පරිණාමවාදය පිලිබදව පාඨක ලිපියක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සුන්දර නිර්මාණයක් වන සත්වයන්, වර්ණවත් සියොත්හු, නානාවිධ රුක් ගොමු, මේ සියල්ල දෑසින් දකින කුතුහලයෙන් හෙබි මිනිසා ජීවීන් කෙසේ ඇති වූවේ දැයි සිතීම අරුමයක් නොවේ.

විවිධ සිතුවිලිවලින් යුත් මනුෂ්‍යයා විවිධ තර්ක ඉදිරිපත් කරයි. එම තර්ක පිළිබඳව විමසා බැලීමට මනුෂ්‍යයන් වන අපට අයිතියක් ඇත.

පළමුව තර්කයක් ඉදිරිපත් කලේ “ලාමාක්” නැමති විද්‍යාඥයායි. එය “විශ්වය, ලෝකය සහ ජීවීන් ආරම්භයේදී ම එසේ ම පැවතුනු බවත් විවිධ කාල වකවානුවලදී එම ජීවීන්ගේ ක‍්‍රියා තුලින් අංගෝපාංග පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වුනු බවත් ලාමාක් පැවසුවේ ය. උදාහරණයක් වශයෙන් ඔහු පැවසුවේ :- ජිරාෆ්ගේ ගෙල දිගු වී ඇත්තේ ඌ උස් තැන්වලින් ආරම්භයේ දී ආහාර ගැනීම නිසා ය.”

උපකල්පනයක් පමණක් වූ එම මතය අසත්‍ය බව ඔප්පුකර පෙන්නුවේ වේස්මන් (Weiss man) නැමති විද්‍යාඥයායි. ඔහු මීයන්ගේ වලිග කපා නැති කොට උන් මාර්ගයෙන් එන පරම්පරා 80 ට පමණ එම ක‍්‍රියා පිළිවෙත යෙදුවේ ය. නමුත් බිහි වන වී මී පැටවුන් වලිගය සහිත එවුන්ම විය. ”ලාමාක්ගේ මතයට අනුව බැලුවේ නම් ලැබෙන මී පැටවුන්ගේ වලිගය රහිත වී තිබිය යුතු ය.”

ඉන්පසු පරිණාමවාදයේ පියා ලෙස හැඳින්වෙන ”චාල්ස් ඩාවින්” ඉදිරිපත් කළේ විශේෂ තර්කයකි. ඔහු පැවසුවේ ”ලෝකය ජලජ අවස්ථාවේදී පවතින විට එහි සිදු වූ යම් ප‍්‍රතික‍්‍රියාවක් නිසා ඒක සෛල ජීවියෙකු බිහි වූ බවක් එයින් මුලු ජීවී සංහතියම පරිණාමය වූ බවත්ය.”

මෙම විද්‍යාඥයා එච්.එම්.එස්. බීගල් (Beagle) නැමති නෞකාවකින් අති සුන්දරත්වයෙන් පිරුණු පරිසරයකින් යුක්ත සුවිශේෂී ජීවී ගනයාගෙන් පිරුණු ”ගැලපගෝස්” දූපත් වල සංචාරය කළේ ය. සිවු වසරක කාලයක් පමණ ඔහු සත්ව පොසිල සහ සත්වයින් නිරීක්ෂණය කරමින් කල් ගෙවූයේ ය.

අන් ජීවීන්ට පරිණාමයක් තිබුණා සේ මිනිසාටද පරිණාමයක් ඇති බව උපකල්පනය කළ චාල්ස් ඩාවින් එසේ සිදු වී ඇත්තේ වඳුරාගෙන් බවද අනුමාන කළේ ය. එයද උපකල්පනයක් පමණයි.

වඳුරාගේ ක‍්‍රියා පිළිවෙත සහ උගේ රුව, අන් ජීවීන්ට වඩා මිනිසාට සමාන බව ඔහු මතයක්ද ඉදිරිපත් කළේ ය. ලෝකයේ විවිධ තර්ක තවද ඉදිරිපත් වෙමින් පවතී. ලෝකයේ ඩාවින්ගේ මතය පිළි නොගන්නා අය බොහෝය.

මේ පිලිබඳ ව අප ඉස්ලාම් දහමේ කුමක් පවසා ඇත්දැයි විමසා බලමු.

පරිණාමවාදය පිළිබඳ ඉස්ලාම් දැක්ම

අල්ලාහ්ගේ නිර්මාණයක් කෙසේ ප‍්‍රථමෝත්පාදනය කෙළේද? පසුව වෙනත් උත්පාදනයන් කරන්නේ දැයි භූමියෙහි සැරිසර බලවු. ඇත්තෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්බන්නය. (අල්කුර්ආන් 29:20)

ජනතාවගේ අවදානයට ලක් වූ එම පරිණාමවාදය, කොටින්ම කියතොත් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මුලුමනින්ම ඉස්ලාම් ප‍්‍රතික්ෂේප නොකරයි. මන්ද යත් චාල්ස් ඩාවින් පවසන්නේ මුලු ජීවි සංහතියම ස්වභාව ධර්මයා විසින් දායාද කරන ලද්දක් බවයි. ඩාවින්, පරිණාමවාදයට හේතුව ස්වභාව ධර්ම ලෙස ගත්තේ කුමකටද, මන්ද ඔහුට දෙවියෙක් පිළිබඳ හෝ අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳ විශ්වාසයක් නොමැති නිසාය.

මිනිසා වඳුරාගෙන් පරිණාමය වූ බව කියූ ඩාවින්ට විරුද්ධව අවුරුදු 1400කට පෙර පහළ වූ ශුද්ධ වූ අල්කුර්ආනයේ දේව වැකියක් වන “නුඹ (මිනිසා) මැටි පසින් නිර්මාණය කරන ලදි.” (අල්-කුර්ආන් 35:11) මෙම වාක්‍යය පිළිබඳව පාඨකයින් වන ඔබට, පැහැදිලි කරන විට දී පහත කරුණු පිලිබඳ සලකා බැලිය යුතු ය.

අප ගොඩනැගිල්ලක් දැක් විට එය කුමකින් සාදා ඇත් දැයි පැහැදිලිව නොපෙනේ. යම් කෙනෙක් එම ගොඩනැගිල්ල සිමෙන්ති වලින් සාදා ඇති බව පැවසිය හැක. පස්වලින් සාදා ඇති බව පැවසිය හැක. නමුත් එම ද්‍රව්‍යයන් මතුපිට නොපෙනෙන ප‍්‍රධාන අන්තර්ගතයන්ය. එසේම මිනිසා නිර්මාණය වී ඇති පස්, මතුපිට නොපෙනෙන ප‍්‍රධාන අන්තර්ගතයකි. මේ පිළිබඳව පරීක්ෂණය කල ”ජාන් නම්ස්ලේ” නම් පුද්ගලයා, 70kg වූ මනුෂ්‍ය ශරීරයක අන්තර්ගතයන් වගු ගත කොට ඇත.

එහිදී ජලයෙහි අන්තර්ගතයන් වන ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් වායු 02 හැර අන් සියලු අන්තර්ගයන්ට පසෙකින් පවතින බවයි ඔහු පැවසුවේ. මෙම කරුණ සලකා බැලීමේදී එම දේව වාක්‍යය සත්‍යය බව සනාථ කරයි.

තවද, මනුෂ්‍යයාට ඇති ක්‍රෝමසෝම් ගණන 46කි. ඩාවින් පවසන පරිදි චිම්පන්සියාට ඇති ක්‍රෝමසෝම් ගණන 48 කි. “පරිණාමයක්” නම් එය මිනිසාගේ ගණනට වඩා වැඩි වන්නේ කෙසේ ද?

පාඨකයිනි, අර්තාපල් අලයෙහි ක්‍රෝමසෝම් ගණනද 46කි. මිනිසාගේ ගණනට සමාන වූ නිසා, මිනිසා අර්තාපල් අලයෙන් පරිණාම වූවා යයි අප කිසිසේත් නොපවසමු. මෙවැනි බොහෝ කරුණු ඩාවින් වාදය කපා හෙලමින් පවතී. එම කරුණු ස්වයංව සොයා බැලීමට මම ඔබට බාර දෙමි.

තවද දයාබර පාඨකයිනි, ඩාවින් වාදය පසුපස සිටින ඩාවින් වාදීන්ට ද දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

කතෘ - අෆ්ලාල් හුසෛන්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම