ඊළඟ මුවහම මුස්ලිම්වරුන්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාලීන වශයෙන් ඉතා වටිනා ලිපියක් රාවය පුවත්පතේ නිළ වෙබ් අඩවියෙහි ‘ඊළඟ මුවහම මුස්ලීම්වරුන්ද?’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කොට තිබුණි. එම ලිපිය යහමඟ පාඨක බුද්ධිමත් විමසුමට උපුටා පහතින් පලකරමි

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ඊළඟ මුවහම මුස්ලීම්වරුන්ද?

ශ්‍රී ලාංකීය මුස්ලීම්ගණනින්අතළොස්සක් ලෙස සැලකිය හැකි වුවද රජයේ රැකවරණය හා අනුග‍්‍රහය ලැබෙන බවපෙනෙන බෞද්ධ නාමයෙන් ක‍්‍රියාත්මක වෙන අන්තවාදී ප‍්‍රවණතා කිහිපයක් නැවත රටලේ විලකට තල්ලූකිරීමේ බිහිසුණු උත්සාහයක යෙදී සිටින බව පෙනේ. අතීතයේදීඑවැනි බලවේගයන් ඉලක්ක කොට ගත්තේ දෙමළ ප‍්‍රජාවය. වර්තමානයේ ඔවුන් ඉලක්කකොටගෙන තිබෙන්නේ මුස්ලිම් ප‍්‍රජාවය.

83 කළු ජූලිය

83 කළු ජූලිය දෙමළ ජනතාව වෙත එල්ල කරන ලද බිහිසුණු හා මෘග ප‍්‍රහාරයක් පමණක්නොවීය. එය රටේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන ලද සංසිද්ධියක්විය. ඊට පෙරද මතභේද තිබුණා වුවත් සිංහල ජනයා සමග එකට ජීවත්විය නොහැකියැ’යිකියා සිතන තත්ත්වයකට දෙමළ ජනතාව තල්ලූ කිරීමට දෙමළ ජනතාවට මහා විනාශයක් ඇතිකළ එම සිද්ධිය බලපෑවේය.

අනෙක්අතට එම සිද්ධිය දෙමළ ජනතාවගේ දේශපාලන ගමන් මාර්ගයේද මූලික වෙනසක් ඇතිකළේය. කළු ජූලියට පෙර ඊලමක් වෙනුවෙන් පෙනී සිටින සන්නද්ධ කල්ලි උතුරේතිබුණද ඒවාට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් නොතිබුණි. එහෙත් කළු ජූලියෙන් පසුදෙමළ තරුණ තරුණියන් තොග ගණනින් එම කල්ලිවලට එකතු වන තත්ත්වයක් ඇතිවීම නිසාසන්නද්ධ අරගල මාවත දෙමළ ජාතියේ ප‍්‍රධාන සටන් මාවත බවට පත්වූයේය.

ලංකාවේදෙමළ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක්වූ ප‍්‍රශ්නයක් බවට පත්වන්නේද ඒ සමගය.කළු ජූලියේදී ඇතිවූ අවලස්සන සිදුවීම් අසල්වැසි දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවඅතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවී දකුණු ඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවගේඅයිතිවාසිකම් වෙනුවෙන් හැඟීම්බරව බලවත් ලෙස පෙනී සිටින තත්ත්වයක් ඇතිවිය.දකුණු ඉන්දියාවේ ඇතිවන එම ආවේගකාරී වටාපිටාව ඉන්දියාවට ලංකාවේ අභ්‍යන්තරකටයුතුවලට ඇඟිලි ගැසීමේ හැකියාව ලබා දුන්නේය. සන්නද්ධ කල්ලි තමිල්නාඩුවඊලාම් අරගලයේ මූල කඳවුර බවට පත්කරගන්නා විට ඉන්දියාව ඔවුන් පුහුණු කරන අතරඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වල නිල භාරකරුවා ලෙස ක‍්‍රියාකරනතත්ත්වයකටද පත්විය.

83 කළු ජූලිය උතුරේ තරුණ සන්නද්ධ කැරැුල්ලක් ඇති කිරීමට අවශ්‍ය ශක්තිමත්වටාපිටාවක් ඇති කරනවාට අතිරේකව දකුණේද තරුණ කැරැුල්ලකට වටාපිටාව ඇති කළේය. 71 කැරැුල්ලෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතු වී සිටි ජනතාවිමුක්ති පෙරමුණ 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් තහනමට ලක්කිරීමෙන් පසුරහසිගත දේශපාලනයකට තල්ලූ වී ඒ ගමන කෙළවර වූයේ විනාශකාරී කැරැුල්ලකිනි.

කළුජූලිය කරළියට ගෙනා එම විශේෂ දේශපාලන වටාපිටාව රට දීර්ඝකාලීනප‍්‍රචණ්ඩත්වයකට තල්ලූ කිරීමට හේතුවිය. ඒ නිසා විශාල දේපළ විනාශයක් වූවා සේම ලක්ෂ ගණනකගේ ජීවිත ද විනාශ විය. උතුරේ ඇතිවූ ප‍්‍රචණ්ඩත්වය පරාජය කිරීමටගතවූ කාලය වසර 25කි. ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩ ව්‍යාපාරය පරාජය කොට වසරපහක් තරම් කාලයක් ගෙවී ඇතත්, 83 කළු ජූලියෙන් ලොකු මහත් වී ප‍්‍රචණ්ඩඅරගලයක් ලෙස පිපිරී ගිය දෙමළ ප‍්‍රශ්නයට පිළිගත හැකි සාධාරණ විසඳුමක්ලබාදීමට අසමත්වීම තුළ රට බරපතළ ප‍්‍රශ්න කිරීම්වලට, ජාත්‍යන්තර පරීක්ෂණවලටලක්වූ හා ජාත්‍යන්තර පිළිගැනීම හා ගෞරවය බොහෝ දුරකට අහිමි කරගත් රටක් බවටපත්ව තිබෙන්නේය. ඒ තත්ත්වය එසේ තිබියදී මුස්ලිම්ආරාවුලක්ද ඇතිකර ගන්නා තැනකට ගියහොත් එය රටට ඇති කරන ප‍්‍රතිඵල දෙමළ ආරාවුලරටට ඇති කර තිබෙන ප‍්‍රතිඵලයටත් වඩා ඉතාමත් විනාශකාරී විය හැකිය.

අභ්‍යන්තරයුද්ධයක් අවසන්කිරීමෙන් පසු රජයන් වෙත පැවරෙන ජාත්‍යන්තර වගකීම් සම්පූර්ණකිරීමට අසමත්වීම නිසා ලංකාව කෙරෙහි පීඩාකාරී ජාත්‍යන්තර බලපෑමක් ඇති කිරීමටහේතුවන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වී තිබෙනක‍්‍රියාකාරී බලපෑමෙනි. ලෝක මට්ටමෙන් දෙමළ ජනතාව හිමිකරගෙන සිටින තත්ත්වයටවඩා මුස්ලිම් ජනතාව හිමි කරගෙන තිබෙන තත්ත්වය ඉතාමත් බලවත්ය.

ලෝක වටාපිටාව

ලෝකමට්ටමෙන් ගත්විට දෙමළ ජනගහනය මිලියන 79කි. ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණය මෙන්විසි ගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිටමුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක‍්‍රිස්තියානි ගණයට වැටෙන ආගම්අදහන ජනයා හැරුණු විට (එම ආගම් අදහන ජනයාගේ ප‍්‍රමාණය ලෝක ජනගහනයෙන් සියයට 31කි.* ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම වනුයේ මුස්ලිම් ආගමය. දෙමළ බහුතරයක්සිටින එකුදු රටක්වත් ලෝකයේ නැත. එහෙත් මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 49ක්ලෝකයේ තිබෙන්නේය. රටේ ජනගහනයෙන් සියයට 80කටත් වැඩි මුස්ලිම් ජනගහනයක් සිටිනරටවල් සංඛ්‍යාව සියයට 38කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේඅරාබි හෝ මැදපෙරදිග රටවල නොව අප ජීවත්වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හාඅග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත් වන මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාවබිලියනයකටත් වඩා වැඩිය.

ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම මුස්ලිම්ජනගහනයක් සිටින රට වන අතර එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය මිලියන 204කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ පාකිස්තානයේය. ඒ ගණනමිලියන 178කි. ඊළඟට ලොකුම මුස්ලිම් ජනගහනය සිටින්නේ අපේ අසල්වැසි රට වනඉන්දියාවේය. එය ගණනින් මිලියන 177කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක්ජීවත්වන්නේ බංගලිදේශයේය. එහි සිටින මුස්ලිම් ජනගහනය මිලියන 148කි.

අපලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අනුගමනය කළ පීඩාකාරී කුඩුකේඩු පිළිවෙත් ලෝකදෙමළ ප‍්‍රජාව කෙරෙහි බලපෑවේය. අසල්වැසි දකුණු ඉන්දියාව කෙරෙහි ආවේගකාරීලෙස බලපෑවේය. අප ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ද එවැනිපිළිවෙත් අනුගමනය කළහොත් ඒ තත්ත්වය පෙරළා මුස්ලිම් ලෝක ප‍්‍රජාව කෙරෙහිබලපාන්නේය.

අපකොතරම් ලොකු දේවල් ගැන කයිවාරු ගැසුවද ලංකාව මේ තත්ත්වයෙන් හෝ ජීවත්වන්නේප‍්‍රධාන කොට මැදපෙරදිග රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක‍්‍රාම ආදායමෙනි.විදේශීය රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක‍්‍රාම ආදායම ලංකාව විදේශ විනිමයඋපයන ප‍්‍රධානම මාර්ගය වේ. ඇඟලූම් කර්මාන්තයෙන් හෝ වෙනත් අපනයන මාර්ගවලින්උපයන ශුද්ධ විදේශීය ආදායම සංක‍්‍රාම ආදායමෙන් උපයන විදේශීය ආදායමට වඩාපුංචිය. රටේ ජීවත්වන මුස්ලිම් ජනතාව පීඩාවට හා නින්දාවට පත්කරනප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එය මුස්ලිම් ලෝකයේ දැඩි විරෝධයට හේතුවියහැකි අතර ඒ තත්ත්වය අපේ රටේ ආර්ථිකය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය.

දැන්අප ක‍්‍රියාත්මක කරමින් තිබෙන්නේ ප‍්‍රධාන ලෝක බලවේගයන් සතුරු කරගන්නාප‍්‍රතිපත්තියකි. බටහිර ලෝකය අපේ නිෂ්පාදන භාණ්ඩ මිලදී ගන්නා ප‍්‍රධානගැනුම්කරුවාව සිටියදීත් අපට බටහිර ලෝකය සමග තිබෙන්නේ ගැටුමකි. ඉන්දියාව අපේළඟම අසල්වැසි රටව තිබියදීත් අපට ඉන්දියාව සමග ඇත්තේද ගැටුමකි. අප ඒ ගොන්නටමුස්ලිම් ලෝකයද එකතු කරගතහොත් ඒ නිසා අපට එල්ල විය හැකි බලපෑම ඉතාමත්විනාශකාරී විය හැකිය.

සමාජ විකාශනය

සිංහල, දෙමළ, මුස්ලිම් යන ලංකාවේ ජීවත් වන ප‍්‍රධාන වර්ග තුනම විවිධකාලවකවානුවලදී විදේශ රටවලින් ලංකාවට සංක‍්‍රමණය වී දීර්ඝ කාලයක් ලංකාවේජීවත් වීම නිසා අලූත් හැඩයකට හැඩගැසුණු ලාංකිකයන් බව අප අමතක නොකළ යුතුය.ලංකාවේ මිනිසුන් අදහන ප‍්‍රධාන ආගම් හතරද විදේශිකය. දැන් මේ රට ඒසියලූදෙනාගේම රට වන අතර භේදයකින් තොරව ඒ සියලූදෙනා සමාන අයිතිවාසිකම් ඇතිවහා සමාන ගෞරවයක් ඇතිව මේ රටේ ජීවත්වීමට පුළුවන්කමක් තිබිය යුතුය. වර්ගය, ආගම හෝ කුලය අනුව ඇනකොටාගන්නා තත්ත්වයකට ගියහොත් එය විනාශකාරී ලෙස බලපාන්නේමුළු රටටමය.

මෙතෙක්රටේ සිදුවී ඇති වර්ගවාදී කලකෝලාහලවලින් රටට විනාශයක් මිස කිසිදු සෙතක් වීනැත. අන්‍ය වර්ගවලට අයත් වෙළෙඳ ව්‍යාපාර හෝ කර්මාන්තශාලා විනාශ කිරීමෙන්හානි සිදුවන්නේ රටේ ආර්ථිකයටය. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට වෙර දරන අතරදේශීය ආයෝජකයන්ගේ ව්‍යාපාර ඒවාහි හිමිකරුවන්ගේ වර්ගය හෝ ආගම අනුව සලකාවිනාශ කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමු නම් ඒ හානිය බලපාන්නේ රටටය.වර්ගාන්තර ගැටුම් කෙරෙහි කිසියම් අංශයකදී කිසියම් වර්ගයක් විශේෂ දියුණුවක්අත්පත් කරගෙන සිටී නම් ඒ දියුණුව පිළිබඳව අනෙක් වර්ග අතර තිබෙන ඊර්ෂ්‍යාකාරහැඟීම්ද බලපායි.

බි‍්‍රතාන්‍යයුගයේදී සිංහල වර්ගයාට දියුණුවීමට විවිධ මාර්ග විවර වුණි. එහෙත් උතුරේදෙමළ ජනතාවට අධ්‍යාපනය හැර දියුණුවීමට සිංහලයන්ට මෙන් වෙනත් මාර්ගනොතිබුණි. ඒ පසුබිම මත උතුරේ දෙමළ ජනතාව දියුණුවීමට උත්සාහ කළේ අධ්‍යාපනයටමුළු බර යොදන ප‍්‍රතිපත්තියක් මගිනි. ඒ නිසා පසුකලක විද්වත් වෘත්තිකයන් අතරදෙමළ අනුපාතිකය ඔවුන්ගේ ජනගහනයේ අනුපාතිකයට වඩා ඉහළ මට්ටමක තිබුණි. ඒතත්ත්වය පසුකලෙක සිංහලයන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයට බලපාන සාධකයක් ලෙසබලපෑවේය. සිංහල දෙමළ ගැටුම කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය.

සමහරව්‍යාපාරික අංශවලදී මුස්ලිම් ජනයා අත්පත් කරගෙන තිබෙන දියුණුව තරගකාරීසිංහල ව්‍යාපාරිකයන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයට ද හේතුවී තිබෙන්නේයැ’යි කිවහැකිය. වෙළෙඳාමට තිබෙන හැකියාව මුස්ලිම්වරුන්ගේ ජානවලින්ම එන විශේෂ දෙයක්ලෙස සැලකිය හැකිය. ඔවුන් ඈත ඉතිහාසයේ සිටම අපට හමුවන්නේ වෙළෙඳුන් වශයෙනි.ලංකාවේ ඉපැරණිතම වෙළෙන්දෝ වූවෝද ඔවුහුය. පෘතුගීසීන් ලංකාවට එනවිට ලංකාවේඅභ්‍යන්තර හා බාහිර වෙළෙඳාම හිමිකරගෙන සිටියෝද ඔවුහුය. සිංහලයන්පෘතුගීසීන්ට එරෙහිව නැගී සිටින්නට පෙර මුස්ලිම්වරුන් පෘතුගීසීන්ට එරෙහිවනැගී සිටියේද තමන් අත තිබූ වෙළෙඳ ඒකාධිකාරය පෘතුගීසීන් අතට පත්වනවා දකින්නටඅකමැති වූ නිසාය.

පෘතුගීසීහා ලන්දේසි යුගය ලංකාවේ මුස්ලිම්වරුන්ට නරක යුගයක් විය. පෘතුගීසීන්මුස්ලිම්වරුන්ට විරුද්ධ වූයේ ආගම නිසා නොව වෙළෙඳාම නිසාය. ඒ නරක යුගවලලංකාවේ මුස්ලිම්වරුන්ට රැුකවරණය ලැබුණේ උඩරට සිංහල රජුගෙනි. උඩරට ඇතැම්ප‍්‍රදේශවල බොහෝදුරට මුස්ලිම්වරුන්ට සීමාවූ ජනාවාස ඇතිවූයේද නැගෙනහිරමුස්ලිම් ජනාවාස ඇතිවූයේද ඒ කාලයේදීය. ඊට පෙර මුස්ලිම් ජනාවාස ගොඩනැගීතිබුණේ වෙරළබඩ තොටුපළ ආශ‍්‍රයෙනි.

රැුල්ෆ්පීරිස්ට අනුව මහනුවර යුගයේදී මුස්ලිම් ජනයාටද සිංහල කුලයකට දෙනු ලබනකාර්යාංශයක් (මඩිගේ කාර්යාංශය) දී තිබුණද ඔවුන්ට කුලයක් හිමි නොවූයේ තමන්අදහන ආගම අත්නොහැරීම නිසාය. ඒ කාලයේ පිටස්තර ජන කණ්ඩායමක් සිංහල වර්ගයට හෝදෙමළ වර්ගයට එකතු වූයේ බුද්ධාගම හෝ හින්දු ආගම වැළඳ ගැනීමෙනි. ආගම වැළඳගත්පසු එසේ අලූතෙන් එකතුවන කණ්ඩායමට සුදුසු කුලයකට හෝ අලූතෙන් ඇති කරනු ලබනකුලයට එකතු කරනු ලැබීය. ඉන්පසු ඒ කණ්ඩායම නව වර්ගයේම කොටසක් ලෙස සලකන ලදි.මුස්ලිම්වරුන් ලංකාවට එනවිට පිරිමින් වශයෙන් පැමිණියා මිස කාන්තාවන් සමගපැමිණ නැත. ඔවුන් ප‍්‍රධාන කොට ගත්තේ සිංහල හෝ දෙමළ කාන්තාවන්ය. සිංහල හාදෙමළ වාසගම් ඇති මුස්ලිම්වරුන් දුලබ නැත. ඒ අර්ථයෙන් බලන විට ලංකාවේමුස්ලිම්වරුන්ගෙන් එක අර්ධයක් එක්කෝ සිංහලය. නැතිනම් දෙමළය.

සලාගම කුලය හා මුස්ලිම්වරුන්

ආනන්දකුමාරස්වාමිගේ මතය අනුව සමහර කීර්තිමත් පුද්ගලයන්ද (මිගෙට්ටුවත්තේගුණානන්ද හිමි වැනි) සලාගම කුලයේ ආදිතමයන් පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. ‘‘සියුම් රෙදි විවීමේ කලාවට නව පණක් දීමට රිසිවූ දඹදෙණියේ තුන්වැනිවිජයබාහු රජතුමා මීරා ලෙබ්බේ නමින් වන මුස්ලිම් කෙනෙකුට සන්නස් හා පඬුරුපාක්කුඩම් දී දකුණු ඉන්දියාවට යැවීය. එම ලෙබ්බේ පෙහෙර ඇදුරන් අටදෙනෙකු මෙහිගෙනාවේය. රජතුමා ඔවුන්ට ගම්බිම් හා තාන්නමාන්න දී භාර්යාවන්ද සලසාදුන්නේය. මොවුන්ගෙන් පැවත එන්නන් උඩරට රජුගේ අප‍්‍රසාදයට ලක්වී මැද රටඅත්හැර නිරිතදිග වෙරළ අවට පදිංචියට බලකරන ලද්දෝය. රජුගේ අවශ්‍යතා සඳහාකුරුඳු තලා සකස් කිරීමේ හිමිකම ඔවුන්ට පවරා දෙන ලදි. මෙම පෙහෙර ඇදුරන්අටදෙනා ගෙන්වා දුන් මීරා ලෙබ්බේටද රජු බේරුවලින් ගම්වරයක් ලබා දුන් බවසන්නසක සඳහන් වේ. ඒ ගම්වර පසුකලක මුස්ලිම් ජනාවාස බවට පත්වන්නට ඇතැ’යිසිතිය හැකිය. ඉන් පෙනෙන්නේ සලාගම කුලයේ ආරම්භයට ලංකාවේ මුස්ලිම්වරුන්ගේදසම්බන්ධයක් තිබෙන බවය. සලාගම කුලය පමණක් නොව මුහුදුබඩ කුලගණය වැටෙන කරාව හා දුරාව යන කුලවල ආදිතමයන්ද විටින් විට දකුණු ඉන්දියාවේසිට මෙහි පැමිණ බුද්ධාගම හෝ හින්දු ආගම වැළඳ ගනිමින් සිංහල හෝ දෙමළ සමාජයටඑකතු වී ඇති අය බව බ‍්‍රයිස් රයන්, රැුල්ෆ් පීරිස්, මයිකල් රොබට්ස්, ජයසේකරවැනි සමාජ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. සෙලස්තිනා ඩයස්ගේ ජීවිත කතාව ලියාඇති මානෙල් තම්පෝ ඒ ගැන වන කදිම විස්තරයක් එම කෘතියට ඇතුළත් කර තිබේ.

ආනන්දකුමාරස්වාමිට අනුව නවන්දන්න කුලයේ ආදිතමයෝද දකුණු ඉන්දියාවෙන් පැමිණිද්‍රවිඩ සම්භවයක් ඇති අය වෙති. ඔවුන්ගේ පෙළපත්වලට බොහෝවිට ඇත්තේ රාජේශ්වර, දේවසුරේන්ද්‍ර වැනි හින්දු නම්ය. ඔවුහු අදත් නේත‍්‍රමංගල්‍යය වැනි හින්දුචාරිත‍්‍ර විධි පවත්වති. ඔවුන් පාවිච්චි කරන වචන අතර ද්‍රවිඩ වචන සුලබය. මේ මිශ‍්‍ර බව සිංහලයන්ගේ බහුතරකුලය ලෙස හැකි ගොවි කුලයටද අදාළය. සමහර පවුල් අද දක්වා භාවිත කරන පෙළපත්නාම ඔවුන්ගේ පැරණි දෙමළ සම්භවය කියාපායි. සිංහල ජනතාවගේ පළමු පෙළේ වීරයකුවන හා උඩරට රදළයකු වන මොනරවිල කැප්පෙටිපොළ අයත් කැප්පෙටිපොළ පරපුරේ ආදිතමයාමලබාර රජ කෙනකු සමග ලංකාවට පැමිණි දකුණු ඉන්දියානු පරපුරකින් පැවත එන්නකුබව රැුල්ෆ් පීරිස්ගේ මතය වී තිබේ. ලංකාවේ සිංහල දෙමළ හා මුස්ලිම් වර්ගවලටඅයත් ජනයා කිසිවකු වාර්ගික වශයෙන් පිරිසිදු නැත. සිය දහස් වාරයක්මිශ‍්‍රිතය. ඔවුන්ට ආවේණික මේ මිශ‍්‍රිත බව තේරුම් ගැනීම අපට වැදගත්වන්නේ ඒමගින් අපට අපගේ බහුත්වාදී ආකල්ප පෝෂණය කරගැනීමට පුළුවන්කම ලැබෙන නිසාය.

ඊර්ෂ්‍යාව

ලංකාවේවෙළෙඳ කටයුතුවල බලවත්ම දියුණුවක් ඇතිවන්නේ බි‍්‍රතාන්‍ය යුගයේදීය. ලංකාවේසිංහලයෝ හා දමිළයෝ වැඩවසම් යුගයේදී වෙළෙඳාම පිළිකුල් කළෝය. ඔවුන් වෙළෙඳාමටඅවතීර්ණ වන්නේ ලන්දේසි යුගයේදී හා බි‍්‍රතාන්‍ය යුගයේදීය. වෙළෙඳාම සඳහා වනඔවුන්ගේ ආගමනය අලූත් දෙයක් වූ අතර මුස්ලිම්වරුන්ට එය අලූත් දෙයක් නොවීය.බි‍්‍රතාන්‍ය යුගයේදීද වෙළෙඳාමේදී ලංකාවේ ප‍්‍රබලතම තත්ත්වයක් හිිිමිකරගෙනසිටියෝ මුස්ලිම්වරුය. කුමාරි ජයවර්ධන විස්තර කර තිබෙන ආකාරයට 1880දීයුරෝපීය නොවූ සිල්ලර වෙළෙඳාමේ ආධිපත්‍යය පැවතුණේ සහල් සහ රෙදිපිළි වෙළෙඳාමේයෙදුණු හෙට්ටි සමාගම් 86ක් හා විවිධ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාම් කළ මුස්ලිම්වෙළෙඳුන් 64 දෙනකුගෙනි. මේ කණ්ඩායම් දෙකට පිටකොටුවේ සිල්ලර වෙළෙඳාමසම්පූර්ණයෙන්ම වාගේ අයත්ව තිබුණි. අලූතෙන් වෙළෙඳාමට එකතු වූ සිංහලයන් වැඩිමඋනන්දුවක් දැක්වූයේ අරක්කු වෙළෙඳාමටය. හේතුව ඒ මගින් උපයාගත හැකිව තිබූඅතිවිශාල ලාභ නිසාය. අරක්කු වෙළෙඳාම බොහෝදුරට සිංහලයන්ගේ වෙළෙඳාමක් වූ අතරආගමික තහංචි නිසා කිසිවිටෙකත් මුස්ලිම්වරුන් අත නොගැසූ වෙළෙඳාමක්ද විය.

මුස්ලිම්වරුන්ටවෙළෙඳාමේදී තිබෙන ලොකුම ශක්තිය ලෙස සැලකිය හැක්කේ ඔවුන්ගේ ආගම අනුව පොලියටදීම හා පොලියට ගැනීම තහනම් කර තිබීමය. හැමවිටම මුස්ලිම්වරුන්ගේප‍්‍රාග්ධනය පොලියට ලබාගත් ණය අරමුදල්වලින් තොරය. සිංහල ව්‍යාපාරිකයන්ගේආයෝජනයන් මුළුමනින් හෝ ඉන් වැඩි පංගුවක් පොලියට ලබාගත් ණය අරමුදල්වලින්යුතුය. වෙළෙඳාමේදී සිංහලයන්ට හා දමිළයන්ට නැති ජානවලින්ම එන පළපුරුද්දක්මුස්ලිම්වරුන්ට තිබෙන නිසාත් ඔවුන්ගේ වෙළෙඳ අරමුදල්වලට පොලියට ලබාගත්අරමුදල් ඇතුළත් නොවන නිසාත් වෙළෙඳාමේදී සිංහලයන්ට හෝ දමිළයන්ට තමන් සමග තරගකළ නොහැකි තත්ත්වයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වී තිබේ. ඒ ගැන ඔවුන්කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිකර ගැනීම තේරුමක් නැති දෙයකි.

link – රාවය වෙබ් අඩවිය


(උපුටා ගැනීම අවසන්)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම