බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) (උපුටා ගැනීම මෙතැන් සිට...)


යුදෙව් බුද්ධිය…වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය ගැන කිසිවක් කතා නොකරන බවත් එවගේම ඇත්තකි.

අත්‍යාගමික හා මුස්ලිම් විරෝධී කසාවත් ත්‍රස්තවාදයට, රාජපක්ෂර ආණ්ඩුවෙන් කිසිම තහංචියක් නැති බව අවිවාදිත ය. ඒ පසුබිමෙහි, මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය සම්බන්ධව මේ කරුණු ද සැලකිල්ලට ගත යුතුව ඇත.

අහඹුවක් වූවත් පළමු යුදෙව් කේන්ද්‍රය මෙහි පිහිටුවන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ 2005 නොවැම්බරයේදී ය. ‘ෂබාඞ් නිවස’ ලෙසින් හඳුන්වනු ලබන දැනට රටවල් 70 ක පිහිටුවා ඇති මෙම යුදෙව් කේන්ද්‍රයද, මූලධර්මවාදී ගුරු කුලයක් විසින් සංවිධානය කෙරෙන්නකි. ශ්‍රී ලංකාවේ මෙය පළමුව පවත්වා ඇත්තේ හික්කඩුව රිසෝට් හෝටලයෙහි ය. දැන් කොල්ලූපිටියේ, ග්‍රීන් පාත්හි ස්ථිර ෂබාඞ් නිවසක් ලෙස පවත්වා ගෙන යන්නේ ය. යුදෙව්වන් බලාපොරොත්තු වන සියලූ ආගමික හා සංස්කෘතික කටයුතු එමගින් සංවිධානය කෙරේ. විස්තර සඳහා (වැඩි විස්තර සදහා) ඊශ්‍රායිලය හා ශ්‍රි ලංකාව අතර වෙළඳාම පමණක් නොව, ආරක්ෂක ගනුදෙනු ද වර්ධනය වී ඇත. ඉතිහාසයේ පළමු ශ්‍රී ලාංකීය රාජ්‍යය නායකයා ලෙස පසුගිය ජනවාරියේ දී ඊශ්‍රායලයට ගිය ජනාධිපති රාජපක්ෂ එරට ජනාධිපති ෂිමෝන් පෙරෙස් හා අගමැති නෙතන්යාහු සමග සාකච්චා පැවැත්විය. ඔහුගේ සංචාරය ගැන

‘‘ජෙරුසලම් පෝස්ට්’’ පුවත් පත ජනවාරි 09 වන දින තැබූ එක් සටහනක් වනුයේ ’’ඊශ්‍රායල් සහ ශ්‍රී ලංකා සබඳතා දැන් කඩතොලූ මකා ගන්නේ ය. දෙරට අතර විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉතා හොඳ සම්බන්ධතාවක් පවතී.’’ යන්නය.

ඊශ්‍රායලය පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට නුපුහුණු රැකියා 1,500 ක් ලබා දුන්නේ ය. කම්කරුවන් ලෙස පිරිස් එහි ගියහ. දැනටත් සත්කාරක සේවා ස්ත්‍රී පුරප්පාඩු 530 ක් සහ පිරිමි පුරප්පාඩු 580 ක් සඳහා අනුමැතිය ඇත. ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් දැන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සුභසාධන කළමනාකරුවකු ටෙල්ආවීව් හි නිල වශයෙන් රඳවා ඇත.

ඊශ්‍රායලයේ ගැලීලි නගරයේ කරවිල කොටුවේ ධම්මතිලක හිමි ඉන්නා පන්සල, ඊශ්‍රායලයේ දැනට ඇති එකම බෞද්ධ පන්සල ය. බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ නායකයන්ට 2011 ඔක්තෝබරයේ 20 සහ 26 අතර නෝර්වේ සංචාරයක් භධඍෑත්‍ නම් නෝර්වේජියානු ආයතනයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කර දී ඇත්තේ දීර්ඝ කාලයක් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවකු වූ නෝර්වේජියානු ජාතික ආනා ෆියටොෆ් සහ (එකල) නෝර්වේජියානු තානාපතිනිය, ග්රෙුටේ ල‘ෂෙන් විසිනි.

බොදු බල සේනාවේ ප්‍රධානියෙකු වන දිලන්ත විතානගේට අනුව, බොදු බල සේනා නමින් සංවිධානය ආරම්භ කර ඇත්තේ, ගලගොඩඅත්තේ ඥානසාර, විතාරන්දෙණියේ නන්ද, අලූත්වැව ආනන්ද, දපනේ සුමනවංස, වැලිමඩ ශාන්ත යන භික්ෂූන් පස්නම සමග ඔහුත්, පූජිත විජේසිංහ හා මාක් ඇන්තනී පෙරේරා යන අයත් නෝර්වේ ගොසින් පැමිණියාට පසු 2012 මැයි 07 වන දින ය. එහි දී ඔවුන් අමාත්‍ය එරික් සොල්හයිම් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වූ බව දිලන්ත පිළිගන්නේ ය. වැඩි විස්තර

බොදු බල සේනා මූලස්ථානය ලෙස යොදා ගන්නා හැව්ලොක් පාරේ (දැන් සම්බුද්ධත්ව මාවත) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යැයි නම් කර ඇති මහල් ගණනාවකින් යුතු යෝධ ගොඩනැගිල්ල, කිරම විමලජෝති හිමිගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයිති වන්නකි. එම ඉඩම, මහජන බැංකුව විසින් උකසට සින්න වූ ඉඩමක් ලෙස වෙන්දේසි කිරීමට තිබුණකිි. එහි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදි කෙරුණේ කෙසේද යන්නත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කෙරුවේ කවුරුන්ද යන්නත් මහා ප්‍රහේලිකාවකි.

ගාල්ලේ පිලානේ ඉදි කෙරුණු ‘මෙත් සෙවණ’ බොදු බල සේනාවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස 2013 මාර්තු 09 වන දින විවෘත කෙරුණේ නගර සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතිනි. ඒ ගැන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ, ‘‘මෙත් සෙවණ ඉදිකර මහා සංඝයාට පූජා කරනු ලැබූයේ ජර්මනියේ මයිකල් ජේ.ඒ. කරත් යිට්මෙයර් විසිනි.’’ යනුවෙනි. මයිකල් කරා යිට්මෙයර් අනාථ වූ දරුවන් වෙනුවෙන් කොස්ලන්දේ ලිට්ල් ස්මයිල්ස් එසෝසියේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන්නෙකි. ඔහු ජර්මානු යුදෙව් සම්භවයක් ඇත්තෙකැයි දැන ගන්නට ඇත.

ඉකුත් මාර්තු ආරම්භයේ දී ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රධානත්වයෙන් විතාරන් දෙණියේ නන්ද සමග දිලන්ත විතානගේ ඇතුළු නියෝජිත පිරිසක් බුරුමයට පිටත්ව ගොස් එහි දී අස්වින් විරාතු භික්ෂුව හමුවූහ. එලෙසින්ම විරාතු භික්ෂුවට ශ්‍රී ලංකා සංචාරයකට ද ඇරයුම් කොට ඇත. මේ සියලූ විදේශ ගමන් සඳහා මුදල් කොහෙන්දැයි තවම හෙළි වී නැත. ඊශ්‍රායල් මූල්යි ගනුදෙනු නෝර්වේ හරහා ද සිදුවන බව දැන් බොහෝ තැන්වල සාකච්චා වන අතර, ඒවා නොයෙකුත් රටවල මුස්ලිම් විරෝධී සංවිධාන වෙනුවෙන් යොමු කෙරෙන බවත් බෙහෙවින් සාකච්චා වන මාතෘකාවකි. ඒ අතර, ඉකුත් ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතට බොදු බල සේනා ගැන අදහස් දැක්වූ දිලන්ත විතානගේගෙන් ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ කොහෙන්දැයි ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ,

‘ඇතැමුන් කියන්නේ අපට මුදල් ලැබෙන්නේ ඊශ්‍රායලයෙන් කියලා. ඒ සියල්ල බොරු. ගැටලූවක් හෝ ප්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. අපේ කටයුතු ඉතා විවෘතයි.’

යන්නය. ඇත්ත ගැටලූව වන්නේ එලෙස ගොසින් පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ හික්මීම හා විනය ගැන විශ්වාසයක් ඇති ස්වාධීන පුද්ගලයකු සොයා ගැනීමය.

උපුටා ගැනීම – රාවය වෙබ් අඩවිය (සම්පුර්ණ ලිපිය කියවන්න මෙහි click කරන්න)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම