රම්සි මහතාගේ මානව හිමිකම් උල්ලංඝනයට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

මුස්ලීම් ජාතිකයෙකු වන රම්සි රසීක් මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වේ. එතුමා විසින් 2020/04/02 දින තබන ලද ෆේස්බුක් සටහනක් එනම්, කොවිඩ් වසංගතය පැවති සමයේ මුස්ලිම් සමාජයට එරෙහිව එල්ල වූ චෝදනා සහ අවලාද පරාජය කිරීම සඳහා මතවාදී යුද්ධයකට එළැඹෙන ලෙස තැබූ ෆේස්බුක් සටහනක් පදනම් කරගෙන එයින් ආගමික වෛරයක් ඇති කොට ආගමික අසමගියක් නිර්මාණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020/04/09 දින එතුමාව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ICCPR පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඒ අනුව මාස 05 ක කාලයක් බන්ධනාගාර ගතව සිට 2022/09/21 දින එතුමාට එරෙහි සියළු චෝදනාවලින් නිදහස් විය.
එසේ නිදහස් වීමෙන් අනතුරුව රම්සි රසීක් මහතා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අයිතිවාසිකම් නඩුවක් ඉදිරිපත් කරන ලද අතර එම නඩුවේ තීණ්දුව පසුගිය 2023/11/14 දින ප්‍ර්‍රකාශයට පත් කෙරුණි. එහි සංරාංශය මෙසේය.
පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කළ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී. එම්. එස්.කේ. සේනාරත්න විසින් රුපියල් 30000/- මුදලක් ඔහුගේ පෞද්ගලික මුදල් වලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත්, මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවත් නියෝගයේ දැක්වෙයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න ද ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් 30000/- ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කෙරුණි. ඊට අමතරව රජය විසින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල රුපියල් මිලියනයකි.
- මෙම නඩු තීන්දු සම්පූර්ණයෙන් කියවීමට මෙහි Click කරන්න - [[1]]
- මෙම නඩු තීන්දුව පිලිබදව වැඩිදුර කරුණු BBC වෙබ් අඩවියේ - රම්සි රසීක්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඔබ දන්නවා ද? යන ලිපිය තුලින් ද ඔබට කියවීමට පුළුවන.
මෙම නඩු තීන්දුව ශ්‍රී ලාංකීය සමාජයට ඉතා වටිනා නඩු තීන්දුවක් යන්න යහමග අඩවියේ විශ්වාසයයි. විශේෂයෙන් අන්තර්ජාලය තුල සමාජ මාධ්‍යයන් තුල කටයුතු කරන පිරිසට සහ එය පාලනය කිරීමට කටයුතු කරන පිරිසට වටිනා පණිවුඩයක් මෙම නඩු තීන්දුව ලබාදේ. මෙවැනි නඩු තීන්දුවක් ශ්‍රී ලාංතීය සමාජය තුල ප්‍රකාශ වීමට අවශ්‍ය මෙහෙවරේ නිරත වෙමින් ආදර්ශමත්ව කටයුතු කල රම්සි රසීක් මහතාට යහමග ස්තූතිය පුදකරන අතර සත්භාවයෙන් සමාජ මෙහෙවරයන් හි නිරත වන ප්‍රජාවට මෙම නඩු තීන්දුව තුල සිතන්නට බොහෝ දෑ ඉතිරිව ඇති බව අවදාරණය කරමින් මෙම සටහන ට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න