භාරත නාට්‍යම් අර්බුදය සම්බන්ධයෙන් ඉතා සාධාර්ණ කථාවක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය ඉස්ලාම් ආගමික විද්වතෙකු විසින් පසුගිය දිනක කල එක්තරා දේශනයක් අතර මැද දී භාරක නාට්‍ය කලාවෙහි නිරත වන කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් එහි කර තිබුණි. මෙම ප්‍රකාශයට එරෙහිව දැඩි විරෝධතාවයක් ඉන්දීය හා ශ්‍රී ලාංකීය හින්දු සමාජයෙන් එල්ල වූ අතර සමාජ මාධ්‍යයන් තුල ද මෙය උණුසුම් මාතෘකාවක් විය. මෙම තත්වයන් හමුවේ තම වරද තේරුම්ගත් ඉහත සදහන් දේශකවරයා තමන් අතින් සිදුවූ එම වරදට ප්‍රසිද්ධියේ සමාව ද අයද සිටියේය. ලොව කිසියම් ජන කොට්ඨාශයක් ආගමික කාරණයක් වී තිබෙන මෙම නර්තනය විවේචනය කිරීමේ දී එහි විනයක් හා හික්මීමක් පැවතීම අනිවාර්‍ය යන්න යහමග ද ස්ථාවරයයි. එම හික්මීම නොමැතිව තමන් කල එම ප්‍රකාශයේ බරපතලකම තේරුම් ගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදීම අනවාර්‍ය කටයුත්තක් වී තිබූ අතර එය නිසි අයුරින් කල එම දේශකවරයාට යහමග ස්තූතිය ද පුදකරමි.

කෙසේ වෙතත් වරද කල තැනැත්තා තම වරද පිලිගෙන ප්‍රසිද්ධ සමාව ද අයද තිබියදීත් මෙම අර්බුදය අත්හැරීමට තවමත් සමහරෙක් සූදානම් නැති බවක් සමාජය තුල දක්නට ලැබේ. විශේෂයෙන් සමාජ මාධ්‍යයන් තුල මෙම අර්බුදය “ජාතිවාදී“ ඉසව්වකට ගෙනයාමට ගන්නා උත්සාහයන් දක්නට ලැබේ. වැරදි ප්‍රකාශයක් කල තැනැත්තෙකුට කල හැකි එකම දේ එම ප්‍රකාශය වෙනුවෙන් සමාව ගැනීම පමණි. එය ඔහු ඉටුකොට ඇත. මීට වඩා ඔහු වෙන කුමක් කරන්නද?. මේ පිලිබදව කරන වටිනා පැහැදිලි කිරීමක් පසුගිය දිනක මාගේ නෙත ගැටුණී. යහමග අඩවිය පාඨක ඔබගේ බුද්ධිමත් විමසුම පිණිස එම වීඩියෝව මෙහි පහතින් ඉදිරිපත් කරමි.

බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් වන රාහුල හාමුදුරුවෝ විසින් කරන ලද එම කරුණු දැක්වීම මේ රටේ ජාතිවාදය වපුරමින් පටු වාසි දිනාගන්නට උත්සාහ කරන සමහර සිංහල සහ මුස්ලීම් ජනයාට වටිනා උපදේශයකි. එසේම උන්වහන්සේගේ මෙහෙවර මේ රට කාලීන වශයෙන් වටිනා ආදර්ශයකි. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් එම වීඩියෝව මෙසේ පහතින් ඉදිරිපත් කරමි.

ඉහත අර්බුදයට මූලික වූ භාරත නාට්‍යය පිලිබදව මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

අතීතයේ මුළු භාරතය පුරාම පැතිර තිබූ භාරත නට්‍යම් නර්තනය ලොව පැරණිතම නර්තන කලාවකි. භාරත නර්තන සම්ප්‍රදායේ භරත යන නාමය නිර්මාණය වීම කෙරෙහි විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. එහි ප්‍රධාන නිර්වචනය වන්නේ භාව, රාග, තාල, යන පදයන්යේ පලමු අකුර එක් වීමෙන් “භාරත“ යන වචනය නිර්මාණය වූ බවයි. මෙසේ නිර්මාණය වූ භාරත නර්තන සම්ප්‍රදාය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍රය කොට ව්‍යාප්ත වී ඇත. මෙම සම්ප්‍රදාය මුළුමනින්ම ආගමික පදනමක් මත ගොඩනැඟුණු සම්ප්‍රදායකි. දේවාලයන් හි දෙවියන් ඉදිරියේ දේවදාසීන් නම් කන්‍යවියන් විසින් රඟ දක්වන ලද මෙම නර්තනය දාසි ආට්ට්‍ම් යනුවෙන්ද අතීතයේ හඳුන්වා ඇත.

ඉහතන් වීඩියෝව තුලින් ඉදිරිපත් වන කරුණු සහ මෙම ලිපිය තුල ඉදිරිපත් වී ඇති කරුණු ඔබේ බුද්ධිමත් අවදානය යොමු වේවා යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම