ශුද්ධ වූ කුර්ආනය හමුවේ විද්‍යාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය (Blog) වෙබ් අඩවියක “විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රය ද වන අල්කුර්ආනයට අපහස අභියෝග කරන ආකාරයට ලිපියක් පලකොට තිබූණි. එම ලිපියෙහි අන්තර්ගතය හා එහි මතු කරන චෝදනාව කුමක්ද? යන්නත්, ඔහු මතුකරන කාරණයේ සැබෑ විද්‍යාත්මක මෙන්ම ඉස්ලාමීය විග්‍රහය කුමක්ද? යන්නත් මෙහි දී විමසා බලන්නට අදහස් කරමි. නමුත් ඊට ප්‍රථමයෙන් ඉහත සදහන් Blog ලිපියෙහි සදහන් පාඨයක් කෙරෙහි පාඨක ඔබේ බුද්ධිමත් අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

…කොන්දක් තියෙනව නම් මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබයි තමන්ගේ ආගමේ හෙළුව වහගන්න අනික් ආගම් ගාවා ගන්නේ නැතුව…

ඉහත සදහන් Blog කරුගේ එකම හා මුඛ්‍ය අරමුණ ඉස්ලාම් දහම විවේචනය කිරීම හා අපහස කිරීම යන්න එම බ්ලොගය කියවන ඕනෑම කෙනෙකු හට පහසුවෙන් අවබෝධ කරගත හැක. නමුත් ඔහු විසින් එහිදී උපුටා දක්වන කරුණු ඉස්ලාම් දහම හා එහි ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනය පිලිබදව නිසි අවබෝධයක් නැති කරන බව මුස්ලීම් සමාජයට අවබෝධ වුවත්, මුස්ලීම් නොවන ප්‍රජාවට ඔහුගේ තර්ක ප්‍රබල තර්කයන් ලෙස පෙනෙනු ඇත. මේ හේතුව නිසා ඔහු විසින් මතු කරන එම චෝදනාවන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය මෙන්ම විද්‍යාවේ සැබෑ ස්ථාවරය කුමක්ද? යන්න සමාජයට පැහැදිලි කිරීමේ වගකීම මුස්ලීම්වරුන්ට පැවරී ඇත.

‘ඉස්ලාම්’ යනු මනුෂ්‍ය බුද්ධියට කථා කරන දිව්‍යමය දහමක් හා ජීවන ක්‍රමයක් යන්න මීට පෙර මෙම යහමග අඩවිය අවස්ථා ගණනාවක දී සාකච්චා කොට ඇත. නමුත් ලොවපුරා සිදුවන ඉස්ලාම් දහමේ සීඝ්‍ර ව්‍යාප්තිය හා ජනප්‍රියත්වය හේතූ කොටගෙන විවිධ අන්තවාදී හා පදනම් විරහිත විවේචනයන් සමාජගත වී සාමාන්‍ය කාරණයක් වී ඇත. මෙම අවාසනාවන්ත තත්වය ජාත්‍යන්තරයේ පමණක් නොව ශ්‍රී ලාංකීය සමාජය තුල ද දැන් දැන් සුලභ දසුනක් වී ඇත. මෙවැනි තත්වයන් හමුවේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති පිරිස් නොමඟයෑමන් හා ඔවුන්ගේ මිත්‍යා මතවාදයන් තුල කොටු වීමත් නිතර දක්නට ලැබේ. මෙවන් සමාජ පසුබිමක යහමග අඩවිය ‍බොහෝ විට උත්සාහ කරන්නේ මෙවැනි පදනම් විරහිත මතවාදයන් සමාජයට අනාවරණය කිරීමට හා ඒවාට නිසි පැහැදිලි කිරීමන් ලබාදීමටය. කවදත් මෙවැනි අභියෝගයන් බාරගන්නා ‘යහමග‘ අඩවිය ඉහත ලිපිය තුලින් ඉදිරිපත් කරන අභියෝගය ද බාරගන්නා බව මෙහිදී ප්‍රථමයෙන් සදහන් කරමින් අදාල මාතෘකාවට යොමු වූයේනම්,

ඉහත අභියෝගකරු පවසන …කොන්දක් තියෙනව නම් මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබයි තමන්ගේ ආගමේ හෙළුව වහගන්න අනික් ආගම් ගාවා ගන්නේ නැතුව… යන කථාව තුලින් පැහැදිලිව පෙනෙ‍න සත්‍යයක් නම්, මෙම Blog කරුවා ඉස්ලාම් දහමට ගල් ගසන්නේ කණ්නාඩි ගෙවල්වල හිද බව අවබෝධ කරගෙන සිටින බවයි. එම යථාර්තය අවබෝධ කොට සිටීම සතුටට කාරණයකි. ඔහු ඉස්ලාම් දහම විවේචනය කරන ගමන් තම දහමේ හෙළුව එලිකිරීම පිලිබදව බියවීම හා එවැන්නක් නොකරන ලෙස ආයාචනා කිරීම මෙසේ මා සිතීමට හේතුවයි.

ශුද්ධ වූ කුර්ආනයට පමණක් නොව විද්‍යාඥයින්ට පවා පාඩම් කියාදෙන ඉහත බ්ලොග්කරුවාගෙන් අකමැත්තෙන් වූවත් පහත ත්‍රපිටක වාක්‍යයට පමණක් හෝ විද්‍යාත්මක විග්‍රාහයක් ඉල්ලා සිටිමි. ඒ සැබෑවටම තමන් සිටින්නේ කණ්නාඩි ගෙවල් තුල බව තවදුරටත් අවබෝධ කරදීම පිණිස පමණි.

“…පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රීකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි. කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නේ නම් යහපතකි. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය, යයි කීය…මොග්ගල්ලානය යම්හෙයකින් මේ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැයි ඇසීය…ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි යයි කීවේය…”

මෙම ඉගෙන්වීම ඉහත බ්ලොග්කරුගේ බුද්ධිමත් හා විද්‍යාත්මක විමසුමට කබමින් ශුද්ධ වූ කුර්ආනයේ පවසන කරුණු විද්‍යාවට පරස්පර බව පවසමින් මුස්ලීම්වරුන්ගේ කොන්ද පිලිබදව කුතුහලයෙන් බැලු ඉහත Blog කරු මා ඉහත ත්‍රපිටක වාක්‍යය තුලින් මතුකර ඇති ප්‍රශ්නය මේ බ්ලොග්කරුවාගේ කොන්ද පිලිබදව පමණක් වූ ප්‍රශ්නයක් නොවන බව බුද්ධිමත් විමසුමට තබමින් ඉහතින් සදහන් එම බ්ලොග් ලිපිය වෙත යොමු වෙමි.

ඔහු විසින් ඉදිරිපත් කරන පහත වාක්‍යයන් තුල කොතරම් ප්‍රබල විද්‍යාත්මක සත්‍යයන් ගැබ්ව තිබෙනවාද යන්න දැන් විමසා බලමු.

විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත

  • මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.
කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!
පිලිතුරු -  මෙම චෝදනාවට අල්කුර්ආනය පවසන දුල්කර්ණයින් තුමා පෘථිවිය මත සිදුකල සංචාරය හොදින් පිලිතුරු ලබාදෙයි එම විග්‍රහය දුල්කර්ණයින් තුමාගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය යන ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. 
  • ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.
මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.
පිලිතුරු -  මෙම චෝදනාවට අල්කුර්ආනය පවසන ග්‍රහලෝක චලිතය සම්බන්ධයෙන් යහමග අඩවිය තුල ඇති දිවා රාත්‍රි උදාව හා කුර්ආනය පවසන ග්‍රහමණ්ඩල චලිතය යන ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
  • මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?
පිලිතුරු -  මෙම චෝදනාවට අදාල පැහැදිලි කිරීම යහමග අඩවිය තුල ඇති ඉර, හඳ සහා ග්‍රහ වස්තූන් යන ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
  • ඊළඟට පෙන කාරණය තමයි අල්ලාට හෝ මුහම්මද්ට සරල අංක ගණිතය වත් බෑ කියන එක. මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ. 7.54, 10.3, 11.7 හා 25.59 යන සුරාත් ඔක්කොගෙම කියන්නේ අල්ලා විසින් සිය මැවීම කලේ දවස් හයකදී බව. හැබැයි 41.9, 41.10, 41.12 යන සුරාත් වල කියන්නේ වෙනම කතාවක්.

41.9 සුරාත් එකෙන් කියන්නේ පෘතුවිය දවස් දෙකකින් මැවුවා කියල. 41.10 සුරාත් එකෙන් කියන්නේ කඳු, සාහර සහ සතුන් දවස් හතරකින් මැවුවා කියල. 41.12 සුරාත් එකෙන් කියන්නේ ස්වර්ගය මැවුවේ දවස් දෙකකින් කියල. මෙතනත් කාරණා මහ හුඟක් ගැන කතා කරන්න තියෙනවා. පළමු වෙනි එක තමයි 41.9 – 12 සුරාත් අනුව විශ්වය මවන්න අල්ලාට දව අටක් ගිහින් තියෙනවා. හැබැයි කලින් කී 2.29 හා 79.27-30 සුරාත් අනුව අල්ලාට ගිහින් තියෙන්නේ දවස් හයයි. එක්කෝ අල්ලාගේ 6 = 8 වෙන්න ඕන. එහෙම නැත්නම් අල්ලාට එකතු කිරීම වැරදෙන්න ඕන. එහෙම වුණොත් අල්ලා සර්ව බලධාරී නෑ. අන්තිම විකල්පය තමයි, කුරාණය මුහම්මද් ගේ නිර්මාණයක් බව. එහෙම වුණා නම් අකුරු නූගත් මුහම්මද් ගේ ගණිත වැරදි වලට අපට සමාව දෙන්න පුළුවන්. ඒ වගෙම 41.9 – 12 සුරාත් වලට අනුවත් මැවීම කරල තියෙන්නේ පෘතුවිය, සතුන් සහ ස්වර්ගය (අහස) යන පිළිවෙලට. මෙතන විද්‍යාත්මක වැරද්දකුත් අඩංගු වන්නේ ඒකයි.

පිලිතුරු -  මෙම චෝදනාවට අදාල පැහැදිලි කිරීම යහමග අඩවිය තුල ඇති අහස පොළොව නිර්මාණයට දින 06 ද? 08 ද? යන ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
  • කුරාණයේ විදියට මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවාගේ හැඩරුව හා ලිංගය දන්නේ අල්ලා විතරයි. 31.34 සුරාතයේ ඒ ගැන සඳහන් වෙනවා. නමුත් අද අති ධ්වනි පරිලෝකන ක්‍රමය (Ultra sound scan) තුලින් හා ඇම්නියෝසෙන්ටිසිස් (amniocentesis) ක්‍රමයෙන් වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කියලයි කුරාණයේ කියන්නේ. මෙතනිනුත් පේනවා කුරාණය ඇස් පනාපිට බොරු වෙලා තියෙන වග.
පිලිතුරු -  මෙම චෝදනාවට අදාල පැහැදිලි කිරීම යහමග අඩවිය තුල ඇති මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා යන ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම