ශ්‍රී ලංකාව අල්ලසින් කප් ගසයිද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආර්ථික අහේනිය හේතුවෙන් රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද 20% කින් 30% කින් පමණ වැඩිවී ඇත” මේ අද දවසේ ලංකාදීප වෙබ් අඩවියේ පලවූ පුවතකි. එහි අප රටේ කප් ගසා ඇති අල්ලස හෙවත් තුටුපඬුරු සම්බන්ධ පුවත් දෙකක් එක ලඟ වාර්ථා වී තිබුණි. එම ලිපි දෙක නම්, ‘අල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලට‘ යන්න සහ ‘රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා‘ යන්නයි. මෙම ලිපිය දෙක තුලින් අද අපේ රටේ ඉරණම මනාව කියාපායි. මෙහි තවත් විශේෂ කාරණයක් වන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට පසු අල්ලස ලබාගැනීම අතින් දෙවන තැන සිටින ආයතනය ‘පොලිසිය’ වීමයි. මෙතැනදී කියන්නට ඇත්තේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අවනඩුව”.

මෙම විෂය එනම් “අල්ලස නොහොත් තුටුපඬුරු ලබාගැනීම” යන කාරණය යහමග අඩවිය තුල මීට ඉහත “ජරාව, පගාව හෙවත් අල්ලස පිලිබදව ඉස්ලාමීය දැක්ම” යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. එහිදී මෙම අල්ලස සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් පැහැදැලි කොට ඇත. අල්ලස සම්බන්ධයෙන් වූ ඉස්ලාම් දහමේ ඉගෙන්වීම එහි මූලාශ්‍රයන් වන අල්කුර්ආනය සහ අල්හදීසය තුලින් නැවත ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

අල්කුර්ආනය

අන් කෙනෙකුගේ ධනය (වස්තුව) ඔහුගේ අවසරයකින් තොරව අනුභව නොකරන්න. අන් අයට අයත් වස්තූන් බව දැන දැන ඉන් කොටසක් වැරදි ආකාරයට උරැම කර ගැනීම පිණිස ඔබේ වස්තූන් (අල්ලස් වශයෙන්දීමට) අධිකාරීන් වෙත රැගෙන නොයන්න.”

අල්කුර්ආන් 2-188

අල්හදීසය

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබනු අම්ර් (රලි) තුමා පවසයි.

“(වාසි සහගත) තීන්දු (ලබාගැනීම) සදහා අල්ලස් දෙන්නාට ද, අල්ලස් ලබාගන්නාට ද අල්ලාහ් (දෙවියන්)ගේ ශාපය අත්වේවා!”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්, ඉබුනුමාජා

රටම ආර්ථිකමය වශයෙන් මහා අර්බුදයකට මුහුණපා සිටින මෙවන් අවධියක, මහජන මුදලින් වැටුප් ලබන රටේ වගකිවයුතු ආයතන වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව… යනාදී ආයතන අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටීම සමස්ථ ජාතියෙම අවාසනාව නොවේද?.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, ආර්ථිකමය වශයෙන් පරිහානීයට පත්ව ඇති මේ රට සමාජීය වශයෙන්ද මහා අරාජිකත්වයකට යොමු වෙමින් පවතින බව ඉහත පුවත මනාව කියාපාන බවයි. මෙම ආරාජිකත්වයේ තරම තවත් හොදින් දැනගන්නට ඔබට අවශ්‍ය නම්, මෙම අඩවිය තුල ඇති ‘ජාතියක් ලෙස අප සිටින තැන’ සහ ‘නිමා නොවන ළමා හිංසන’ යන ෆෝරම් දෙක කියවන්න. එවිට ඔබට අවබෝධ වේවි මේ රට යන්නේ කොයිබටද? යන්න සහ මේක ඉන්න හිතෙන රටක්ද? යන්න හිතෙන රටක්ද? යන්න.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම