ස්වර්ගයට ඇතුල් කරන නිරයෙන් ඈත් කරන කුසලක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුආද් ඉබ්නු ජබල් (රළි) තුමා දන්වයි, මා අල්ලාහ්ගේ දූතයාණන් සමග ගමනක නිරතව එතුමාණන් හා සමීපව ගමන් කරමින් එතුමාණන්ගෙන් මම “අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! මාව ස්වර්ගයට ඇතුලු කරන නිරයෙන් ඈත් කරන අමලයක් (කුසල ක්‍රියාවක්) මට දන්වන්න“ යැයි පැවසුවෙමි. එයට එතුමාණෝ “ඔබ ශ්‍රේෂ්ඨ දෙයක් මාගෙන් විමසා ඇත්තෙහිය. ඇත්තෙන්ම අල්ලාහ් කා හට එය පහසු කර ඇත්තේද, ඔහුට එය පහසු ක්‍රියාවකි.

  • අල්ලාහ්ව නමදින්න,
  • ඔහුට කිසිවක් සම නොකරන්න,
  • සලාතය ස්ථාපිත කරන්න,
  • සකාතය (නම් දුගී බද්ද) ඉටුකරන්න,
  • රමලානයේ උපවාසය ඉටුකරන්න,
  • (අල්ලාගේ නිවස වන) බයිත (අල් හරාමය) ය හජ් කරන්න යැයි පැවසූහ.

පසුව, මම ඔබට යහපතේ දොරකොඩවල් දැනුම් දෙන්නද? යි විමසා, උපවාසය පලිහකි, ජලය ගින්න නිවන ආකාරයට සදකාව (දානය) පාපය නිවන්නේ ය, මධ්‍යම රත්‍රීයේ මිනිසෙක් ඉටුකරන සලාතය යැයි පවසා පසුව, “තම ඇලපත් නිදියහනෙන් ඔසවා… (සජදා 16,17) ” (නැමති කුර්ආන් වැකිය) ය:ලමූන් (නම් වචනය) දක්වා පාරායණය කළහ.

පසුව සියලු කටයුතුවල ප්‍රධාන අංගයද, එහි කුලුනද, එහි මුදුන් කොත ද මම ඔබට දන්වන්නද? යි විමසුවේය. මම එසේය ! දන්වන්න අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! යැයි පැවසුවෙමි. ඉස්ලාමය සියලු කටයුතුවල ප්‍රධාන අංගය යි. එහි කුලුන සලාත යයි. එහි මුදුන් කොත ජිහාද යයි පවසූහ.

පසුව ඒ සියල්ල පාලනය කරන දෙය මම ඔබට දන්වන්නද? යැයි විමසූහ. එසේය, පවසන්න අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! යැයි පවසුවෙමි. එවිට තම දිව (අතින්) එලියට ඇද, මෙය මැඩපවත්වාගන්න යැයි පවසූහ. එවිට මම අල්ලාහ්ගේ නබිවරයාණෙනී! එ (ම දිව) මගින් අපි කථා කරන දේවලටත් අපි වැරදිකරුවන් කරනු ලබනවා දැයි මම ඇසුවෙමි. එයට එතුමාණෝ අහෝ මුආද්! ඔබගේ මවට ඔබ නැතිවීමේ දුක! මිනිසුන් ඔවුන්ගේ දිවවලින් හම්බකරපු දේ වෙනුවෙන්ම මිස ඔවුන් ඔවුන්ගේ මුහුණුවලින් හා නාස්පුඩුවලින් නිරයට විසිනරනු ලබයි දැ? යි ප්‍රකාශ කළහ.

ඉබ්නු මාජා – 3973, තිර්මිදී – 2616

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම