සතියේ දින 07 - ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

ඉස්ලාමීය දින දර්ශනයට අනුව “වර්ෂය”, “මාසය”, “සතිය” සහ “දවස” උදාව සිදුවන්නේ කවර ආකාරයටද? යන්න මීට ඉහත නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය යන ලිපිය තුලින් මෙම (යහමග අඩවිය) තුල දීර්ඝ ලෙස සාකච්චා කලෙමු. මෙම ලිපිය තුලින් "සතියක" දින 07 පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න විමසා බැලීමට අදහස් කරමි. මෙවැනි ලිපියක් මෙලෙස ඉදිරිපත් කිරීමට මූලික හේතුව සමාජය තුල සතියේ විවිධ දින සම්බන්ධයෙන් විවිධ වූ මිත්‍යා විශ්වාසයන් හා පිලිගැනීමන් දක්නට ලැබීම සහ එම මිත්‍යා විශ්වාසයන් තුල මුස්ලීම් සමාජය ද සැලකිය යුතු තරමින් සිටීමය. ඒ අනුව සතියේ දින 07ට අදාලව දිනෙන් දිනට ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කුමක්ද? යන්නත්, එම දිනයන් සම්බන්ධයෙන් සමාජ විශ්වාසයන් කොතරම් දුරකට සාධාර්ණද? යන්නත් මෙතැන් සිට විමසා බලමු.

සඳුදා

සඳුදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

සඳුදා දින වෛකල්පිත උපවාසයක් රුකීම පිලිබදව සහාභාවාරයෙකු නබිතුමාණන් විමසූ විට නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ. "මම ඉපදුණේ එදිනය, ඉස්ලාම් දහම පහලවීම (ආරම්භය) සිදුවූයේ ද එදිනය."

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

නබි (සල්) තුමාණන් වරක් මෙසේ පැවසුවේය. “සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල මිනිසුන්ගේ ක්‍රියාවන් අල්ලාහ් (දෙවි) හමුවේ ගෙනහැර දක්වනු ලැබේ. එසේ ඉදිරිපත් කරන මොහොතේ මම උපවාසය රකින්නෙකු ලෙස සිටීමට කැමැත්තෙමි.” 
සඳුදා යනු සුව කිරීම් සදහා හොඳම දවසයි. එබැවින්, ඔබට රෝගයක් තිබේ නම්, සඳුදා දවසේ වෛද්‍ය ප්‍රතිකාර සදහා  යාමට උත්සාහ කළ හැකිය. අල්ලාහ් (දෙවි)ගෙන් (රෝග නිවාරණයට) ප්‍රාර්ථනා කිරීමට අමතක නොකරන්න.
ඉබ්නු උමර් (රලි) තුමාට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය. “සඳුදා සහ අඟහරුවාදා දින (එදා අරාබියේ පැවති ප්‍රතිකාර ක්‍රමයක් වූ) කෝප්ප ප්‍රතිකාර කරන්න, මන්ද එය දෙවියන් නබි අයියූබ් (අලෛ) විපත්තිවලින් සුව කළ දිනයයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය - සුනන් ඉබ්නු මාජා

අබු හුරෙයිරා (රලි) තුමාට, මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසූහ. “සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාරාදීසයේ දොරටු විවර වනු ඇත, දෙවියන්ට සමානයන් නොතබන (ශිර්ක් නොකරන) සෑම කෙනෙකුටම සමාව දෙනු ඇත. ඔවුන් අතර ‍භේද වී සිටින්නන් හැර, එසේ භේද වී සිටින්නන් දෙදෙනා සමාදාන වෙනකම් "මේ දෙන්නා සමාදාන වෙනකම් ඉන්න, මේ දෙන්නා සමාදාන වෙනකම් ඉන්න.” යනුවෙන් පවසනු ඇත.

අඟහරුවාදා

අඟහරුවාදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

ඉබ්නු උමර් (රලි) තුමාට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය. “සඳුදා සහ අඟහරුවාදා දින (එදා අරාබියේ පැවති ප්‍රතිකාර ක්‍රමයක් වූ) කෝප්ප ප්‍රතිකාර කරන්න, මන්ද එය දෙවියන් නබි අයියූබ් (අලෛ) විපත්තිවලින් සුව කළ දිනයයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය - සුනන් ඉබ්නු මාජා

බදාදා

බදාදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

බ්‍රහස්පතින්දා

“සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල මිනිසුන්ගේ ක්‍රියාවන් අල්ලාහ්ට පුදනු ලබන අතර, එබැවින් මම නිරාහාරව සිටින අතරතුර මගේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.” 
අබු හුරෙයිරා (රලි) තුමාට, මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසූහ. “සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාරාදීසයේ දොරටු විවර වනු ඇත, දෙවියන්ට සමානයන් නොතබන (ශිර්ක් නොකරන) සෑම කෙනෙකුටම සමාව දෙනු ඇත. ඔවුන් අතර ‍භේද වී සිටින්නන් හැර, එසේ භේද වී සිටින්නන් දෙදෙනා සමාදාන වෙනකම් "මේ දෙන්නා සමාදාන වෙනකම් ඉන්න, මේ දෙන්නා සමාදාන වෙනකම් ඉන්න.” යනුවෙන් පවසනු ඇත.

සිකුරාදා

සිකුරාදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

අබු හුරෙයිරා (රලි) තුමා විසින් නබිතුමාණන් පැවසූ බවට පවසයි. "ඔබගෙන් කිසිවෙක් සිකුරාදා උපවාස නොකළ යුතුය, ඔහු ඊට පෙර හෝ ඊට පසු (දිනක්) උපවාස කරන්නේ නම් මිස." 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

දෙවියන් ඉදිරියෙහි ඇති හොඳම හා රැස්වීමේ දිනය වන්නේ සිකුරාදා දිනයයි.

මුලාශ්‍ර ග්‍රන්ථය- අල්-බයිහාකි

දෛනික නැමදුම් පහ සහ එක් සිකුරාදා නැමදුමක සිට අනිද්දා දක්වා කාලය තුළ ඔවුන් අතර විශාල පාපයක් සිදු නොවන්නේ නම්, ඔවුන් අතින් සිදු වූ සුළු පාපයන් සදහා සමාව හිමි වේ.

මුලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

සිකුරාදා තරම් යහපත් දිනයක් තවත් නැත. එහි දෙවියන්ගෙන් කරන ප්‍රාර්ථනාව දෙවියන් සවන් දෙන පැයක් ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – තිරිමිදී

සිකුරාදා පැය දොළහකින් සමන්විත වන අතර එයින් දෙවියන් ඇදහිලිවන්තයන් වෙනුවෙන් කන්නලව් කරන පැය වේ. අසර් (දවසේ තුන්වන නැමදුම් වේලාව) ට පසු අවසන් පැය තුළ මෙම පැය සොයන්න.

මුලාශ්‍ර ග්‍රන්ථය – අබු දාවුද්

සිකුරාදා ‘ගුහාව’ (අල් කුර්ආනයේ 18 වන) පරිච්ඡේදය කවුරු පාරායනය කරයිද, ඊළඟ සිකුරාදා තෙක් ඔහුගේජීවිතයට දෙවියන් ආලෝකයක් ලබා දෙනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – අල්-බයිහාකි

හිරු උදාවන හොඳම දිනය සිකුරාදා ය. ආදම්ව මැවූ දිනය එයයි. එය ආදම් ස්වර්ග උද්‍යානයට ඇතුළු වූ දිනය සහ ඔහුව නෙරපා හරින ලද දිනය සහ ඔහු මියගිය දිනයයි. නැවත නැඟිටීමේ (මහ්ෂර්) දිනය සිකුරාදා දිනයයි.

මූලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම්

ඇත්තෙන්ම දෙවියන් මුස්ලිම්වරුන් සඳහා නියම කළ ඊද් දිනය (සැමරුම් දිනය (සිකුරාදා)) මෙයයි.

මුලාශ්‍ර ග්‍රන්ථය – ඉබ්නු මාජා

සෙනසුරාදා

සෙනසුරාදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙසේ පැවසීය. "“ඔබ නිරාහාරව සිටීමට බැඳී සිටින දින හැර සෙනසුරාදා දින උපවාස නොකරන්න. ඔබලාගෙන් යමෙකුට මිදි දඬු හෝ ගසක අතු හැර වෙනත් කිසිවක් සොයාගත නොහැකි නම්, (ඔහු නිරාහාරව නොසිටින බව සහතික කර ගැනීම සඳහා) ඔහු එය හපන්න.” 

මූලාශ්‍ර ග්‍රන්ථය - අල්-තිර්මිදි, අබු ඩවුඩ් සහ ඉබ්නු මාජා

අබු හුරෙයිරා (රලි) තුමා විසින් නබිතුමාණන් පැවසූ බවට පවසයි. "ඔබගෙන් කිසිවෙක් සිකුරාදා උපවාස නොකළ යුතුය, ඔහු ඊට පෙර හෝ ඊට පසු (දිනක්) උපවාස කරන්නේ නම් මිස." 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

ඉරිදා

ඉරිදා දිනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි ඉගෙන්වීමන් දැන් විමසා බලමු.

“බලවත්, උත්තරීතර වූ අල්ලාහ් (දෙවි) විසින්, සෙනසුරාදා පස්ද, ඉරිදා කඳුද, සඳුදා ගස්ද, අඟහරුවාදා වංචාවද, බදාදා ආලෝකයද නිර්මාණය කළේය, බ්‍රහස්පතින්දා එහි සතුන් පතුරුවා හැරිය අතර ඔහු ආදම්ව නිර්මාණය කළේ සිකුරාදා දහවල් සලාතයෙන් පසුව අවසාන පැයේදීය.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම