විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම: Difference between revisions
No edit summary |
No edit summary |
||
Line 8: | Line 8: | ||
නූතන සමාජය අතීතයේ පැවතී සරල ජීවන රටාවලින් මිදී ඉතා සංකීර්ණ ජීවන රටාවන්වලට පරිවර්ථනය වී ඇත. සියල්ල මිල මුදලින් සහ වාසි අවාසි මත තීන්දු කරන තැනට යොමුව ඇති වත්මන් සංකීර්ණ සමාජය අද තම ගුණධර්ම නොසලකා කටයුතු කරන තැනකට යොමුව ඇත. මනුෂ්‍යත්වය සහ යහගුණධර්ම වෙනුවට රුපියල් ශත එහි අද ආදේශ වී ඇත. මෙය කොතරම් නරක තැනකට යොමුව තිබෙනවාද? යන්න සරල නිදසුනකින් පවසනවා නම්, අතීත සමාජය තුල සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වූ කෙනෙකුට උපකාර කිරීම, උදව් කිරීම, පිහිට වීම... වැනි දෑ වත්මන් සමාජය තුල විශ්ම උපදවන කාර්‍යයන් බවටත්, සමාජ මාධ්‍යයන් තුල හා සමාජය තුල විශ්මයාන්විතව කථා කරන මාතෘකා බවටත් පරිවර්ථනය වී ඇත. මේ සියල්ල තුල කියාපාන්නේ මේ සමාජය ගුණධර්ම කොතරම් දුරකට පිරිහිලාද? යන්න නොවේද?. | නූතන සමාජය අතීතයේ පැවතී සරල ජීවන රටාවලින් මිදී ඉතා සංකීර්ණ ජීවන රටාවන්වලට පරිවර්ථනය වී ඇත. සියල්ල මිල මුදලින් සහ වාසි අවාසි මත තීන්දු කරන තැනට යොමුව ඇති වත්මන් සංකීර්ණ සමාජය අද තම ගුණධර්ම නොසලකා කටයුතු කරන තැනකට යොමුව ඇත. මනුෂ්‍යත්වය සහ යහගුණධර්ම වෙනුවට රුපියල් ශත එහි අද ආදේශ වී ඇත. මෙය කොතරම් නරක තැනකට යොමුව තිබෙනවාද? යන්න සරල නිදසුනකින් පවසනවා නම්, අතීත සමාජය තුල සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වූ කෙනෙකුට උපකාර කිරීම, උදව් කිරීම, පිහිට වීම... වැනි දෑ වත්මන් සමාජය තුල විශ්ම උපදවන කාර්‍යයන් බවටත්, සමාජ මාධ්‍යයන් තුල හා සමාජය තුල විශ්මයාන්විතව කථා කරන මාතෘකා බවටත් පරිවර්ථනය වී ඇත. මේ සියල්ල තුල කියාපාන්නේ මේ සමාජය ගුණධර්ම කොතරම් දුරකට පිරිහිලාද? යන්න නොවේද?. | ||
මෙවන් සමාජ පසුබිමක [[යහගුණාංග]] පිලිබදව කථා කරන යහමඟ පෙලගැස්ම යටතේ “විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම“ සහ එය මුස්ලීම් සමාජයට කොතරම් දුරකට තීරණාත්මක සාධකයක්ද? යන්න ඉස්ලාම් දහම කියාපාන '''[[අල්හදීස්|අල් හදීස්]]''' ඉගෙන්වීමක් මෙම සටහන තුලින් ඔබේ බුද්ධිමත් විමසුම පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි. | මෙවන් සමාජ පසුබිමක '''[[:Category:සාරධර්ම|යහගුණාංග]]''' පිලිබදව කථා කරන යහමඟ පෙලගැස්ම යටතේ “විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම“ සහ එය මුස්ලීම් සමාජයට කොතරම් දුරකට තීරණාත්මක සාධකයක්ද? යන්න ඉස්ලාම් දහම කියාපාන '''[[අල්හදීස්|අල් හදීස්]]''' ඉගෙන්වීමක් මෙම සටහන තුලින් ඔබේ බුද්ධිමත් විමසුම පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි. | ||
එම ඉගෙන්වීම මෙසේය... | එම ඉගෙන්වීම මෙසේය... |
Latest revision as of 03:26, 18 April 2024
නූතන සමාජය අතීතයේ පැවතී සරල ජීවන රටාවලින් මිදී ඉතා සංකීර්ණ ජීවන රටාවන්වලට පරිවර්ථනය වී ඇත. සියල්ල මිල මුදලින් සහ වාසි අවාසි මත තීන්දු කරන තැනට යොමුව ඇති වත්මන් සංකීර්ණ සමාජය අද තම ගුණධර්ම නොසලකා කටයුතු කරන තැනකට යොමුව ඇත. මනුෂ්‍යත්වය සහ යහගුණධර්ම වෙනුවට රුපියල් ශත එහි අද ආදේශ වී ඇත. මෙය කොතරම් නරක තැනකට යොමුව තිබෙනවාද? යන්න සරල නිදසුනකින් පවසනවා නම්, අතීත සමාජය තුල සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වූ කෙනෙකුට උපකාර කිරීම, උදව් කිරීම, පිහිට වීම... වැනි දෑ වත්මන් සමාජය තුල විශ්ම උපදවන කාර්‍යයන් බවටත්, සමාජ මාධ්‍යයන් තුල හා සමාජය තුල විශ්මයාන්විතව කථා කරන මාතෘකා බවටත් පරිවර්ථනය වී ඇත. මේ සියල්ල තුල කියාපාන්නේ මේ සමාජය ගුණධර්ම කොතරම් දුරකට පිරිහිලාද? යන්න නොවේද?.
මෙවන් සමාජ පසුබිමක යහගුණාංග පිලිබදව කථා කරන යහමඟ පෙලගැස්ම යටතේ “විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම“ සහ එය මුස්ලීම් සමාජයට කොතරම් දුරකට තීරණාත්මක සාධකයක්ද? යන්න ඉස්ලාම් දහම කියාපාන අල් හදීස් ඉගෙන්වීමක් මෙම සටහන තුලින් ඔබේ බුද්ධිමත් විමසුම පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි.
එම ඉගෙන්වීම මෙසේය...
අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රලි) තුමා පවසයි, “(විනිශ්චය දිනයේ දී) උත්තරීතර අල්ලාහ් (දෙවි) විසින් (සියළු) මිනිසුන් (තමන් ඉදිරියේ) රැස් කරන්නේය. (ඉන් අනතුරුව මුස්ලීම්වරුන් වන) විශ්වාසවන්තයින් හමුවට (ස්වර්ගය හෙවත්) පාරාදීසය ගෙන එනු ලැබේ. (එවිට එහි දොරටු වසා තිබෙනු දැක එහි රුස්ව සිටී විශ්වාසවන්තයින් වන) ඔවුන් (මුල්ම මිනිසා මෙන්ම දේව වක්තෘවරයාණන් වන) ආදම් (අලෛ) තුමා හමුවට දිව ගොස් ‘අපගේ පියාණනි!, අපට පාරාදීසය විවෘත කරන්න‘ යැයි පවසනු ඇත. එයට (ආදම් (අලෛ) තුමා වන) ඔහු ‘ඔබලාගේ පියා ආදම් (අලෛ) කරන ලද පාපය නිසා නොවේද? නුඹලා ස්වර්ගයෙන් බැහැර වී ගියේ‘ යනුවෙන් පවසා ‘මට එම දොර විවෘත කිරීමේ හැකියාව නැත. ඔබලා අල්ලාහ් (දෙවි)ගේ මිතුරා මෙන්ම මගේ පුත් ද වන ඊබ්‍රාහිම් (අලෛ) වෙත ගොස් (මෙම උපකාරය) ඉල්ලා සිටින්න‘ යැයි පවසනු ඇත. එවිට ඔවුන් ඊබ්‍රාහිම් (අලෛ) තුමා හමුවට ගොස් එම දොරටුව විවෘත කරදෙන මෙන් ඉල්ලා සිටී. එටිව (ඊබ්‍රාහිම් (අලෛ) වන) ඔහු ‘මම එයට සුදුස්සා නොවෙමි. අල්ලාහ් (දෙවි)ගේ මිතුරා ලෙස මා සිටියේ ජිබ්රීල් (අලෛ) තුමාගේ මැදිහත්වීම තුලයි. එමනිසා අල්ලාහ් (දෙවි) සමඟ සෘජුවම කථා කල මූසා (අලෛ) වෙත ගොස් උපකාර ඉල්ලා සිටින්න‘ යැයි ඔවුනට ඔහු පවසනු ඇත. එවිට ඔවුන් මෝසෙස් (මූසා (අලෛ) තුමා වෙත පැමිණ ස්වර්ගයේ දොරටුව විවෘත කරදෙන මෙන් ඉල්ලා සිටිනු ඇත, එවිට (මූසා (අලෛ) වන) ඔහු ‘මට එය කිරීමේ හැකියාවක් නැත, ඔබලා අල්ලාහ් (දෙවි)ගේ වචනය සහ ඔහුගේ ආත්මය වූ ඊසා (ජේසුස් (අලෛ)) වෙත යාම වඩා හොඳය‘ යනුවෙන් පවසනු ඇත. එවිට ඔවුන් ඊසා (ජේසුස් (අලෛ)) තුමා හමුවට ගොස් එම දොරටුව විවෘත කරදෙන මෙන් ඉල්ලා සිටිනු ඇත. එවිට (ඊසා (අලෛ) වන) ඔහු ‘මට එය ඉටු කිරීමේ හැකියාව නැත‘ යනුවෙන් පවසනු ඇත. එමනිසා ඔවුන් මුහම්මද් (සල්) තුමාණන් වෙත පැමිණෙනු ස්වර්ගයේ දොරටුව විවෘත කරදෙන මෙන් ඉල්ලා සිටිනු ඇත. එවිට මුහම්මද් (සල්) තුමාණන් (එම දොරටුව විවෘත කිරීම සදහා) අල්ලාහ් (දෙවි)ගෙන් අවසර පැතීමෙන් අනතුරුව ඒ සදහා ඔහුට අවසර ලැබෙනු ඇත. එවිට (ස්වර්ගයේ දොරටුව හා විශ්වාසවන්තයින් අතර “සිරාත්“ නම්) විශ්වාසවන්තභාවය සහ ඥාතිත්වය රුකීම දකුණු සහ වම් පසින් සිටින මාර්ගය විවෘත වනු ඇත. ඉන්පසු මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසූහ, ‘ඔබගෙන් පළමුවැන්නා විදුලි කෙටීම් තරම් (වේගවත්ව) එහි ගමන් කරනු ඇත.‘ එවිට (අබූ හුරෙයිරා (රලි) වන මා, ‘මගේ පියාට සහ මගේ මවට වඩා මා බොහෝ සෙයින් ආදරය කරන මුහම්මද් (සල්) තුමණි!, අකුණු සැර වැදීම වැනි වේගයකින් (එම පාලම පසුකර යනවා) යනු කුමක්ද?‘ යනුවෙන් මා විමසුවෙමි. එයට එතුමාණන් මෙසේ කීවේය, ‘අකුණු සැර ඇති වී සැණින් එය නොපෙනී යනවා ඔබ දැක නැත්තේද?, ඒ තරම් වේගයෙන් ඔවුන් (සිරාත් පාලම වන) එහි ගමන් කරනු ඇත.‘ යනුවෙන් පවසා තවදුරටත් එතුමාණන් පැවසීමේ දී ‘තවත් සමහරක් පිරිස්, සුළං හමනවා සේද, කුරුල්ලන් පියසර කරනවා සේද, මිනිසුන් දුවනවා සේද, තමන් මෙලොව කරන ලද කුසල ප්‍රමාණය අනුව එම පාලම තරණය කරනු ඇත‘ යනුවෙන් පවසන ලදී. මෙසේ ජනයා “සිරාත්“ පාලම තරණය කරන විට මුහම්මද් (සල්) තුමාණන් පලම මත හිඳ ‘දෙවියනි!, ඔවුන් බේරගන්න... බේරගන්න...‘ යනුවෙන් පවසමින් ද සිටිනු ඇත. (මේ ආකාරයට පාලම තරණය කරන පිරිසගෙන්) මෙලොව කුසල් දුර්වල වූ පිරිස් ඉතා අපහසුකාරීව බඩගාගෙන එය තරණය කරයි. එම පාලම දෙපස සවිකොට ඇති කොකුවලින් එහි ගමන් කරන පිරිස අදින අතර එම කොකුවලට හසුවී තුවලකරුවන් ලෙසත් සමහර පිරිස් එම පාලම තරණය කරණ තඅර තවත් සමහරක් පිරිස් එම කොකුවලට හසු වී (පාලමින්) පහල ප්‍රපාතය වූ නිරයට ඇද වැටෙන්නේය. (මෙම අල්හදීසය දන්වන, අබූ හුරෙයිරා (රලි) තුමා තවදුරටත් දැන්වීමේ දී ‘මාගේ ජීවිතය කාගේ අතේ ඇත්ද ඔහු මත දිවුරා පවසමි, නිරයේ ගැඹුර වසර හැත්තෑවක ගමන් දුරක් වේ‘ යනුවෙන් පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්
ඉහත අල් හදීසය තුල බොහෝ කරුණු කාරණා ප්‍රකාශ වූවත්, අපගේ මාතෘකාවට අදාලව එම අල් හදීසය විමසා බලන විට, මනුෂ්‍යෙයකු තම මෙලොව ජීවිතය තුල සමාජය හා විශ්වාසනීයව කටයුතු කිරීමත්, තම ඥාති සම්බන්ධතා රකිමින් කටයුතු කිරීමත් කොතරම් වැදගත් හා තීරණාත්මක කටයුත්තක්ද? යන්න පැහැදිලි වේ. එසේනම්, යාඅල්ලාහ්!, මෙලොව දිවිය තුල විශ්වාසනීයව සහ ඥාති බැදීම් ආරක්ෂා කරමින් ජීවත් වීමටත්, මරණින් මතු දිවියේ “සිරාත්“ පාලම අකුණු වේගයෙන් තරණය කිරීමටත් අපට අශිර්වාද කරත්වා!, යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න