය කොතරම් දරුණු ආකාරයට ලොව පුරා සිදුවෙනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේ නම් ඉස්ලාම් පෙන්වානොදෙන මුස්ලීම් සමාජයේ සීමිත පිරිසක් අතර පවතින මෙම කාන්තා ජනනේන්ද්‍රිය ජේදන ක්‍රියාවලිය පදනම් කරගෙන සමස්ථ මුස්ලීම් සමාජයත් ඉස්ලාම් දහමත් විවේචනය කිරීම හා චොදනා කිරීම කොතරම් අන්තවාදී ක්‍රියාවක් ද?.

එපමණක් නොව පිරිමි දරුවන් සදහා ඉස්ලාම් අවධාරනය කරන චර්ම ඡේදනය සැලකුවද එයත් ලොවපුරා ජීවත්වන මුස්ලීම් නොවන බොහෝ පිරිස් සිදුකරන ක්‍රියාවකි. විශේෂයෙන් බයිබලයේ උත්පත්ති කථාවේ “…නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් නුඹලාගේ සියළු පිරිමී දරුවන් චර්ම ඡෙදනය කල යුතුය. නුඹලා නුඹලාගේ ලිංගග්‍ර චර්ම ඡේදනය කලයුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය …” සදහන් වන බව අප ඉහතින් සාකච්චා කලෙමු. මෙම බයිබල් වාක්‍යයට අවනත වූ කිතුණුවන් ලොව කොතෙක් නම් සිටිය හැකිද? මේ ආකාරයට ආගමික හේතූන් මත චර්ම ඡේදනය කරන පිරිස් එලෙස සිටින විට මෙහි ඇති ප්‍රායෝගික යහපත අවබෝධ කරගෙන එම චර්ම ඡේදනය සිදුකර ගන්නා පිරිස්ද ලොව නැතුවා නොවේ. එම කාරණය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් පාඨක ඔබෙන් ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. එනම් මෙතෙක් දුරකට මෙම ලිපිය කියවූ ඔබ මෙම කාරණය තවත් ආගමක චාරිත්‍රයක් ලෙස හෝ තවත් ජන සමාජයක විශ්වාසයක් ලෙස නොබලා මධ්‍යස්ථව හිද අවධානය යොමු කරන්න යන්නයි.

මෙතෙක් සාකච්චා කල කරුණු අනුව චර්ම ඡේදනය යන්න ලොව බොහෝ පිරිස් කරනු ලබන ඉස්ලාම් දහම ද (පිරිමීන් සදහා පමණක්) අවධාරණය කරන කාරණයක් යන්න පැහැදිලිය. දැන් ඉතිරිව ඇති පැනය මෙය කුමක් සදහාද? යන්නයි. ඒ පිලිබදව අවධානය යොමු කිරීමට මත්තේ මෙම චර්ම ඡේදනය මුස්ලීම් සමාජයට අවධාරණය කරන ඉහත හදීසයේ සදහන් කරුණු 05 වෙත නැවත ඔබේ අවධානය යොමු කරලීමට කැමැත්තෙමි. එනම්,

  • චර්ම ඡේදනය
  • (ශරීරයේ) රහස්‍ය තැන්වල රෝම (හෙවත් කෙස්) ඉවත් කිරීම
  • නියපොතු කැපීම
  • කිහිලිවල රෝම (හෙවත් කෙස්) ඉවත් කිරීම
  • උඩුරැවුල කැපීම

ඉහත කරුණූ 05 හොදින් නිරීක්ෂණය කලේ නම් ඒවා තුලින් මිනිස් සමාජයට කුමක් අවධාරණය කරනවාද? යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් පිරිසිදුකම් දැඩිව අවධාරණය කරන දහමක් ඒ සදහා සාක්ෂි ලෙස ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් බොහෝමයක් කරුණු ඉදිරිපත් කලහැක. කෙටියෙන් හා සරලව පවසනවා නම් නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. එනම්,

“පිරිසිදුකම් ඊමානයේ (දේව විශ්වාසයේ) අඩක් වේ.”

ඉහත හදීසය තුලින් ඉස්ලාම් පිරිසිදුකමට කොතරම් ඉහල තැනක් ලබාදී තිබෙනවාද? යන්න පහසුවෙන් වටහාගත හැක. ඒ අනුව ඉහතින් (හදීසයේ) සදහන් කරුණු 05 අතුරින් 2,3,4 හා 5 යන කරුණු තුලින් ඉස්ලාම් පිරිසිදුකම් අපේක්ෂා කරන බව පැහැදිලිය. නමුත් 01 කාරණය වන චර්ම ඡේදනය සිදුකිරීම තුලින් අත්වන පිරිසිදුකම කුමක්ද? යන්න ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයේ බහුතරයකට පැවතිය හැකි කුතුහලයකි. මේ හේතුව නිසා එම කාරණය තරමක් ගැඹුරින් විමසා බලමු.

පුරුෂ ලිංගයේ අග්‍රයෙහි පිහිටා තිබෙන පෙර සම (A) හා ලිංගේන්ද්‍රය (B) අතර හිස් අවකාශයක් (C) පවතී. මෙම හිස් අවකාශය තුල ඉතා පහසුවෙන් විෂබීජ නිර්මාණය වීමට ඇති අවස්ථාවද ඉහලය. මීට අමතරව මූත්‍රා කිරීමේදී මේ හිස් අවකාශය තුල මූත්‍රා බිංදු පහසුවෙන්ම තැන්පත් වේ. මිනිස් ශරීරයෙන් පිටවන මූත්‍රා කොතරම් අපිරිසිදු ද යන්න මා මෙහි සදහන් කිරීමට අවශ්‍ය නොවේ. (ඉස්ලාම්, මීට වසර 1400 කට පෙරම එය අවබෝධ කරගත් නිසා තමා මූත්‍රා කිරීමෙන් අනතුරුව ලිංගේන්ද්‍රය ජලයෙන් හොදින් පිරිසිදු කරගන්න‍ා ලෙස අවධාරණය කලේ) මීට අමතරව දහඩිය හා ජලය වැනි දෑ මෙම ස්ථානයේ පහසුවෙන් රුදී පැවතිය හැක. මෙවැනි හේතූන් නිසා මෙම ස්ථානය විෂබීජවල තෝතැන්නක් යන්නත් එය විවිධ ලිංගාශ්‍ර රෝගවලට මූලික හේතුවක් වන්නට පූළුවන් යන්නත් කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි නූතන වෛද්‍ය විද්‍යාව පවා සනාථ කොට ඇති සත්‍යයකි. මෙම තත්වය හොදින් අවබෝධ කරගත් දිව්‍යමය දහම ලෙස ඉස්ලාම් ඒ සදහා මුස්ලීම් සමාජයට චර්ම ඡේදනය යෝජනා කරයි. (මෙම චර්ම ඡේදනය සිදුකිරීම තුලින් තවත් යහපත් ප්‍රථිපලයන් ද පිරීමීන් හට හිමිවන නමුත් එය මාතෘකාවට පරිභාහිර නිසා එම කරුණු මෙහි සාකච්චාවට නොගනිමි) ඉස්ලාම් අවධාරණය කරන මෙම චර්ම ඡේදනයේ දී සිදු කරන්නේ කුමක්ද? යන කුතුහලය බොහෝ පිරිසකට ඇත. එම නිසා ඒ පිලිබදව සරලව විස්තර කරනවා නම්, එහිදී සිදුකරනු ලබන්නේ ඉහත A අකුරින් පෙන්වන ලද පුරුෂ ලිංගේද්‍ර තිබෙන පෙර සම ඉතා සරල සැත්කමක් මඟින් ඉවත් කිරීමයි. (මෙහි දෙවන රූපය ෙන් දැක්වෙන්නේ එසේ පෙර සම ඉවත්කල ලිංගේද්‍රයකි.)

චර්ම චේදනය - පෙර හා පසු

මෙහිදී ද සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් ‍පසුගිය දිනවල අප රටේ සමහරක් බෞද්ධ බ්ලොග් ඔස්තාර්ලා චර්ම ඡේදනය තුලින් දරුවන්ට අත්වන වේදනාව පිලිබදව විවිධ ඡායාරූප පදනම් කරගෙන ප්‍රබල මතවාදයක් සමාජය තුල නිර්මාණය කිරීමට උත්සාහ කල ආකාරය අප දුටුවෙමු. මා ඉහතින් සදහන් කල බුද්ධපුත්‍රයත් කරන්නට උත්සාහ කරන්නේ එයයි. මුසාව හා මුලාව පෙරදැරි කරගත් ඔස්තාර්ලාගේ එම මතවාදයට යාමට පෙර පාඨක ඔබ වටහා ගතයුතු සත්‍යයක් ඇත. එනම්, අතීතයේ (වෛද්‍ය විද්‍යාව නොදියුණූ සමයක) මෙම චර්ම ඡේදනය සිදුකිරීමේ දී එය තරමක් වේදනාව ගෙනදුන් කාරණයක් යන්නෙහි විරුද්ධ මතයක් නැත. අදත් මේ සදහා සමහරක් පිරිස් නොදියුණූ සම්ප්‍රදායක විදික්‍රම භාවිතා කරනවා යන්නෙහිත් විරුද්ධ මතයක් නැත. (මේවා සමාජ අනවබෝධය මිස ඉස්ලාම් දහමේ දුර්වලතාවයක් නොවේ) නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් විශේෂයෙන් නිර්වින්ද ඖෂධය භාවිතයට පැමිණීමත් සමඟ මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්ව ඇත. අද මේ සදහාම නිෂ්පාදිත විවිධ ප්‍රමාණයේ (Ring) වළලු වර්ග තිබෙන නිසා මෙම සැත්කම ඉතා සරල එසේම පහසු කාර්යයක් බවට පත්ව ඇත. මේ නිසා දරුවා දැඩි වේදනාවක් විඳිනවා යන්න අතීත සමාජයට සත්‍යයක් වුවත් වර්ථමාන සමාජයට එය මුසාවක් බවට පත්ව ඇත.

චර්ම චේදනයට භාවිතා කරන වෛද්‍ය උපාංග

අනික් කාරණය නම් ඉස්ලාම් දහම අවධාරණය කරන චර්ම ඡේදනය නිසා මනුෂ්‍යයා ඉතා සුළු මොහොතකට ලබන වේදනවා මහා ඉහලින් කථා කරන සමාජය එයින් අත්වන යහපත හිතාමත මඟහැර යාම කණගාටුවට කාරණයකි. ඉස්ලාම් චර්ම ඡේදනය අනුමත කිරීම තුල අපේක්ෂා කරන්නේ තම අනුගාමිකයන් වේදනාවකට ලක්කිරීම නොවේ. ඔවුනට යහපත් නිරෝගි ජීවිතයක් උදා කරදීමයි. මනුෂ්‍යයාගේම යහපත උදෙසා ඔහු විසින් අත්විදන යම් යම් අපහසුතාවයන් වේදනාවන් සැලකිය යුතු කාරණයක් නොවනවා යන්න සමස්ථ මිනිසා සමාජයම පිලිගන්නා ප්‍රායෝගික දිවියේ අත්විදින සත්‍යයකි. උදාහර්ණ කිහිපයක් සදහන් කරන්නේ නම්,

අද ගැහැණු දරුවකු උපන්නේ නම් ඒ දරුවාගේ කනට කරාබු දැමීම සදහා කන් විදීම සිදුකරයි. මෙයත් එම දරුවාට ලබාදෙන වේදනාවක් යන්නෙහි විරුද්ධ මතයක් නැත. එසේම මෙහි අරමුණ දරුවාගේ ශරීර සෞඛ්‍යය හෝ පිරිසිදු කම නොව අලංකාරය පමණකි. මෙවැනි සමාජ පසුබිමක චර්ම ඡේදනය සිදුකිරීම නිසා ඉන් ලැබෙන ප්‍රථිපලය දෙස නොබලා එයින් ඇතිවන වේදනාව පමණක් පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව චෝදනාවන් ගොඩනැඟීම අන්තවාදීත්ය මෙන්ම හාස්‍යය උපදවන වාදයක් නොවේද?

දරුවකු උපන් දා සිට විවිධ අවස්ථාවන්හි විවිධ එන්නත් වර්ග අප ලබාදෙන්නෙමු. ඒ අනාගතයේදී දරුවාගේ ශරීර සෞඛ්‍යයට කිසියම් හානියක් අත්නොවීම සදහාය. නමුත් මේ ලබ‍ාදෙන සමහරක් එන්නත් නිසා දරුවා දිනගනන් වේදනාව අත්විදින බව අප නිරන්තරයෙන් දකින්නෙමු. නමුත් වර්ථමාන චර්ම චේදන සැත්කම් අනුව දරුවා මෙවැනි දින ගනනක වේදනාවක් විදින්නේ නැත. දරුවාගේ ශරීර සෞඛ්‍යය උදෙසා ලබාදෙන එන්නත අනුමත කල සමාජයට එම ශරීර සෞඛ්‍යය උදෙසා ඉස්ලාම් යෝජනා කරන චර්ම ඡේදනය දාරණය කරගැනීමට නොහැකි වුයේ මන්ද? එය තවත් ආගමක චාරිත්‍රයක් ලෙස බැලූ නිසා නොවේද?

කිසියම් කාරණයක් හොද ද නරක ද යන්න තීරණය කිරීම සදහා මිනුම් දණ්ඩ “වේදනාව” යන සාධකය නම්, වේදනාවේ උච්චතම අවස්ථාව, මරණයේ දොරටුව ස්පරශ කරන “මව දරුවකු ප්‍රසූත” කරන අවස්ථාවයි. මෙවන් වේදනාවක් කාන්තාව සදහා උරුම කරලීමට පිරිමීන් ලෙස ඔබගේ දායකත්වය ඇයි ලබාදෙන්නේ. (ඔබ බුද්ධිමත් නම් මෙය අන්තවාදී තර්කයක් ලෙස පෙනෙන්නට පුළුවනි. සැබැවින්ම එය අන්තවාදී අදහසක්) මාගේ තර්කය ඔබ එහිදී වේදනාව දෙස බැලුවාද නොඑසේ නම් එහි ප්‍රථිපලය දෙස බැලුවාද? යන්නයි.

මේ ආකාරයට කරුණු බොහෝමයක් සදහන් කලහැක. නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට ඉහත උදාහර්ණයන් කිහිපය හොදටම ප්‍රමාණවත් චර්ම ඡේදනයේදී ඇතිවන වේදනාව එහි ප්‍රථිපලය නොසලකා වාදයන් ගොඩනැගීම අනුවනක්කාර ක්‍රියාවක් යන්න තීරණය කිරීමට. මේ අනුව ඉස්ලාම් මිනිස් සමාජය (යේ පිරිමි පාර්ශවය) සදහා යෝජනා කරන චර්ම ඡේදනය හෙවත් සුන්නතය සාර්ථක මිනිස් දිවියක් සදහා අනිවාර්ය අවශ්‍යතාවයක් යන්නත්, ඒ තුලින් ඉස්ලාම් පරිපූර්ණ වූ දිව්‍යමය සැලසුම් කරණයක් යන්නත් මානව පිලිඹිබු වන බවත් පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම