ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?
ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

දහමක හෝ දර්ශනයක එහි මූලාශ‍්‍රයන් එනම් ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීමත් එය මුල් භාෂාවෙන් පැවතීමත් අත්‍යාවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයන් වේ. මන්ද පරිවර්තනයන් සිදු කිරීමේ දී පරිවර්තනය කරන පුද්ගලයාගේ මානසික තත්වය, ඔහු ජීවත්වන පරිසරය, ඔහුගේ භාෂා නිපුණතාවය, ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව, එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම… යනාදී කාරණයන් මත 100% ක් නිවැරදි පරිවර්තනයක් සිදු කිරීම ප්‍රායෝගික නොවන දුෂ්කර වූ කාර්‍යයක් වන බැවිණි.

අද මෙම ලිපිය තුලින් උත්සාහ කරන්නේ ඉස්ලාමීය මූලාශ්‍රය වන ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමේ දී සිදුව ඇති වැරදීම් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ඒමටයි. ශ්‍රී ලාංකීය සමාජයේ සිංහල භාෂාව හසුරුවන ජනතාව ඉලක්ක කර ගනිමින් විවිධ පාර්ශවයන් අල්කුර්ආනය සිංහල භාෂාවට පරිවර්තනය කොට ඇත. ඒ අනුව අද ලාංකීය සමාජය තුල අල් කුර්ආන් පරිවර්තන කිහිපයක් දක්නට ඇත.

ඒ අනුව ශ්‍රීලාංකීය සමාජයේ සිංහල භාෂාවෙන් ප‍්‍රකාශයට පත්ව තිබෙන අල් කුර්ආන් පරිවර්ථන කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළේ නම්, එහි බරපතල වැරදි බොහෝමයක් දක්නට ලැබේ. මෙහි භයානකම තත්වය වන්නේ මෙම වැරදි පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සහෝදර මුස්ලීම් නොවන පිරිස ද මෙම අල් කුර්ආන් පරිවර්ථන කියවීමයි. එහි දී ඔවුන්ට සිදු වන්නේ සත්‍ය දහම අවබෝධ කර ගන්නවා වෙනුවට විකෘති වූ දහමක් ඉස්ලාම් නමින් අවබෝධ කරගැනිමයි. එම කාරණය මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවදානයට තබමින් වත්මන් සමාජයේ පවතින ශුද්ධ වූ කුර්ආන් සිංහල භාෂා පරිවර්ථනවල පවතින දෝෂ මෙතැන් සිට පහතින් පෙලගසමි…

“…ඔබට ඉගැන්වූ අවස්ථාව ද ඔබ කිරිමැටියෙන් පක්‍ෂියකු මෙන් මාගේ රූපයක් අඹා එහි පිම්ඹ කල්හි එය මාගේ අවසරයෙන්…” 

(යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මායිදා’ පරිච්ඡේදයේ 110 වන වාක්‍ය) සටහන් – මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි.

“….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂේප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…”

(ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය) සටහන් – මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි ය.

“…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…” 

(යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය) සටහන් – මෙහි මුල් කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.

“මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය” 

(යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය) සටහන් – මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.

“…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…”

(ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය) සටහන් – මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.

“නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…” 

(යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය) සටහන් – මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.

ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී’තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය 

(යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය) සටහන් – ඉහත සදහන් කිසිවක් අල් කුර්ආන් මුල් කෘතියේ සඳහන් වී නැත.

මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් හා ප්‍රතිපත්ති පවා බිඳලන පරිවර්තන දෝෂ කිහිපයක් පමණි. මෙය මෙතැනින් නතර නොකොට ඉදිරියටත් යාවත්කාලීන කරන්නට අදහස් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම