ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට බුර්කාවක් ඇඳ පැමිණි මාගල්කන්දේ සුදත්ත හිමි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල අප රටේ උණූසුම් මාතෘකාවක් බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් ජපානයේ දී අත්අඩංගුවට පත්වීම සදහන් කලහැක. ලිංගික අතවරයකට උත්සාහ කිරීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට පත්වූ පුවත අප රටේ විවිධ මාධ්‍යයන් වාර්ථා කල ආකාරය පහත Link මඟින් ඔබට කියවීමේ හැකියාව ඇත. එනම්,

මෙම හිමිනම ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් දහම් දේශනයන් පැවැත්වීම නිසා හෝ සමාජයට ආදර්ශමත් වූ දැහැමි සිල්වත් දිවියක් ගතකිරීම නිසා හෝ අප රටේ ජනයා තුල ජනප්‍රිය වූ කිහිනමක් නොවේ. මේ රටේ ජාතිවාදී ව්‍යාපාරයන්ට උරදෙමින් මුස්ලීම් ජනතාවට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් හි නියලීම නිසාම මේ රටේ ජනතාව අතර ජනප්‍රිය වූ හිමිනමකි. උන්වහන්සේ එක්තරා මාධ්‍ය හමුවකට බුරුකාවක් පැලඳ පැමිණ බුරුකාවට සහ එය පලඳන මුස්ලීම් කාන්තාවන්ට අපහස වන සේ මාධ්‍ය සාකච්චා පැවැත්වීම එදා අප රටේ ජාතිවාදී ප්‍රජාවට මහා වීරක්‍රියාවක් වූවත්, මේ රටේ මුස්ලීම් ජනයාට එය හිත් රිද වූ කාරණයක් විය. එහිදී උන්වහන්සේ කල ප්‍රකාශය මෙසේය...

"දැන් මං මේක දාගන්නවා ඔළුවට. මාව කවුද කියල දන්න හින්දා දන්නවා. දැන් මේ රෙද්ද අස්සෙ ඉන්නෙ ගෑනියෙක් ද පිරිමියෙක් ද කියල කියන්න පුළුවන් ද? එක්කො කොහෙට හරි ගියා ම රෙද්ද උස්සලා බලන්න ඕන. රෙද්ද උස්සලා බලන්න බයයි, ආරක්ෂක හමුදාව. මානව හිමිකම්වලට බයයි නේ. ඇයි මේ රෙද්දට බය දැන් ආණ්ඩුව? ආණ්ඩුව දැන් කරන්න ඕන මේක තහනම් කරන එක," 

උපුටා ගැනීම - BBC Sinhala වෙබ් අඩවියෙන්

එදා උන්වහන්සේ ශ්‍රි ලාංකීය සිංහල සමාජය මධ්‍යයේ මෙලෙස පහත් අන්දමින් කල කථාව අද උන්වහන්සේ සම්බන්ධයෙන් කොතරම් දුරකට පෑහෙනවාද? යන්න බුද්ධිමත්ව සමාජය විමසා බලන්නේ නම් යහපතකි. එදා උන්වහන්සේ කල එම කථාව ජාතිවාදී ජනතාව අතර ජනප්‍රියත්වයට හේතුවක් වූවත්, සැබෑ බෞද්ධයන් අතර උන්වහන්සේට ඇති පිලිගැනීම කුමක්ද? යන්න මා හොදින් දනිමි. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ මාගල්කන්දේ සුදත්ත හිමි යන නමට වඩා වෙනත් නම්වලින් යන්නම එයට හොද නිදසුනකි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, සිංහල ජාතිවාදී බහුතර සනසන්නට මුස්ලීම් සමාජය ගැරහූ උන්වහන්සේට බෞද්ධයන්ගේ අතින්ම මෙවැනි ඉරණමක් උදාවීම බෞද්ධ ඉගෙන්වීම අනුව "දිට්ඨධම්මවේදනීය විපාකයක්" යන්න පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම