ලොව පැරණිතම ආගම ඉස්ලාම්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව පැරණිම ආගම කුමක්ද? යන්න පිලිබදව සමාජය තුල විවිධ කථිකාවන් ඇත. වර්ථමානයේ පවතින සෑම දහමක්, දර්ශනයක්ම අපේ ආගම ලොව පැරණිම ආගම යැයි වාද කිරීමත් සමාජය තුල නොඅඩුව දක්නට ඇත. මෙවන් පසුබිමක යහමග අඩවිය මා ද “ඉස්ලාම් දහම ලොව පැරණිතම ආගම” බව මෙහි අවදාරණය කරමි. එපමණක් නොව “ඉස්ලාම් දහම ලොව පලමු දහම” යන්නත් මෙහි අවදාරණය කරමි. ඒ නිකන්ම නිකන් හිස් වචනවලින් නොව පිලිගත හැකි සාක්ෂි පදනම් කරගෙනය. එම සාක්ෂි මොනවාද? යන්න මෙතැන් සිට දැන් විමසා බලමු,

සාක්ෂි 01 - ලොව මුල්ම මිනිසා ඉස්ලාම් භක්තිකයෙකි

ඉස්ලාම් දහමට අනුව පමණක් නොව ලොව බොහෝ ආගමික විශ්වාසයන්ට අනුව පෘථිවියට පැමිණි පලමු මිනිසා වන්නේ ආදම් (අලෛ) තුමාය. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දෙවියන් විසින් ආදම් (අලෛ) තුමාණන්ව මේ මිහිමතට එවන විට “පොළොවට යන්න, එහි ගොස් ඔබට අවශ්‍ය ආකාරයට ජීවත්වන්න” යැයි නොපවසා පහත අවවාදය ඇතුව යවන ලදී. එනම්,

“මා හමුවේ සිට නුඹට මගපෙන්වීමක් එනු ඇත. එයයි නුඔ අනුගමනය කල යුත්තේ.”

අල්කුර්ආනය 20-123 සහ 2-38

මේ අනුව ලොව පලමු මිනිසා වන ආදම් (අලෛ) තුමා දේව පණිවුඩ ලද “නබි” හෙවත් වක්තෘවරයෙකු යන්නත්, ඔහුට ඉස්ලාමයේ මඟපෙන්වීම ලැබුණු බවත් පැහැදිලි වේ.

සාක්ෂි 02 - සෑම ජන සමූහයකටම ඉස්ලාමය පිලිබදව සුභාරංචි පවසා ඇත.

මුල්ම මිනිසාගේ පටන් ලොව ජීවත් වූ සෑම ජන සමූහයකටම ඉස්ලාම් දහම පිලිබදව සුභාරංචි පවසන සහ වැරදි ක්‍රියාවන් පිලිබදව අවවාද කරන නබිවරුන් එවූ බව අල්කුර්ආනය මෙසේ පවසයි.

“ඇත්තෙන්ම, (ඉස්ලාම් දහම පිලිබදව) ශුභාරංචි පවසන්නෙකු ලෙසත්, අවවාද කරන්නෙකු ලෙසත් සත්‍යවාදී නුඔව (මුහමිමද්) අප යැව්වෙමු. මෙසේ අවවාද කරන අනුශාසකයින් නොඑවු කිසිදු ජනතාවක් නොවීය”

අල්කුර්ආනය 35-24

මේ අනුව ලොව මුල්ම මිනිස් සමාජය පටන් සෑම ජන සමාජයකටම ඉස්ලාම් දහම පිලිබදව වූ සුභාරංචිය ප්‍රකාශ වී ඇති බව පැහැදිලි වේ.

සාක්ෂි 03 - සෑම වක්තෘවරයෙකුම දේශනා කලේ ඉස්ලාමයයි

මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් ඊට පසුකාලීන පැමිණි “නබි” හෙවත් වක්තෘවරුන්ට දෙවියන් විසින් පහල කල දහම “ඉස්ලාම්ය” මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

නුහ් වෙතද ඔහුගෙන් පසු පැමිණි වක්තෘ වන ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද් යන පිරිසට දේව පණිවුඩය පහල කල ආකාරයටම (මුහම්මද්) ඔබටත් දේව පණිවුඩය පහල කලෙමු.

අල්කුර්ආනය 4-163

මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාට පමණක් නොව පසුකාලීනව එනම් මීට වසර 4200 කට පමණ පෙර ජීවත් වූ වක්තෘ නූහ් (අලෛ) තුමාටත්, ඊටත් පසුකාලීන පැමිණි ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා (යේසුස්), අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද්... වැනි දේව වක්තෘවරුන්ටත් ඉස්ලාමය පහල වූ අතර අවසානයේ අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ටත් එය පහල වූ බව ඉහතින් පැහැදිලි වේ.

සාක්ෂි 04 - දෙවියන් විසින් පහල කල එකම දහම ඉස්ලාමයයි

ලොව පවතින ආගම් අතුරින් දෙවියන් පිලිගත් එකම දහම “ඉස්ලාම්” බවත්, නබිවරුන් හරහා සෑම ජන සමාජයකටම දේශනා කල එකම මාර්ගය එය බවත් පහත අල්කුර්ආන් වාක්‍යයෙන් පෙනේ. එනම්,

“නියත වශයෙන්ම ඉස්ලාම් පමණි අල්ලාහ් විසින් පිළිගනු ලැබු දහම”.

අල්කුර්ආනය 3-19

සාක්ෂි 05 - නබිවරුන් යනු “ඉස්ලාම්” නම් මාලිගාවේ ගඩොල් කැට වේ.

දෙවියන් හමුවේ එකම දහම “ඉස්ලාම්” පමණක් බව පවසන අල්කුර්ආනය එය මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමා පටන් කලින් කලට ප්‍රකාශ වෙමින් පැමිණ මුහම්මද් (සල්) නම් වක්තෘවරයාණන්ගෙන් එය පරිපූර්ණ කල බවත්, එය “ඉස්ලාම්” බවත් පහත අල්කුර්ආන් වාක්‍යය මෙසේ පවසයි.

“අද දින මම නුඹලාට නුඹලාගේ දහම පරිපුර්ණ කලෙමු. නුඹලාට සන්මාර්ගයක් ලෙස ඉස්ලාම් දහම සතුටින් තෝරා දුන්නෙමු”

අල්කුර්ආනය 5-3

මෙම පරිපූර්ණත්වය මුහම්මද් (සල්) තුමාණන් සමාජයට පැහැදිලි කිරීමේ දී ඉතා අලංකාර උදාහර්ණයකින් මෙසේ පැහැදිලි කරන ලදී.

පිරිසක් ඉතා අලංකාර වු මාලිගාවක් නරඹමින් සිටින විට එහි එක් ස්ථානයක බිත්තියේ ගඩොලක අඩුවක් දකී. එම ස්ථානය අඩුව දුටු පිරිස “කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එහී මේ ගඩොලත් තිබුණා නම්, මේ මාලිගාව සර්ව සම්පුර්ණ වනවා නොවේද?” යයි පවසනු ඇත. යැයි පැවසූ නබිතුමාණන් “ඒ එක ගඩොල මමයි. මාගේ පැමිණීමෙන් එම මාලිගාව සම්පුර්ණ විය. ඒ ආකාරයට මාගේ පැමිණීමත් සමග ඉස්ලාම් දහම සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර ද අවසාන් විය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - අල්හදීස්

ඉහත 5-3 වාක්‍යය තුලින් සහ ඉහත මාලිගා නිදසුන තුලින් ඉස්ලාම් දහම යන්න මුහම්මද් (සල්) තුමාණන් මඟින් මේ ලෝකයට ප්‍රකාශ වූ දහමක් නොවන බවත් මුල්ම මිනිසා පටන් අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණාන් දක්වා විකාශනය වූ දහමක් බවත් පැහැදිලි වේ.

මේ අනුව “ඉස්ලාම්” දහම යන්න මෙලොව මිනිස් සම්භවය සිදුවූ මොහොතේම ආරම්භ වූ දහමක් බවත්, එමනිසා එය ලොව පැරණිතම දහම බවත් මින් පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම