අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන “අල්කුර්ආනය දිව්‍යමය වදන් එකතුවක්” යන්න තහවුරු කරන ලිපි පෙලෙහි පලමු ලිපිය මීට ඉහත යහමග අඩවිය තුල “අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01” යන මාතෘකාව යටතේ විමසා බැලුවෙමු. එම ලිපි පෙලෙහි දෙවන ලිපිය වන මෙම ලිපිය තුලින් ලොව කිසිදු ආගමික මූලාශ්‍රයක දක්නට නොලැබෙන අල්කුර්ආනයට පමණක් ආවේනික සුවිශේෂි ගුණාංගයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

අල්කුර්ආනය කිසියම් අනාවැකියක් අවවාදයක් මිනිස් සමාජයට පැවසීමේදී අල්කුර්ආනය තමන්ට ම අවේනික වූ සුවිශේෂි ක්‍රමවේදයක් එහි අනුගමනය කරයි. එනම්, කිසියම් අවවාදයක් අනාවැකියක් අල්කුර්ආනය ඉදිරිපත් කරන විට වත්මන් මිනිසාගේ සහ අනාගතයේ බිහිවීමට නියමිත සුපිරි මිනිසාගේ බුද්ධිමත්භාවය, විචාරශීලීභාවය හා විවාදශීලීභාවය අවබෝධ කරගත් නිසාදෝ එහි ඉදිරිපත් කරණ කාරණය මිනිස් බුද්ධියට ගෝචර නොවන කාරණයක් වන අවස්ථාවල එම කාරණය හා බද්ධ කොට මිනිස් බුද්ධියට ගෝචර ලෞකික කාරණයක් ද එහි අනාවර්නය කරයි. නිදසුනක් ලෙස “අපාය”, “ස්වර්ගය”, “මරණින් පසු විනිශ්චය”, “දේවදූතයන්”, “නිරයෙහි දඬුවම”... වැනි විෂයන් අල්කුර්ආනය කථා කරන විට එම කාරණයන් සමඟ බද්ධ කොට ලෞකිකව මිනිස් බුද්ධියට ගෝචර විශ්මිත අනාවර්ණයක් ද එහි සිදු කරයි. ඒ අල්ලාහ් (දෙවි) අපෙන් මෙසේ ප්‍රශ්න කරනවා සේය.

"නුඹලාට මා පවසන සත්‍යය නුඹලාගේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නට සැරසෙන්නේද? එසේ ප්‍රතික්ෂේප කිරීමට මත්තෙන් එහි මා පවසන ලෞකික කාරණය මොහොතක් බුද්ධිමත්ව විමසා බලනු. එය ඔබේ බුද්ධියට ගෝචරය. එසේනම් (ඔබේ බුද්ධියට ගෝචර) මෙය පිලිගෙන (ඔබේ බුද්ධියට ගෝචර නොවේ යැයි) දිව්‍ය කාරණයන් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?"

මෙවැනි ආකාරයේ අවවාද, අනාවැකි හා අනාවර්ණ රාශියක් අල්කුර්ආනයේ ඇත. එම වාක්‍යයන් සියල්ල අල්කුර්ආනය දිව්‍යමය වදනක් යන්න ඉහලින්ම කියාපාන අතර එවන් වූ අල්කුර්ආන් වාක්‍යයන් මෙහි පහතින් පෙලගැසීම මෙම ලිපියෙහි අරමුණයි. (එම අනාවර්ණයන් පිලිබදව වූ දීර්ඝ පැහැදිලි කිරීමන් මෙහි පහතින් Click කොට කියවන්න)

- අල්කුර්ආනය දිව්‍ය වදන් යන්නට සාක්ෂි

Paris

වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය

ඉදිරියට කියවන්න


Paris

අපාගින්න සහ සංවේදී සම

ඉදිරියට කියවන්න


Paris

රෝම ජයග‍්‍රහනය හා ලොව පහත්ම භූමිය

ඉදිරියට කියවන්න


Paris

කුහුඹුවාට සවන්දුන් සුලෙයිමාන් තුමා

ඉදිරියට කියවන්න

 

Paris

දරු කළල විකාශනය හා තුන් තිඹිරිය

ඉදිරියට කියවන්න


Paris

ෆිර්අවුන්ගේ මෘතදේහය ආරක්‍ෂා කිරීම

ඉදිරියට කියවන්න


Paris

මහා ජල ගැල්ම සහ නුහ් නබිගේ නැව

ඉදිරියට කියවන්න


 

Paris

මී පැණි හා එහි ඖෂධ ගුණය

ඉදිරියට කියවන්න


Paris

ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි

ඉදිරියට කියවන්න


Paris

දුල්කර්ණයින් ගමන් මඟ හා පෘථිවි හැඩය

ඉදිරියට කියවන්න


Paris

සියල්ල ජලයෙන් නිර්මාණිතය

ඉදිරියට කියවන්න

 

Paris

පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ඉදිරියට කියවන්න


Paris

රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්

ඉදිරියට කියවන්න


Paris

මුහු නොවන මුහුදු ජලය

ඉදිරියට කියවන්න


Paris

ඉදිරියට බලාපොරොත්තු වන්න

ඉදිරියට කියවන්න

 

ඔවුන් ගුහාව තුල වසර 309 ක් නිදාගත් බව පැවසීම පිලිගත නොහැකිද?. එසේනම් ඔවුන් නිදාගත් කාලය නූතන දින දර්ශනයට අනුව (අල්ලාහ් (දෙවි) වන) මා දශමයට ම පවසන සත්‍යය මොහොතක් විමසා බලන්න. එය මීට සියවස් 14 කට පෙර මිනිස් බුද්ධියකින් පැවසිය හැකි කාරණයක්ද?. මෙය පිලිගෙන 309 නිදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේද?
අපා ගින්නෙහි දවාලන බවට (අල්ලාහ් (දෙවි) වන) මා පවසන අවවාදය ඔබේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නේද?. එසේනම් මිනිස් සිරුර ඇති සම ගින්දරින් පිච්චී යන විට නැවත අලුත් සමක් ලබාදෙන බවට මා පවසමින් මිනිස් සිරුරේ ගින්දර සංවේදී වන්නේ සමට යන සත්‍යය සියවස් 14 කට පෙර මා පැවසීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?. නොඑසේ නම් එය පිලිගෙන අපාය දඬුවම ප්‍රතික්ෂේප කරන්නේද?.  
එදා රොමාවරුන් හා පාරසීයවරුන් අතර පැවතී යුද්ධයෙන් පාරසීයවරුන් ජයගත් විට මුස්ලීම්වරුන් කනස්සල්ලෙන් පසුවිය. එවිට අල්ලා (දෙවි) අල්කුර්ආන් වාක්‍යයක් පහල කරමින් රෝමාවරුන් නැවත ජයගන්නා බවත් එය සිදුවන්නේ ලොව පහත්ම භූමියක බවත් පැවසීය. ඒ ආකාරයටම පසුකාලීනව රෝමාවරුන් පාරසියවරුන් පරාජ කොට ජයගත් අතර එම යුද්ධය සිදුවූයේ "මළමුහුද" ආසන්නයේය. සියවස් 14 කට පෙර අල්කුර්ආනය පැවසූ "ලොව පහත්ම භූමිය" යන්න මළමුහුද පිහිටී භූමිය යන්න 20 වන සියවසයේ අනාවර්ණයයි. 
මීට වසර 3000 කට පමණ පෙර විසූ දේවවක්තෘ සුලෙයිමාන් නොහොත් බයිබලයේ සදහන් ආකාරයට සොලමන් තුමා දිව්‍ය හාස්කමක් ලෙස සතුන් සමඟ පණිවුඩ සංනිවේදනය කරගත්තා යයි අල්කුර්ආනය පැවසීම කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවැනි කෙනෙකු එම හාස්කම පවසන දිව්‍ය වාක්‍යයේම කුහුඹූවන් පිලිබදව පවසන සත්‍යය වන “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන්නත් ප්‍රතික්ෂේප කලයුතු වේ. කුහුඹූ ලෝකය පිලිබදව කිසිදු දැනුමක් නොමැති වසර 1400 කට පෙර පැවතී සමාජය පවසන කරුණු විසිවන සියවසයේ විද්‍යාව තුලින් තහවුරු කරගෙන පිලිගන්නේ නම්, ඒහා බද්ධ කොට පවසන සුලෙයිමාන් තුමා සම්බන්ධ දේව හාස්කමත් පිලිගත යුතු යන්න සාධාර්ණ තර්කයක් නොවේද?.

• ...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම