මුහම්මද් (සල්)

From Yahamaga
Revision as of 07:17, 3 May 2023 by Admin (talk | contribs) (Created page with "{{Menu01}} <br> 300px|right| ලොව වැඩියෙන්ම භාවිතා වන නම් අතර '''මුහම්මද්''' යන නමද එකකි. විශේෂයෙන් ලොවපුරා මුස්ලීම්වරුන් භාවිතා කරන මෙම නම මෙතරම් සුවිශේෂි වීමට මූලික හේතුව එය ඉස්ලාම් දහමේ අවසාන...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව වැඩියෙන්ම භාවිතා වන නම් අතර මුහම්මද් යන නමද එකකි. විශේෂයෙන් ලොවපුරා මුස්ලීම්වරුන් භාවිතා කරන මෙම නම මෙතරම් සුවිශේෂි වීමට මූලික හේතුව එය ඉස්ලාම් දහමේ අවසාන වක්තෘවරයාණන් මෙන්ම ලොවපුරා මුස්ලීම්වරුන් තම ප්‍රාණයට වඩා ආදරය කලයුතු නබිවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ නම වීමයි.

සාමාන්‍ය පුද්ගල නමක් ලෙස මුහම්මද් භාවිතා කලහැකි වූවත් එය නබිතුමාණන් සම්බන්ධයෙන් භාවිතා කිරීමේ දී එම නමට අවසානයේ සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් යන කොටස ද එකතු කොට පැවසීම අනිවාර්‍ය වේ. මෙය බොහෝ විට කෙටියෙන් සල් ලෙස ලිඛිත භාෂාවේදී භාවිතා කලත් කියවීමේදී එය සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් යනුවෙන් කියවිය යුතු වේ.

මෙසේ සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් යන්න කෙටියෙන් ලියන ආකාර කිහිපයක් මුස්ලීම් සමාජ භාවිතයේ ඇත. එනම්,

  • (සල්)
  • (ස අලෙයිහි)
  •  (SAW)
  •  (SAAW)
  •  (SAWS)
  • (ﷺ)

මෙහි අරුථය වන්නේ "අල්ලාහ් ඔහුට ගෞරව කර ඔහුට සාමය හා ආශීර්වාද ලබා දෙත්වා!" යන්නයි. එය ලියන ආකාරය පහත නිදසුනකින් දැක්වේ.

නිදසුනක් ලෙස :- මුහම්මද් (සල්) තුමා 

අමතර එක් කිරීම

මුහම්මද් (සල්) තුමාණන් හැර වෙනක් නබි හෙවත් වක්තෘවරයෙකුගේ නම ලිඛිතව භාවිතා කිරීමේ දී එහි නමට පිටුපසින් (අලෛ) යනුවෙන් යොදනු ලැබේ. මෙය අලෛහිස් සලාම් යන්න කෙටි කොට ලිවීමයි. මෙහි අරුථය වන්නේ ශාන්තිය අත්වේවා! යන්නයි. එය ලියන ආකාරය පහත නිදසුනකින් දැක්වේ.

නිදසුනක් ලෙස :- ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම